Date: 30/06/2015 Name: Sopadisesanibbanadhatu 5

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. ඒ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

භාවනාවට පෙර ම රහතන් වහන්සේ මට කිව්වා, අපි අප්‍රේල් මාසේ 9 වෙනිදා කරලා තියෙනවා මේ සතර ඉද්ධිපාද භාවනාව කියන එක. ඒක බලන්නෙයි කියලා. එතකොට ඒ භාවනාවේ දී පෙන්නනවා, අර N අකුරේ reverse එකේ හැටියට කපාගෙන යන හැටි. ඒ වගේ ම විමංසා ඉද්ධිපාදයෙන් කපන හැටි, චිත්ත ඉද්ධිපාදයෙන් කපන හැටි, ඒක පෙන්නනවා.

එතකොට දැන් මම භාවනාව පටන් ගත්තේ ඊයේ භාවනාව ම තමයි කරගෙන ගියේ, එතකොට ඊයේ භාවනාවේ දී අපි සාකච්ඡා කරා නේ සති තුනක් ගැන. පළවෙනි සතියෙන් අපි තේරුම් ගත්තා අර ඉද්ධිපාදයන් සහගතව ගමන් කරලා, අර රූපය නිසා පවතිනවා කියන එක අයින් වෙනවා. රූපයයි රූපය නිසා පවතිනවා. ඊළඟට වේදනාවයි වේදනාව නිසා පවතිනවා කියන එක, ඊළඟට සඤ්ඤාවයි සඤ්ඤාව නිසා පවතිනවා කියන එක. ඊළඟට අත්තා නිසා පවතිනවා කියන එක අයින් කරනවා කියන පළවෙනි සතිය අපි දන්නවා, අර ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාව දක්වා යන තැන, අපි ලකුණු කරනවා.

ඊට පස්සේ අපි ආවා, දෙවැනි සතිය, හැබැයි අපි 3 කියලා ලකුණු කළේ ඕක, මොකද මැද්දේ විරියන්වලට අගයන් දෙන නිසා. ඒ 3 වශයෙන් ලකුණු කරන සතියේ අපි බැලුවා, කාමරාග අනුසය නිසා තමයි, මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ, එතෙන්දී අර කාමරාග අනුසය නිසා ඇති වෙන්නා වූ එක අපි අයින් කරන්න ඕනේ කියලා. කාමරාග අනුසයට හොඳ ම උදාහරණය තමයි තමන්ට ගන්න තියෙන්නේ, සංස්කාර නිසා නේ ඕක සිද්ධ වෙලා තියෙන්නේ, සංස්කාර පැත්තෙන් නේ ඇවිල්ලා තියෙන්නේ.

ඉතින් පළවෙනි වශයෙන් ම අර මව් කුසකට යන අවස්ථාවේ දී කාමය වරදවා හැසිරීම කියන එක, ඒක ගත්තහම හොඳට ම පේනවා. ඒ දැන් ඒක නැති වුණත්, අර දේ කළා වූ නිසා, ඒ සංස්කාරය දැන් නැති වුණත්, මේක තමන්ට ඒක නිසා ඇති වුණා වූ effect එක තමන්ට තියෙනවා කියන එක තියෙනවා. ඉතින් ඒ විදිහට ම අදත්තාදානයත් එතන සිද්ධ වුණා, ඉතින් එහෙනම් එක පාරක් ජීවිතේ කළා කියන අර්ථය උඩ තමන්ට ඒ ගැම්ම තියෙනවා. දැන් නැතෙයි කියන එක හොඳ උදාහරණයක් වෙනවා.

