ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකියයි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අර ඊයේ හදපු විමුක්ති ඤාණදස්සන diagram එක අනුව භාවනාව කරගෙන ගියා. එතෙන්දි අර රූපයේ ඇති ජරා ස්වභාවය හොඳින් ම වැටහිලා ඒ ධර්මය නිසා ඇති වූ නාම කොටස සහිතව ජීවත් වීම ඊට වඩා ඉතා උතුම් කියලා හොඳින් මෙනෙහි කළා. එනම් රූපයට වඩා ධ්‍යානයෝ හොඳයි කියලා.
ඉතින් මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. එතෙන්දි මම ආවා දිගට ම ඔය මේ දක්වා කිව්ව කාරණා. ඒ චිත්තුජ්ජුකතාවය, අර අත්තා ඉඳන් නිත්‍යට ගිහිල්ලා හැදෙන්නා වූ එක, ඊට පස්සේ අර කායුජ්ජුකතාවය කියන එක. අර 47° කායුජ්ජුකතාවය. කායපාගුඤ්ඤතා කියන එක. මේ විදිහට අර ථම්භය එහෙම අයින් කරලා තියෙන ස්වභාවය කායපාගුඤ්ඤතා. ඊට පස්සේ ඒ චිත්තපාගුඤ්ඤතා. ඒවායේ වෙනස දකිමින් මම ඒවා මෙනෙහි කළා. කාරණාවෙන් කාරණාවට. එතකොට ඒ අත්තා diagram එක භාවිතා කරමින් තමයි සිහි කළේ. මෙහෙම කරගෙන ආවා ම නාම කොටස කියන එක හොඳට දැනගත්තා.
ඒ කියන්නේ වේදනාව. අපි ඊයේ ආවා නේ ඔය ජාති, වේදනා ප්‍රශ්නය කියන එක. ඉතින් දැන් මෙතෙන්ට ආවට පස්සේ දැන් පේනවා තනිකර මේක වටේට තියෙන්නේ මච්ඡරි ටික විතරයි. තනිකර ම මච්ඡරිය තමයි තියෙන්නේ. නාම කොටස් හොඳින් දැනගත්තා. රූප කොටසත් හොඳින් දැනගෙන, ඒක භාවනාවේ මුල දී ම යි, මේකේ කිසිවක් වැඩක් නෑ. වේදනාවට ඇති මච්ඡරිය පමණක් ම යි, කියලා ආවා. මේ කරකැවීම නිසා ඇති වෙන්නා වූ ආස්වාදය පමණයි කියලා දැනගත්තා. ඉතින් “Excellent” කියලා ඇසුණා ඒ වෙලාවේ.
නැවතත් අත්තා diagram එකට මගේ මනස යොමු වුණා. ඒ මනස යොමු වුණා ම එතන පේනවා අපි ඊයේ මේක බැලුවා. අර විඤ්ඤාණ පරාමාස දෝෂ අගති කියන රේඛාවට. ඒ කියන්නේ දැන් පෙන්නුවා නේ මේ විඤ්ඤාණය කියන එකේ එතන පැවැත්මක් ඔය විදිහට තියෙන්නේ නෑ. අනිත් පැත්තෙන් ගත්තහම පරාමාසයේ ආස්වාදය ම තමයි එතන මේ ගලන්නේ. සෝකය හරහා.
ඉතින් අපි ඒවා අයින් කරනවා කිව්වා නේ. දැන් ඉතින් ඉදංසච්චයේ කතාවත් අයින් කරලා, පරාමාස කතාවත් අයින් කරලා. එතකොට ඒ රේඛාවට සිත යොමු වුණාට පස්සේ වේදනාව නිසා ඇති වූ ව්‍යාපාද කායග්‍රන්ථය ඉවත් කළ යුතුයි කියන තැනට සිත පැමිණිලා තියෙන බව මම දැක්කා. එතකොට මෙහි දී මට කැමති දෙයක් කළ හැකි කියලා දැන් ගත්තා. අවශ්‍ය නම් ධර්මය දීම සඳහා තවදුරටත් මෙනෙහි කරන්න පුළුවන්. රූප කොටස, නාම කොටස හොඳින් දන්නවා. නිරෝධයටත් යා හැක කියලා මට තේරුණා. ඉතින් මට ආවේ භාවනාවෙදි අර අභිජ්ඣා කාය ග්‍රන්ථය තමයි දැන් අයින් කරන්න තියෙන්නේ. ග්‍රන්ථ ටික අයින් කරගෙන, අයින් කරගෙන ආවා නේ. ඉදංසච්චයේ තියෙන්නා වූ එක බොරු කියලා එතැනින් ඒක අයින් කළා. පරාමාසකායගන්ථයේ පෙන්නුවා, අට වෙනි රවුමෙන් පස්සේ, අත්තා diagram එකේ පෙන්නනවා නේ. 10 වීම ඒ hub එක මගින් ඒක සිද්ධ වෙන්නේ. මේක නොකරන්නේ නම් සෝක නොවන්නේ ය. කළොත් මොකද වෙන්නේ? සෝකය ම තමයි ඇති වෙන්නේ. දැන් මෙතන ව්‍යාපාද කාය ග්‍රන්ථය දක්වා මෙතන ඇවිල්ලා තියෙනවා. මේක කැරකැවීමෙන් අපිට මෙන්න මේ ප්‍රශ්නය වෙනවා.
ඉතින් කොහොම කැරකුණත් ඔන්න ඔය දුක්ඛය ම යි තියෙන්නේ, එහෙම නම් මේකට අභිජ්ඣාවට ම තමයි යන්න තියෙන්නේ. එතකොට රහතන් වහන්සේ කිව්වා, “අපි ඒක පස්සේ බලමු” කියන එක. ඉතින් එහෙනම් දැන් මට තියෙන්නේ choice එක නිරෝධයට යන එක. මම නිරෝධයට ගියා. දැනගෙන ම මම නිරෝධයට ගිහිල්ලා මිනිත්තු පහළොවක් විතර ඉඳල ආවා.
ඒක තමයි කරපු භාවනාව.