Date: 21/07/2015 Name: Chanda Viriya Citta Vimamsa parichita

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල, සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. අර පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. එතකොට මේ විදිහට මම පළවෙනි බුදුපියාණන් වහන්සේ, දෙවෙනි බුදුපියාණන් වහන්සේ, තුන් වෙනි බුදුපියාණන් වහන්සේ සිහි කරගෙන යනකොට ම, අර ඊයේ භාවනාවේ අර්ථයත් ඇතිව, අර පැවතිය හැකි ය, පවතිනවා කියන දෙකේ එකතුව නැති වෙන එක ගැන තමයි මම මෙනෙහි කරමින් වැඳ නමස්කාර කළේ. මේ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට භාවනාවට පෙර ම මට කල්පනා වුණා අපි ඊයේ භාවනාවේ අර පවතිනවා, පැවැතිය හැකි ය කියන mixture එක දිට්ඨි අනුසය පාරේ තියෙනවා කියන එකට එනවා. ඒක නැති කිරීම කියන එක විමංසාවෙන් සිද්ධ වෙනවා කියන එක. අර අපි diagram එකක දැම්මා නේ. මේ ඉද්ධි පථයන් තියෙන diagram එක. ඒ ඉද්ධි පථයන් තියෙන diagram එකේ පළවෙනි එකේ පෙන්නනවා, ඒකෙ අර විමංසාවෙන් තමයි ඒක කපාගෙන යන්නේ, භය අගතියේ සිට වේදනාව දක්වා එන එක. දිට්ඨි අනුසය, පවතිනවා පැවැතිය හැකි ය කියන එක. ඉතින් ඔන්න ඔය අදහස ඇතුව මම භාවනාව පවත්වාගෙන ගියා.

එතකොට අපි ඊයේ භාවනාව නැවතත් සිහි කරනවා නම්, ඒකේ තියෙන්නේ මම පටන් ගන්නේ කොහොම ද? ලෝභය නැති කරමි. කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත කියන එක. එතකොට ඒක ඇති වෙලා තියෙන්නේ අර පදුට්ඨමනසඞ්කප්පය තුළත් ඒ ගුණය ම තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් මම ජරාවට කැමති වෙනවා නම්, ව්‍යාධියටයි මරණයටයි කියන එකට කැමති වෙනවා. එතකොට ඒවට කැමති වෙනවා නම්, ඒ වගේ ම ධර්මය දීම සඳහා හරි, යම්කිසි තෙහෙට්ටුවක් තියෙනවා ද, ඒකටත් මම කැමති වෙලා තියෙනවා. එහෙම නම් මේක දැන ගත්ත පුද්ගලයා ඒ ධම්මමච්ඡරිය කියන එක අයින් කරනවා. ඒ කියන්නේ වේදනාවේ ඉඳන් චේතනාවට එන්නා වූ දේ.

ඊළඟට ආපහු යම්කිසි පුද්ගලයෙක්, එහෙම නැත්නම් අපි උදාහරණයක් හැටියට ගත්තොතින්, ගෞතම බුදුහාමුදුරුවෝ අතීත භවයේ දීපංකර බුදුහාමුදුරුවෝ බණ කියනවා දැකලා, යම්කිසි සඤ්ඤාවක් ඇති වුණා ද, මම මේ විදිහට පත් වෙලා ධර්මය දේශනා කරනවා හරි කියලා, එම සඤ්ඤාව තවමත් පවතිනවා කියලා දැනගෙන, එහෙම නම් ඒකත් අයින් කළොතින් එහෙම නම් සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එන්නා වූ පාර ගැලවිලා යනවා. දැන් එහෙම නම් චේතනාවට එන්න තියෙන්නේ අර පරාමාසකායගන්ථයේ ඉඳන් චේතනාව දක්වා තිබෙන්නා වූ උඩ අතට යන අත්තා කියන එකයි.

