ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන, පළමු වෙනි, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, පණ්ඩිත වූ බුදුපියාණන් වහන්සේ. එම බුදුපියාණන් වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා.
ඉතින් මෙතන තියෙන්නේ අර චේතනාවේ ඉඳන් විඤ්ඤාණය අත්තා කියලා ලියන්නේ. පැවතිය හැකි ය. ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණය පවතිනවා කියන එක. අර නිත්‍ය ස්වභාවය. මෙන්න මේ සතිය. මෙසේ සතිමත් වූයේ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන්, ධම්මාධිපති බුදුපියාණන් සිහි කළා. ඒකට අනතුරුව හත් නමයි දාහතර නමයි සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව මම නැවතත් කරගෙන ගියා. අර පළවෙනි සතිය සිහි කළා. අර රූපයයි රූපයත් එක්ක ඉන්න බැහැයි කියන එක. වේදනාවයි, වේදනාවත් එක්ක පවතින්න බැහැයි කියන එක. සඤ්ඤාවයි, සඤ්ඤාවත් එක්ක පවතින්න බැහැ, අර 5.4 කියන එක දක්වා ඒක සිහි කළා. ඒකේ මැරෙන අවස්ථාවත් සිහි කරගෙන. එතකොට අත්තයි අත්තාත් එක්ක ඉන්න බැහැයි කියලා සිහි කළා. ඊට පස්සේ මම ආවා අර දෙවෙනියට සතිය, 3 සතිය කියලා අපි ලකුණු කරන්නේ. වේදනාව, චේතනාව කපන එතන සතිය. සඤ්ඤාවෙන් මේ පැත්තට එනවා චේතනාවට. පරාමාසයෙන් අත්තාට එනවා. Lines 3 ම බලන්න කිව්වා නේ.
එතකොට මේක මම සිහි කරනකොට ම මට මේ කායුජ්ජුකතාවය කියන එක මට ඇති වුණා. හේතුව කුමක් ද? භාවනාවට පෙර ම අර ඊයේ ලියාගත්ත වාක්‍යය මම හොඳින් සිහි කළා. සටහන් වෙලා තිබුණා. මම ඒක හොඳට මතකයේ තියාගෙන හිටියා. ඒ කියන්නේ අට වෙනි රවුමෙන් පස්සේ ථීන සහගත ස්වභාවය හටගන්නා බව දන්නේ, තවදුරටත් කර්ම රැස් නොකරන්නේ, එසේ කිරීමට ඇති හැකියාව බිඳී යනවා. පෙර ගත්තා වූ නිත්‍ය ස්වභාවය මිය ගියා. අර 47°ක් නොවන නිසා. දැන් පවතින්නා වූ අලුත් සංස්කාර කිරීමට නාමරූපවල pressure එකක් නෑ. නාමරූපවලින් ආවා නම් නේ 47°ට එන්නේ. ඒ නිසා අත්ත ස්වභාවය කියන එක සිඳිලා යනවා. මෙතෙන්දි මට තේරුණා අර උඩ සංස්කාරයත් අර පහළ සංස්කාරයත් සමාන නොවන බව. අවූපසන්තචිත්තය. ඒක දැකලා මට උද්ධච්චය නොවී, ඒ නිසා ඇති වූ යම් වූ සියුම් වූ කාමරාග අනුසයක් වේ ද එය ද පහ වී විඤ්ඤාණය ඍජු බවට ම පත් වෙනවා කියලා මම හොඳින් දැක්කා. ඒ උඩ සංස්කාරයයි යට සංස්කාරයයි කියන එක අපි දන්නවා අර අවූපසන්තචිත්තයේදි අපි පැහැදිලි කරනවා අර උඩ cross එක තියෙනවා නේ චේතනා, ඉදංසච්ච, විඤ්ඤාණ, පරාමාස. ඊළඟට පරාමාස, මෝහ අගති, ඉදංසච්ච, භය අගති කියන එක.
ඉතින් මේ වෙලාවෙදි මම හොඳට භාවිතා කරපු දේ තමයි අර අපි ඊයේ පථයක් බැලුවා නේ, අර පථයක් කියලා කියන්නේ, අපි පෙන්නුවා අර විඤ්ඤාණයේ කියන එක නිත්‍යයි කියලා 1 කියලා එනවා. ඊට පස්සේ අපි පෙන්නුවා 2 නිත්‍යයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට යනවා, පසු සඤ්ඤාව හැටියට. 3 දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි සල්ලයට. දිට්ඨි සල්ලයට ඇවිල්ලා 4 කියලා කියනවා, සඤ්ඤාවේ ඉඳන් චේතනාවට අල්ලාගෙන ඉන්න එක. ඊට පස්සේ 5 චේතනාවෙන් පල්ලෙහාට ආපු එක අත්තා. අත්ත සඤ්ඤාවේ පසු එක 6 හැටියට ගන්නවා මේ අවිද්‍යා ආශ්‍රවයට එන්නා වූ line එක.
