Date: 28/06/2015 Name: Sopadisesanibbanadhatu 3

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය කියන එක. අන්න එතෙන්දී මම ටිකක් ගැඹුරට ම බැලුවා. ඔය විදිහට බුදුපියවරු තුන් නම ම මම මෙනෙහි කළා, ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියත්, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේත්. මොකද ඊයේ භාවනාවේ දී අර අත්ත සඤ්ඤාව කියන එක තියෙනවා නේ, අයින් කරනවා කියලා කිව්වේ. අන්න ඒ සඤ්ඤාව කියන එක තමයි අපි මේ කතා කරන්නේ කියලා. එතකොට නිකන් අපිට කුඩේ වාගේ පේනවා. මනොසඤ්‌චෙතනාවට එන්නා වූ පවතිනවා කියන එක, මේ පැත්තෙන් පැවතිය හැකි ය, කියන එක. ඔය පල්ලෙහා තියෙන්නේ අර අත්ත සඤ්ඤාව, කුඩේ වගේ එක. ඔය විදිහට මම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට, දැන් මං ඊයේ භාවනාවේ කෙළවරින් තමයි මේ භාවනාව ගෙනියන්නේ. එතකොට ඊයේ භාවනාවේ දී මතක නේ අපි අර විමංසාවට එනකල් ආවා නේ, විමංසාවෙන් ඇවිල්ලා, ඒ කියන්නේ විරිය, ඡන්ද, චිත්ත, විමංසා කියලා ඇවිල්ලා අර රූපයයි, රූපය නිසා පවතින්න පුළුවන් කියන එක, ඒක අයින් වෙනවා. වේදනාවයි, වේදනාව නිසා පවතින්න පුළුවන් එක, ඊළඟට අත්ත සඤ්ඤාව තියෙන්නේ, අත්ත සඤ්ඤාවයි, ඒක නිසා මම පවතින්න පුළුවන් කියන එක. එතකොට දැන් අර කුඩේ කතාවත් එක්ක දැන් පේනවා. මේ යට තියන අත්තා කියන එක තමයි, උඩ කුඩේ වාගේ කිව්වේ, චේතනාව නේ උඩ තියෙන්නේ, මෙතන යට.

එතකොට දැන් මං මේක කෑල්ලෙන් කෑල්ල බලාගෙන ආවා හරි ලස්සනට, පළවෙනි එකට අර රූපයත් එක්ක ඉන්න බැහැ කියන එක. ඒක අයින් කරාට පස්සේ අර වේදනාව කියන එක තියෙනවා. ඉතින් එතන වේදනාවේ අපි දන්නවා නේ, දැන් අර අපි 4.3 කියලා ලියාගත්තා වේදනාව තියන තැන. ඊට පස්සේ ඒ වේදනාවේ ජරාව. ඊට පස්සේ අප්‍රියේහි සම්ප්‍රයෝගය තියෙනවා 4.6. ඒ කියන්නේ වේදනාවේ ව්‍යාධිය, ඊළඟට දෝමනස්සය, 5.4 කිව්වහම සුඛ වේදනාව මැරිලා. එතකොට දැන් මේක නිසාත් ඉන්න පුළුවන් කියලා නේ අපි මේ කතාවක් තියෙන්නේ. මේක මැරිලා ඉවරයි, මේකත් එක්ක කොහොම ද ඉන්නේ?

දැන් ඊට පස්සේ, මේක නිසා අපි දැන් අර කුඩේ කතාවට එනවා උඩ සඤ්ඤාව. ඒ සඤ්ඤාව මැරිලා තමයි, මේ අපි ඇතුල් වෙන්න යන්නේ ඒ චේතනාවට. එතනින් යන්නේ ථීනමිද්ධය කියන තැනට. එතකොට මේ සඤ්ඤාවත් එක්ක මෙතන ඉන්න බැහැ කියන එක. දැන් එහෙනම් සඤ්ඤාවේ තුනක් අපි බලනවා.

