ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.
එතකොට ඒ මං බලන්නේ අර අත්තා කියලා නිත්‍යභාවයක් ඇවිල්ලා ඊට පස්සේ ඒක නිසා ආපහු අනෙක් පැත්තට පෙර නිත්‍ය නිසා තල්ලු වෙනවා කියන එක. අපි කලින් පෙන්නුවා ඕක. ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණය දක්වා තියෙන රේඛාව. එතකොට ඊළඟට දෙවනි බුදුපියාණන් සිහි කරනකොට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් සිහි කරනකොට ආපහු අර අත්තා. චේතනාව දක්වා එන අත්තා සුඛය කියන එක තල්ලු කරනවා. තුන් වෙනි එකට ධම්මාධිපති බුදුපියාණන් සිහි කරනකොට අර අම්මාගෙයි දරුවාගෙයි කතාව. නාමරූපය කියන එක දරුවා. ස්පර්ශය අම්මා. එතකොට මේක පවතින්නේ නෑ. ඒ කියන්නේ ඒ මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය ඒ සම්මා දිට්ඨිය පවතිනවා ය කියන එක. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා මම වැඳ නමස්කාර කළා.
එහෙම කළාට පස්සේ ඒ භාවනාවෙදි පටන් ගත්තේ කෙළින් ම ලෝභය නැති කරමි. කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත. ඉතින් මම ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධියයි මරණයයි කියන එකට මම කැමති වෙනවා. තෙහෙට්ටුව කියන එකට කැමති වෙනවා. ධර්මය දීම සඳහා හරි ඒකට කැමති වෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් මේ විදිහට මම කැමති වෙනවා නම් මොකද වෙන්නේ? අර ඒ තමන් ඒ විඤ්ඤාණ ධාරාව ඒක නිසා ඇති වෙනවා කියන එක තියෙනවා. කවුරු හරි කෙනෙක් මේක වටහා ගන්නවා නම් ඒ පුද්ගලයා මේ ධර්මයට තියෙන මච්ඡරියත්, ඒකත් අයින් කරලා දානවා. ඒක නිසා හරි මේක වෙනවා කියන එක. එහෙම නම් අපිට පේනවා වේදනාවේ ඉඳන් චේතනාවට එන්නා වූ කියන කොටස. ඒක කැපිලා යනවා ධම්මමච්ඡරිය කතාව.
ඒක අපි හිතමු බුද්ධත්වයට පත් වෙන්න බලාපොරොත්තු වෙන ඒ බෝසතාණන් වහන්සේ නමක්, පෙර අපි හිතමු දීපංකර බුදුහාමුදුරුවන්ගේ කාලේ හරි බලාගෙන ඉඳලා මේ බුදුහාමුදුරුවෝ මේ කරන වැඩේ හොඳයි කියලා කල්පනා කරලා එයා අනාගත භවය කොයි වෙලාවක හරි දැඩිව ගත්තා නම්, මමත් ඉස්සරහට මෙහෙම වෙනවා කියලා. අන්න ඒක නිසා ඇති වෙන්නා වූ සඤ්ඤාව කියන එක නිසා අපිට චේතනාවන් ඒ විදිහට ඇති වෙනවා. එතකොට මේ පුද්ගලයා මේකත් තේරුම් ගන්නවා මේක නිසාත් මේ දේ සිද්ධ වෙනවා. ඒ සඤ්ඤාව තමයි මේ තාම දුවන්නේ කියන එක. ඒක තේරුම් ගන්නවා. ඒක තේරුම් ගත්තායින් පස්සේ දැන් එහෙම නම් සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එන්නා වූ කියන එකත් කැපිලා යනවා. දැන් වේදනාවේ ඉඳන් චේතනාවට එන එකත් කැපිලා යනවා.
එතකොට ඔතෙන්ට එනකන් රහතන් වහන්සේලා මාව ගෙනිහිල්ලා ඊළඟට කිව්වා “තුන් වෙනි කාරණය ඔබ ම කියන්න” යි කියලා. ඒ තුන් වෙනි කාරණය තමයි අර පරාමාසයේ ඉඳන් චේතනාවට එන්නා වූ කියන එක. අත්තා කියන එක. ඒක ඊයේ plane එකේ එනකොට ම අර සබ්බාසව සූත්‍රය 3 වෙනියට තියෙන diagram set එකේ ඒක ලස්සනට රහතන් වහන්සේ මට පෙන්නලා දුන්නා. ඒකේ අර slide 4 එකේ ඉඳන් ඔය කතාව ලස්සනට පේනවා. ඒකේ පෙන්නන්නේ මොකද්ද? අපි දන්නවා භය අගති, සෝක, කාම ආශ්‍රව කියන එක. ඒකේ පෙන්නන්නේ අර 45° දක්වා එන්නා වූ එක. ඊට පස්සේ ආපහු ඊළඟට තියෙනවා වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව කියන එක. ඒකෙන් පෙන්නන්නේ අර 47°. 47°ක් ගියා නම් ඒක ඇතියි කියලා කිව්වේ. ආන්න ඒ කෑල්ල.
එතකොට ඕක ඔය 5 වෙනි slide එකට විතර එහෙම යනකොට ඒකේ ලස්සනට පෙන්නනවා 270°යි 360°යි කියන එක කැරකිලා, මං මේ කෙටියෙන් කියන්නේ, එතකොට ඒ දක්වා ඒක කැරකිලා එනකොට අපි දන්නවා අර 4.4, ඒ කියන්නේ රූපයන් කියන එක මැරිලා. රූපයත් මැරිලා. වේදනාව කියන ඒවත් ජරාවට පත් වෙලා. ඒත් මේ මනුස්සයා කල්පනා කරනවා තාමත් ඉන්න පුළුවන්. පවතින්න පුළුවන්. ඒක හරියට මේ හොරෙක් අල්ලලා පොලීසියෙන් හරි, රජ්ජුරුවන්ගේ භටයෝ හරි, ගහනවා. ඇට කැඩෙනකන් ගහනවා. ඒ මනුස්සයා අර හොරකම අතහරින්නේ නෑ.
ඒ මනුස්සයා කල්පනා කරන්නේ මේ වෙලාවෙදි, කොහොම හරි මං ඊට පස්සේ හොරකම් කරනවා මුන්ට අහුවෙන්නේ නැතුව හරි. ආන්න එහෙම එකක් එයා කල්පනා කරන්නේ. එතකොට අන්න ඒ වාගේ මේ ඔක්කෝම ජරාවට පත් වෙලා. රූපය මැරිලා. ඒත් මෙයා ඉන්න පුළුවන් යැයි කියලා කියනවා. වේදනාව ජරාවට පත් වෙලා. ඒත් ඉන්න පුළුවන්කම කියනවා. සඤ්ඤාව නිසා හරි ඉන්න පුළුවන් කියලා එයාට ඒ හැඟීම කියන එක එනවා. මෙන්න මේක පුද්ගලයෙක් හරියට තේරුම් ගත්තා නම් අන්න ඒ පුද්ගලයා ඒ වෙලාවේ බුදු කෙනෙකුට බුද්ධත්වය, අනිත් පුද්ගලයෙකුට රහත් වෙන පුද්ගලයෙකුට අරිහත්වය කියන එක, ඒක ඇති වෙනවා. ඔන්න ඕකයි ඒකේ ධර්මය.
ඒක තමයි මං කරපු භාවනාව.