ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. අර ඊයේ වගේ ම පවතිනවා, පැවතිය හැකි ය කියන දෙක බලලා තමයි වැඳ නමස්කාර කළේ. මේ විදිහට ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් ඒ මුළු බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම මට ආවා අදහසක්. ඊයේ භාවනාව බලද්දි, අර සඤ්ඤාවේ ඉඳන් පරාමාසය දක්වා ගමන් කරන්නා වූ දේ. ඒක තමයි පවතිනවා කියන අදහස එන්නේ. ධම්මමච්ඡරිය පාර පැවතිය හැකි ය. ඕක මුල ඉඳන් ම ඔය විදිහටයි ඇවිල්ලා තියෙන්නේ. ඒ pattern එක ම තමයි යන්නේ. එතකොට පැවතිය හැකි ය. අරකෙන් එනවා පවතිනවා කියන එක. ඒක හොඳට මට වැටහුණා ඒ සඤ්ඤාව මගින් තමයි ඒ පවතිනවා කියන කතාව ඇවිල්ලා තියෙන්නේ කියන එක.
එතකොට මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ කාමච්ඡන්දය. ඒ ජරාවට ඇති කැමැත්ත. පදුට්ඨමනසඞ්කප්පය. ඒකේ ගොඩනැගිලා තියෙන්නේ මේක මත ම තමයි කියන එක බලාගෙන ගියා. එහෙම නම් කල්පනා කළා මම ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධියටයි මරණයටයි කැමති වෙනවා. ධර්මය දීම සඳහා හරි තෙහෙට්ටුව කියන එක ඒකට කැමති වෙනවා කියන එක.
එහෙම නම් මේක තේරුම් ගත්ත මනුස්සයා ඒ ධම්මමච්ඡරිය කියන එක අතහරිනවා. එතකොට එහෙම නම් වේදනාවේ ඉඳන් ඒ චේතනාව දක්වා එන්නා වූ ඒ ධම්මමච්ඡරිය එක කැපිලා යනවා. ඒ වගේ ම අර ගෞතම බුදුහාමුදුරුවෝ, දීපංකර බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාව දැකලා ඒ ගෞතම බුදුහාමුදුරුවන්ගේ පෙර භවයෙදි, එතෙන්දි යම්කිසි සඤ්ඤාවක් ඇති වුණා ද මමත් අනාගතේ මේ විදිහට ධර්මය දෙනවා කියලා ඒ සඤ්ඤාව ම තමයි තවම පවතින්නේ කියලා තේරුම් අරගෙන, සඤ්ඤාවේ ඉඳන් චේතනාව වෙනවා කියන එකත් අතහරිනවා.
ඉතුරු වෙලා තියෙන්නේ අර පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා එන්නා වූ එක. ආන්න ඒක ගැන තමයි අපි ඊයෙත් සාකච්ඡා කළේ. සබ්බාසව සූත්‍රයේ slide එක 4යි, ඒ slide එක 5යි ඒක හොඳට බලන්න ඕනෙ. ඒකේ පෙන්නන්නේ පරාමාසයේ ඉඳන් ථීනය කියන තැනට එනවා කියන එකයි, ඒක තමයි අර භය අගති, සෝක, කාම ආශ්‍රව කියලා එන එක. 45°හේ කතාව. ඊළඟට ථීනයේ ඉඳන් ඉදංසච්චය දක්වා ගමන් කරන්නා වූ එක. අන්න ඒක තමයි අපි 47°හේ කතාවත් එක්ක කියන්නේ. අරක, ඒක 90°ක් කැරකෙනකොට මේක 45° කට වඩා ආවා නම් තමයි දුවන්නේ. මේ දෙක එක්කහු වෙලා, ඒ කියන්නේ ථීනයේ ඉඳන් ඉදංසච්චයට යන්නා වූ එක තමයි අපි කතා කරන්නේ වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව කියන line එක. ඒක අපි කලින් බලලා තියෙනවා. එතකොට මේක 47°තේ කතාව, මේක 45°හේ කතාව. එතකොට මේක වෙනවා නම් තමයි මේ මනුස්සයෙකුට හැඟීමක් ඇති වෙන්නේ දුවනවා, පවතිනවා කියන හැඟීමක් එයාට ඇති වෙන්නේ. ඕක නිසා උද්ධච්චය හිටන් ඇති වෙනවා. එහෙම නම් ඒ මම කිව්වේ අර හොරෙකුට එහෙම ගහනකොට ඒ මනුස්සයා ඒ විදිහට හිතනවායි කියන එක. වැඩේ දුවනවා. වැඩේ කෙරෙනවා.
එතකොට එහෙම නම් දැන් අපිට පේනවා පල්ලෙහා සංස්කාර කොටුවේ, අර උද්ධච්චයත් එක්ක ගිහිල්ලා මෝහ අගතියේ ඉඳන් ඒ පරිදේව වූ සංස්කාර කොටසට එන එකේ තියෙන්නේ ඒ පවතිනවා කියන අර්ථය. අර උද්ධච්චයත් එක්ක ඒ ආවේ line 6. පවතිනවා. වැඩේ කෙරෙනවා. අර මනුස්සයෝ හිනා වෙලාත් ඉන්නේ මොකක් හරි එකක් වෙනකොට, කැඩුණත් වැඩේ දුවනවා නම් හිනා වෙලා ලස්සනට බලාගෙන ඉන්නවා. තාම දුවනවා නේ, කියලා. ආන්න ඒ වගේ තමයි උද්ධච්චයත් එක්ක පවතිනවා කියන එක. අපි ඉස්සෙල්ලා ම කිව්වා ඒ සඤ්ඤාවේ ඉඳන් පරාමාසයට එන එකේ එන්නේ පවතිනවා කියන එක. ඒක ම දික් කළහම line 7, පවතිනවා කියන එකයි එයාට තියෙන්නේ. එහෙනම් පවතින ඒවා දෙකක් එනවා, දෙපැත්තකින්.
