Date: 03/07/2015 Name: කායමෘදුත්වය

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ සිහි කරන්න ඉස්සෙල්ලා මම කියන්න ඕනේ. ඊයේ භාවනාව අද උදේ භාවනාවට පෙර මම සිහි කරද්දී මට හැඟීම් ඇති වුණා අර අපි කියනවා නේ, අත්තා කියලා. විඤ්ඤාණය දක්වා එන එක. ඊළඟට පෙර නිත්‍යයි කියලා ලියනවා නේ පහළින්. එතකොට එතෙන්දි ඒ අත්තා කියලා කියන්නේ පැවතිය හැකි ය යන අදහස. ඊළඟට පෙර නිත්‍යයි කියලා කියන්නේ, පවතිනවා යන අර්ථය. මට ඒක වැටහුණා. බුදුපියා ඒක සනාථ කළා. ඒක approve කළා.

එතකොට, මෙන්න මේ අදහස ඇතිව මම අද උදේ භාවනාවෙදි ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා. පවතිනවා යන අදහස. ඒ කියන්නේ අර පෙර නිත්‍යයි කියලා ඉදංසච්චයේ සිට විඤ්ඤාණයට එන්නා වූ දේ. පැවතිය හැකි ය යන අදහස අත්ත සඤ්ඤා. දැන් රූපය පැත්තේ එක නෙවෙයි අපි කතා කරන්නේ. රූපය නිසා ඇති වූ මේ නිත්‍ය කතාව. හරි ඉතින් රාග සල්ලයෙන් කරකවලා නේ මේ නිත්‍ය කතාව ඇති වෙලා තියෙන්නේ.

එතකොට ඒ චේතනාවෙන් එහා පැත්තට ලකුණු කර ගත්ත ධර්ම කාරණා දෙක අනුව ම සිතලා, නොපවතින බව, බුදුපියා දන්නවා. එවැනි මිච්ඡා දිට්ඨියන් නැත, කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට ම ධම්මාධිපතිවිනයාධිපති බුදු පියාත්, ධම්මාධිපති බුදු පියාත්, එම අදහස ම අනුමත කරමින් දරණ බව සිහි කළා. වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

දැන් කිව්ව අදහස හොඳන් හිතට තැන්පත් වෙලා තියෙන්නේ. පළවෙනි කාරණය අපි අර 1 සතිය සිහි කළා. රූපයත්, රූපය නිසා පැවතීමක් කළ නොහැක. වේදනාවත්, වේදනාව නිසා පැවතීමක් කළ නොහැක. සඤ්ඤාවත්, සඤ්ඤාව නිසා පැවතීමක් කළ නොහැක. අත්තාත්, අත්තා නිසා පැවතීමක් කළ නොහැක.

මේ විදිහට සතිමත් වූයේ අර 3 සතිය ලකුණු කරපු තැන මම සිහි කළා. ඒ කියන්නේ වේදනා චේතනා, ධම්මමච්ඡරිය පාර කපාගෙන ලකුණු කරන සතිය. මෙතෙන්දි මට ධර්මය තේරුණේ, අපි හිතමු මූදේ රැල්ලක් උඩට ගිහිල්ලා කඩාගෙන වැටෙනවා කියලා අපි තේරුම් ගත්තා. ඒ කඩාගෙන වැටුණට පස්සේ ඒ ජල පහර එන්නේ අර අපි රවුමක් ගත්තොතින් ඒ රවුමේ පල්ලෙහම තැනට නේ ආපහු වැටිලා තියෙන්නේ. එතකොට වම් අත පැත්තෙන් එන්නා වූ ඒ කියන්නේ වම් අත පැත්ත අපි ඇඳ ගත්තොතින් නැත්නම් මුහුදේ ඉවුර දෙසට එන්නා වූ රැල්ල. අන්න ඒ රැල්ල. අර වැටිච්ච ජල ගොඩට උඩින් තමයි එයා යන්න තියෙන්නේ.

එයාට බාධාවක් වාගේ මේක ආවා. ඒකට උඩින් hump එක වගේ උඩට තවත් රැල්ලක් හැදෙනවා. ඒක නිසා. දැන් එතකොට මෙන්න මේක දැකලා මගේ ඒ අවස්ථාවේ භාවනාව බොහොම තියුණු වුණා. රැල්ල බිඳීම නිසා මුහුදේ වැටෙන ජල කඳ උඩින් තමයි අර ඉවුර දිසාවට එන ජලය තවත් උඩට ගෙන යන්නේ. බිඳුණා වූ දේ උඩින් දැන් එන ජල පහර මෙන් අර පෙර නිත්‍යයි කියලා ගත්ත එක. ඒ කියන්නේ ඉදංසච්චයේ සිට විඤ්ඤාණය දක්වා ලකුණු කරන පෙර නිත්‍ය කතාව.

