ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි. කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත. ඉතින් යම්කිසි පුද්ගලයෙක් ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධියටයි, මරණයටයි කැමති වෙන්න ඕනෙ. මෙසේ ජාතිය සකසා ගන්නේ නම් දුක්ඛය ම හටගන්නවා. එයට ම කැමති වෙනවා කියන එක හිතන්න ඕනෙ. අන්න එතනදි මම මේ විදිහට diagram එකක් දැක්කා. ඒ diagram එක තමයි අර රූපයේ ඉඳන් ජරාවට, දැන් අපි කැමති වෙලා තියෙන්නේ එතන කාමච්ඡන්දය තියෙනවා. ගිද්ධිලෝභයෙන් එන එක. එතනින් යනවා විඤ්ඤාණයට.
ඒ වාගේ ම එකක් අපිට පේනවා ඊළඟට, අර ඒ රූපයේ ඉඳන් අපි curved විදිහට ලිව්වොත් එහෙම ජාතියට එනවා කියලා පල්ලෙහාට ඊළඟට ඒ ගිද්ධිලෝභය වටේට. එතනින් අපි ආපහු චේතනා කරන තැනට යනවා. එතකොට එතන තියෙනවා සතිය. අර 3 වෙනියට ලකුණු කරන සතිය. භාවනාවට පෙර ම ඊයේ භාවනාව මම සිහි කරනකොට “පරිදේව වූ සංස්කාර නැවත සෑදිය නොහැකි බව දන්නේ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය නොවන්නේ ය” යන වාක්‍යය මම සිහි කරද්දි මේකෙන් අදහස් වෙන්නේ නාමකායේ පටිඝසම්‌ඵස්‌සයට සංකල්පයත්, ඒ නිසා පැවතිය හැක යන අදහස බිඳීම, දිට්ඨිය බිඳීමට අමතරව ඇතුළත් වෙලා තියෙනවා කියලා.
අපි පෙන්නුවේ මේ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය මේ දිට්ඨිය බිඳිලයි එන්නේ කියලා, නමුත් මේ දිට්ඨිය බිඳීම, ඒකට අමතරව අර සංකල්පයේ කතාවත් තියෙනවා. ඊයේ භාවනාවෙදි පෙන්නනවා නේ කායපාගුඤ්ඤතාව කොටසුත් කරනකොට අපි මේ සංස්කාරය ගැන කතා කරා නේ. එතකොට, මේ ඇතුළත් වෙලා තියෙනවා, සංකල්පයට ඇතුළත් වන්නේ පරිදේව වූ සංස්කාර නිසා, නාමරූප වීම ඉවත් විය යුතුයි. මෙය 50% පාර හරහා සිදු වන බවත් ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, රාග සල්ල රූප. මේ නිසා රූප ස්පර්ශය සිදුවීම සියුම් ආකාරයකට සිදු වෙනවා. කොහොම ද ඒක සිද්ධ වෙන්නේ.
මෙතන එනවා lightning sign එකක්. ඒ lightning sign එක තමයි අපි මේ ඊයේ ඉගෙන ගත්තේ අර පරිදේව වූ සංස්කාර. ඒකෙන් නාමරූප. නාමරූපවලින් කෙළින් ම පල්ලෙහා තියෙන්නේ සෝකය. එතකොට එතනින් පල්ලෙහාට ඉරක් වගේ ආවා. සෝකයේ ඉඳන් අපි අර stamp කරනවා රූපයට, පෙර සුඛය කියන එක. එතකොට එතනින් මොකද වෙන්නේ. එතෙන්ට ආවා නම් අපි හිතමු පෙර සුඛය කියන එක අපි ලියාගත්තොත් ඒ දිට්ඨි අනුසය පාරෙන් උඩ රූපය ළඟ 1 පෙර සුඛය, 2 රූපයේ ඉඳන් ජාතියට එන එක, 3 අර 50% පාර. ඒ රූපයට සුඛය යන අර්ථය සෝකය මගින් නිශ්චය කළ බව ඉගෙන ගතිමු. අපි ඉගෙන ගත්තේ ඒක 11 වෙනිදා ජූලි මාසේ ඤාණදස්සන විසුද්ධි භාවනාවේ. මෙය පරිදේව වූ සංස්කාර නිසා සිදු වේ. මෙම, පෙර ගත්තා වූ විඳින ලද සුඛ වේදනාවෝ මගින් දැන් අර පෙන්නපු 1, 2, 3, පථය ඔස්සේ ගැලීම, සංකල්පය නිසා විඤ්ඤාණය නොපවතින බව වටහා ගැනීමෙන්, නවතී. මෙසේ ද නාමකායේ පටිඝසම්‌ඵස්‌සයත්, රූපකායේ අධිවචන සම්‌ඵස්‌සයත් නොවිය යුතුයි. ඉතින් ඒ භාවනාවේ හුඟක් ම අද මම හිටියේ නිරෝධයේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්