ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ පූජාවෙන් පස්සේ. ඒ බුදුපියවරු දාහතර නම ම නිසා ම ඒ සම්මා දිට්ඨිය පැතිරෙනවා ය මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය කියලා.
මම පටන් ගත්තේ අර ඊයේ භාවනාවෙන් ම තමයි. ඒකෙදි බැලුවා අපි පළවෙනි සතිය, ඉගෙන ගත්තා. රූපයයි, රූපය නිසා පවතින්න බෑ කියන එක. වේදනාවයි, වේදනාව නිසා පවතින්නත් බෑ, සඤ්ඤාවයි, සඤ්ඤාව නිසා පවතින්නත් බෑ, අත්තා, අත්තා නිසා පවතින්නත් බෑ කියලා, පළවෙනි සතිය කාරණාව 1 හැටියට ගන්න පුළුවන්. අර ස්පර්ශයේ ඉඳන් අපිට ඇති වෙනවා සඤ්ඤාව දක්වා ලකුණු කරන සතිය.
ඊට පස්සේ අපි ඊයේ බැලුවා දෙවෙනි සතිය. අපි 3 කියලා ඕක ලකුණු කළේ. Number එක දැම්මේ 3 කියලා. දෙවෙනි සතිය ඒක ලකුණු වෙන්නේ, අර ධම්මමච්ඡරිය පාරේ චේතනාව ළඟ. එතෙන්දි කරන්නේ මොකක් ද? අර සීලබ්බත උපාදානය කියන එක තමයි අපිට ඔතන තියෙන්නේ. ඒ සීලබ්බත උපාදානයට අපිට එන්නා වූ දේ තමයි අර කාමරාග අනුසය. ඒක අපි ඊයේ පැහැදිලි කළා. කවුරු හරි කෙනෙක් ඉපදෙන අවස්ථාවෙදි කාමයේ වරදවා හැසිරීම කියන එක. අදත්තාදානය කියන එක කළා ය. දැන් නොකළා වුණත් අර ඒකේ තිබෙන්නා වූ කළා නිසා ඇති වෙන්නා වූ බලපෑම තියෙනවා. අර සංස්කාර අයින් කළත් ඒක තියෙනවා, කියන එක. එතකොට, ඔන්න ඔය දෙවෙනි කාරණයේදි දෙකක් හිතන්න ඕනෑ. එකක් තමයි අර සුඛ වේදනාව. සීලබ්බත උපාදානය මගින් අනාගත භවය දැඩිව ගත්තා සුඛයි කියලා. එහෙම නම් වේදනාව තියෙන කෙළවර අපි කල්පනා කරනවා. අපි හිතමු ඒකට 2 යි කියලා අපි දාගන්නවා කියලා. අනිත් අතට තමයි අර පෙර කළා ය කියන සංස්කාරය දැන් ඒවා කරන්නේ නැහැයි කියලා අයින් කරනවා කියනවා කියන එක. අපි ඒකට කියමු 3 යි කියලා. එතකොට ඕක තමයි අපි ඒ සතියේදි කළේ. අර ඉස්සෙල්ලා කිවූ කාරණා සහගතව දැන් පොඩ්ඩක් එකතු කළා කාමරාග අනුසයෙන්.
දැන් ඊළඟට අපි එනවා හතර වෙනි කාරණයට. ඒ හතර වෙනි කාරණය තමයි, දැන් අපි අර 6 කියලා ලකුණු කරපු සතිය. මේ විදිහට බැලුවා ම 3 වෙනි සතිය. මොකක් ද මේකේ තියෙන්නේ? අර පදුට්ඨමනසඞ්කප්ප පාරේ තමයි අපි ඒක ලකුණු කරගන්නේ. විඤ්ඤාණය තියෙන තැන. දැන් මෙතැනින් වෙන්නේ මොකක් ද? ඔය 4 කියලා අපි හිතුවොතින් උඩ පැත්තට. Number එක මතක තියා ගත්තොත්, හතර වෙනි කාරණය හැටියට අපි සංස්කාරයන් අයින් කරපු බව ඇත්ත. නමුත් ඒ සංස්කාරයන්ගේ බලපෑම නිසා ඇති වෙන්නා වූ විඤ්ඤාණය තියෙනවා. එහෙම නම් අර දැන් නිත්‍යයි කියලා සකස් වීම කියන එක තමයි අපි එතනින් අයින් කරන්නෙ. ඒක අපි ඉගෙන ගත්තා අර ඡන්ද ඉද්ධිපාදයෙන් තමයි අපි අයින් කරන්නෙ කියලා. දැන් ඔතන ඕක අයින් කළාට විඤ්ඤාණයේ යම්කිසි පැවතීමක් වෙලා තියෙනවා නේ.
