Date: 07/07/2015 Name: Nibbana 2

ඒ උතුම් බුදුපියවරු, ඊයේ මෙන්, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ වැඩ වාසය කරන, ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ ලෝකයේ ඉන්න උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

භාවනාවට පෙර ම චිත්තුජ්ජුකතා සහ කායුජ්ජුකතා වෙනස මම සිහි කළා. ඒ චිත්තුජ්ජුකතාවයට අනතුරුව තමයි ඒ කායුජ්ජුකතාවය කියන එක සිද්ධ වෙන්නේ. ඒකේ අර පථය බලන්න ඕනෑ. අර අපි බැලුවා නේ, විඤ්ඤාණයේ ඉඳන් 1 නිත්‍යයි, 2 නිත්‍යයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට, 3 දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි සල්ලයට, 4 සඤ්ඤාව, 5 චේතනාවේ ඉඳන් අත්තාට එන එක, ඊට පස්සේ 6 අත්තා ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට එන්නා වූ පථය.

ඒ, මෙම පථය දැකලා, නිත්‍ය ස්වභාවය නිසා හටගන්නා වූ ධර්මයෝ නිසා ඇති වන්නා වූ යම් චිත්ත ස්වභාවයක් ඇත්ද, එහි යම් ඉවත් කිරීමක් අනුව චිත්තුජ්ජුකතා වන බව වැටහීමක් තියෙනවා. මේක ඉවත් කිරීමෙන් හටගන්නා වූ චිත්ත ස්වභාවය, ඒ කියන්නේ අට වෙනි රවුමෙන් පස්සේ කැරකැවීම නිසා, ඒ ථීන අවස්ථාවෙදි තීරණ ගැනීමට ඉඩ නොදෙන්නේ නම්, කර්ම රැස් නොකරන්නේ නම්, කායුජ්ජුකතාවය වෙනවා කියන එක වටහා ගත්තා. අර flow on effect එක තියෙන්නේ. දිට්ඨි ආශ්‍රවයේ දිට්ඨි කතාව ගිහිල්ලා අපි අට වෙනි රවුමෙන් දිට්ඨි ආශ්‍රවයෙන් පස්සේ ආපහු තවදුරටත් අපි ගමන් කිරීමක් තියෙනවා නේ මේක අයින් කළාට, නේ ද? එතකොට ඒ කියන්නේ අපි ඕක ඉගෙන ගත්තා ඊයේ, පෙර නිත්‍ය ස්වභාවය මිය යනවා. දැන් අලුත් සංස්කාරයන් නිසා වන අත්තා ස්වභාවයත් මිය යනවා. මෙන්න මේ විදිහට ගිහිල්ලයි ඒ කායුජ්ජුකතාවය එහෙම වෙන්නේ කියලා තේරුම් ගත්තා.

භාවනාවට පෙර ම රහතන් වහන්සේ මට පැවසුවා, 7 දා අප්‍රේල් මාසේ 2015, ඒ “විරිය, ඡන්ද, චිත්ත, ඉද්ධි භාවනාව” බලන්න කියලා. ඒක විමසනකොට ම මම දැක්කා මේ දිට්ඨි අනුසය ඡන්ද ඉද්ධිපාදයෙන් නැති වෙන බව අපි එතන ඉගෙනගෙන තියෙනවා, සඳහන් කරලා තියෙන කොටසට මගේ මනස යොමු වුණා. පසු ධර්මයන්ගෙන් අපි ඉගෙන ගත්තා මේ දිට්ඨි අනුසය විමංසාව මගින් නැති වෙනවා කියලා. තවදුරටත් මම විමසාගෙන යනකොට මට පේනවා මේ ඉද්ධිපාද හතර ම නිසා තමයි මේක නැති වන්නේ කියලා.

වේදනාවේ කෙළවරක් උදාහරණ හැටියට බැලුවොතින්, වේදනාව නිසා ඇති වෙන ප්‍රශ්නය අපි දෙයාකාරයකට අපි බලලා තියෙනවා. විමංසාවට අමතරව. ඒ කියන්නේ චිත්ත ඉද්ධිපාදයේ අර ආච්චි අම්මා තුවා දන් දෙන කතාව. එතැනින් වේදනාව ඉවත් වෙනවා. 4 සලකුණ, ඡන්දය මගින් අර වේදනාව ඉවත් කරනවා කියලා අර ඉන්ද්‍රිය අසංවරය නිසා, අපිට ස්පර්ශයන් ඇති වෙලා එතනින් වේදනාවන් ඇති වෙනවා නේ. අර මණ්ඩලාධිපති බුදුපියා අපිට පෙන්වලා දුන්නේ අර ඥාන පථය හරහා, මුලින් ම පෙන්නුවේ ඒ පාර, නේ ද?

එතකොට, ඒ වගේ ම අපිට පේනවා, භය අගති කෙළවර. භය අගති කෙළවරට අපිට පේනවා, ඡන්දයෙන් ඇවිල්ලා, ඊට පස්සේ අර pedal එක තියෙන්නේ, චිත්තයෙන් ඒ දෙන්නත් එක්ක නතර කරලා, ඊළඟට විරියෙන් පරාමාසයේ ඉඳන් භය අගතියට එන එක නවත්වලා. ඊළඟට විමංසාවෙන් භය අගතියේ ඉඳන් වේදනාවට යන එක නවත්වනවා. ඒ කියන්නේ ඒ කෙළවරටත් හතර දෙනෙක් ඕනෑ. වේදනා කෙළවරටත් හතර දෙනෙක් ඕනෑ. එතකොට, සෝකය නොවීමටත් එහෙම ම යි, ඒකටත් හතර දෙනෙක් ඕනෑ. එතකොට මේ ධර්මයන් වැටහීම සඳහා අපි බැලිය යුතු දෙයක් තමයි අර නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා රූපය ස්පර්ශ කරන පථය.