එකක් තමයි සුඛ වේදනාව මැරිලා, ආපු එක. ඊට පස්සේ චේතනාවෙන් ථීනමිද්ධය ථීනය දක්වා ඇවිල්ලා, ථීනය දක්කවා ආවහම අපි කිව්වා එතන මේ 6.4 කියලා, සඤ්ඤාවේ ව්‍යාධිය කියලා. එතකොට ඊට පස්සේ අපි කතා කරා, ඊයේ අපි අයින් කරනවා කියලා, අර අත්ත සඤ්ඤාව පල්ලෙහායින් තියෙන. ඉතින් ඒකත් සඤ්ඤාවක් නේ අපි කතා කරන්නේ, අත්තා කිව්වහම සඤ්ඤාවක්. එතකොට ඔන්න ඔය තුන් කොටස මේකත් එක්ක ඉන්නවා කියන එක.

දැන් අර රූපයයි වේදනාවයි ගත්තහම ඒක අයින් කරනවා, පවතිනවා කියන කතාව ගිහිල්ලා බොහොම ලස්සනට. දැන් ඊළඟට තියෙන්නේ අර එහා පැත්තෙන් ථීනය පැත්තේ, විඤ්ඤාණයත් එක්ක තියන ථීන ස්වභාවය හටගැනීමක් කියන එක තියෙනවා, ඉතින් මේකත් එක්ක ඒත් අපිට පවතින්න, පැවතිය හැකි ය කියන කතාවට දැන් එනවා. ඉතින් පැවතිය හැකි ය, කියන එක, මේ කුඩා කාලයක් පැවතිය හැකියි නේ. මං කිව්වේ අර old couple එකක් ගත්තහම, දැන් දෙන්නා ම දිරලා, ජීවත් වෙන්න අමාරුයි, හැබැයි තරුණ එක්කෙනෙක් දිහා බලලා මෙයත් එක්ක එක්කහු වුණොත් මට ජීවත් වෙන්න පුළුවන් වෙයි. දුවෙක් හරි පුතෙක් හරි එහෙම නැත්නම් වෙන කාන්තාවක් හරි යම්කිසි කෙනෙක් එක්ක. එතකොට හැබැයි, ඇත්ත නේ කතාව, පොඩ්ඩක් ජීවත් වෙන්න පුළුවන්. එතකොට, ඒ කියන්නේ අර repair කරලා හරි පොඩ්ඩක් හරි ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා.

එතකොට හිතන්න බලන්න, හොඳ noble crowd එකක් එක්ක ඉන්නවා කියලා. එහෙම ඉන්නවා නම්, ආ ඒ කට්ටියත් එක්ක නම්, දැන් අකනිට්ඨ බ්‍රහ්ම ලෝකේ මණ්ඩලයත් එක්ක නම් මට ඉන්න පුළුවන් කියලා කෙනෙක් ගන්න පුළුවන් නේ ද? එතකොට ඒ වගේ පැවතිය හැකි ය. පැවතිය හැකි ය කියන එක දැන් ඉහළට ම යන්න පුළුවන් range එකට පෙන්නුවා. මහාකප්ප දාසයදහස් ගණන් ඉතින් ඉන්නත් පුළුවන් කියන එක. ඉතින් ඕක ගත්තහමත් ඕක කුඩා කාලයක් නේ. මේ දීර්ඝ සංසාරයක තිතක්, වගේ ඉතා කුඩා කාලයක් තමයි, කුඩා කාලයකට ඉන්න පුළුවන්, ඒක හරි කියන එක තියෙනවා.

දැන් මං ඔතෙන්ට ආවට පස්සේ, දැන් ඉතින් අර ඊයේ භාවනාවේ ඡන්ද චිත්ත විරිය විමංසා ඒ විදිහට ගිහිල්ලා අපි ඇවිල්ලා තියෙන්නේ, අර අත්ත සඤ්ඤාවත් අයින් කරනවා කියන එක. නමුත් පවතිනවා කියන එක තියෙන්න පුළුවන් ඉතාමත් ම කුඩා කාලයකට. ඉතින් විඤ්ඤාණය අපි දන්නවා අර bell shaped curve එකේ අර A, B කියන පොඩි කාලයකට තමයි තියෙන්නේ. එතකොට මහා කප්ප ගණන් කතා කරත් අපි කතා කරන්නේ ඉතාමත් කුඩා කාලයක්. එහෙම නම් මේ සංස්කාර නිසා මේක පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැයි කියන එක තියෙනවා.