දැන් කල්පනා කරන්න ඕනේ විඤ්ඤාණය ගැන. දැන් විඤ්ඤාණය සංස්කාර අයින් කළා වුණත් විඤ්ඤාණයේ පැවතීමක් ගැන කියනවා. දැන් එතෙන්දි රහතන් වහන්සේ ලස්සනට පෙන්නුවා නේ අර මේක වතුර පාර වගේ උඩට ගියා. කඩාගෙන වැටෙන එක තියෙන්නෙ. එහෙම නම් මේකෙ නිත්‍යභාවයක් නැහැ. එතකොට අපි එතෙන්දි ආවා විඤ්ඤාණයේ පැවතීම නිසා ඇති වෙන්නා වූ දෙයක් තියනවද? ඒක නිත්‍ය නොවන බව දැනගෙන විමංසා ඉද්ධිපාදය මගින් අපි අයින් කරනවා කියලා ඒ විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චය දක්වා එන්නා වූ එක. කොහොම ද? රහතන් වහන්සේගේ වචනයේ තිබුණේ, “අත්තවාද උපාදානය පහ කරමින්, අවිද්‍යා යෝගය මඟ හරිමින් ඉදංසච්චය ගලවා දමනවා” කියන එක. ඒක ලස්සනට පැහැදිලි වෙනවා. අර වතුර පාරේ ඇතුළේ මොකක්වත් මඟ හැරගෙන ගියේ. දැන් ඔතෙන්ට ආවාට පස්සේ දැන් “සති” තුනක් ම අපි ඇවිල්ලා තියෙන්නේ. රහතන් වහන්සේ මට කිව්වා, භාවනාවට පෙර ම බලන්නයි කියලා, “ආනෙඤ්ජ විහාරය කියලා භාවනාවක් අපි කළා 20/06/2015.”
ඉතින් ඒ භාවනාවේ තියෙන්නේ මොකක් ද? අර භය අගතියයි, වේදනා රේඛාව. අනිත් අතට ගත්තහම අර ජරාවේ ඉඳන් අප්‍රියේහි සම්පයොගය කියන එක. 5.3, මැද්දේ දෝමනස්සය. මේ පැත්තෙන් සෝකය 4.4 කියන එක. ඉතින් මේකේ diagram එක බලපු වෙලාවේ කල්පනා කළා මේ 4.4 දි රූපය මැරිලා තියෙන්නේ. රූපය මැරිලා කියලා ගත්තා නම් එහෙම නම් අත්තා කියලා ගන්නේ මොකක් ද? කියන එක ප්‍රශ්න කළා. ඒ වෙලාවේ සිත නොසෙල් වී ආනෙඤ්ජ ස්වභාවය සිටිනවා කියලා මම දැක්කා.
එතකොට 4.4 කියන්නේ ජාතියයි කියලා අපි ගත්තා. ඉතින් එතෙන්දි අපි ඒ පියෙහි විප්පයොගයේ සිට ජාතිය දක්වා යනවා අර අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං කියන එක එහෙම මතක් වෙලා තියෙනවා. 4.5 දි අත්තා කියලා ගත්තේ මොකක් ද? “රූපය නිසා ඇති වුණ යම්කිසි සුඛයක් වී ද එය අංශු මාත්‍ර ස්වභාවයෙන් අත්තා යැයි ගත්තා” කියන එක තියෙනවා. 4.6 දිත් වේදනාවේ ව්‍යාධිය, සංකල්පයේ නිත්‍යභාවය කියන එක බිඳුණා. 5.4 දෝමනස්සය කියලා කියන්නේ, අර සුඛ වේදනාවේ මරණය කියලා කිව්වා. දැන් පේනවා ද මොකක් ද වෙන්නේ කියලා? පදුට්ඨමනසඞ්කප්පය මේ පැත්තට එන්නේ නෑ.
අතන ඡන්දයයි විමංසාවයි අර තුන් වෙනි සතියෙන් ඒක නැවැත්තුවා. එතකොට අපි අත්තා කියලා ගත්තේ අර පෙර සුඛයක් කියලා වුණ එක. දැන් 4.6 වෙනකොට දැන් අත්තා වුණේ ඕක නේ. අංශු මාත්‍ර වශයෙන් වුණ අත්තා. සුඛයක් කියලා ඇවිල්ලා තමයි ඒක සිද්ධ වුණේ. 4.6 දි ඒක ව්‍යාධිය බවට පත් වුණා. මොකද සංකල්පය බිඳුණා. මොන සංකල්පය ද? නිත්‍යයි කියන සංකල්පය බිඳුණා. පදුට්ඨමනසඞ්කප්පයෙන් එන කතාව බිඳුණා. 5.4 දි මොකද වුණේ? සුඛය මළා කිව්වේ අත්තා මළා. අත්තා කියලා ගත්තේ අංශු මාත්‍ර මේක නම්, ඒක මළා. අර දිට්ඨි අනුසය පාරට ලස්සනට ඇවිල්ලා තියෙනවා දැන්, මෙතෙන්දී වටේට ම ඇවිල්ලා.
දැන් එහෙම නම්, මේ විදිහට තේරුම් ගත්තා නම් පුද්ගලයෙක්, මැරිච්ච අත්තා ආපහු උපද්දවන්නේ වන්නේ නෑ. අත්තා මළා නේ. මැරිච්ච අත්තා, නැවත උපද්දවන්නේ වන්නේ නෑ. මෙන්න මේක තමයි අනුපාදිසේස නිබ්බාන ධාතුව. මෙතනින් පස්සේ මොකුත් නෑ නේ.
ඉස්සෙල්ලා භාවනාවක ඉගෙන ගත්ත නේ, භව ආශ්‍රවය කියන එක අපිට ලියාගන්න පුළුවන් කියලා සෝකය කියන තැන. දැන් අත්තා ගියා නම් අත්තාගේ පසු සඤ්ඤාව නේ භව ආශ්‍රවය. අත්තා ගියා ගමන් මේකේ කතාව නෑ. භව ආශ්‍රවයක් නෑ, භව නිරොධො ජාති නිරොධො.