ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ පූජාවට පස්සේ. අර පවතිනවා, පැවතිය හැකියි කියන අදහස සිහිපත් කළා. ඒ විදිහට බුදුපියවරු දාහතර නමට වැඳ නමස්කාර කළා.
අද භාවනාවට පෙර ම මම උදේ ඊයේ භාවනාව බලද්දී ඕගොල්ලො දන්නවා, ස්පර්ශ තියෙන කෙළවර පැවතිය හැකි ය. නාමරූප තියෙන කෙළවර පවතිනවා කියන එක. එතකොට මට තේරුණා නාමරූප කෙළවර හරහා තමයි අර පැවතිය හැකි ය කියන එක යන්නේ. විඤ්ඤාණ ධාරාව යන්නේ මේක මත. මොකක් හරි එකක් උඩින් තව එකක් යනවා කියන අර්ථය තියෙන්නේ. දැන් බෝලයක් තියෙනවා නම් බොලේ උඩින් වතුර යනවා නේ ද? අන්න ඒ වගේ. දිය ධාරාවක තියෙනවා නම් ඒක උඩ තමයි අනිත් එක ගමන් කරන්නේ.
එතකොට දැන් බලන්න. අපි නාමරූපයෙන් ආවට පස්සේ ඊළඟට අපි දන්නවා ඕකේ අර ථීනය කියන කෙළවර. ඒ ථීනය කියන කෙළවරදිත් ආපහු අපිට පේනවා ඔය විදිහට ම ධර්මය. කොහොම ද? ඒ සඤ්ඤාවේ ඉඳන් පරාමාසය දක්වා ආවේ පවතිනවා කියන එක. ඒක තමයි අරකේ අර පෙන්නන්නේ ථීනය දක්වා එන එක පරාමාසයෙන්, භය අගති, සෝක, කාම ආශ්‍රව කියන line එක.
ඊට පස්සේ මෙන්න මේක උඩ තමයි අර නාමරූපයෙන් එන එක. දැන් උඩ වේදනාවෙන් අපි එනවා නේ චේතනාවට. ඒක පැවතිය හැකි ය. අන්න ඒක ගලනවා එහෙම නම් ඉදංසච්චය තියෙන තැනට. එහෙම නම් මේක මතයි, මේක solid කියලා හිතන්න. පවතිනවා කිව්වා ම, මොකක් හරි solid එකක්. ඒක උඩ liquid එක යනවා වගේ. ඒක එහා පැත්තට ගියා. ඉදංසච්චයට. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඉදංසච්චය කියන්නේ පෙර කර්මය කියන එක. දැන් 47°ක්, 45°ක් ගියා නම් හරියන්නේ නෑ, 47°ක් ගියා නම් විඤ්ඤාණ ධාරාව ගලනවා. නිත්‍ය කියන සංකල්පයන් එහෙම ඇති වෙනවා.
එහෙම නම් ඊළඟට බලන්න මෝහය කියන කෙළවර. දැන් මෝහය කියන එකත් ආපහු හිතන්න මොකක් හරි අර වගේ වස්තුවක් කියලා. එහෙම නම් එහා පැත්තෙන් එන්නේ, අර උද්ධච්ච කතාවත් එක්ක එන්නේ, පැවතිය හැකි ය කියන එක. ඒක මේ මෝහය මත තමයි ගලන්නේ. ගිහිල්ලා පවතිනවා කියන හැඟීම කියන එක ඇති වෙනවා. ඉතින් හොඳ ප්‍රඥාවෙන් යුතුව බලන කෙනෙකුට මෙතන පේනවා. දැන් ඉතින් මේ සංස්කාරයන් ගිහිල්ලා මැරිලා වැටෙනවා නේ. ඉතින්, මැරිලා වැටෙනකොට කියන්නේ මොකක් ද? “ඇයි ඉතින් අර කලින් කරපු එක තිබුණේ, ඊයේ හදපු එක වැඩ කළේ.” ඒ සංස්කාරයන් ඒක වෙනවා කියලා ඒක මෝහයේ තියෙනවා. එතකොට ඉතින් ඔතෙන්ට එනකොට කෙනෙකුට හරියට පේනවා මේ මෝහය නිසා තමයි මේ පැවතිය හැකි ය කියන එක පවතිනවා කියන එකට යන්නේ.
දැන් ආනෙඤ්ජ සප්පාය සූත්‍රය තේරෙනෙවා නේ ද? පෙර මෝහය. පාණාතිපාතය. දෝස සහිතව ජීවත් වීම, පාණාතිපාතය. ඊයේ භාවනාවේ පෙන්නුවේ මේ දස අකුසලය. මේක උඩයි නේ මේක ඇති වෙලා තියෙන්නේ? ඒක නිසා තමයි මේක කෙරෙන්නේ කියන එක. ඉතින් මට හොඳ ලස්සනට ඒක වැටහුණා. හරි ලස්සනට ඒක පැහැදිලි කරන්න පුළුවන්. පොඩි එකෙකුටත් තේරෙන විදිහට. කොහොම ද?