දැන් එතකොට ඕක නිසා අපි දන්නවා, ධම්මමච්ඡරිය පාර දිගේ නේ යන්නේ, චේතනාව දක්වා යනවා. ඉතින් ගියහම මේක නිසා අපිට දිට්ඨි උපාදානයන් ඇති වෙනවා. දිට්ඨි උපාදානය තියෙන්නේත් අර සීලබ්බත උපාදානයේ මෙහෙම පහළට එන එක නේ. ඔන්න ඕක අපි බලන්න ඕනේ, අර හාලිද්දිකානි සූත්‍රයේ තියන diagram එකේ විදිහට. උඩ චේතනාවට ආවහම, plan එක ගැහුවා, කෙළින් ම රහතන් වහන්සේ දාන්නේ අත්තවාද උපාදානයට, මුසාවාදයක් එහෙම කළා, ඒ කළාට පස්සේ ඉතින් ඒක තමයි ඉදංසච්චය තුළ තියෙන්නේ, එහෙනම් දැන් ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට එන්නා වූ දේ තියෙනවා. එතකොට දිට්ඨි උපාදානය ඕකේ මැද්දේ, එතන මේකත් එක්ක ලකුණු වෙන්නේ. එතකොට දැන් ඔය ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට එන්නා වූ එක අර N අකුරේ mirror image එකත් එක්ක බැලුවේ ඡන්ද සමාධියෙන් කපනවා කියලා මැද්දේ, ඒ සතර ඉද්ධිපාද භාවනාව බැලුවහම ආපහු තේරෙයි, එතනින් මැද්දෙන් එන එක තමයි එතනින් කපා ගන්නේ. ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ එක.

දැන් ඊළඟට, ඊළඟට තියෙන්නේ විඤ්ඤාණය තියෙන තැන 6 කියලා ලකුණු කරන්නේ තුන් වෙනි සතිය. 6 වශයෙන් සතිය ලකුණු කරනවා ඔතන. ඉතින් අපි ඕක ඉගෙන ගත්තා ඊයේ, දැන් නිත්‍යයි, පෙර නිත්‍යයි කියන දෙක උඩ මෙතන වෙනවා කියන එක. එතකොට දැන් මේක කෑලි දෙකකට කැඩෙන්න ඕනෙ නේ. පෙර නිත්‍ය, එක්කෙනෙක් අයින් කරනවා, දැන් නිත්‍ය, තව එක්කෙනෙක් අයින් කරනවා.

ඒ දැන් නිත්‍යයි, කියන එක කවුද අයින් කරන්නේ? ඡන්ද සමාධියෙන්. ඡන්දයෙන් තමයි පෙන්නන්නේ මේ විඤ්ඤාණය පවතින්නේ නෑ, සංස්කාරයන්ගෙන් විඤ්ඤාණයක් හැදුවොත් කුඩා කාලයක් තමයි ඒක පවතින්නේ, ඒක නිසා ඒක පවතින්නේ නැහැයි කියලා, එයා අර A point එකවත් හදන්න එයාගේ එකක් නැහැයි, කියන එක තියෙනවා. එතකොට, එයා A point එකවත් හදන්නේ නැත්නම්, එහෙනම් අපිට පේනවා, අපිට කෑලි, ඔතන දැන් ඔය විඤ්ඤාණයේ සතිය ලකුණු කරන රේඛාව තියෙනවා නේ, ථීනය දක්වා, අන්න ඒකෙන් එහෙම නම් ඒ දැන් නිත්‍යයි, කියන කතාව, මේ උඩ තියන චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා එන එකත්, විඤ්ඤාණයේ ඉඳන් ථීනය දක්වා එන්නා වූ කෑලි දෙක, ඡන්දය විසින් අයින් කරනවා.

ඊට පස්සේ තියෙන්නේ අර පල්ලෙහා, ඉතින් ඕකට හරි ලස්සන වාක්‍යයක් රහතන් වහන්සේ කිව්වා නේ. ඒ විමංසා ඉද්ධිපාදය කතාවේ දී, රහතන් වහන්සේ පෙන්නුවා, ඕක ලකුණු කළේ b කියලා, ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණය දක්වා තියන එක, ඒ line එක b කියලා ලකුණු කරලා, ඒකේදි පෙන්නුවා “විඤ්ඤාණයේ පැවතීමක් නිසා යම්කිසි අවිද්‍යාවක් වේ ද, අත්තවාද උපාදානය පහ කරමින්, අවිද්‍යා යෝගය මඟ හරිමින්, ඉදංසච්චය ගලවා දමනවා” කියලා විමංසාව මගින්.

