ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඊයේ වගේ ම. ඊයේ මතකයි, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ එහෙම මෙනෙහි කරනකොට සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවැතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. එතෙනදී අර දකුණු අත පැත්තේ තියෙන පවතිනවා කියන විඤ්ඤාණයේ නිත්‍ය කතාව. අර අත්තා, පැවැතිය හැකියි කියන එක.
දෙවෙනි බුදුපියා සිහි කරනකොට චේතනා දක්වා තිබෙන අත්තා පරාමාසයේ ඉඳන්, අර සඤ්ඤාවේ ඉඳන්, එන එක පැවැතිය හැකි ය. මේ විදිහට මේ තුන් නමට ම යොමු කළා. ඊයේ විදිහට ම කළා.
ඊළඟට තියෙන්නේ අර වම් අත පැත්තේ ස්පර්ශය. දකුණු අත පැත්තේ නාමරූප. නාමරූප තියන එකට පවතිනවා කියන අදහස. ස්පර්ශය තියන තැන පැවැතිය හැකියි කියන අදහස. මේ විදිහට ඒ තුන් නම ම සිහි කරනකොට ම සිත ඉතා ම පිරිසිදු වුණා. ඉතින් ඒ විදිහට ම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි. කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත. පදුට්ඨමනසඞ්කප්පය ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ මතය උඩ. ඉතින් මම ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධියටයි මරණයටයි මම කැමති වෙලා තියෙන්නේ. මේක නිසා තවත් පුද්ගලයකුට දොස් නොකිය යුතුයි. මෙත්තාව පවතින්න ඕනෑ. තමන්ට ඒ නිසා ඇති වෙන ව්‍යාපාද ස්වභාවයක් තියෙනවා නේ. ඒක මමයි ඇති කරගෙන තියෙන්නේ. ඒකට කාටවත් දොස් කියන්න හොඳ නෑ. ඉතින් ඒ මෙත්තාව එන්න ඕනෑ එතෙන්ට.
ඉතින් ඊට පස්සේ අර lightning sign එක මම මෙනෙහි කළා. ඊයේ භාවනාවේ අපි බලපු කොටසක් තියෙනවා නේ. ඒ කියන්නේ මවගෙන් වෙන් වීම සිදු වූ දරුවා කුඩා කාලයේ මවගේ ස්පර්ශය නිසා යම් සතුටක් සොම්නසක් විඳිනවා ද, මව මිය ගිය පසු, වෙන් වූ පසු, පරිදේව වූ පසු, ඒ පරිදේව වූ චිත්තයන් සමඟ ම නාමකායේ පටිඝසම්‌ඵස්‌සය සහිතව ම, ඒ කියන්නේ broken views, broken thoughts, තිබිලා නේ. එම ධර්මයෝ සිහි කරනවා කියලා.
මෙසේ සුඛ යැයි ගැනීම රූපය කරා එළඹ කරනවා. මෙසේ “පවතිනවා කියන සඤ්ඤා මනසිකාරයෝ ඔහු වෙත එළඹෙයි. මනසේ සැරිසරයි” කියන ඒ වාක්‍යය, ඒක මම නැවතත් හොඳට මෙනෙහි කළා. යමක් අපි රූපය කරා එළඹ කරන්නේ ද? පරිදේව වූ සංස්කාරයෝ සහ බිඳුණා වූ දිට්ඨියෝ සහිතව නේ ද මේක අපි එළඹ කරන්නේ? මෙම සංස්කාරයෝ නොපවතී. ඒක ඉවත් කරන්නයි විඤ්ඤාණයට අණ කළා. අණ කරන්නේ චිත්තමුදුතාව කියන එක ඇති වුණා. සාරම්භය නිසාවත් මෙය නොපැවැත්විය හැකි බව සිහි කරන්නේ කායපාගුඤ්ඤතාවය කියන එක ඇති වුණා.
ඊයේ සිහි කරන ලද මව සහ දරුවා යන සංකල්පය සිහි කරන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ පථයත් සිහි කරන්නේ මෙයටවත් අත්තා නොවිය යුතු බව. ඒ කියන්නේ අර අත්තා diagram එකේ, අර්ථය ඇතිව සිහි කරන්නට ඕනේ. චිත්තපාගුඤ්ඤතාව වී පරාමාසකාය ගැලවිලා ගියා. සිත තැන්පත් වුණා මෘදු වුණා. “Excellent” කියලා රහතන් වහන්සේ ඒ වෙලාවේ කිව්වා.
