ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. ඒ කියන්නේ අර විඤ්ඤාණයට අපි එහා පැත්තෙන් නිත්‍යයි කියලා ඉදංසච්චයේ ඉඳන් උඩට යන එක. ඒක පවතිනවා. වම් අත පැත්තේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා තියෙන රේඛාව පැවතිය හැකි ය කියන රේඛාව. අපි ඕක ඔය අත්තා කියලා මේ පැත්තෙන්, අනිත් එක නිත්‍යයි කියලා අපි බලලා තියෙනවා. එතකොට ඒ බුදුපියා ඒ විදිහට ම කිව්වා “අනිත් බුදු පියවරුත් බලන්නයි” කියන එක.
ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා සිහි කරනකොට මේක අනිත් පැත්තට බැලුවා. වම් අත පැත්තෙ ධර්මය. සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එන එක පැවතිය හැකි ය. ඊළඟට පරාමාසේ ඉඳන් චේතනාවට දක්වා කියන එක අත්තා. පවතිනවා කියන එක. දැන් ඊට පස්සේ එම අදහස වම් පැත්තෙ ධර්මයන්ට යොමු කළා.
තුන් වෙනි බුදුපියා සිහි කරනකොට ඒ භාවනාවෙදි තමන්ට පේනවා දකුණු අත පැත්තට එහෙනම් අපි diagram එක ඇඳගන්න ඕනෙ නාමරූප. එතකොට පල්ලෙහායින් වේදනාව. උඩ සඤ්ඤාව. වම් අත පැත්තේ ස්පර්ශය කියන තැන. එතකොට අන්න ඒ ස්පර්ශය කියන තැනට තමයි පැවතිය හැකි ය කියන අදහස. දකුණු අත පැත්ත පවතිනවා යන අදහස එතකොට ඉතින් මේක ම සම්බන්ධ වෙන්න ඕනේ අර 1, 2, 3 කියලා ලියාගත්තේ, ඒ කියන්නේ ස්පර්ශයේ ඉඳන් රූපයට 1 අර පෙර සුඛය කියන එක, ඊට පස්සේ රූපයේ ඉඳන් අපි ජාතිය දක්වා යන එක 2 ඊට පස්සේ එතන ඉඳන් 3 අර වේදනාව දක්වා යන්නා වූ ඒ ධම්මමච්ඡරිය කියන රේඛාවට අපි වේදනාව දක්වා යන එක 3 කියලා දාගත්තා.
ඊයේ භාවනාව මෙම අදහස සහිතව සිහි කළා. ඊයේ කරපු භාවනාව හොඳට සිහි කරගෙන යන්න ඕනෙ ඒ විදිහට ම අර lightning sign එකත් එක්ක. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ පථය මට සිහි වුණා. ඔහුත් වේදනාව මුල් කරගෙන ඇති වූ චේතනා නිසා එම පථයේ දී ගමන් කරන බවත්. පේනවද? ඒ පථය පටන් ගත්තේ වේදනාවේ ඉඳන්. රහතන් වහන්සේ ලකුණු කරලා තියෙන්නේ වේදනාවේ ඉඳන්. අර 1, 2, 3, කියලා අපි දැන් කිව්වේ ඒ පථය ඔස්සේ 1 කිව්වහම පෙර සුඛය. 2 කිව්වහම ඒ නිසා ජාතිය. 3 කිව්වහම මේ නිසා චේතනාව වන බවත් හොඳින් දුටුවා.
එතකොට ඒ රූපය ඔය රූපය ම අපිට ලකුණු කරගන්න පුළුවන්කම තියෙනවා, දැන් අපි කිව්ව නේ පවතිනවා කියන අදහස, නාමරූපයට. ආන්න ඒක ලියාගන්නවා දරුවා, කියලා එතන. අර පැවතිය හැකි ය යන අදහසට කියනවා මව, කියලා. මවයි දරුවයි වාගේ. එතකොට මවගේ ස්පර්ශය නිසා ජීවත් විය හැකියයි යමෙක් සිතනවා. නමුත් දරුවා කුඩා කාලයේ දී ම මවගෙන් වෙන් වීම කියන එක සිද්ධ වෙනවා. නොපවතිනවා. මම කියන්නේ අර අවුරුදු හතරේ දරුවා ඉඳන් වෙන් වෙනවා කියලා ස්පර්ශය කියන එක. සමහර මව්වරු මුල දී ම මිය යනවා.
මෙසේ සිතන්නේ නම් පැවතිය හැකි යන අදහස, මව නිසා, කියන එක මිය යනවා. මවගෙන් වෙන් වීම සිදු වූ දරුවා කුඩා කාලයේ මවගේ ස්පර්ශය නිසා යම් සතුටක් සොම්නසක් විඳියි ද, මව මිය ගිය පසු වෙන් වූ පසු පරිදේව වූ චිත්තයන් සමඟ ම, නාමකායේ පටිඝසම්‌ඵස්‌සය සහිතව, අර තමන්ගේ දිට්ඨීන් බිඳිලා, අර සංකල්පයන් කියන ඒවා බිඳිලා, එම ධර්මයෝ සිහි කරනවා. අරවා බිඳිලා සිහි කරනවා. අම්මා හිටපු කාලේ මෙහෙමයි කියලා එහෙම සිහි කරනවා. මෙසේ සුඛ යැයි ගැනීම රූපය කරා එළඹ කරනවා. මෙසේ පවතිනවා කියන සඤ්ඤා මනසිකාරය රූපය කරා එළඹ කරනවා කිව්වේ අර 1 කියලා අපි කිව්වේ. සඤ්ඤා මනසිකාරයෝ ඔහු වෙත එළඹී මනසේ සැරිසරයි. Assail the mind කියන එක. සෝකය හරහා සුඛය යන මතය රූපයට එකතු කරන ලදී. නිශ්චය කරන ලදී. මෙසේ වේදනාවෝ නිසා ස්පර්ශය සිදු වේවි. මව මිය යන්නේ එනම් ස්පර්ශය නිරෝධ වන්නේ නම් සුඛ යන පුහු මතයට තුඩු දුන්නා වූ මනසිකාරයෝ ද මිය යයි.
මෙය නොවීමට, මතක ද අපි ඔතන ඉගෙන ගත්තා සාස්‍රව ස්පර්ශ අනුපගමන ලක්ඛණා, සුඛ සඤ්ඤා කියලා. දැන් පේනවද ඒක ලස්සනට එන හැටි. සුඛ යන සඤ්ඤාව මිය යා යුතුයි. අන්න ඒක තමයි දැන් හතර වෙනි කාරණය වෙන්නේ. අර 1, 2, 3 කියලා ලිව්වා නේ. දැන් 4 හැටියට ලියාගන්නවා සඤ්ඤාවේ ඉඳන් ස්පර්ශය දක්වා එන්නා වූ එක, මේක මැරෙන්නේ නෑ. මෙන්න මේ සුඛ සඤ්ඤාව මිය ගියා නම් තමයි මේක මැරෙනවා කියන එක තියෙන්නේ. මෙසේ ස්පර්ශයත් ඒ නිසා හටගන්නා වූ නාමරූපයෝත් දෙක මිය යන්නේ නම් අත්ත සඤ්ඤාව ගිලිහී ගොස් භව නිරෝධයත්, ජාති නිරෝධයත් වී නිර්වාණය ම පමණක් වන්නේ ය.
ආන්න ඒක තමයි භාවනාව.