එතකොට, මෙතන එයා විසින් දෙකක් අයින් කරනවා. ඒ line එක, දැන් අපි b කියලා කිව්වේ ඉදංසච්චයේ ඉඳන්, මේ diagram එකේ b කියලා කියන එකයි මං මේ පෙන්නන්නේ, පටලවගන්න හොඳ නෑ, මොකද අපි a කියලත් දාලා තියෙනවා නේ ඕකට. එතකොට දැන් ඔය රේඛාව, නිසා ඇති වෙන්නා වූ, ඒ කියන්නේ කලින් විඤ්ඤාණයේ පැවතීමක් නිසා ඇති වුණා වූ දේ මේ කතා කරන්නේ, නිසයි ඒ අපි ඇති වෙලා තියෙන්නේ, අර නිත්‍යභාවයක්, අවිද්‍යාවක් අපිට ඇති වෙලා තියෙනවා, මේක අපි අයින් කරනවා කියන එක.

ඔතන හරියට ඕක බලන්න ඕනේ මේ waves දෙකක්, එකකට එකක් සම්බන්ධ වෙලා එනවා වාගේ. හොඳ උදාහරණය තමයි මුහුදේ, අර wave එක මෙහෙම උඩට යනවා, එයාට යන්න පුළුවන් තරම් ප්‍රමාණයක් තමන් උඩට ගියා ම මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. අර මැද්දේ hole එකක් නේ තියෙන්නේ, නේ ද? මොකක්වත් නෑ මේක මේ පැත්තට කඩාගෙන වැටෙනවා, ආන්න ඒ කෑල්ල තමයි මේ කතා කරන්නේ. අර නිකන් හිතන්න බලන්න මේ, මේක දරන්න පුළුවන් ප්‍රමාණයට එනකල්, චේතනාවයි පරාමාසයයි පොඩ්ඩක් ඇල කරලා බැලුවොත් අන්න අර උඩ peak එකට එනකල් ම ඔන්න ආවා. ඊට පස්සේ දැන් මේකේ තියෙන්නේ කඩාගෙන වැටෙන එක. ඒක රැල්ල තමයි මේ ඉදංසච්චයට දක්වා මෙහෙම ඇවිල්ලා, අර කරකවලා එන්නේ අපි දැන්, අපි අර a කියලා කියපු රේඛාව, දැන් b කියලා ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට, ආන්න ඒක කරකවලා ඇවිල්ලා අර පරාමාසයට හේත්තු වෙනවා නේ, නේ ද? ආන්න ඒ කෑල්ල තමයි මෙයා කපන්නේ.

කෑලි දෙක දෙන්නත් එක්ක අයින් කරන්නේ. මේ පැත්තෙන් ඡන්දය, අනෙක් පැත්තෙන් විමංසාව. ඒ විදිහට, මේ දෙන්නත් එක්ක කපාගෙන මේක යනවා කියන එක තමයි මං මේ භාවනාවේ දී තේරුම් ගත්තේ, මේ ඉද්ධිපාද 4 විසින්, කොහොම ද අපේ අපි ඊයේ බලපු ධර්මය, සති තුනේ කතාව, කොහොම ද එයා ඒක පවත්වන්නේ?. ඒක නොකර ඉන්න නිකන් බැහැ නේ, නිකම් සතියක් පවතින්නේ නැහැ.

එතකොට දැන් අපි මේ වෙනකොට, දැන් මං මෙතෙන්දී කිව්වේ නම්, ඡන්දයයි විමංසාවයි විතරයි, හැබැයි ඉතින් සතර ඉද්ධිපාදයේ චිත්තයෙන් කපන ආච්චිඅම්මගේ තුවා දන් දෙනවා වාගේ ඒ කතාව ඒකෙ තියෙනවා.

එතකොට විරිය, කියන එක කෝ? ඉතින් විරිය හැම තිස්සෙම තියෙන්න ඕනේ. ඒ කියන්නේ විරිය නැත්නම් මේක හරියන්නේ නැහැ. විරියෙන් නේ සතිය ඇති වෙන්නේ. එතකොට විරිය නිසයි සතිය ඇති වෙලා, මේ විදිහට ඉතුරු ටික අර විදිහට අර තුන් දෙනා විසින් පවත්වනවා.

ඒක තමයි මං කරපු භාවනාව.