ඒක විමසුවා ම තමයි අපිට මේක තේරෙන්නේ. දැන් පථ දෙකක් නේ. එයාගේ පථයේ තියෙන්නේ මොකක් ද? එයා එන්නේ වේදනාවේ ඉඳන් චේතනාවට, චේතනාවේ ඉඳන් ඉදංසච්චයට, ඉදංසච්චයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවය, දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලය, හය වෙනි කාරණයට එනවා එයා සඤ්ඤාවට යනවා කියලා. අර ලකුණු දාගන්න පුළුවන් කෙනෙකුට. වේදනාවේ ඉඳන් චේතනාවට 1, චේතනාවේ ඉඳන් ඉදංසච්චයට 2, ඒ විදිහට 3 වෙනි එක ඉදංසච්චයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට, 4 වෙනි එක අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවය. 5 ඉඳන් දිට්ඨි සල්ලය දක්වා යන එක. 6 දිට්ඨි සල්ලයේ ඉඳන් සඤ්ඤාවට යන එක. එයා අර 50% රූපය ස්පර්ශ කරන්න යනවා නේ මේ විදිහට.

එතකොට එයාගේ පථය තුළ ස්වභාවිකව ගලන්නා වූ ධර්මයෝ ම පිටු පස ඔහු යනවා. යතත්, ඔහු යතත්, ඒ හැඟීම් නැතිව ම කරනවා. මේ නිසා ඇති වන දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව ඇතිව වාසය කරනවා. සංස්කාර දෙකකින් එකකට සමාන නොවන බව හැඟීම තියෙනවා. සංස්කාර දෙකක් හැදුවාට සමාන වෙන්නේ නෑ. මේ නිසා අලුත් සංස්කාරයන්, එයා නොසාදනවා. ඔහුට ද කායුජ්ජුකතා ඇත. නමුත් ඒ පිළිබඳ අවබෝධයක් නැත. තවමත් මා පවතී යන හැඟීම ඇත. මෙම ධර්මයන් සිහි කරනකොට කාරණා තුන බැගින් ධර්මයන් ගැලීම මට වැටහුණා. මේ සඳහා මට උදව්වත් ලැබුණා.

පළවෙනි එක තමයි, දැන් එහෙනම් මේ චේතනා කෙළවරට එන්නා වූ දේ. සඤ්ඤාවෙන් චේතනා වෙන එක තියෙනවා. වේදනාවෙන් චේතනාවට එනවා. අත්තා ඉඳන් චේතනාවට එනවා. චේතනාවෙන්, ඊට පස්සේ අපි අත්තෙක් හදනවා. එතකොට මේකට order එකක් මේකට දාන්න හොඳ නෑ මේ රේඛාවල්වලට. “නොදැමිය යුතුයි කියලා පෙන්නුවා.” මේ භාවනාව මෙහෙය වූයේ ධම්මගවේසි බුදුපියා. එතකොට, වම් පැත්තේ යම් ධර්මයක් තියේ ද, මේ අනුව අත්තා හැඟීම් අලුතෙන් හටගන්නවා. එතකොට අර පෙර අත්තෙක් හිටියා. දැන් අලුත් අත්තෙක් එයා හදනවා.

ඊළඟට දෙවෙනි එක හැටියට බලන්න ඕනෑ, අර විඤ්ඤාණ කෙළවර. විඤ්ඤාණ කෙළවරට ධර්මය කොහොම ද කියන එක. දැන් මෙතෙන්ට මේ චේතනා කෙළවරට නේ මේ ආවේ. විඤ්ඤාණ කෙළවරත් ඒ විදිහට බලන්න ඕනෑ. ඒක බලනකොට, අපි බලන්න ඕනෑ අර cross එක. උඩ තියෙන සංස්කාර cross එක. ඒකේ අපි දන්නවා, පරාමාසයේ ඉඳන් අර ථීනය දක්වා එන්නා වූ කොටසට 1 කියලා දාගන්නවා. ඒක තමයි මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණය හටගැනීම අර අභිජ්ඣා කියලා කිව්වේ. ඊළඟට 2 කියලා දාගන්නවා කාමේසු තිබ්‌බසාරාගො, අර නාමරූපවල pressure එක නිසා තල්ලු වෙනවා කියන එක. 3 කියලා දානවා, චේතනාවේ සිට විඤ්ඤාණය දක්වා එන එක. මෙතෙන්දි අපි කතා කරන්නේ, 3 කියලා කිව්වා ම, පළමුව 1 දී, අපි දැන් ටිකකට ඉස්සෙල්ලා පෙන්නුවා නේ අර චේතනාවත් එක්ක ඇවිල්ලා පස්සේ ආපහු අත්තෙක් හැදෙනවා කියලා එතකොට, ඒකේ සෑදුණ අත්තා විඤ්ඤාණගත වීම තමයි මෙතන පෙන්නන්නේ. එතකොට මෙතන නම් මේ order එකට ඒ බුදුපියා මට උදව් කළා. එතකොට හරියට අර π අකුර වගේ නේ හැදෙන්නේ. මෙසේ අත්තවාද උපාදානය නොවන්නේ නම්, පමණක් නිර්වාණය සාක්ෂාත් කළ හැකියි.

ඒක තමයි භාවනාව.