Date: 02/07/2015 Name: Pliancy and rectitude of mind

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ආවා. ඊයේ භාවනාවෙදි අපි බැලුවා නේ. රූපයයි ඒ රූපය නිසා පවතිනවා කියලා කියන්න බෑ. වේදනාවයි ඒ වේදනාව නිසා පවතිනවා කියලා කියන්න බෑ.

සඤ්ඤාවයි ඒ සඤ්ඤාව නිසා පවතිනවා කියලා කියන්න බෑ. අත්තායි ඒ අත්තා නිසා පවතිනවා කියලා කියන්නත් බෑ කියලා.

අන්න ඒක අපේ පළවෙනි සතියට ගියා. එතකොට එතනදි අපිට ඇති වුණේ අර ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාව දක්වා එන්නා වූ එක. මේ විදිහට අයින් කරගෙන ආවාට පස්සේ, අපි තුන් වෙනිවට ලකුණු කරන සතිය. ඒ කාරණාවෙදි අපේ තියෙනවා අර ධම්මමච්ඡරිය පාරේ අපි ලකුණු කරනවා 3 සතිය. දැන් මේ විදිහට ගත්තහම දෙවෙනි සතියයි අපි මේ කතා කරන්නේ.

දැන් ඒ සතියෙදි අපි ඊයේ සාකච්ඡා කළා, අර කාමරාග අනුසය නිසා අපි පෙර සංස්කාරයක් කළා කියලා මව් කුසට යන අවස්ථාවෙදි හරි කාමයෙහි වරදවා හැසිරීම, අදත්තාදානය වැනි දේ කළා කියලා, ඊට පස්සේ ඒවා දැන් නොකළා වුණත් ඒකේ තිබෙන්නා වූ බලපෑම කියන එක. ඒක එනවා නාමරූප කියන තැනට. එතකොට මෙතෙන්දි අපි කාරණා දෙකක් හැටියට බැලුවා අපි ඒ දේ කරන අවස්ථාවෙදි මුලින් අපිට ඇති වූ අනාගත භවය දැඩිව ගත්තා වූ දේ තියෙනවා. ඒ මව් කුසට යන අවස්ථාව ඉතින් හොඳ ම උදාහරණය. මම ගිහිල්ලා හොඳට එක් කෙනෙක් වෙලා ඉන්නවා ආදී වශයෙන් තියෙනවා. අර engineering කරන දරුවෙක් නම් ඉතින් එයා ඒ ගැන හිතලා අර අනාගත භවය දැඩිව ගත්තා වූ අවස්ථාව. එහෙම නම් අපි දෙවෙනි කාරණාව හැටියට සලකා ගත්තා අර වේදනාව නිසා ඇති වන්නා වූ සීලබ්බත උපාදානයේ කතාව.

දැන් ඊළඟට තුන් වෙනි කාරණයට ගත්තා අර නාමරූපය දක්වා එන්නා වූ කාමරාග අනුසයේ කතාව. එතකොට මෙතැනින් මේ සතිය අයින් කර ගත්තාට පස්සේ එහෙම නම් අපි එනවා අර විඤ්ඤාණය තියෙන තැන සතියට. ඒක මේ විදිහට ගත්තොත් තුන් වෙනි සතිය. අපි ලකුණු කර ගත්තේ හය වෙනි සතිය විදිහට. Number එක දුන්නේ 6 කියලා. එතෙන්දි අපිට පේනවා, ඕක අර පදුට්ඨමනසඞ්කප්පය කපාගෙන තමයි ඒ සතිය තියෙන්නේ. දැන් මෙතෙන්දි වෙන්නේ මොකක් ද? අර සංස්කාරයන් කියන ඒවා අපි අයින් කළා. කාමරාග අනුසයේ කතාවෙදි. සංස්කාරයන් කියන ඒවා අයින් කළා. ඒ සංස්කාරයන් අයින් කළාට තවමත් ඒක නිසා ඇති වෙන්නා වූ විඤ්ඤාණය තියෙනවා.

ලස්සන උදාහරණය තමයි අර මුහුදු වෙරළේ රැල්ල මෙහෙම උඩට ගහගෙන යනකොට ඕගොල්ලන්ට පේනවා මේක මෙච්චර උඩකට විතරයි යන්නේ. දැන් මෙතැනින් එහා පැත්තට මේක යන්නේ නෑ. ගිහිල්ලා අර වතුර ටිකත් එක්ක කඩාගෙන වැටෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. අර පල්ලෙහා රැල්ල බිඳිලා. සංස්කාරය කියන එක බිඳිලා. නමුත් අර ආපු ගැම්මට උඩ යනවා කියන එක තියෙනවා. ඔන්න ඔය අවස්ථාව ගත්තහම පුදුමාකාර සැපක් තියෙනවා. පුදුමාකාර සැපක් තියෙනවා කියලා කියන්නේ රහතන් වහන්සේ අද උදේ මේක මම මනසෙන් මෙනෙහි කරනකොට, මේකට සූදානම් වෙනකොට ඒ වෙලාවේදි රහතන් වහන්සේ කිව්වා “මෙතනදි repair කරන්නත් පුළුවන්” කියලා. පුදුම මනසක් ඒක. එතන නතර වෙලා ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. ඔන්න ඕක තමයි කියන්නේ, අභිධර්ම පිටකයේ තියෙනවා pliancy of mind කියලා. ඒකේ පාලි වචනය මට දැන් මතක නෑ. මේක පස්සේ හොයලා කියන්නම්. අන්න ඒක තමයි pliancy of mind කියලා කියන්නේ.