අන්න ඒ සංකල්පය හේතු කොටගෙන, සංකල්පය බිඳීම හේතු කොටගෙන ඇති වන්නා වූ අලුත් වේදනාවෝ, අනාගත භවය දැඩිව ගැනීමට තුඩු දෙනවා. මේක බිඳුණා. මම හොඳ එකක් හදනවා. මීට වැඩිය හොඳ එකක් හදනවා. ඒ කියන්නේ, දැන් කිව්වේ අර වයසක ජෝඩුව තරුණ කෙනෙක් දැකලා එයාගෙ උදව්වෙන් පවතින්න පුළුවන් වේ ය කියලා සිතනවා. එහෙම නැත්නම් මෙයා කල්පනා කරනවා මේක නේ කැඩුණේ මම බ්‍රහ්ම ලෝකයේ හරි ගිහිල්ලා මේක පවත්වනවා. අන්න ඒ වගේ සිතීමක් කරනවා.

මෙතෙන්දි මගේ අවධානය යොමු වුණේ අර සංකල්පය බිඳීම නිසා වන ක්‍රියාව. අර නිත්‍යයි කියන සංකල්පය බිඳීම නිසා ඇති වුණ ක්‍රියාවලිය අපි බැලුවොතින් අපි ඕක ලකුණු කරලා තියෙනවා ඔය diagram එකේ. නැවතත් අපි බැලුවොතින් අපිට පේනවා, සුඛ වේදනාව කියන එක, අර වේදනාව තියෙන තැනින් කල්පනා කරනවා. උඩ අපි යනවා චේතනාවට, මේ ධම්මමච්ඡරිය පාර.

එතකොට මේ වේදනාව 4.3 කියලා අපි එතන ලකුණු කරනවා. ඒ කියන්නේ වේදනාවේ ජරාව වෙලා තියෙන්නේ. ඊළඟට අපි දන්නවා අප්පියෙහි සම්පයොගය. එතන අපි 4.6 කියලා දානවා. නිත්‍ය සංකල්පය බිඳීම නිසා වේදනාව ව්‍යාධියට පත් වුණා කියලා. ඒකත් ඒ රේඛාව ඇවිල්ලා අර ජරාව සිට චේතනාව දක්වා අපි බලලා තියෙනවා. 3D වුණත් අපිට ඕකේ අර්ථය පේනවා. අනිත් අතට ගත්තහම කාමරාග අනුසයෙන් අර ධම්මමච්ඡරිය රේඛාවට සම්බන්ධ වෙනවා. නාමරූප තියෙන තැනට. සුඛ වේදනාව මිය ගියත් තවම සඤ්ඤාව මිය ගිහිල්ලා නෑ. කාමරාග අනුසය නිසා තවමත් හොඳ දෙයක් පවතී කියන අදහසක් එයාට තියෙනවා. හත් වෙනි ධ්‍යානය අල්ලාගෙන හරි ජීවත් වෙමියි කියලා සඤ්ඤාවන් මෙයාට ඇති වෙනවා. ඒක සියුම්ව පෙනෙන්න ඕනෑ තමන්ට ඒ වෙලාවේ. මේක නොපැවැත්විය හැකි බව මනා කොට අවබෝධ වෙනවා නම්, කාය මුදුතා කියන එක වෙනවා. මේකෙදි අපි රේඛා තුනක් විමසන්න ඕනෑ.

එකක් තමයි වේදනාවේ ඉඳන් චේතනාවට යන රේඛාව ධම්මමච්ඡරිය පාර. දෙවෙනි එක පරාමාසයේ ඉඳන් චේතනාවට, අර අත්තා කියලා උඩට ලියන්නේ දැන්. අන්න ඒ සීලබ්බත උපාදානයේ අනිත් පැත්තට එන්නා වූ රේඛාව. ඊළඟට තුන් වෙනි කාරණය සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යන එක. මේ තුන් ධර්මය නිසාවත් අලුත් සංස්කාරයක් කළ නොහැකි බව චේතනාව මගින් ම දැනගන්නවා. “එය අනිත් ධර්මයන් අළලා අලුත් පැවැත්මක් නොසාදන්නේ නම් එම චේතනාව ම කාය මුදුතා බවට පත් වන්නේ ය” කියලා රහතන් වහන්සේ කිව්වා. ඔය චේතනාව කියන තැන තමයි ඔය කායමුදුතාව කියන එක, ඒක තියෙන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Skilled_states_of_mind_p2/s_Skilled_states_of_mind_p2-02.jpg


s_Skilled_states_of_mind_p2/s_Skilled_states_of_mind_p2-03.jpg


s_Skilled_states_of_mind_p2/s_Skilled_states_of_mind_p2-04.jpg