ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්ම රත්නයක්, සංඝරත්නයක් ලෙස ඒ උත්තරීතර මණ්ඩලය මම සිහි කළා. බුද්ධ රත්නය කියන වචනය තථාගතයන් වහන්සේට පමණක් ම කිව යුතුයි කියලා මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ පැවසුවා.
මෙසේ පවසන්න හේතු වුණේ මට භාවනාවට පෙර ම මහානිදාන සූත්‍රයේ සඳහන් වෙනවා නාමකායේ පටිඝසම්‌ඵස්‌සය, රූපකායේ අධිවචන සම්‌ඵස්‌සය. ඕවා අපිට තේරුම් ගන්න බොහොම අමාරුවෙන් හිටියේ. එය මනා කොට මට වැටහුණා. ඒ මහානිදාන සූත්‍රයේ සඳහන් වෙන ස්පර්ශය මනා කොට වැහුණා. ඉතින් ඒක නිසා තමයි මේ ඒ අකනිට්ඨ මණ්ඩලයේ Great Seers of Dhamma කියලා ඔය සූත්‍ර පිටකයේ එහෙම තියෙන්නේ. ඒ ගැන හැඟීම් සහගතව ඔය බුදුපියවරු දාහතර නම ම මම සිහි කරලා, වැඳ නමස්කාර කළා.
ඒ භාවනාවට පෙර ම, සබ්බාසව සූත්‍රයේ ඒ තුන් වෙනි diagram එක, diagram තුන් වෙනි එකේ හත් වෙනි slide එක, අපි ලකුණු කරලා තියෙනවා, අර රූපකායේ අධිවචන සම්‌ඵස්‌සය, නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කියන එක. මේක මට හොඳට වැටහුණා. ඒකෙ වැටහීම දැන් දවස් ගානක් තිස්සේ මට ඕක ඇවිල්ලා තියෙන්නේ ඔය නාමකායේ පටිඝසම්‌ඵස්‌සය අපි අර advanced එකේදිත් කිව්වා ඔය පටිඝසම්‌ඵස්‌සය කියලා කියන්නේ broken views. දිට්ඨි බිඳීම නිසයි ඕක ඇති වුණේ. පටිඝ වෙන්නේ දිට්ඨි බිඳීම නිසයි. එහෙනම් රූපයත්, රූපය නිසා මම පවතිනවා යන දිට්ඨිය, වේදනාවත් වේදනාව නිසා මම පවතිනවා යන දිට්ඨිය, සඤ්ඤාවත් සඤ්ඤාව නිසා මම පවතිනවා යන දිට්ඨිය බිඳීම, අත්තාත් අත්තා නිසා මම පවතිනවා යන දිට්ඨිය බිඳීම තමයි නාමකායේ පටිඝය කියලා කියන්නේ. රූපයේ ඇති දෙයක් නෑ. ඒකට අපි සුඛ යැයි කියලා අධිවචනයෝ ඒ සංස්කාර කොටස නිසා පවසනවා. අර්ථ නිරූපණයක් කරනවා. මේ දෙදෙනා නිසා ඇති වෙන්නේ, එකතු වෙන තැන, ඒ කියන්නේ අපි දන්නවා රූපකායේ අධිවචනය අපි ලියන්නේ ජාතියේ ඉඳන් වේදනාවට එන රේඛාව. ඒක යනවා චේතනාවට. අර නාමරූප තැන ඉඳන් පල්ලෙහාට පරාමාසය දක්වා යන්නා වූ රේඛාවේ නාමකායේ පටිඝය කියලා අපි ලියනවා. එතකොට මේ එකතු වෙන තැන තමයි නාමරූප වෙන්නේ. මේකට පහළින් පිටුපසින් සිටින්නේ, මෙය ස්ථාවර කරන්නේ, සෝකය කියලා අද භාවනාවෙදි මට වැටහුණා. ඕක පල්ලෙහායින් තියෙන්නේ අර සෝකය නේ. වේදනාවේ ඉඳන් අපි භය අගතියට යන එකයි, දෝස අගතියේ ඉඳන් පරාමාසයට. එතන තියෙන්නේ සෝකය.