අන්න ඒ පථය මම හොඳට මතක තියාගෙන ඒ විදිහට ම අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්වපු විදිහට ම ඒක ඒ විදිහට බැලුවා. මේක කැරකිලා නිත්‍ය වුණා නම් දිට්ඨි ආශ්‍රවය. දිට්ඨි ආශ්‍රවයෙන් අර උඩට සඤ්ඤාව අල්ලගෙන, ඔය විදිහට තමයි අවිද්‍යා ආශ්‍රව කියන එක වෙන්නේ. මේක නොවෙනවා කියන එක.
ඉතින් මොකද මේ සංස්කාරයන් හදන්න බෑ. කොයි වෙලාවකවත් මුලින් හදපු සංස්කාරයයි දැන් හදපු සංස්කාරයයි සමාන වෙන්නේ නෑ නේ. ඒ හේතුව මොකද? මලකඩ කාපු යකඩ ඇණෙත් එක්ක, මුලින් සංස්කාරය. ඊළඟ පාර ආපහු මම අලුතෙන් හදනකොට අර මලකඩ කාපු යකඩ ඇණය දිරලා ඒක නිසා අලුත් සංස්කාරය අරකට සමාන වෙන්නෙ නෑ කියන එක. එතකොට මෙතන හොඳට අර චිත්තුජ්ජුකතාවය කියන එක මගේ හොඳට ඇති වෙලා තිබුණා. මම ඒ වෙලාවේ හරි ලස්සන දෙයක් දැක්කා.
ඒ දේ තමයි ආකාසානඤ්චායතනය අපි දන්නවා නේ කලුවර, ඊට පස්සේ, විඤ්ඤාණඤ්චායතනයේ ආලෝක වී, ආලෝක වෙලා, ආලෝකය ලස්සනට තුනී වෙලා ගිහිල්ලා ආකිඤ්චඤ්ඤායතනය. කාරණාවෙන් කාරණාවට කොහොම ද මම දැක්කේ? මේ මණ්ඩලාධිපති බුදු පියාගේ දේවල්. මේකේ එක ආයතනයක සිට අනිත් ආයතනයකට වීම “කුඩා දරුවකු පෙරළෙන අයුරින් බලා ඉන්න පියකු දකින ආකාරයට දුටුවා.” අර දැන් පෙරළෙනවා කියලා එහෙම දකින්නේ. අන්න ඒ වාගේ මම මේක හරි ලස්සනට මේ තුනෙන් වෙන් වන හැටි දැක්කා. කෑල්ලෙන් කෑල්ලට. මම ඉතින් එක පාරක් කරලත් බැලුවා. එහෙම වෙලා ආපහු ඒ විදිහට.
එතකොට ඉවත් කරන්නේ ඒ ඈත් වෙන ස්වභාවය. ආකිඤ්චඤ්ඤායතනයට යනවා. 47° ක් කැරකීමේ කියලා හිතනකොට නැවතත් අර ඈත් වෙලා ගිය එක මෙහෙම ළං වෙලා එන හැටි. ඇඟට ම දැනුණා. ඒ ආකිඤ්චඤ්ඤායතනයේ ඉඳලා රූපය දක්වා ම පැමිණීම. මේක body witness, body witness කියන්නේ තමන් ම මේක දකිනවා නේ. කාය සාක්ෂි කියලා මම හිතන්නේ ඕකට කියන්නේ පාලි භාෂාවෙන්. ඒක ඒ විදිහට ම දුටුවා. එතකොට මට මෙතෙන්දි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය වුණා ම අර ඔළුවේ උඩ තොප්පිය දැම්මා මෙන් ඇති වෙන ශ්‍රද්ධාව තියෙන්නේ, අන්න ඒක ම ඇති වුණා. මනස ඍජු ලෙස පැවතුණා. හරි ම straight දකුණු පැත්ත ම straight. කකුලේ ඉඳන් ඔළුව දක්වා ම එතන ඒ straightness කියන එක පැවතුණා.
ඒක තමයි මම කළ භාවනාව.