Date: 12/07/2015 Name: Naanadassanavisuddhi 3

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඊයේ වගේ ම වැඳ නමස්කාර කළා. ඒ භාවනාවට පෙර ම පළවන සතිය මගින් ඒ කියන්නේ ඔය විමුක්ති ඤාණදස්සන diagram එකේ බැලුවොත් අන්න ඒකේ සඤ්ඤාවේ ඉඳන් අර යමක් පරාමාසගත වීමට කෙසේ උදව් උපකාර කරන්නේ ද? ගත වීම, වළක්වනවා නේ. එතකොට ඒ වගේ ම තුන් වන සතිය මගින් චේතනාව ගළවා දැමීමට උදව් උපකාර කරන්නේ ද? යන්න කියන එක විමසුවා.

එතකොට මෙතනදි ඊයේ භාවනාවෙදි ඉගෙන ගත්තා අර “පරිදේවය හරහා අපි සුඛ සඤ්ඤාව ඇති කරගන්නවා” කියන එකත්, “සෝකය තමයි මෙය රූපයට stamp කළේ, නිශ්චය ඇති කළේ” කියන වාක්‍යයට මගේ සිත යොමු කළා. 1 සතිය මගින්, දිට්ඨිය බිඳීම සිදු වන්නේ නාමකායේ පටිඝ, නොවන බව පැහැදිලියි. මේක දෙවෙනි විරිය මගින් අත්තා සඤ්ඤාව ඉවත් කිරීමෙන් පසුව ම සිදු වන්නේ ය. මේ වන විට ඡන්ද සමාධිය මගින් නන්දිය ඉවත් කිරීම නිසා සිහිය පවතින්නේ, විමංසා ඉද්ධිපාදය මගින්, වේදනාවේ සිට නාමරූප දක්වා යාම කියන එක වළක්වනවා.

එතකොට අර ඡන්ද සමාධියේ දී අපි ඉවත් කරනවා කියන අත්තාව අපි කල්පනා කරන්න ඕනෙ අර ඊයේ අපි පෙන්නුවා නේ සෝකයේ ඉඳන් රූපය. ඊට පස්සේ 2 කියලා දැම්මා රූපයේ ඉඳන් ඡන්ද අගතියට. ඡන්ද අගතියේ ඉඳන් 3 යන්නා වූ ඒ රේඛාව මේ ධම්මමච්ඡරිය දක්වා ගමන් කරන රේඛාව. එතකොට ඒක ඉවත් කිරීම කියන එක කළා කියන එක. එතකොට දැන් අපි එහෙනම් වේදනාවේ ඉඳන් ඒ නාමරූප දක්වා යන එක විමංසාවෙන් වළක්වනවා කියන එක කල්පනා කරනවා. නාමරූපය දක්වා පරිදේවයේ සිට එන්නා වූ කොටස කෙසේ නවතින්නේ ද? කියන එකයි කල්පනා කළේ. පරිදේවයේ ඉඳනුත් එනවා නේ පරාමාසය හරහා නාමරූපය දක්වා. මේ එන්නා වූ කොටසත් නතර වෙන්න ඕනේ.

