Date: 16/07/2015 Name: Sukabhagiya Dhamma

ඒ උතුම් බුදුපියවරු ඊයේ මෙන් ම ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ සිහි කළේ අර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය. ඒ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා බලනකොට මං ආවා අර අත්තා, සුඛයයි අත්තායි, පවතිනවා පැවතිය හැකි ය කියන කතාවත් එක්ක. ඔය විදිහට ධම්මාධිපති බුදුපියා දක්වා එනකොට, තුන් වෙනි බුදුපියා එනකොට අර මව සහ දරුවා කියන තත්වෙට එනකල් ම ඇවිල්ලා. එතකොට මෙතනදි ඉතින් සිත ඉතාමත් ම පිරිසිදු වෙලා තිබුණේ. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අර ඊයේ සහ පෙරේදා භාවනාව බලද්දිම මට වැටහීමක් ඇති වුණා. ඒක අපි මේ විදිහට සඳහන් කරමු. පළමුව, වේදනාව නිසා ස්පර්ශ වීම, සෝකය හරහා සිදු වන බව අපි 14/07/2015 නිබ්බාන භාවනාවෙදි ඉගෙන ගත්තා. ඊයේ ඉද්ධි පථ diagram එකක් ඇන්දා නේ. ඒක එකතු කළා අර ආශ්චර්ය අද්භූත ධර්ම 4 කියන එකට එකතු කළා. ඒකේ පළමුවෙන් ලකුණු කර ඇති diagram එක වේදනාව නිසා ස්පර්ශ වීම වළකයි කියන එක මට වැටහුණා. ඒ පළවෙනි එකෙන් පෙන්නන්නේ ඒකයි.

එතකොට ඊළඟට දෙවනුව අපි ඉගෙන ගත්තා නේ අර මවගෙන් වෙන් වෙච්ච දරුවා, ඒ කුඩා කාලයක් මවගේ ස්පර්ශය නිසා යම් සතුටක් සොම්නසක් වින්දා ද, මව මිය ගිය පසු, වෙන් වූ පසු, පරිදේව වූ පසු ඒ චිත්තයන් සමඟ ම, නාමකායේ පටිඝසම්‌ඵස්‌සය සහිතව ම එම ධර්මයෝ සිහි කරනවා. මෙසේ සුඛ යැයි ගැනීම රූපය කරා එළඹ කරනවා. මෙසේ පවතිනවා යන සඤ්ඤා මනසිකාරයෝ ඔහු වෙත එළඹ මනසේ සැරිසරනවා කියලා ඉගෙන ගත්තා නේ. ආන්න එතෙන්දි අර මෙහි දී පවතිනවා කියලා ඒ විදිහට සැරිසරනවා කිව්ව කතාවෙදි මට තේරුණා මේක තමයි මේ දෙවනි diagram එක, සඳහන් වන පථය මගින් තමයි මේක නවතින්නේ කියන එක. ඒ කියන්නේ අර අත්තා නිසා ස්පර්ශ වීම තමයි මේ දෙවනි diagram එකෙන් වළක්වන්නේ කියන එක හොඳට ආවා. ඒ කියන්නේ අර සෝකයට පැමිණීම, වළකනවා. ඉස්සෙල්ලා සෝකයට ඇවිල්ලා එතන ඉඳන් කරන්නා වූ දේ තමයි මුලින් පෙන්නුවේ. දැන් පෙන්නනවා මේ සෝකයට පැමිණීම, කියන එක අර විමංසාවෙන් එහෙම වළක්වලා කරන්නා වූ දේ කියන එක.

එතකොට මේ කාරණා දෙක මම සිහි කළහම ඉතාමත් ම සුඛය සහිතව වාසය කළ හැකි බවක් මට ඇති වුණා. එම සතුට ඉවත් නොවී පැවතුණා. මිනිත්තු දහයක් විතර. පුදුම සුඛයක්. මේ ප්‍රීතිය ගලනවා නෙමේ. සුඛය. සුඛය දිගට ම පවතිනවා. යන්නේ නෑ. ඒ පාර ඒ ඇස් ඇරියත් ඒක යන්නේ නෑ. ඊට පස්සේ, ඒ පහ වෙන්නේ නෑ. අකැමැති දෙයක් හිතුවා කියලා හිතන්න. ඒත් ඒක යන්නේ නෑ. අකැමැති දෙයක් හිතන්නත් පුළුවන්. ඒ හිතුවායි කියලා මේ සුඛය එහෙම්ම ම පවතිනවා. ඉතින් මට මේක කල්පනා වුණේ අර වතුර ගොඩකට ලුණු දැම්මට, කැටයක් දැම්මට මොකුත් වෙන්නේ නෑ නේ. ආන්න ඒ වගේ අර සුඛය ම පවතිනවා. ඉතා ම අපහසුවෙන් තමයි ඒ බුදු පියවරුන්ගේ උදව්වෙන් තමයි මං මේකේ ඉවතට පැමිණියේ. ඒ කියන්නේ අර diagram දෙක සිහියේ තියෙනතාක් කල්, මේ කාරණාව දකිනතාක් කල් තමන්ගේ මනසේ මේක පවතිනවා.

මෙන්න මේක තමයි තථාගතයන් වහන්සේ කිව්වේ අර කොසොල් රජ්ජුරුවන්ට, ඇසි පියවත් හෙලන්නැතුව, ඇඟ හොලවන්නේවත් නැතුව, දවස් හතක් සතුටින් හිටිය හැකි දැ යි කියලා ඇහැව්වේ. ආන්න මෙන්න මේ සුඛය. මේ ධර්මය තමයි ඒ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. එතෙන්දී ඒ විදිහට පුදුම සතුටක්, වෙන කිසිම දෙයක් නැතුව, ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. මේ සතුටට එන්න ඉස්සෙල්ලා මට තේරුණා අර පාගුඤ්ඤතාවය කියන එක එහෙම මට කලින් ඇති වුණා. ඇති වෙලා තිබුණේ. ඉතින් ඊට පස්සේ අර සතුට ම යි පවතින්නේ. එතකොට දැන් ඔය උඩ diagram එක කියන එක, මේ ඉද්ධි පථ කියන එකේ මං මේ කතා කරන්නේ. ඒ උඩ diagram එක මවගේ කතාව මෙන් සිහි කළ යුතු ය. පහළ diagram එක දරුවාගේ කතාව මෙන් සිතිය යුතු ය. මව කියන්නේ අහං. දරුවා කියන්නේ මමං. ආන්න ඒ විදිහට තමයි ඒකේ, ඒක බලන්න ඕනෙ. ඒ දෙක මට හොඳ ලස්සනට ඒක වැටහීම කියන එක වුණා අර “සාස්‍රව ස්පර්ශ අනුපගමන ලක්ඛණා සුඛ සඤ්ඤා” කියලා ඒ විදිහට තියෙන්නේ. අන්න ඒ ඒවා අර්ථය ඇතුව බලන්න ඕනෙ.

ඒක තමයි මං කරපු භාවනාව.