Date: 29/06/2015 Name: Sopadisesanibbanadhatu 4

පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා. මම දාහතර නමට ම නමස්කාර කළා.

ඊට පස්සේ ඒ භාවනාව මම කළේ, ඊයේ කරපු භාවනාවේ කෙළවරට තමා මේක පටන් ගත්තේ. එතකොට ඒකට පෙර රහතන් වහන්සේ මට කිව්වා, අපි අර 25 වෙනිදා, ජූනි මාසේ 2015 කරා නේ ඡන්ද චිත්ත පරිචිතා කියන භාවනාව. “අන්න ඒක පොඩ්ඩක් බලන්න” කියලා. ඉතින් ඒකේදි අපි ඉගෙන ගත්තා අර දිට්ඨිය කියන එක බිඳුනහම, ඒ බිඳීම නිසා අපි මේ නැවතත් චේතනා කරනවා කියලා. එතකොට දිට්ඨිය බිඳෙනවා කිව්වහම අපි දන්නවා අර දිට්ඨි අනුසය පාර තමයි අපි කතා කරන්නේ. විමංසාවෙන් ඕක අයින් කරනවා කියන එක. එතකොට ඒ පාර දික් කළහම ඔයගොල්ලෝ දන්නවා, පරියුට්ඨානය, පරියුට්ඨානයෙන් චේතනා වෙනවා කියන එක.

එතකොට දැන් මේකත් එක්ක සම්බන්ධ වෙලා පේනවා, අපි දිට්ඨියක් බිඳුනොතින් අපි චේතනා කරනවා. එහෙම නම් මේක නැති කරන්න ඕනේ කියන එක අපේ තියෙනවා විමංසාවෙන් අපි ඒ ඡන්ද චිත්ත පරිචිතා diagram එකේ ඉගෙන ගත්තා, විමංසාව මගින් ඒ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා එන්නා වූ එක කපනවා කියලා. එතකොට මේ විමංසාවේදි අපි කතා කරන්නේ, ඔක්කෝම දේවල් ඇතුළත්ව, ඒ කියන්නේ රූපයයි රූපය නිසා ඉන්න බැහැ, වේදනාවයි වේදනාව නිසා ඉන්න බැහැ, සඤ්ඤාවයි ඒ සඤ්ඤාව නිසා ඉන්න බැහැයි කියන එකයි, අත්තා කියන සඤ්ඤාව නිසා ඉන්න බැහැයි කියන එකයි, අපි ඊයේ ඉගෙන ගත්ත ධර්මය දක්වා ම ඇවිල්ලා. මෙන්න මේ දේ, සතියට ඇතුල් වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට ඒ කිව්වේ, අර ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාව දක්වා එන්නා වූ සතිය. ඒක බොහොම strong සතියකට ඇවිල්ලා තියෙන්නේ.

දැන් එතෙන්දී ආවට, අපිට තාමත් පේනවා අපේ, චේතනාව දක්වා එන්නා වූ පාරක් තියෙනවා. ඒ පාර අපි පෙන්නුවා නේ ජරාවේ ඉඳන් එන්නා වූ එක කියන එක අපි බැලුව නේ. එතකොට ඔතන අපි තේරුම් ගත්තා ඒ ජාතියේ ඉඳන් වේදනාව දක්වා එන එක අපි විරියෙන් කපනවා, ඒක කිව්වා “අනුප්පන්නානං පාපකානං” කියලා අර පියෙහි විප්පයොගයේ ඉඳන් නැවතත් උපද්දවන්න යන්නේ නැතුව කියන එක. ඊට පස්සේ, අලුතෙන් අපි සංස්කාරයන්, චේතනා කරනවා කියන්නේ අලුතෙන් සංස්කාරයක් කරනවා, ඒවා කපනවා කියන එක අර චේතනාවෙ ඉඳන් ථීනය දක්වා තිබෙන්නා වූ එතන විරියෙන් අපි කපනවා කියන එක ඉගෙන ගත්තා. දැන් එහෙම නම් අපිට දැන් කුඩය මතකයි නේ, කුඩේ තත්වයට දැන් මනස ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වේදනාවේ ඉඳන් චේතනාවට, චේතනාවෙ ඉඳන් ඉදංසච්චයට කියන එක, පල්ලෙහායින් අර අත්තා. දැන් අපි විමංසාවෙන් කිව්වා මේ ටික ඔක්කොම අයින් කරගෙන යනවා කියලා. විරියෙන් කිව්වා මේ පැත්ත කපනවා කියලා.