එතකොට කොහොම ද මට වැටහුණේ, “බුද්ධං සරණං ගච්ඡාමි. ලෝභය නැති කරමි. කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත.” මම ඔතනින් පටන් ගත්තා. අර ඉහත නාමරූප කොටස පිළිබඳ අවබෝධය හා සම්බන්ධ වුණා. බුදුපියවරු මට V shape එකට පෙන්නුවා V shape එකේ තියෙන්නේ අර පල්ලෙහා තියෙන්නේ සෝකය තමයි අර V එක හැටියට එතන තියෙන්නේ. එතකොට යමෙක් රූපය ගැන අධිවචන ප්‍රකාශ කරන්නේ අර සෝකයේ ඉඳන් වේදනාවට යන්නා වූ කෑල්ල තියෙනවා නේ V එකේ. ඒ දිට්ඨි අනුසය පාර හරහා ගමන් කිරීම. දැන් සෝකය වන්නේ, පදුට්ඨමනසඞ්කප්පය හරහා සෝකයට පැමිණීම, කියන එක. V එකේ එහෙනම් අනිත් පැත්ත පේනවා. අපිට මේක නිවැරදිව දන්නවා නම් “රූප කොටස ගැන අධිවචන හරි, ඉහළ ම වූ, ඒ කියන්නේ චිත්තපාගුඤ්ඤතා proficiency of mind, නාම කොටස ඉහළ ම, ඒකට හෝ නිසා වෙන නාමරූප ස්වභාවයට හෝ යටත් නොවේ,” ඔන්න බුදු පියාණන්ගේ වචනය.
මෙය විශ්වයට සාධාරණ ධර්මයක් ලෙස දුටුවා. එය තේරුම් ගැනීමට උදව් උපකාර කළ තථාගතයන් වහන්සේලාටත්, අකනිට්ඨ බුදු පියවුරුන්ටත්, ඒ සඳහා උපකාර කළා වූ, මාව රැක බලාගත්තා වූ, හැදූ වැඩුවා වූ මව් දෙමවුපියන්ටත් වැඳ නමස්කාර කළා එක ම හිතකින්. One thought.
එතකොට මෙතන මේ ධර්මය නැවතත් ගැඹුරට දුටුවා. කෙනෙක් ඇඳගන්න ඕනේ අර පල්ලෙහා කොටස. ගිද්ධිලෝභ, වේදනා, පරාමාස, ඉදංසච්ච. පල්ලෙහායින් ලියාගන්න ඡන්ද අගති, දෝස අගති, භය අගති, මෝහ අගති. උඩ රූප සඤ්ඤා සඳහා පොඩ්ඩක් ඉඩකුත් ඉතුරු කරගන්න ඕනෙ. එතකොට දැන් අපිට පල්ලෙහා කතිර ටික ගහගෙන එන්න පුළුවන්. පරාමාසයෙ ඉඳන් මෝහයට, ඉදංසච්චයේ ඉඳන් භය අගතියට, එතන අපි ලියනවා පරිදේවය කියලා. පරාමාසයෙ ඉඳන් දෝස අගතියට, වේදනාවේ ඉඳන් භය අගතියට. අපි ඒකෙ දකුණ පැත්තෙ ලියනවා සෝකය කියලා. ඊළඟට ගිද්ධිලෝභයේ ඉඳන් දෝස අගතියට, වේදනාවේ ඉඳන් ඡන්ද අගතියට ලියනවා දකුණු අත පැත්තෙන් දෝමනස්සය කියලා. එතකොට දැන් පරිදේවයයි, සෝකයයි අතර තියෙන්නේ මොකක් ද, අත්තා. එතකොට මේක ලස්සනට මම මෙනෙහි කළා. “පරිදේවය හරහා තමයි අපි සෝකයට යන්නේ. සඤ්ඤා ඇති කරගන්නේ. සෝකය තමයි මෙය රූපයට stamp කළේ. නිශ්චයක් ඇති කළේ. Stamp කළා කියලා කියන්නේ permanent. සැකයෙන් තොරව. කඞ්ඛී කියන එක නැතුව.” ඒකයි මේ පෙන්නන්නේ. මේ මණ්ඩලාධිපති බුදු පියාණන්ගේ වචන. මේ පරිදේවය සහ සෝකය අතර ඇත්තේ අත්තා යන පුහු සංකල්පය පමණයි. අන්න එතන දී එහෙනම් අර අත්තා diagram එකට මනස යොමු වෙන්න ඕනේ. මෙය බිඳීම නිසා නාමකායේ පටිඝය කියන එක ඇති වේ. සෝකය නිසා ඇති වූ යම් දහමක් වී ද ඒ ඡන්ද අගතිය දක්වා ගමන් කිරීම මගින් නන්දිය කියන එක ඇති වෙනවා. ආන්න ඒක අර diagram එකේ ම ලකුණු කර ගත්ත හැකි ඒ පථය.