එතකොට මට භාවනාවට ඉස්සෙල්ලා රහතන් වහන්සේ කිව්වා, “22/06/2015 Akincanna Samapatti Naana, ඒ භාවනාව බලන්න” කියන එක. ඉතින් ඒකේ අන්තිමට තියෙන්නේ අර මේ දිට්ඨි අනුසයත් එහෙම අයින් කරලා ගත්තට පස්සේ, අන්තිමට පෙන්නනවා ඉතින් අර වේදනාවෙන් පරාමාසයට වෙන එක තාමත් ඉතුරු වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මේක නැති කරගන්න නම් අවසානයට පෙන්නනවා අපි භාවිතා කරන්න ඕනෙයි කියලා අර ඡන්ද චිත්ත විරිය විමංසා, හැබැයි දැන් කතා කරන්නේ, ඡන්දය කිව්වහම සංස්කාර නිසා පවතින්නේ නැහැයි කියලා, ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතියට යන එක 1. ඊට පස්සේ ආපහු අපි 1 කියන එක අපි ලකුණු කරගන්නවා, ජරාවයි අර ගිද්ධිලෝභයයි කියන තැන, ඒකත් ඡන්දයෙන් ම තමයි එතන කපන්නේ. 2 කියලා අපි ලකුණු කරගන්නවා, පරාමාසයේ ඉඳන් භය අගතියට එන්නා වූ ලණුව. ඒක යනවා දිගට, වේදනාවේ ඉඳන් පරාමාසයට එන එක, ස්පර්ශයේ ඉඳන් වේදනාව දක්වා එන එක. දැන් එතකොට දැන් මෙන්න මේක දිගේ එහෙනම් අපි මේ සංස්කාර අපි අයින් කරගන්නවා, සංස්කාර නිසා මේක පවතින්නේ නැහැයි කියලා.

දැන් මනස ගෙනිහිල්ලා තියෙන්න ඕනේ අර කුඩේ කතාවට වෙනකල් ගෙනිහිල්ලා තියෙන්න ඕනේ. ඒ අත්ත සඤ්ඤාව ඉඳන්, රූපය නිසා ඉන්නෙත් නෑ, වේදනාව නිසා ඉන්නෙත් නෑ, සඤ්ඤාව නිසා මේක පවතින්නේත් නැහැ, අත්ත සඤ්ඤාව නිසා ඉන්නෙත් නැහැයි කියන එක තියෙනවා. එතකොට සංස්කාර නිසා මේක පවතින්න බැහැ, කුඩා කාලයක් විතරයි තියෙන්නේ කියලා තමයි මේක දිගේ දැන් අනෙක් පැත්තට අපි අයින් කරගෙන යන්නේ. අයින් කරගෙන ගිහිල්ලා අපි ඔය දෙකේ කෙළවරට ආවහම, ඒ කියන්නේ ස්පර්ශයේ ඉඳන් වේදනාව දක්වා එන්නා වූ කෙළවරට ආවට පස්සේ, මතක ද අපි ලකුණු කරා, සතිය. ඒ සතිය එතෙන්දී අපි පෙන්නුවේ අපි මුලින් ම ලකුණු කරලා තියන සතිය නේ, ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට දක්වා එන්නා වූ එක. එතකොට මෙතෙන්දී අපි කතා කරන්නේ අර ඔක්කොම නිසා. රූපය නිසා ඉන්නත් බෑ, වේදනාව නිසා ඉන්නත් බෑ, සඤ්ඤාව නිසා ඉන්නත් බෑ, අත්ත සඤ්ඤාව නිසා ඉන්නත් බෑ, කියන තත්වයට තමන්ගේ මනස ඇවිල්ලා තියෙනවා. කිසිම ආකාරයකින් සංස්කාරයන් නිසා මේවා පවතින්න පුළුවන්කමක් නැහැ.