නමුත් මේ මැද්දේ ඔයගොල්ලෝ දන්නවා අපි මේ තුන් වෙනියට ලියපු සතියකුත් තියෙනවා. Number එක දැම්මේ 3 කියලා, මොකද අර විරියවල්වලට දාපු නිසා. ඒ සතියේ තියෙන්නේ ඔය වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාව දක්වා එන්නා වූ එක. එතන තමයි 3 හැටියට සතිය ලකුණු කරලා තියෙන්නේ. සතිය වශයෙන් ගත්තොත් දෙවැනි සතිය. එතකොට මේ දෙවැනි සතිය කියන එකට, අපි ඇතුල් වෙන්න ඕනේ, අර ඉස්සෙල්ලා අපි කිව්ව නේ සතියට ඇතුල් වුණා කියලා රූපය නිසා ඉන්න බැහැයි, අත්ත සඤ්ඤාව නිසාවත් ඉන්න බැහැයි, කියන එක ඇතුල් වුණා. මේ සතියටත් යමක් ඇතුල් වෙන්න ඕනේ. මොකක් ද මේ සතිය වෙනකොට ඇතුල් වෙන්න තියෙන්නේ? බොහොම සියුම් ධර්මයක්, කාමරාග අනුසය, සංස්කාර නිසා, පෙර කළා වූ සංස්කාර නිසා මතක ද කාමරාග අනුසය 2B diagram එකේ. ආන්න එයා එනවා, යට පැත්තෙන් එන්නේ. පරාමාසය හරහා එයා එනවා උඩට.

එතකොට එයා ආවායින් පස්සේ දැන් අපි වේදනාවේ ඉඳන් චේතනාවට යවනවා කියන එක. දැන් මට මේ භාවනාවට පෙර ම තේරිච්චි එක තමයි රහතන් වහන්සේ පෙන්නුවේ මට, වේදනාවේ ඉඳන් පරාමාසයට යන කෑල්ලයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක යවන්නේ නිකන් නෙවෙයි නේ, මේ වේදනාවේ ඉඳන් චේතනාව දක්වා යැවීමෙන් තමයි මේ පැත්තට යවන්නේ. මේකට මේවා වෙන්නේ කාමරාග අනුසය. ඒ කියන්නේ පෙර සංස්කාර කරපු නිසා, ඇති වුණා වූ යම්කිසි කාමරාග අනුසයක් තියෙනවා ද, ඒ සංස්කාරය දැන් කරන්නේ නැති වුණත්, අරකෙන් ඇති වුණා වූ, ඒ effect එක, residue එක, රූපය අයින් කරාට රූපයේ සුඹුල තියෙනවයි කිව්වේ. වේදනාව අයින් කරාට වේදනාවේ සුඹුල තියෙනවා, සංස්කාරය අයින් කරාට සංස්කාරය නිසා ඇති වුණා වූ කාමරාග අනුසය තියෙනවා.

දැන් එහෙනම් මේක අපි මෙතනින් අයින් කරන්න ඕනේ. මේක අයින් කරනකොට අපිට පේනවා, මෙතන තියෙන්නේ සීලබ්බත උපාදානය. සීලබ්බත උපාදානයේ පාර මෙතනින් උඩට ගිහිල්ලා පල්ලෙහාට එනවා කියන එක, එහෙනම් මේක කැපෙන්න ඕනේ. දැන් එහෙනම් එක සතියකින් අර එහා පැත්තෙන් කැපුණා. දැන් මෙතන සීලබ්බත උපාදානය, අපේ ආරම්භය, ආරම්භය කියලා කියන්නේ සීලබ්බත උපාදාන කතා වෙන්නේ, ඒ කියන්නෙ අපි කතා කරන්නේ වේදනාවේ ඉඳන් චේතනාවට ගිහිල්ලා පහළට එන එක නේ ද? මේක මැද්දෙන් අරයා සම්බන්ධ වෙලා තියෙනවා, අනාගත භවය අපි දැඩිව ගත්ත අවස්ථාවන්වල දී ඇති වුණා වූ දේ තියෙනවා නේ, ඒකෙ effect එක එනවා. Course එකකට ගිහිල්ලා කරන්න ගිය මනුස්සයා, මේක කරගෙන යනකොට මම මේක කරන්න ගත්තේ මේකෙන් මෙහෙම ප්‍රයෝජන තියෙනවා කියලා නේ ආවේ, එතකොට මේ ටික ඔක්කොම තියෙනවා, අරක ඇතුළේ අනුසය කියන එක තියෙනවා.

