ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව මම සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ විදිහට ම මම භාවනාව කරගෙන ගියා. ඒ භාවනාව කරගෙන ගිහිල්ලා එතෙන්දි අපි එනවා නේ අර කාය මුදුතාවලදි බලපු diagram එක. ඒක මතක නේ. සුඛ වේදනාව, උඩ චේතනාව, සඤ්ඤාවේ ඉඳන් චේතනාවට, ඊට පස්සේ අපිට පේනවා පරාමාසයේ ඉඳන් චේතනාවට අත්තා කියලා එනවා. කාමරාග අනුසය පාරෙන් අර නාමරූප තියෙන තැනට සම්බන්ධ වෙනවා. ඒ වගේ ම අප්‍රියේහි සම්පයොගයේ සිට වේදනාවට තියෙන line එක. ඒකේ තියෙනවා අර සංකල්පය බිඳිලා වේදනාව ව්‍යාධියට පත් වුණා කියන එක.
එතකොට, ඒ දක්වා ආවාට පස්සේ දෙවෙනි සතිය සිහි කරන එකයි මම මේ කතා කරන්නේ. 3 කියලා ලකුණු කරපු සතිය සිහි කරන එක. එතෙන්දි මට පෙන්නුවා රහතන් වහන්සේලා අර කාමරාග අනුසය පාරේ තමයි තියෙන්නේ සාරම්භය, කියන එක. එතකොට ඒ සුඛ වේදනාව මිය ගියත්, තවම සඤ්ඤා මිය ගොස් නැත. කාමරාග අනුසය නිසා තවමත් හොඳ දෙයක් පවතී යන අදහස ඇත, කියලා අපි ඒකේ ඉගෙන ගත්තා. හත් වෙනි ධ්‍යානය අළලා හෝ ජීවත් වෙමි යන සඤ්ඤා ඇත.
සාරම්භයට ප්‍රත්‍ය වෙන්නේ මිච්ඡා දිට්ඨිය. දැන් මේ කාමරාග අනුසය පාරේ line එක ගැන මේ කතා කරන්නේ. මිච්ඡා දිට්ඨිය කියලා වත්ථූපම සූත්‍රයත් එක්ක ඒක සිහි වුණා. දැන් එතකොට අපි දන්නවා අපි ඊයේ භාවනාවෙදි බැලුවේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට එන එක අපි ගත්තා, ඒ අත්තා කියන එක, දැන් නිත්‍යයි, පැවතිය හැකියි කියන අදහස හැටියට. ඒ වාගේ ම විඤ්ඤාණය ඉදංසච්ච කතාව එතන අපි දන්නවා පෙර නිත්‍යයි, පවතිනවා යන අදහස. එතකොට අපි නිතර ම හිතන්න ඕනෑ, ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට යන්නා වූ නිත්‍ය කතාව හැටියට තමයි ඒ පවතිනවා යන අදහස. දැන් පවතිනවා කියන අදහස් මේ වන විට අපිට බිඳිලා තියෙන්නේ. ඒ බිඳුණේ ඇයි? කාය මුදුතා කියන pliancy of body ඊයේ කළ භාවනාව හින්දා.
එහෙම නම් පවතිනවා යන මිච්ඡා දිට්ඨිය කියන එක බිඳිලා තියෙන්නේ. එහෙම නම් සාරම්භය නොවෙනවා. තව ද ථම්භය චිත්ත මුදුතා භාවනාවෙන් ඉවත් කළා. චිත්ත මුදුතා භාවනාවෙන් ථම්භය කියන එක නැති වෙනවා. මේ නිසා ඒ කියන්නේ හේතුව හැටියට තියෙන්නේ ථම්භය. සහ ප්‍රත්‍යය හැටියට තියෙන්නේ මිච්ඡා දිට්ඨිය ඉවත් වීම නිසා සාරම්භ නොවේ.
ඒ වෙලාවේ මගේ සිත නතර වුණා. මෙසේ ස්ථාවරව ඊයේ අපි පෙන්නුවේ කාරණා තුන. ඊයේ අපි පෙන්නුවා වේදනා චේතනා, පරාමාස චේතනා, සඤ්ඤා චේතනා, යන තුන් ධර්මයන් නිසාවත්, අලුත් සංස්කාරයක් කළ නොහැකි බව සාරම්භය ඉවත් කිරීමෙන් පසුව දැනගන්නවා, හැඳින ගන්නවා, විඤ්ඤාණය පරිණත වන්නේ එය කායපාගුඤ්ඤතා කියලා කියනවා. Proficiency of body කියලා කියනවා.
ඒක තමයි කරපු භාවනාව.