ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. ඒ උතුම් බුදුපියාණන් වහන්සේ, මේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් සිහි කළා. එතන දී වේදනා පරාමාස, පරාමාස පරිදේව අර මානය කියලා ලීවේ පරාමාසයේ ඉඳන් පරිදේවයට යන එක. ඒකට සිත යොමු කළා. චිත්තුජ්ජුකතා ඇති වීමෙන් පස්සේ කායුජ්ජුකතා ඇති වන අවස්ථාව හොඳින් නැවතත් සිහි කළා.
මෙහි දී අර මම පටන් ගත්තා, පළවෙනි සතිය සිහි කළා. රූපය, රූපය නිසා පැවතිය නොහැක. රූපය මැරී ඇත. 4.4. වේදනාව, වේදනාව නිසා පැවතිය නොහැක. සුඛ වේදනාව 5.4 දි මිය ගියා. සඤ්ඤාවයි, සඤ්ඤාව නිසා පැවතිය නොහැක. 6.4 දි සඤ්ඤාව ව්‍යාධියට පත් වුණා.
නමුත් තවමත්, කැරකැවීම කියන එක සිදු වෙනවා. මෙසේ රවුම් වශයෙන් බලනකොට ඔය 7.1 ධම්මමච්ඡරිය ඉතා තදින් බලපාන බව මම සිහි කළා. මේක හයේදි නතර වෙන්නේ නෑ නේ. යනවා, හයේදි නවත්වන්න බෑ. කෙසේ ද? ශරීරයේ අවලක්ෂණය, ඇඳුම්වලින් කොටසක් වහගන්නවා. මිනිස්සු ඇඳුම් අඳින්නේ මොකට ද? අවලක්ෂණය මේක වහගන්න. අර ලැජ්ජා තියෙන කොටස් වහනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නේ ද? බැලුවහම මේකෙ, ඒ රෙදිවල තියෙන ලස්සන ය මිසක් ශරීරයේ ලස්සනක් ඇත්ද? වසා නැති කොටස්වල අවලස්සන ස්වභාවය, යමක් ආලේප කර හෝ, යමක් ඉල්ලාගෙන හෝ, පවත්වන ක්‍රමය ඇත. මෙය බලපානවා. මෙසේ පිරිසිදු වූයේ මනස අනංගණ ස්වභාවයට පත් විය. මෘදු ස්වභාවයට ම පත් වුණා.
දෙවෙනි සතිය මම සිහි කළා. කායුජ්ජුකතා දක්වා ම මම බලාගෙන ගියා. ඉදංසච්චය ගලවා දැමුවත්, පරාමාසය නිසා ඇති වන ක්‍රියාවලිය ඊයේ විමසූ බව මට සිහි වුණා. භාවනාවට පෙර ම මේක විමසද්දී 23/03/2015 විමුක්ති ඤාණදස්සන භාවනාව සිහි වුණා. අපි Sydney වල ඉන්නකොට වෙච්ච එකක්. යමෙක් අසනීප වෙච්ච අවස්ථාවෙදි, එහි දී පරාමාසය තුළ විවිධාකාර රෝග නිසා ඇති වන දේ, පෙර පරාමාස වූ සඤ්ඤා, චේතනා ඇත. මේවා පරාමාස සෝක line එක දිගේ පැමිණේ. මේවාට ද ප්‍රතිචාර නොකර සිටිය යුතුයි. නැති නම් සැලෙනවා. ඉඤ්ජිතය වෙනවා. ආනෙඤ්ජ නොවෙනවා.
මෙය දැනීමත් සමඟ පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව, ධර්මය හොඳට වැටහුණා. ඒකේ පථය අපි ඊයේ බලලා තියෙනවා. මොකක් ද ඒ පථය? අපි දන්නවා, අපිට පටන් ගන්නේ කොහෙන්ද? පරාමාසය දෙපැත්තේ ඉන්නවා මමංනුයි, අහංනුයි. එතකොට ඒ මමංනුයි, අහංනුයි එතන දිට්ඨි ආශ්‍රවය. දිට්ඨි ආශ්‍රවයෙන් ඔන්න අපි එනවා දිට්ඨි සල්ලයට. දිට්ඨි සල්ලයෙන් එනවා සඤ්ඤාව අල්ලා ගත්තා, සඤ්ඤාවේ ඉඳන් චේතනාව. චේතනාවේ ඉඳන් අත්තා. අත්තා වුණයින් පස්සේ 5 වෙනි කාරණය. 6 වෙනි කාරණයට එනවා අවිද්‍යා ආශ්‍රවය දක්වා. එහෙම නම් අපි 3 වෙනි ධර්මයේ ඉඳන් 6 වෙනි ධර්මය දක්වා ඔය අහං සහ මමං නිසා සිදු වන ක්‍රියාවලිය ලෙස මට වැටහුණා. මේක තමයි අපි පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව කියලා ගන්නේ.
එතකොට දැන් මේ ක්‍රියාවලිය දැනගෙන සෝක නොවන්නේ, පෙර පරාමාස වූ ධර්මයන්ට නොසැලී සිටින්නේ නම්, ඒ චිත්තපාගුඤ්ඤතා proficiency of mind. ඒක තමයි පාගුඤ්ඤතාවය කියලා කියන්නේ. තවමත් ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ කියලා මට වැටහුණා. ඒ කියන්නේ පාරවල් තුනක් අපි දැන් දක්ෂයි, මේ අවස්ථාව වෙනකොට ස්පර්ශයේ ඉඳන් දෝස අගතියට යන එක. චේතනාවේ ඉඳන් භය අගතියට යන එක. විඤ්ඤාණයේ ඉඳන් මෝහ අගතියට යන එක. අගති පාරවල් තුන හොඳින් නිපුන ස්වභාවයට පත්ව සිටියත්, ධම්මමච්ඡරියට තුඩු දෙන්නා වූ, අපි දන්නවා ජාතියෙන් වේදනාව, වේදනාවෙන් චේතනාව. ජාති වේදනා line එක නිසා ඇති වන බලපෑම ඇත. සිත සෞම්‍යය, ස්ථාවරය. දෝස නැත, අංගන නැත. තවමත්, ජීවිත ඉන්ද්‍රිය මගින් ජාතිය ඉපැද්දීම අවසන් නොවේ. ඉතින් මෙහෙම කිව්වාට, මේකෙ අර රූපකායේ, බලවත්භාවය කියන එක මට වැටහුණා. නමුත් මරණින් මත්තේ, ඒ සිත කොහේවත් නොපිහිට වන්නේ නිර්වාණය ම වෙන බවත්, ඒක සිහි වුණා. මෙතන මේ කය තියෙන හින්ද නේ මේක තියෙන්නේ. කය නැති වුණා ම, ඔන්න කය පවත්වන්නේ නැත්නම් ඒක හරි යනවා කියන එකත් හරි.
ඒක තමයි මම කළ භාවනාව.