ඉතින් අපි ඕක දීර්ඝ වශයෙන් බැලුවා. ඕක නිසා flow වෙන හැටි. ඊයේ පෙරේදා ධර්මයන් තුළ අප ඉගෙන ගත්තා, අර ථීනය දක්වා පරාමාසයේ ඉඳන් එන රේඛා කෑල්ලයි, කියන්නේ මොකක් ද? භය අගති, සෝක, කාම ආශ්‍රව කියන එක. එතකොට ඒක තමයි අපි කතා කරන්නේ. අර 45° න් කරකැවීම කියන එක. ඊළඟට. 45° න් කැරකුණාට ඒ කියන්නේ මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චය දක්වා තියෙන රේඛාව, 90° න් දකුණු අත පැත්තට කැරකුණාට, ඔය අත්තා කියලා පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා ලකුණු කරන රේඛාව 45° න් කැරකුණොත්, මණ්ඩලාධිපති බුදුපියා පෙන්වූවා, මේ විඤ්ඤාණ ධාරාව ගලන්නේ නෑ කියලා. 47°ක් වෙනවා නම් තමයි ගලන්නේ. එතකොට එහෙම නම් 47°යි කියලා කියන්නේ ථීනයේ ඉඳන් ඉදංසච්චය දක්වා ගමන් කරන්නා වූ රේඛාවේ ලකුණු කරනවා අපි, වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව කියන එක.

එතකොට, දැන් අපි තේරුම් ගත්තා, ඊයේ භාවනාවෙදි, උඩින් සඤ්ඤාවේ ඉඳන් පරාමාසය දක්වා එන්නේ පවතිනවා කියන අදහස. ඊළඟට ධම්මමච්ඡරිය පාර දිගේ එන්නේ පැවතිය හැකි ය කියන අදහස. එහෙම නම් දැන් ඔන්න පැවතිය හැකි ය කියන, දැන් 47°ක් වුණා කියලා කියන්නේ ධාරාව ගලනවා. ඒ පැවතිය හැකි ය කියන කතාව නිසා, අපිට විඤ්ඤාණය පවතිනවා කියලා හැඟීමක් එනවා.

මෙතන හුඟක් ම බලන්න ඕනෑ සබ්බාසව diagram 3 එකේ slide 4 එකයි slide 5 එකයි කියන එකේ අවබෝධය ඇතුවයි මේ කතා කරන්න ඕනෑ. මේ ධර්මය, අර උපාදාන වෙලා, සීලබ්බත උපාදාන වෙලා ඒ උපාදානය ටිකෙන් ටික යන හැටි ඒ පෙන්නන්නේ ඒකේ.

එතකොට මේක දැන් මේ තත්වයට මනස ආවා ම, දැන් මට හොඳට පේනවා, අපි උද්ධච්චයක් ඇති වුණා නම් විඤ්ඤාණ ධාරාව ගලනවා කියලා, පවතිනවා කියලා. එහෙම නම් ඕක තමයි අර line 6 එකේ එන්නේ. මිච්ඡාදිට්ඨික අගය කියන එක. උද්ධච්ච මාන අගය. එතකොට අපි ඒක ඊයේ ඉගෙන ගත්තා, ඒක පවතිනවා කියන line එක. පරාමාසයේ ඉඳන් පරිදේව වූ සංස්කාරවලට එන කෑල්ල පවතිනවා කියන එක. ඒ කියන්නේ, 7 වෙනි line එක, 6 වෙනි line එක, යන දෙක ම පවතිනවා කියන එක. 5 වෙනි line එක හරහා එන්නේ පැවතිය හැකි ය කියන එක.

එතකොට දැන් ඔය 6 වෙනි line එකේ එන්නා වූ පවතිනවා කියන අදහස ඇති වුණේ කොහොම ද? ධාරාව ගැලීම නිසා. ධාරාව ගැලුවේ 47° වෙච්ච නිසා. එහෙම නම් පැවතිය හැකි ය කියන එක නිසා තමයි පවතිනවා කියන එක ඇති වුණේ. අන්න ඒක තමයි key point එක. පැවතිය හැකි ය කියන එක උඩ පවතිනවා කියන එක අපිට ඇති වෙනවා. අන්න ඒක තේරුම් ගත්තහම දැන් එහෙනම් මේක තමයි අර විමංසාවෙන් එහෙම අයින් කරන්නේ පවතින්නේ නෑ. රූපයට ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. දෙපැත්තට පෙන්නනවා නේ. පෙර පැවතුනේත් නෑ. මේ භය අගති පැත්තෙන් පෙන්නනවා දැන් පවතින්නේත් නෑ. දෙපැත්ත ම පෙන්නනවා.

