ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. අර පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ මෙනෙහි කරනකොට එතෙන්දිත් අර චේතනාවත් එක්ක තිබෙන්නා වූ පැවතිය හැකි ය, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ මෙනෙහි කරනකොට අර අම්මා සහ දරුවා එක්ක තිබෙන්නා වූ ඒ පවතිනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවත කරගෙන ගියා. ඒකේ තියෙන්නේ ඒ ලෝභය නැති කරමි. කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත. මම ජරාවට කැමති වෙනවා නම් අනිවාර්යයෙන් ම මට ව්‍යාධියයි මරණයටයි කියන එකටත් මම කැමති වෙනවා කියන එක තියෙනවා. ඊයේ වගේ ම අර තෙහෙට්ටුවට කැමති වෙනවා කියන එක ධර්මය දෙන්න හරි තෙහෙට්ටුවකට කැමති වෙනවා කියන එක තියෙනවා. එතකොට මේක තේරුම් ගත්තා නම් අපි ඊයේ පෙන්නුවා අර ධම්මමච්ඡරිය කියන එක අපි අයින් කරනවා කියලා, තේරුම් ගත්ත පුද්ගලයා. එතකොට ඊළඟට ආපහු අර සඤ්ඤාවන් නිසා, ඒ කියන්නේ දීපංකර බුදුහාමුදුරුවන් ඉන්න කාලෙක හරි ඒ ගෞතම බුදුහාමුදුරුවන්ට එහෙම ඇති වුණා නම් මමත් මේ විදිහට ජීවත් වෙනවා. ඉස්සරහට මමත් මේ විදිහට ධර්මය දෙනවා කියලා එකක් ඇති වුණා නම් ඒක. ඒ අවස්ථාව කියන එක. ඒ සඤ්ඤාවන් පවතිනවා කියලා තේරුම් අරගෙන ඒක අයින් කරනවා කියන එක එතෙන්දි සිද්ධ වෙනවා. එහෙනම් සඤ්ඤාව නිසා චේතනා වෙන්නෙත් නෑ. වේදනාව නිසා චේතනාවට එන්නෙත් නැහැයි කියන එක තියෙනවා.
එතකොට දැන් මේ ඊළඟට බලන්න තියෙන්නේ අර අත්තා නිසා සිදුවෙන්නා වූ එක. එතකොට ඒක අපි පෙන්නුවා නේ අර plane එකේ එනකොට රහතන් වහන්සේ පෙන්නලා දුන්නා කියලා සබ්බාසව diagram එකේ තුන් වෙනි එක, 4 වෙනි slide එකේ පෙන්නනවා වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. මේක තමයි 47° කියන එක. එතකොට මේක සිදු වෙනවා නම් අත්තා. ඉතින් මෙතෙන්දි අර 4.4 වෙලා ඒ කියන්නේ රූපය කියන එක මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් අර ඉදංසච්ච රේඛාව 360° න්, කැරකවීම කියන එක අපිට පේනවා. මෙතෙන්දි අපි 3 වෙනි slide එකේ අපි තේරුම් ගත්තා මේ භය අගති, සෝක, කාම ආශ්‍රව කියලා කිව්වහම ඒක 45°, තව 2° ක් ගියා නම් තමයි මේ අපි තණ්හාවෙන් කරන්නා වූ එක.
ඒ කියන්නේ ඕක තේරුම් ගන්න ඕනෙ පරාමාසකායගන්ථයේ ඉඳන් ඉදංසච්චය දක්වා එන්නා වූ දේ අපි පෙන්නුවා අර සුභ යැයි කියන එක කෑලි දෙකකට කඩලා. එතකොට මේකේ එක කෑල්ලක්, පරාමාසයේ ඉඳන් උඩ තිබෙන්නා වූ ඒ ථීනය කියන තැනට එන්නා වූ කොටස අපි පෙන්නුවා අර, ආනෙඤ්ජ සප්පාය සූත්‍රයෙත් පෙන්නනවා, භය අගති, සෝක, කාම ආශ්‍රව. ඉතුරු කෑල්ල තමයි අර වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව කියලා ඒ යන්නා වූ කොටස.
එතකොට මෙන්න මේ කෑල්ල මේ කල්පනා කරලා, ඉතින් ඔය උද්ධච්චය කියන එක ගැනත් ඒ හැඟීම තියෙනවා එතන, උද්ධච්චය කියන එක ඇති වෙන්නේ අපි ඊයෙත් පැහැදිලි කළා. අර රූපය මළා වුණත් අපි මේක තාම පවතිනවා කියන හැඟීම, දිවීම කියන එක තියෙනවා කියන එක. ඉතින් රූපය. මං කිව්වෙ අර මනුස්සයෙකුට හොරකම් කරලා ඒ මනුස්සයාට ගහනවා. ඇට කඩනවා. ඒත් මේ මනුස්සයා හිතනවා මං අතඅරින්නෑ හොරකම් කරනවා කියන එක. මම අනිත් අයට නොදැනෙන්න හරි මං මීට පස්සේ හොරකම් කරනවා, කියන එක අර්ථය තියෙනවා. අන්න ඒ වගේ මේ රූපය මළත් තාම මේක කැරකෙනවා කියන එක තියෙනවා. Rotation එක කියන එක තියෙනවා.