එතකොට කායපාගුඤ්ඤතාවය බව සිහි කළ යුතුයි. මිච්ඡා දිට්ඨිය ඉවත් කළ බව කලින් පැවසුවා. අර සතිය ගැන කල්පනා කරනකොට කිව්වා. විරිය මගින් අත්ත සඤ්ඤාව. ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් භය අගතියට දක්වා එන අර 5A කියලා එහෙම ලකුණු කරන අන්න ඒ අත්තා කතාව ඉවත් කළා. ඒක තමයි 2 විරිය. දැන් සම්මා ඥාන ඇති වෙලා තියෙන්නේ. මෙය ම විමංසාව වේ. ඒ කියන්නේ අපි ටිකකට ඉස්සෙල්ලා කිව්ව නේ විමංසා ඉද්ධිපාදය මගින් වේදනාවේ සිට නාමරූපය දක්වා යන එක වළක්වනවා කියලා. ඒක තමයි අපි මේ කතා කරන්නේ. ඒක ම තමයි විමංසාව කියන්නේ. ඒ සම්මා ඥානය. සංස්කාරය නිසා විඤ්ඤාණය නොපවතින බව දැන ඡන්ද සමාධිය මගින් සංස්කාරය ඉවත් කිරීමත් රළ පහර පෙරළීම, බිඳුණා වූ රළ පහර මතට ම වැටී නැවතත් කුඩු වී යන බව චිත්තමුදුතා, කායමුදුතා, කායපාගුඤ්ඤතා භාවනාවල දී වටහා ගත්තා බව සිහි වුණා. කායපාගුඤ්ඤතා භාවනාවට වැඩි අවධානයක් යොමු වුණා. ඒකෙදි අර සාරම්භය නිසා නැවත සංස්කාර කිරීමට ඇති හැකියාව ඉවත් කිරීම සිහි වුණා. එසේ නම් පරිදේව වූ සංස්කාරයෝ නැවත සෑදිය නොහැකි බව දන්නේ ය. සැකයක් නැත්තේ ය. නාමකායේ පටිඝසම්‌ඵස්‌සය නොවන්නේ ය. අන්න ඒ වෙලාවේදී “Excellent” කියලා මට ඇහුණා.

ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ නාමරූප කියන point එකට එන්නා වූ පාරවල් තුනක් ගැනයි අපි මේ කතා කරන්නේ. සඤ්ඤාවෙන් එන්නා වූ එකක් තියෙනවා. ඒක නේ අපි විරියෙන් කපනවා කිව්වේ. ඊළඟට වේදනාවේ ඉඳන් එන්නා වූ එක තියෙනවා, නාමරූපයට. අන්න ඒක සම්මා ඥානය මගින් අයින් කරනවා. ඒක තමයි අර විමංසාව කියලා කිව්වේ. ඊළඟට අර පරාමාසයේ ඉඳන් එන්නා වූ එක තියෙනවා නේ, නාමරූපයට. ආන්න ඒක තමයි කායපාගුඤ්ඤතාවය මගින් අයින් කරනවා කියන්නේ. අර මෝහ අගතියේ ඉඳන් ම එන්නා වූ රේඛාව. මෙසේ කායපාගුඤ්ඤතාවය විශේෂ වශයෙන් පවතින්නේ චේතනා නොවන්නේ ය. මෝහ ද නොවන්නේ ය. ඇයි එතනින් නේ යන්නේ නාමරූපයෙන් කෙළින් ම පල්ලෙහාට යනවා නේ මෝහය දක්වා ගමන් කරනවා නේ.

මෙන්න මේ අවස්ථාවේ දී ඔය 3 සතිය කියන එක තුළ, අපි ලකුණු කරනවා නේ 3 සතිය, ආන්න ඒක ඇතුළේ තමයි ඔය නාමරූප point එක, ලකුණු කරගන්නේ. ඒ කියන්නේ ඒක ගලෝලා එතනින් එන්නේ නෑ කියන තත්වය තියෙනවා. මෙසේ නාම ධර්මයෝ ද, රූප ධර්මයෝ ද බැස යති. අභාවයට යති. අර ප්‍රහාණ සඤ්ඤාවේ එහෙම පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද සූත්‍රයේ. මෙසේ නිර්වාණය සිදු වේ. කියන එක තමයි කිව්වේ. ඒක තමයි කරපු භාවනාව.

මේකේ පරාමාසේ ඉඳන් චේතනාවට දක්වා එන්නා වූ එක චිත්තුජ්ජුකතාවයෙන් තමයි ඒක අයින් කරන්නේ. එතකොට අර චේතනාවට එන්නා වූ lines තුන ම එතන කපා ගත්තා කියන එක තියෙනවා.