ඒක නිසා මේ diagram එකේ පෙන්නනවා විරිය, ඡන්ද, චිත්ත, විමංසා කියන එක ආශ්චර්ය අද්භූත ධර්මය. 13 දා මැයි මාසේ කරපු එක. ඒ diagram එකේ පෙන්නන්නේ, විමංසාව, ඒක උදව් උපකාර කළා චිත්ත ඉද්ධිපාදයට. වේදනාව කියන එක පරාමාසගත වෙන එක. එතකොට ඒ වගේ ම ඒකේ පෙන්නනවා මේ චිත්ත සමාධිය, පරිදේව වූ සංස්කාරයන් පරාමාසයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැයි කියන එක. එතකොට ඒකෙන් නවතිනවා කියන එක තමයි මගේ මුලින් ම මේක ආවේ. ඉතින් දැන් අද භාවනාවත් එක්ක, දැන් පෙන්නුවා නේ line 6 එක හොඳට බලන්න. Line 6 එකේ මට මේ අදහස පවතිනවා කියන එක ඇති වුණේ, අර අනිත් පැත්තෙන් එන, ඒ කියන්නේ උද්ධච්චය හරහා එන්නා වූ පැවතිය හැකි ය කියන එක උඩයි.

එතකොට ඉතින් මෙන්න මේ තත්වයට ආවායින් පස්සේ මට තේරුණා තවමත් මේකේ තියෙනවා පොඩි ප්‍රශ්නයක්. පොඩි කහටක්, පොඩි දෙයක් ඉතුරු වෙලා තියෙනවා. මොකක් ද ඒ ඉතුරු වෙලා තියෙන්නේ? අපි තවමත් නතර කරලා නැති, සංස්කාරයන් නිසා, ඇති වෙන්නා වූ, රූපයන් ස්පර්ශ කිරීමට ඇති වන බල පෑම, කියන එක. ඒක නැති වෙලා නෑ. ඒ කියන්නේ, කෙනෙක් රැකියාවට යනවා නම්, අදත්තාදානය නිසා, ඇති වෙන්නා වූ ප්‍රශ්නය. කෙනෙක් කාමයේ වරදවා හැසිරීම නිසා, ඇති වෙන්නා වූ ප්‍රශ්නය. කෙනෙක් පාණාතිපාතය කරන්නා වූ දේ නිසා, ඇති වෙන්නා වූ ප්‍රශ්නය. දස අකුසලය. දස අකුසලය නිසා මෙතන මේ බලපෑම තියෙනවා. නතර වෙලා නෑ. දස කුසලය අවශ්‍යයි. හොඳ ලස්සනට පැහැදිලිව පේනවා. දස කුසලය නැත්නම් මෙතන ඒකේ නතර වීමක් කියන එක. මොකද? පැවතිය හැකි ය. ඇයි රස්සාවට යන්නේ කෙනෙක්? රස්සාවට යන්නේ මෙතන මේක පවත්වන්න පුළුවන් මේ job එක කරලා. ඔන්න ඔය අර්ථය. එහෙනම් පැවතිය හැකි ය කියන එක එන තාක් කල් පවතිනවා කියන එක තියෙනවා. පවතිනවා කියන එක එන තාක් කල්, කාමරාග අනුසය හරහා, සම්බන්ධ වෙනවා. ඒක තියෙනවා. නතර වෙන්නේ නෑ. හොඳ ලස්සනට පැහැදිලියි. එහෙම නම් දස කුසලය ම ඕනෑ. දස කුසලය නැතිව මේක බැහැයි කියන එක, එහෙම නම් අරූප ධ්‍යාන ඒ පැත්තට ඉතින් අර සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව. ඒ පැත්ත, ඒක ආවා.

දැන් එහෙම නම් මට මේ භාවනාවෙදි හොඳට තේරුණා ඊළඟට අපි භාවිතා කරන්න ඕනෑ අර ආශ්චර්ය අද්භූත ධර්ම. ඒකේ අපි පෙන්නනවා 2015 මැයි 15 වෙනිදා කරපු එක. දෙවෙනියට දාලා තියෙන diagram එක. ඒ diagram එකේ පෙන්නනවා අපි ඡන්දය මගින් අයින් කරනවා. මොකක් ද අයින් කරන්නේ? අර line 6 එකේ එන්නා වූ එක. පැවැතිය හැකියි කියන කතාව තියෙනවා නේ. අර උඩින් ම අයින් කරනවා. විඤ්ඤාණය දක්වා එන්නා වූ එක. විඤ්ඤාණය පවතින්නේ නැති නිසා. කලින් පැවතුනේත් නෑ. අර h1 ප්‍රමාණයකටවත් මේක පැවතුනේ නෑ කියලා කලින් කිව්වේ bell shaped curve එකේ h ප්‍රමාණයටවත්. ඒ කුඩා කාලයක් ම තමයි පවතින්නේ. පවතින්නේ නැහැ කියන එක. එතකොට මෙන්න මේක ගත්තට පස්සේ, ඒ ඉද්ධි පථය මට සිහි කරන්න ඕනෑ වුණේ නෑ. ඒ කියන්නේ ඒ diagram එක සිහි කරනකොට ම ඒකෙන් අර ගැම්ම අඩු වෙනවා. චිත්ත සමාධියේ ගැම්ම අඩු වෙනවා කියන අර්ථය තමන් දන්නවා නම්, ඒක නිසා අලුතෙන් සංස්කාර කරන්නේ නෑ කියන එක ඒ විදිහට එනවා නම් විරියෙන්, අන්න ඒ තත්වයට සිත පත් වුණාහම මට තේරුණා ලොකුවට වෙනසක්.

