ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි, කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව මම බලද්දී ම මම කායුජ්ජුකතාව කියන දේ මම සිහි කළා. එතන ඉඳන් චිත්තුජ්ජුකතාවයට පසුව කුමන හේතුවක් නිසා ධර්මය ගලන්නේ ද කියන එකට අවධානය යොමු කළා. කායුජ්ජුකතාවයෙන් චිත්තුජ්ජුකතාවය ඇති වෙලා තවදුරටත් දුවන්නේ? ඉතින් එතෙන්දි මට තේරුණා අර අත්තා කියලා විඤ්ඤාණයට අපි එනවා, අපි දන්නවා. පහළ විඤ්ඤාණයේ සිට නිත්‍ය කියලා යනවා. අත්තා නිත්‍ය නොවුණත් චිත්තුජ්ජුකතාවයට එනකොට ඒක අයින් කරනවා නේ. එහෙම නැත්නම් එළියෙන් තටාකයක කරකැවීම නොවුණත්, ඇතුළත පිහිටි පාත්‍රයේ කැරකැවීම නිසා ඒක මගින් ඔය අට වෙනි රවුමෙන් පසු කැරකැවීම හෝ කැරකැවීමට තුඩු දීමක් හෝ ඇති නම්, ඒ විඤ්ඤාණයෙන් දැන ගැනීමට ප්‍රමාණවත් වෙන බව මට වැටහුණා. මේක නිසා දුවා වි කියලා හැඟීමක් තියෙනවා.
ඉතින් ඔතෙන්ට මගේ මනස point වෙන්නේ අර ඊයේ අන්තිමට බලපු ධර්මය තියෙන්නේ, ඒකත් එක්කයි සම්බන්ධතාවය තියෙන්නේ. එතකොට විඤ්ඤාණය දකිනවා, මේ පරාමාසය, මේ පාත්තරය කරකැවෙනවා කියන එක. ඒකේ ඇතිවන ආස්වාදය. මෙසේ ඇතුළේ පාත්‍රය මගින් අර line 7 හරහා එකතු කිරීම, චිත්තුජ්ජුකතාවයේ සිට කායුජ්ජුකතාවයට පැමිණීම වළක්වන බව මට වැටහුණා. මේක හරියට යමෙක් මේ රූපය ජරා වෙලා තියෙන්නේ. Make-up දාලා පාට කරනවා. අන් අය යම් සේ රවටා ද, යමෙක් ඉල්ලාගෙන සැරසී කඩ පිළට යත් ද, මෙසේ සිතිය යුතුයි. එනම් නින්දාරොස line එක නිසා පවතින්නා වූ ධර්මයක් ලෙස සැලකිය යුතුයි. මේ නිසා අහං සහ මමං යම් සේ එකට සිටියා ද, එයින් ඇති වූ මාන ස්වභාවය ම බලපානවා. ඒක ම උදව් උපකාර කරනවා. එතකොට අපිට එනවා වේදනාවේ ඉඳන් නින්දාරොසය, පරාමාසය, පරාමාසයෙන් පල්ලෙහා අර මානය, අර line 7 එකෙන් අර පරිදේව වෙච්ච සංස්කාර.
මෙතෙන්දි මාන වෙලා තියෙන්නේ පෙර තිබුණා වූ ආස්වාදය, ඒ කියන්නේ කැරකවීම නිසා ඇති වෙන්නා වූ ආස්වාදය, නැවතත් ලබා ගනිමියි යන අදහස මගින් තුඩු දෙන්නා වූ විඤ්ඤාණ ස්වභාවය ම යි. මෙසේ අත්ත සඤ්ඤාව සෑදීම දැන් අපිට තේරුම් ගන්න මේ වෙලාව වෙනකොට දැන් අපි අර පථයක් පෙන්නුවා නේ. ඒ පථයේ අපි පෙන්නුවා විඤ්ඤාණයේ ඉඳන් නිත්‍ය කියලා එහෙම ඇවිල්ලා කියන එක. ඒ කතාවෙ උඩ කෑල්ල දැන් කතා කරන්නේ නෑ. ඒකෙදි අර නිත්‍ය කියලා අපි කිව්වේ 1 යි, ඊට පස්සේ එතැන ඉඳලා දිට්ඨි ආශ්‍රවයට එන එකයි නෑ. කතා කරන්නේ නෑ. දැන් අපි කතා කරන්නේ කෙළින් ම මේ පරාමාසයේ ඉඳන් පල්ලෙහාට දිට්ඨි ආශ්‍රවය. එතකොට එහෙම් නම් දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් කලින් පථයේ, දැන් 3 කියන එක. දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලය. දිට්ඨි සල්ලය නිසා සඤ්ඤාව අල්ලා ගන්නවා. සඤ්ඤාව ඉඳලා චේතනාවට එන එක 4. එතැනින් පස්සේ අත්තා. 5. පහේ ඉඳන් 6 අවිද්‍යා ආශ්‍රවය, ඔන්න ඔය පථය දැන් ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒක මගින් විඤ්ඤාණ ධාරාව පවත්වනවා.
මේක මට දැනගන්න උදව් උපකාර වුණේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ම අර භාවනා කරලා අවසානයට පෙන්නුවා නේ, පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට යන එක. ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට. ඊට පස්සේ අර උඩ චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට π අකුරේ හැටියට යන ධර්මය තියෙන්නේ. අන්න ඒක සිහි කිරීම නිසා කැරකැවීමේ ආස්වාදය මෙනෙහි කිරීමෙන් තමයි මම මේක දැනගත්තේ. මේකක් නිසා හෝ කරකවන්නේ නම් හොඳයි කියලා අපි හිතනවා.
ඉද්ධිපාද හතර සිහි කරන්නේ, දිට්ඨි අනුසය පාරට පහර වදින්නේ, නිරෝධය කරා ගමන් කරන බව මට දැනුණා. මේ වෙලාවෙදි බුදුපියාණන් වහන්සේ “ඔබ නිරෝධයට යන්නේ ය” කියලා මට කිව්වා ම “ධර්මය අමතක කිරීමට තුඩු දෙන්නේ ය” යන්න පැවසුවා ම, භාවනාව මම ඉතින් නැවැත්වූවා. ඒකට යන්නේ නැතිව. ඒක තමයි මම කළ භාවනාව.