ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත පණ්ඩිත පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ බුදුපියා වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. ඒ වෙලාවෙම තේරුණා, බුදුපියා තමයි ඒ සම්බන්ධ වුණේ භාවනාවට. ඉතින් දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා ඒ විදිහට.
භාවනාවට පෙර ම ඊයේ භාවනාවත්, ඒ වගේ ම චිත්තුජ්ජුකතා rectitude of mind කියන භාවනාවත් බලද්දී මට අදහසක් ඇති වුණා. දැකීමක් ඇති වුණා. අර advanced program එකේ අපි පෙන්නනවා නේ පරාමාස, ථීන, ථීන ඉඳන් ඉදංසච්චයට. අර අපි සුභයි කියලා ගන්නේ. එතන පෙන්නනවා මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණය පැවතීම අභිජ්ඣා කියලා.
ඊළඟට එනවා කාමෙසු තිබ්බසාරාගො කියන එක. අර ථීනයේ ඉඳන් ඉදංසච්චයට යන එක. එතකොට මේක මේ නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය මගින් තල්ලු නොකරන්නේ නම් නිත්‍ය ස්වභාවයක් හට නොගන්නා බව මට වැටහුණා. අරක බලාගෙන යනකොට. අද භාවනාවෙදි මම කළේ ඒ අර්ථ ම අනුව තමයි ගියේ. අර පළවෙනි සතිය සිහි කළා.
රූපයත්, රූපය නිසා පැවතීම සිදු නොවන්නේ ය. 4.4 රූපය මැරිලා තියෙන්නෙ. වේදනාවත්, වේදනාව නිසා පැවතීම සිදු නොවන්නේ ය. 5.4 සුඛ වේදනාව මැරිලා තියෙන්නෙ. සඤ්ඤාවත්, සඤ්ඤාව නිසා පැවතීම සිදු නොවන්නේ ය. 6.4 දී සඤ්ඤාව ව්‍යාධියට පත් වෙලා තියෙන්නේ. අත්තාත්, අත්තා සමඟ පැවතීම සිදු නොවන්නේ ය.
ඒ පාර මම ආවා 3 සතිය වශයෙන් ලකුණු කරන සතිය. ඒක දෙවෙනි සතිය. ඒක සිහි කළා. පෙර මෙන් ම අපි කාය මුදුතා ඒ භාවනාව කරපු විදිහ තියෙනවා නේ. මේ විදිහට එතෙන්ට පැමිණියා. ඒ චිත්ත මුදුතා භාවනාවට වැඩි අවධානයක් මම මේ වෙලාවෙදි යොමු කළා.
එතකොට අපිට මෙතන මේ diagram එකක් හදා ගන්නවා නම් කෙනෙකුට, අපිට පේනවා මේ සඤ්ඤාව කියන එකෙන් එනවා, 5.4 සුඛ වේදනාව මැරිලා. ඒ කියන්නේ අත්තා මැරිලා ඉන්නා වූ ඒ diagram එක. සුඛය නිසා හටගත්ත අත්තා. අපි ඒක ඇඳලා තියෙනවා කලින්. එතකොට එතැනින් චේතනාවට එනවා. අපි ලියා ගම්මු පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා යන රේඛාව y කියලා. අර අත්තා කියලා උඩට අපි අඳින්නේ, ඒක y කියනවා. ඊට පස්සේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට දැන් අත්තා කියලා ලියනවා. අපි ඒකට දැන් නිත්‍යයි කියල නේ කියන්නේ. එතකොට ඒ කියන්නේ පැවතිය හැකි ය කියන අදහස. ඊළඟට ආපහු තියෙනවා ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට යන්නා වූ එක. අපි ගන්නවා එතන නිත්‍යයි කියලා, ඒ කියන්නේ පෙර නිත්‍ය, පවතිනවා කියන අදහස.
එතකොට ඊළඟට මෝහ අගතිය ඉඳන් ඉදංසච්චය දක්වා එන රේඛාව අපි x කියලා ලකුණු කරගත්තා. ඒකේ තමයි අර නිත්‍ය කතාව, ඇත්තෙන් ම කියනවා නම් පෙර නිත්‍ය කතාව තියෙන්නේ. එතකොට ඔය x රේඛාව අපි 90° න් කරකවනවා මෝහ අගතියේ ඉඳන් අපි කරකවනවා. ඒක අපි කලිනුත් බලලා තියෙනවා. අන්න එතෙන්දි සුභය යන අර්ථය ඉබේම සිදු වන බව නොසිතිය යුතුයි. ඒක 90° න් කැරකෙනකොට අපි අර y කියලා ලියාගත්තේ පරාමාසයේ ඉඳන් චේතනාවට යන රේඛාව. අන්න ඒ රේඛාව 45° න් පමණක් කරකැවී ඇති ලෙස සිතන්නේ නම්, ධාරාව ගැලීම සිදු නොවන්නේ ය. මේක 45°යි ඇවිල්ලා තියෙන්නේ. අර ථීනය කියන තැනට විතරක් ඒක ඇවිල්ලා තියෙන්නේ. 47°ක් පමණ ගලන්නේ නම් එය ප්‍රමාණවත් වෙනවා. තව 2° ක් ගියා නම් ඇති. එසේ නම්, ඒ කියන්නේ 47° නම් අනිත්‍යයේ නිත්‍යා කියලා විපල්ලාසය. අර විඤ්ඤාණය දැන් පල්ලෙහාට ආවා. නිත්‍ය කතාවක් කියන එක ආවා. ධාරාව ගලනවා. විපල්ලාසය හටගන්නවා.