ඒ වෙනස තමයි ඔය භාවනාව කරනකොට, මට තේරුණා මුල ඉඳන් ම මගේ මේ නළලේ මැද්ද පත්තු වෙලා තියෙනවා. අනිත් හරියත් යම් යම් ප්‍රමාණයකට මට දැනෙනවා කියන එක තියෙනවා. මොකද විමංසාව නේ අතන තියෙන්නේ. ඉහළ ම ඵල චිත්තයන් එහෙම නැංවිලා. එතකොට අර මම පටන් ගත්තේ කොහොම ද? විමංසා ඉද්ධිපාදයෙන් කියනවා කියලා. අර 13 වෙනිදා, මැයි මාසේ 2015 කරපු ධර්මයේ පවතිනවා, පැවැතිය හැකි ය කියන mixture එක, එයා කපන හැටි. එතකොට ඒක නිසා හොඳට විමංසාව මුල ඉඳන් ම ඒක තිබුණා. එතකොට දැන් මේක මේ තත්වයට ආවයින් පස්සේ, ඒ බුදුපියාණන් වහන්සේලා පැවසුවා, “ඡන්ද, චිත්ත, විරිය, විමංසා පරිචිතා” කියලා. ඔක්කොම තියෙනවා.

මට මූණේ වම් අත පැත්ත දැනෙනවා, මේ කම්මුල මේ හරිය සැපයි. දකුණු අත පැත්තත් දැනෙනවා. මේ පැත්ත කම්මුල ඒ හරිය සැපයි. එතකොට මට තේරුණා මේ කතා කරන්නේ ඡන්ද සමාධිය නිසා, ඡන්ද ඉද්ධිපාදය නිසා ඇති වෙන එක වම් අත පැත්තේ. ඔළුව නළල මැද්දෙන් තියෙන්නේ විමංසාව කියන එක. දකුණු අත පැත්තෙන් තියෙන්නේ අර විරිය නිසා ඇති වන, ඇයි කිව්වා නේ දස අකුසලය එපා. දස කුසලය තියෙන්න ඕනෑ. විරිය මගින් ඒ සංස්කාරයන් නවත්වනවා මේ පැත්තේ මේ මූණ සුඛයි. කම්මුල් දෙක සුඛයි. නළල මැද්ද ඒක හොඳට තමන්ට දැනෙනවා. එතකොට මම බැලුවා කොහෙන්ද චිත්තය. මට සැරින් සැරේ නිකට දැනෙනවා කියන එක තියෙනවා. එතකොට චිත්ත ඉද්ධිපාදය? එතකොට රහතන් වහන්සේලා මට කිව්වා ඒ වෙලාවේදි, “ඒක මගින් අනිත් තුන coordinate කරනවා” කියලා. එකතු කරලා නේ තියෙන්නේ. එතකොට මට ඉන්න පුළුවන් එකින් එකට. මේ පැත්ත, ඒ ඡන්ද ඉද්ධිපාදය. මම ඒ පැත්තට මනස යොමු කළා නම් මම ඒකෙන් ඉන්නවා. මෙතන නළල මැද්දට යොමු කළා නම් මට විමංසාවෙන් ඉන්නවා. දකුණු අත පැත්ත මෙතන ගත්තහම, විරිය ඉද්ධිපාදයෙන් ඉන්නවා. මෙතන නිකට දැන ගත්තහම චිත්ත ඉද්ධිපාදයෙන් ඉන්නවා.

මේක මේ 4රේ සලකුණ නේ. මේ 4රේ සලකුණ. මේ පැත්ත ඡන්දය. මේ පැත්ත විරිය. උඩ විමංසාව. මේ පැත්ත චිත්තය. හොඳ ලස්සනට 4රේ සලකුණ මේ මූණේ ම යි තියෙන්නේ. මූණේ ම ඇති වෙලා තියෙන්නේ.

ඉතින් ඒක තමයි කරපු භාවනාව.