එහෙම නම් චිත්තයේ ගැම්ම කියන එක අඩු කරලා තියෙනවා මේ වෙලාව වෙනකොට. එතන හරි ලස්සනයි, මනස පුදුමාකාරයි. ඉතින් එතන මම, මම මේ භාවනාවේ හැමතැන ම හිටියා, නතර වෙලා එකින් එක හිටියා. එතෙන්දී රහතන් වහන්සේ කිව්වා. මෙතෙන්දිත් repair කරන්න පුළුවන් කියලා. Repair කරන්න පුළුවන් කිව්වහම මම කල්පනා කළා මේ ඔක්කොලා ම, මෙතන ඉන්න ඔක්කොම අය, අසනීප වෙලා ඉන්න ඔක්කොම අය මේවා වෙන්නෙයි කියලා. ඒක ලස්සනට ගියා ඒ විදිහට. ඒ තත්වයට විඤ්ඤාණය යනවා. ඊට පස්සේ දැන් අපි එනවා, ඔය තත්වයට ආවට පස්සේ දැන් අපි පල්ලෙහා තියෙනවා නේ අර ජරාවේ ඉඳන් ගිද්ධිලෝභය දක්වා 1 කියන එක, දැන් එහෙනම් මේක නිසා පවතින්න බැහැයි කියලා, අර සංස්කාරවල ගැම්ම අඩු වෙලා, දැන් එතනින් අර රූපය, සංස්කාර නිසා රූපය ස්පර්ශ වෙන්නා වූ යම් වූ දෙයක් තියෙනවා ද, ඒ කොටසත් එතනින් අයින් කරනවා.

ඉස්සෙල්ලා සංස්කාර නිසා විඤ්ඤාණයේ පැවතීම, දැන් සංස්කාර නිසා රූපය පැවතීම, ස්පර්ශ වීම කියන එක අයින් කිරීම තමයි, එතෙන්දී අපි අයින් කරන්නේ. ඒක අයින් කරලා ඉවර වෙලා දැන් අපි එනවා, තුන් වෙනි කාරණය අර විරිය කියන තැනට. ඒ විරිය ඇවිල්ලා, චේතනාවේ ඉඳන් ථීනමිද්ධ, ථීනය දක්වා එන්නා වූ විරිය, මේ කතා කරන්නේ. අපි ඔතනින් මුලින් පටන් අරගෙන දැන් එක පාරක් ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ වෙලාව වෙනකොට මේ කට්ටිය ඔක්කොම ටිකත් එක්ක, මේ අත්ත සඤ්ඤාව නිසා තියෙන්නා වූ දේවලුත් ඒක අයින් කරනවා කියන එක එතන තියෙනවා. එතෙන්ට ඇවිල්ලා ඒ විරියෙන් ඒවා පහ කරලා, දැන් එනවා විමංසාවෙන්, විමංසාවෙන් ඒ 4 වෙනි කාරණයට පෙන්නන්නේ ථීනයේ ඉඳන් පරාමාසයට.

අන්න එතෙන්ට එනකොට, මේ විමංසාව මගින් සියලු දේවල් අයින් කරලා නේ තියෙන්නේ, අර විරියයි විමංසාවයි දෙන්න එකතු වෙලා, මේක අයින් කරලා තියෙන්නේ, ඒක නිසා මේකේ අර මමංකාර අත්තා, කියන එක ගැලවිලා යනවා. මමංකාර අත්තෙක් එතන හිටින්නේ නෑ, ඒ අවස්ථාව වෙනකොට, හැබැයි තාමත් අහංකාර අත්තා, ඉතුරු වෙලා තියෙනවා. එයාගේ නිසා සියුම්ව. මොකද්ද ඒ අහංකාර අත්තා, කියලා කියන්නේ? මමංකාරය නිසා ඇති වුණු අහංකාර අත්තා. අර රූපය අයින් කරාට පෙන්නුවා නේ අර සුඹුල වාගේ ඉතුරු වෙනවා කියලා. රූපය ගැන පෙර හැඟීම් අරවා මෙව්වා නිසා, රූපය අයින් කරා නමුත් ඒක ගැන තියෙනවා, වේදනාව අයින් කරා ඒ වගේ තියෙනවා. දැන් මෙතෙන්දී ගත්තහම මමංකාර අත්තා අයින් කරත්, මමංකාර අත්තා නිසා ඇති වෙන්නා වූ අහංකාර අත්තා කියන එක, එතන තියෙනවා කියන එක. ඒක වෙන දවසක භාවනාවට ඉතුරු කරලා තියෙන්නේ.

ඒක තමා මං කරපු භාවනාව.