ඉතින් දැන් මේක බලාගෙන ගියහම, දැන් ඔතෙන්දි මං ඒවා ඔක්කොම අයින් කරනවා කියන එක කිව්වට, ඒ අත්ත සඤ්ඤාව ඔය විදිහට ගලවලා යනවා. ඒ පෙන්නුවා නේ බුදු කෙනෙකුට බුද්ධත්වය, රහත් වෙන කෙනෙකුට අරිහත්වය කියන එක තියෙනවා. යනකොට තවත් ඒත් මට තේරෙනවා මෙතන සිංහල දන්නේ නැති අය ඉන්නවා නේ. එතකොට ඒ අයටත් මං මේක කියන්න ඕනෙයි කියන එක, හැඟීම තියෙන එක නිසා, මට පේනවා මේ කරුණාව නිසා, කරුණාව නිසා අත්තා කියන එක තියෙනවා කියන එක. කරුණාව නිසා අත්තා කියන එක තියෙනවා කියන එක හොඳට ආවා. එතකොට ඒ point එක මං හොඳට තේරුම් ගත්තහම මට තේරුණා එහෙම නම් මේ කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා මේ වගේ ඉහළ වූ ධර්මයන් නිසාත් මෙතන මේ අත්තා කියන කතාව තාම පවතිනවා කියන එක.
එතකොට අන්න ඒක, මම ඒකත් අයින් කළාට පස්සේ, ඒක නිසාවත් තිබෙන්නා වූ ඒ කතාව ඒක තේරුම් ගත්තහම ඒක නැති වෙලා ගියා. ඒ නැති වෙලා ගියායින් පස්සේ, දැන් මං මේ කතා කරන්නේ මගේ මනස තියෙන්නේ අර නාමරූප කියන point එකේ name and form. ඔන්න එතන තියෙන්නේ. එතකොට එතෙන්දි මට තේරුණා කිසිම fear එකක් නෑ කියලා. බයක් නෑ. බයක් නැහැයි කියලා කියන්නේ ධර්මය දෙන්න හරි, මේක හරියට කියන්න හරි කියලා යම්කිසි එකක් තියෙනවා නේ. තේරෙන්නැති කෙනෙක් ඉන්නවා කියලා ඉංග්‍රීසියෙන් කොහොම ද මේක කියන්නේ ඉංග්‍රීසියෙනුයි සිංහලෙනුයි දෙකෙන් ම මේක කියන්න වෙනවා නේ. ආන්න ඒ අර්ථය, ඒ කතාවක් මොකක්වත් නෑ. ඒ පුදුමාකාර state එකක්. ඒ කියන්නේ fearless state එක කියන එක මං හොඳට experience කළා ඒ අවස්ථාවේ දී.
එතකොට ඒ තත්වයට ආවාට පස්සේ ඉතින් මම ටිකක් ඉඳලා මම ඇහුවා රහතන් වහන්සේගෙන් ඇයි මේ fear එක නැත්තේ මෙතන. ඒ පාර රහතන් වහන්සේ කිව්වා “ඒ නාමකායේ පටිඝසම්‌ඵස්‌සයක්වත්, රූපකායේ අධිවචන සම්‌ඵස්‌සයක්වත් ඒක නැහැයි කියලා.” ආන්න එතනදි මට හොඳට තේරුණා. ඒකේ වෙලා තියෙන්නේ මොකද? ඔය නාමරූප කියන point එකට එනවා කිව්වහම, ඉරි දෙකක් තියෙනවා නේ. ධම්මමච්ඡරියෙ ඉඳන් එන්නා වූ එක මේ පැත්තෙන්. මේක තමයි පැවතිය හැකි ය කියන රේඛාව මේ එන්නේ. උඩින් එනවා සඤ්ඤාවේ ඉඳන් එන්නා වූ එක. ඒක තමයි පවතිනවා කියන්නා වූ රේඛාව කියන එක. ආන්න ඒ දෙක නෑ. පවතිනවා කියන එකයි පැවතිය හැකි ය කියන එකයි. අපි වෙන වෙනම නේ බැලුවේ. දැන් අද මේ point එකේදි දෙක එකට. දෙක එකට පේනවා. මේ දෙක ම නැති වෙනවා නම් ඒ වෙලාවෙදි, කෑලි වශයෙන් නැතුව, ආන්න ඒ වෙලාවෙදි ඒ fear එකක් නෑ. ඒක මේ පුදුමාකාරයි.
එතකොට මට තේරුණා මේකේ මට තියෙන්නේ ශ්‍රද්ධාව. තනිකර තියෙන්නේ ශ්‍රද්ධාව. ඕක රහතන් වහන්සේගෙන් ඕක අහන්න ඉස්සෙල්ලා මට තේරුණා මට තනිකර මේ වෙලාවේ තියෙන්නේ ශ්‍රද්ධාවයි කියන එක. අර කරුණාව ගැන මම කතා කරනකොට මට තේරුණා එහෙම නම් මේකේ කරුණාව නිසා මේක ඇති වෙනවා කියන එක. අත්තා කියන එක තියෙනවා කියන එක. එතකොට මේක නැති වෙන්න නම් උපෙක්ඛාව දක්වා ම යන්න වෙනවා වෙනවා තමයි. ඒක ඇර වෙන ක්‍රමයක් ඇත්තේ නැහැයි කියන එකත් මට තේරුණා. ඒ කියන්නේ මුදිතාව තිබිලා හරියන්නෙත් නෑ. උපෙක්ඛාව කියන එකට එන්න ම ඕනෙයි කියන එක. ඒක ආවා. ඊට පස්සේ තමයි ඔය මං ශ්‍රද්ධාව දැනගෙන රහතන් වහන්සේගෙන් ඇහුවේ මේක කොහොම ද කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.