දැන් මෙතෙන්දි අත්තා කියලා කියන්නේ මොකක් ද? සුඛය නිසා ඇති වුණ අත්තා මිය ගියත් අනෙකුත් වේදනා නිසා ඇති වන්නා වූ අත්තා ඇත. උදාහරණ වශයෙන් ආකිඤ්චඤ්ඤායතනයේ වේදනාව ගැන හැඟීම් නැති වුවත්, විඤ්ඤාණඤ්චායතනයේ මැරීම නිසා ඇති වූ, සියුම් වූ සඤ්ඤා, අනුසය ධර්මය ලෙස පවතී. “මේ වූ හානිය පවතී.” මේ මණ්ඩලාධිපති බුදු පියාගේ වචන. මිය ගියා වූ අත්තා වෙනුවට, අලුත් අත්තෙක්, ආකිඤ්චඤ්ඤායතනයේ හෝ ඒ සමාපත්ති කුසලයේ හෝ භාවිතා කර පවත්වනවා.
ඉතින් මේ වෙලාවෙදි මට නම් අර ආකිඤ්චඤ්ඤායතන කුසල චිත්තය මතු වෙලා ඒකෙ දැකීමක් ඒ වෙලාවෙදි මට සිද්ධ වුණා.
දැන් අපිට එනවා මේ විදිහේ ධර්මයක්. දැන් අපිට පේනවා අර විඤ්ඤාණයෙන් නිත්‍යභාවයට ආවා නම් නිත්‍යයේ ඉඳන් අපිට දිට්ඨි ආශ්‍රවය පසු සඤ්ඤාව හැටියට ඇති වෙනවා. එතකොට සඤ්ඤාවෙන් චේතනාව වෙනවා කියන එක තියෙනවා. ඉතින් ඒ පාර අපිට දැන් පේනවා එහෙම නම්, ඒ චේතනාවෙන් ආපහු අත්තා. දැන් හත් වෙනි ධ්‍යානය අල්ලාගෙන. දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලය, දිට්ඨි සල්ලයෙන් සඤ්ඤාවට. සඤ්ඤාව අල්ලා ගන්නවා, මෙයා මේකත් එක්ක කරකවනවා. ඒක නිසා ඇති වන්නා වූ අත්තා තියෙනවා නේ. අන්න ඒ අත්තා නිසා අපි දන්නවා අපිට අවිද්‍යා ආශ්‍රව කියන එක එතනින් ඒක නිසා ඇති වෙනවා කියන එක.
මෙතෙන්දි පෙන්නනවා මෙසේ දිට්ඨි ආශ්‍රවයත්, එයින් ම හටගන්නා වූ අවිද්‍යා ආශ්‍රවයත් ඇති වන්නේ ය. ඉතින් යමෙක් නිත්‍ය ස්වභාවයක් නැති බව සිහි කරන්නේ, ඒ කියන්නේ අර rectitude of mind කියන එක චිත්තුජ්ජුකතාවය කියන එක සිහි කරන්නේ, දිට්ඨි සල්ලයට පැමිණීමට තුඩු දෙන දිට්ඨි ආශ්‍රවය, ඒ රවුම අටෙන් පසුව සිදු වෙන බව අපි දන්නවා. යමෙක් අට වෙනි රවුමෙන් පසුව ථීනය හටගන්නා බව දන්නේ තවදුරටත් කැරකවීම නොකරන්නේ, අවිද්‍යා ආශ්‍රවය නොවේ. අවිද්‍යා ආශ්‍රවය රවුම් දහයෙන් පස්සේ නේ. මෙසේ නොවන්නේ නම් ථීන සහගත වූ චිත්තයක් තවදුරටත් කර්ම රැස් කිරීමට ඇති හැකියාව බිඳිලා යනවා. පෙර ගත්තා වූ නිත්‍ය ස්වභාවය මිය යනවා. දැන් පවතින්නා වූ අලුත් සංස්කාර නිසා වන අත්තා ස්වභාවය සිඳී යනවා. නවතිනවා. ඉදංසච්චය මුළුමනින් ම උදුරා දමනවා.
මෙන්න මේක තමයි කායුජ්ජුකතා, rectitude of body කියලා කියන්නේ. ඉදංසච්චයේ මුකුත් නෑ. ඉදංසච්චයේ දැන් කිසිම සත්‍යයක් කියන කතාවක් නෑ. මේවා ඔක්කෝම මුසා යැයි කියලා තේරෙනවා. හොඳ ලස්සනට ආවා මට මේක.
ඉතින් මේ භාවනාව මණ්ඩලාධිපති බුදුපියා තමයි මෙහෙය වූයේ. මේ වචනත් ඒ බුදු පියාගෙම වචන. මේ වෙලාවෙදි මට තේරුණා මම රූපය නිසාවත්, ආකිඤ්චඤ්ඤායතනය වේවා රූප වේවා මේ කිසිම එකක්වත් සත්‍යයක් නොවන ලෙස ඉදංසච්චය ගලවා එම විහරණයෙන් ම මම හිටියා.
ඒක තමයි පැවසුවේ. සාදු බුදු පියවරුනි කියලා අවසන් කළා.