දැන් මෙතැනිනුත් ඉවරයක් වෙනවා ද? තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔන්න දැන් හොඳ සතියක් ඇවිල්ලා තියෙනවා, මේ සතියට දැන් කාමරාග අනුසය කතාවත් අයින් කරලා තියෙන්නේ. ඕවගේම සතියක් අපි ලකුණු කරා නේ ඊළඟට විඤ්ඤාණය තියන තැන, මෙහා පැත්තෙන්. අර 6 වෙනි number එක කියලා දැම්මේ. අන්න ඒ සතිය ගැන අපි මේ කතා කරන්නේ. දැන් මේ සතියටත් එහෙනම් ඕවගේම residue කතාවක් තියෙනවා. මොකක් ද එයාට ඉතුරු වෙලා තියෙන්නේ? අපි අර ඉද්ධි එකේදි අපි පෙන්නුවා නේ අර අනෙක් පැත්තට කොහොම ද repair කරන්න යනකොට කොහොම ද එන්නේ? අපි රූපය සඤ්ඤාව චේතනාව, මෙතන තියෙන්නා වූ අර ථීනය තියන තැන මේ පැත්තෙන් ආවා, ඉදංසච්චය එතන ඉඳන් උඩට ගහනවා එයා නිත්‍යයි කියලා. අත්තවාද උපාදානය හරහායි එයා ගහන්නේ. එතකොට එයා ගියා උඩ විඤ්ඤාණයට, දැන් එයාට තියෙනවා ප්‍රශ්න දෙකක්, ඇයි? දැන් නිත්‍යයි, පෙර නිත්‍යයි. ඒ දෙකෙන් ම එන බලපෑම කපාගෙන අපි එන්න ඕනේ විඤ්ඤාණය, ථීනය කියන තැනට. එයා එතනින් ඇවිල්ලා තමයි අපේ අර සතිය කියන එක අපේ නැති කරනවා එතෙන්දී එයා.

එතකොට එහෙනම් මේ සතියට ඇතුල් වෙන්න ඕනේ, ඔන්න ඔය කෑල්ලත්. ඔය කෑල්ල නිසා ඇති වෙන්නා වූ බලපෑමත් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ අත්තවාද උපාදානය, කියන එක අයින් වෙන්න ඕනේ. එතකොට දැන් එහෙනම් අපි දිගට ම ආවා, සීලබ්බත උපාදානයේ ඉඳන් අත්තවාද උපාදානය දක්වා ම ඇවිල්ලා තියෙනවා. උපාදාන එහෙනම් නිරෝධ වෙනවා නම්, හරි විශාලයි මනස මෙතන, උපාදාන නිරෝධ වෙනවා නම් භවයක් නෑ. යම්කිසි මනුස්සයෙක්, මරණ මොහොතක මෙන්න මෙහෙම වූ සතියකින් ඉන්නවා නම්, ඒ පුද්ගලයාගේ විඤ්ඤාණය පිහිටන්නේ නැහැ, උපාදානය නිරෝධයි, එතනින් භවයක් නෑ. ඔන්න ඕකයි ක්‍රමය.

මේ රහතන් වහන්සේ පෙන්නුවේ, මේ වගේ සතියක්, දැන් මේ සති තුනක් නේ, ඇවිල්ලා තියෙන්නේ, මේ සතිය තුළ සම්මා ඥානය තියෙනවා. ඒ සම්මා ඥානය සහගත වූ සතියක් මේ කතා කරන්නේ. ඇයි හැම පැත්තෙන් ම දැකලා, එතකොට ඒ සම්මා ඥානය සහගතව ඒක තියනකොට ඒ සම්මා විමුක්තිය ඒ ඔක්කොම ඇතිව තමයි එයා ඉන්නේ, එයා කොහේවත් පිහිටන්නේ නැහැ. උපාදාන නිරෝධයි.

ඉතින් පේනවා ද බුදුහාමුදුරුවන්ගේ ධර්මය? සම්මා සමාධිය. සමාධියෙන් නේ ඉතින් උපාදාන නැති වෙන්නේ.