දැන් ඊළඟට එන්න තියෙන්නේ line 5 එක. Line 5 එකේ එන්නේ පැවතිය හැකි ය. ඇයි අර ධම්මමච්ඡරිය, කෙළින් ම ඉදංසච්චය, ජරා වෙච්චි එක ම තමයි ඒකෙන් එන්නේ. මේ තුනෙන් එන්නේ, දැන් තුනක් තියෙනවා. පැවතිය හැකි ය, පවතිනවා කියලා දෙකක් එනවා. එහෙම නම් line 8 වලට එන්නේ මොකද්ද? දෙකේ mixture එක. පවතිනවා, පැවතිය හැකි ය. හරී ලස්සනට තේරෙනවා දැන්. නෙවසඤ්ඤානාසඤ්ඤායතන එක්කෙනාගෙ පථයත් එක්ක එහෙම බැලුවහම, එයාට නෑ අර ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන්නා වූ line එක ගැන, මාන පාර ගැන එයාට හැඟීම් නෑ. පැවතිය හැකි ය කියන කතාව ගැන එයාට හැඟීමක් නෑ, අර ඇතුළේ hub එකෙන් එන එකත් එක්ක නේ තියෙන්නේ. එයා ඒ පාරෙන් එනවා, හැබැයි අරක සියුම්ව සිද්ධ වෙනවා. එයාට හැඟීම් නැතුව එයා ඒක කරන්නේ.
ඔන්න ඔතෙන්ට ආවට පස්සේ මට තේරුණා හොඳට ම දැන් මගේ හිතත් නතර වේගෙන යන්නේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන්න තමයි යන්නේ. එතකොට දැන් මම කල්පනා කළා මේක දෙන්න මම මතක තියාගන්න ඕනෙ. ඒක නිසා, ඒ කියන්නේ මට එතන ඒක ඕනෙ නැහැයි කියන එක. තව ධර්මය බලන්න මට තියෙනවා. අර මුල මං පටන් ගත්ත එක, භාවනාවට පෙර ගත්ත එක මට බලන්න ඕනෙකම කියන එක තියෙනවා. නමුත් ඒක බලන්න මේවා එකක් නෑ මනසේ.
එතකොට මම ඔහොම ටිකක් වෙලා හිටියා. ඒ ටිකක් වෙලා හිටියාට පස්සේ මට හොඳට තේරුණා, දැන් අර දිට්ඨි අනුසය පාරේ තියෙන්නේ පවතිනවා, පැවතිය හැකි ය කියන එක තමයි දැන් දෙක එකට ඇවිල්ලා දිට්ඨි අනුසයෙන් එන්නේ. මෙන්න මෙතෙන්ට මගේ මනස ආවහම මට තේරුණා මෙතෙන්දි කැමති එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිරෝධයට යන ආසන්න අවස්ථාව මේ තියෙන්නේ. ඉතින් පෙර යම්කිසි හැඟීමක් ඇති වුණා නම්, යම්කිසි කෘත්‍යයක් කළා නම්, මම මේ විදිහට ගිහිල්ලා නිරෝධයට යනවා කියන එක, අන්න ඒ point එකයි මේ ඇවිල්ලා තියෙන්නේ කියන එක මට හොඳට තේරුණා. ඉතින් රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා එතන ඒ අවස්ථාව.
ඒ කියන්නේ තමන්ට, අර දැනගෙන තමන් නිරෝධයට යන්න ඒ කරන්න පුළුවන් තත්වය තමයි එතන තියෙන්නේ. මනස පුදුමයි ඒ අවස්ථාවේ දී ගත්තහම. එතකොට ඒ තත්වයට මනස පත් වුණහම මට දැන්, හොඳට ඉතින් ධර්ම කාරණා වැටහෙනවා. මට සද්දයක් ඇහුණයි කියලා මෙතන, ඇති ප්‍රශ්නයක් නෑ. බඩේ, බඩගින්නක් හරි මොනවා හරි ජරාස් ගාලා ගියා කියලා ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ mind එක detached. ඒ කියන්නේ කයේ යමක් සිද්ධ වෙනවා ද? මනසේ ඒකේ reaction එකක් නෑ. මනස වෙනම දුවන එකක් හැටියට ඒක තියෙන්නේ. ඉතින් ඒක නේ. මරණ මොහොතක කය සම්පූර්ණයෙන් කැඩිලා ගියත්, මේ වාගේ මනසක් තියෙනවා නම් ඒ මනුස්සයාට විඤ්ඤාණයේ පිහිටීමක් කරන්න අවශ්‍ය නෑ. කරන්න ඕනෙ නැති කමට, තමන්ගේ හැකියාව කියන එක තමන්ට තියෙනවා. ඉතින් ඒක, මේ භාවනාවත් ඉතින් නිබ්බාන කියන එක තමයි ඒ, ඒ භාවනාවේ තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.