දැන් ඊට පස්සේ රහතන් වහන්සේ කිව්වා, මේ මට බලන්න කියලා, අපි කරලා තියෙනවා “ආකිඤ්චඤ්ඤායතන භාවනාව 21/06/2015 තියෙන එක.” ඉතින් ඒ භාවනාව කරගෙන ආවා ම ඒකේ හොඳට ලස්සනට රහතන් වහන්සේ වචන තුනක් කිව්වා නේ.

පළවෙනියට කිව්වා “සුඛය මැරී ඇත” කියලා. දැන් එහෙම නම් ඊයේ භාවනාවත් එක්ක කල්පනා කරන්න, සුඛය මළා ය කියලා කිව්වා ම, අත්තා මළා.

දෙවෙනි වාක්‍යයට කිව්වා “සුඛය නිසා හටගන්නා වූ යම් දහමක් වී ද, මෙය පෙර නිත්‍යයි,” ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව “යයි ගත් දේ දැන් පරිදේව වී අවසානය. මෙය ඉදංසච්චයට පැමිණීම සිදු විය.” කියලා අර පල්ලෙහා තියෙන රේඛාව 360° න් කරකවලා ඇති වුණා වූ දේ තමයි මේ කතා කරන්නේ. අන්න එහෙම නම් අර රහතන් වහන්සේ කිව්ව වචනයට “සුඛය නිසා හටගත්තා වූ යම් දහමක් වී ද” අන්න ඒ ධර්මය හැටියට ගන්න අර අත්තා. දැන් අත්තා මැරිලා ඉවරයි. ඒක substitute කරන්න ඒ text එකට, අත්තා. මැරිච්ච අත්තා. යම් දහමක් වී ද ඒක තමයි අර අත්තා කියලා ගත්ත එක. දැන් පළවෙනි එකත් එක්ක එනවා දැන් අත්තා මළා කියලා.

අපි ඊයේ භාවනාවේ අවසානයට ගත්තා වූ ඒ දේ මතක තියාගන්න ඕනෑ. දැන් අත්තා කියන එක මැරිලා. දැන් ඕක නේ අර පෙර නිත්‍යයි කියලා අරගෙන පේනවද? අර අත්තා ඉඳන් නිත්‍යට අපි jack එක ගහගෙන ඉන්නේ. ඒක නේ මේ කියන්නේ. ලස්සනට ඒක තේරෙනවා. මෙතැනින් අත්තා මෙතැනින් නිත්‍ය. හැබැයි ඉතින් මේ අත්තා මැරිලා. එතකොට දැන් මෙතන තිබුණ නිත්‍ය කතාවත් 360° න් කරකැවිලා ඇවිල්ලා එයත් දැන් පරිදේවයට වෙලා තියෙනවා කියන එක ආවා.

අන්න ඒ ධර්මය බැලුවා ම මනස හරියට straight වෙනවා. පුදුමාකාර කෙළින් වෙනවා. අර ඉස්සෙල්ලා මම කිව්වා නේ, සුඛයක් තියෙනවා. මේක මේ විදිහට පුදුම සැනසීමක්, pliancy of mind කියන එක තමයි ඒකේ තියෙන්නේ. මේකේදි ගත්තහම හරි straight. අර ඉස්සෙල්ලා වගේ නෙමේ මෙයා හරි serious. පුදුමාකාර seriousness එකකින් ඉන්නවා. අන්න ඕක තමයි rectitude of mind කියලා කියනවා අභිධර්ම පිටකයේ. ඒ මනසේ තිබෙන්නා වූ ඒ ස්වභාවයෙන් පැහැදිලි කරලා තියෙනවා ඒ beautiful ඒවා 24ක් තියෙනවා කියලා. අන්න ඒ කාරණා දෙක තමයි තියෙන්නේ.

ඉතින් මේකේ තුන් වෙනි කාරණාවට ගියේ නෑ. රහතන් වහන්සේ කිව්වා “ඒක පස්සේ බලමු” කියලා. ඒක ඒ විදිහට තමන්ට ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් කියලා කියන්නේ අර straightness එක ආවා ම තමන්ට කැමති විදිහකට ඉන්න පුළුවන් ඕනෑ ම කාලයක්. එකකටවත් අල්ලන්නේ නෑ. පුදුම straightness එකක්. ඇයි ඉතින් මැරිච්ච දෙන්නෙක් ගැන නේ මේ කතා කරන්නේ. අත්තාත් මැරිලා, නිත්‍යයත් මැරිලා. ඉතින් එහෙම නම් ඉතින් ආයි මොකක්වත් නැහැ නේ. එන එකකුත් නෑ. යන එකකුත් නෑ.

අන්න ඒක තමයි මං කරපු භාවනාව.