ඒ කියන්නේ අපි අර සෝකයේ ඉඳන් එන V shape එකේ ලකුණ දික් කළහම අපි යන්නේ රූපයට නේ. එතකොට අපි හිතමු වේදනාවේ ඉඳන් රූපයට අපි 1 කියලා දැම්මොතින් රූපයේ ඉඳන් පල්ලෙහා curve කරලා ඡන්ද අගතිය දක්වා දැම්මොත් 2 කියලා, ඡන්ද අගතියේ ඉඳන් අර වේදනා හරහා යන්නා වූ අපි පටිඝසම්‌ඵස්‌සය කියලා ලියන්නේ, ආන්න ඒක 3 කියලා ගත හැකියි. අන්න ඒ පථය කියන එක. එතකොට මෙතන පෙන්නනවා සෝකය නිසා ඇති වූ යම් දහමක් වේ ද එය ඡන්ද අගතිය දක්වා ගමන් කිරීම මගින් නන්දිය කියන එක ඇති වේ. මෙසේ නැවතත්, බිඳුණා වූ රූප අළලා අලුත් සංස්කාරයෝ සඳහා චේතනා කිරීම රූපකායේ අධිවචන සම්‌ඵස්‌සය මගින් සිදු කරයි. සෝකයත් දෝමනස්සයත් අතර ඇත්තේ පෙර ගත්තා වූ, ඇති වුණා වූ, අත්තා නිසා වුණ පසු සඤ්ඤාවෝ ම ය.
මෙතන මොකක් දැ යි කියලා මම අහනකොට බුදුපියාණන් කිව්වා, “ඔබ දන්නවා කියලා.” මේක ම යි කියලා ඒපාර මට එතනදි වැටහුණා. එනම් භව ආශ්‍රවය. ඉස්සර වෙලා අත්තා, දැන් අත්තා නිසා ඇති වෙන්නා වූ භව ආශ්‍රව තමයි මේ සෝකයයි දෝමනස්සයයි අතර ඉන්නේ. යමෙක් මෙය මනා කොට වටහා ගන්නේ නම් නාමකායේ පටිඝසම්‌ඵස්‌සය නිසා හෝ රූපකායේ අධිවචන සම්‌ඵස්‌සය නිසා හෝ ඇති වෙන්නා වූ ස්පර්ශයක් නොකරන බව මනා කොට වැටහුණා. මෙහි නිරෝධය, ස්පර්ශ නිරෝධයයි.
ඔය මහානිදාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නේ. මේ කෑලි වෙන වෙනම අරගෙන පෙන්නනවා. නාමකායේ පටිඝය, රූපකායේ අධිවචනය, මේ දෙක නැත්නම් වෙන වෙනම අහනවා ස්පර්ශය ඇති වෙනවා ද කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මේ දෙක ම එක්කහු කරලා, ඒ දෙක නැත්නම් ස්පර්ශයක් ඇති වෙනවා ද කියලා. ඔය කෑලි තුනකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට ස්පර්ශය නිරෝධ වෙනවා. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙනවා. මෙතන අත්තා කතාවත් එක්ක තියෙන කතාවෙන්, ඒක නිරෝධයෙන් ජාතිය කියන එක නිරෝධ වෙනවා.
මෙසේ ස්පර්ශ නිරෝධයක්, ජාති නිරෝධයක් ඇති වන්නේ නම් සළායතන හෝ රූප හෝ නොවන්නේ ය. තණ්හාව නොවන්නේ ය කියන එක ආවා. ඉතින් මම ඒක එහෙම කියපු වෙලාවෙ “ඔබ පෙරත් ඕක කිව්වා” කියලා බුදුපියා මට පැවසුවා. ඉතින් ඒ අවස්ථාව මම සිහි කළා. ඉතින් සාධු බුදු පියවරුනි කියලා මම ඒක අවසන් කළා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්