ඉතින් මේ අවස්ථාව වෙනකොට මම බලලා තියෙන්නේ අර රළ පහර පෙරළිලා එනවා වාගේ, සඤ්ඤාවේ ඉඳන්, අර සුඛ සඤ්ඤාව 5.4, එතන චේතනා, අර අත්තා කියන jack එකෙන් දකුණු පැත්තට මේක යවන හැටි, රැල්ල. චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට. එතන අර නිත්‍ය කියලා ආපහු පෙරළෙන එක. ඒ කොටස මං හොඳට පෙරළෙන රැල පහර මෙන් දැන, ගැලවීමත් එසේ ම සිදු වන බවත් දුටුවා.
2 වෙනි විරිය මගින් අත්ත සඤ්ඤාව ඉවත් කරනවා. විමංසාව මගින් අත්ත සඤ්ඤාව අයින් කළාට පස්සේ අර පරාමාසයේ සිට එනවා නේ පහළ භය අගතියට. එතන ඉඳන් විමංසාවෙන් නේ පෙන්නන්නේ මේක පවතින්නේ නෑ කියලා. රූපය අයින් කරන්න කියලා. රූපය නොපවතින බවත්, ඒ නිසා නොපැවතිය හැකි බවත් හොඳින් දුටුවා.
“රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.” අන්න එතනදි “න සඤ්ඤ සඤ්ඤී න විසඤ්‌ඤ සඤ්ඤී” කියන ගාථාව මට හොඳට මතක් වුණා. අර අත්තා diagram එකත් එක්ක පෙන්නුවේ. අර අටෙන් පස්සේ අපි ආපහු මොකට ද යන්නේ? යන්න ඕනේ නෑ නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට. ඒක නේ අර චිත්තපාගුඤ්ඤතාවයේ ඒක පෙන්නන්නේ, ඒක හොඳට මතකයේ තියෙන්න ඕනෑ. නැත්නම් මේ භාවනාව කරන්න බෑ. එතකොට ඒ ගාථාව මෙනෙහි වුණා. ඒ වගේ ම මට අර h1, h2 කියන එක, ඒකත් මම හොඳට analysis එක කරගත්තා. ඒ විඤ්ඤාණ ධාරාව දුවන්නේ මේ විදිහටයි කියලා.
මව මිය යන්නේ ඇඟේ ශරීරයෙන් එන්නා වූ sperms, ශුක්‍රාණු ද, එසේ ම මිය යන්නේ ය. දැන් අම්මා මිය ගියා. දැන් ඒක අල්ලාගෙන නේ, මම අල්ලාගෙන ඉන්නේ. රූපය හදාගෙන තියෙන්නේ. අත්තා කියන එක හැදිලා තියෙන්නේ ඒ sperms අල්ලාගෙන. එතකොට ඒකත් ඒ sperms මිය යෑමට පෙර වෙන කෙනෙකුට දීලා තම පරම්පරාව පැවැත්වීම හොඳින් වැටහෙනවා. තේරෙනවා ද? දැන් අම්මගෙන් එනවා sperm එක. ඒක තමා අල්ලනවා. මෙයා මැරෙනවා. Sperm එක ජීවත් වෙනවා. ඒ කියන්නේ මම දැන් මෙතැනින් තව කෙනෙකුට දුන්නා. එතකොට ඒ sperm එක ඒ විදිහට යනවා. ඒ විදිහට පරම්පරාවෝ හරි ලස්සනට මම දැක්කා ඒක. කෑල්ලෙන් කෑල්ලට යනවා කියන එක.
විඤ්ඤාණය එක ධාරාවක්. මේ sperms මගින් මිය යන රූප පැවැත්වීම තවත් ධාරාවක්. ධාරාවල් දෙකයි. මේ දෙකේ යම් එකතු වීමක් ඇත්ද මෙය පරම්පරාව යැයි පවසයි. ලෝකයේ පරම්පරා 108 ක් ඇත.
ඒක තමයි කරපු භාවනාව.