උඩ සඤ්ඤාවේ ඉඳන් එන්නා වූ කියන එක තියෙනවා නේ. සඤ්ඤාවෙන් එන එක. පවතිනවා කියන එක. හිතන්න පොළොවේ උල්පතක් opening එකක් තියෙනවා. එතකොට පල්ලෙහායින් වතුර පාර එනවා. දිය බුබුලක් වගේ එනවා. අර වේදනාවෙන් එන එක දිය බුබුලක් වගේ හිතන්න. දැන් ඔන්න වතුර පාර ආවා. පරාමාසකායගන්ථය හිතන්න මහා ජලාශයක් කියලා. ඇවිල්ලා, ඇවිල්ලා එකතු වෙලා, එකතු වෙලා තියෙන ජලාශයක්. දැන් මෙතන තියෙනවා මහ විශාල ගලක්, පර්වතයක්. දැන් මේ ජලාශයේ වතුර පාර ගලාගෙන යන්න බැරි වෙන්න තියෙන්නේ මොකක් ද? මහා පර්වතයක්. පර්වතයෙන් තමයි මේක block කරලා තියෙන්නේ. මොකක් ද මේ පර්වතය? ඉදංසච්චාභිනිවෙසකායගන්ථය.
පරාමාසකායගන්ථය මහා ජලාශයකට ගත්තා. ඉදංසච්චාභිනිවෙසකායගන්ථය මහා පර්වතයක්. එක පුද්ගලයකුට මේ පර්වතය මහා විශාලයි. තව පුද්ගලයකුට මේ පර්වතය ඉතාමත් ම කුඩායි. ඕකට අර සිංදුවක් තියෙන්නේ. “කවාලා විළඳ ජාති ඇති කළත් රන් කූඩුවේ ගිරවා, දමාලා යන්නේ ඉගිලී” එහෙම කියලා තියෙනවා නේ ද? එතකොට එක් පුද්ගලයෙක් හිතනවා, මේ ගිරවාට හොඳට කන්න දීලා මේවා කළොත් එහෙම ඌ යන්නේ නෑ. ඕක නාථ දෙවියෝ කියලා තියෙන්නේ. ඒ අදහස දීලා තියෙන්නේ. එතකොට පෙලක් එක්කෙනෙක් හිතනවා මම හොඳට sense pleasures, කාම ඒවා හුඟක් දාන්න, දාන්න, දාන්න මේක පවතිනවා. එයාගේ මේ ඉදංසච්චය කියන පර්වතය මහා විශාලයි. එයා හිතනවා මේකා යන්නේ නෑ. මේ කුරුල්ලා, මේකා ඉන්නවා කියන එක. තේරුණා ද?
ඒක එහෙම වෙන්නෙ නැහැයි කියලා තේරුම් ගත්ත මනුස්සයට තමයි මේ මහා පර්වතය කියන එක ඉතාමත් ම කුඩා වෙන්නේ. පොඩි stone එකක් වෙන්න පුළුවන් තත්වයට. අර වතුර වැක්කෙරෙන්නේ නැත්නම්, පේනවා ද කුඩා වුණාට, වතුර වැක්කෙරෙන්නේ නැත්නම්, ඕක උඩින් යන්නේ නෑ නේ. දැන් ඊට පස්සේ මොකක් ද හිතන්න තියෙන්නේ?
මෝහය කියන එක. දිය ඇල්ල. විශාල දිය ඇල්ලක්. අතනින්, අර පර්වතය උඩින් ගියා ම මේක කඩාගෙන වැටෙනවා. එතකොට මේ පුද්ගලයා හිතනවා, ඒක පවතිනවා. “මේ ඊයේ බැලුවා, මේ දිය ඇල්ල ෂෝක් එකට තිබුණේ. අදත් මේක පවතිනවා.” කියන අර්ථය එයාට තියෙනවා. දිය ඇල්ලත් එක්ක.
එතකොට ඔතෙන්ට ආවට පස්සේ, කෙනෙකුට එනවා තවත් සිංදුවක්. මෝහය කියන point එකට නේ මේ ආවේ. මොකක් ද ඒ සිංදුව? ඒක තමයි, “ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ, හිරු නොනැගේ අවර ගිරේ,” කියලා තියෙනවා නේ. අන්න ඒක. ඒක කියන්නේ ගිරි හෙල් එකක් ගත්තහම ඒක උඩ වතුර නෑ නේ. නේ ද? ඒකේ මානෙල් පිපෙන්නේ නෑ. එතකොට තේරුණා ද මේ කියන එක? අර පල්ලෙහායින් වතුර පාර ගැලුවා කියලා කියන්නේ, භවය. දිය ඇල්ල පල්ලෙහාට වැටුණා නම්, භවය. දැන් මේ භවය තමයි මේ ගලාගෙන, ගලාගෙන යන්නේ. එක භවයක් එක level එකකට වතුර වැටුණා. නිකම් හිතන්නකෝ අර වතුර වැටුණාට පස්සේ මොකද වෙන්නේ? වතුර ගලාගෙන යනවා. මේ හරියේ පොඩ්ඩක් තියෙනවා ආපහු, මේවා තමයි මේ භව කියන්නේ. මේවා වෙවී යනවා. වතුර නැත්නම්? මානෙල් පිපෙන්නේ නෑ. නැවත ඉපදීමක් කියන එක නෑ.
එහෙම් නම් ආවේ කොහොම ද දැන්? මෝහය කියන එක ඇති වුණේ මොකෙන් ද? තණ්හාව කියන වතුර ධාරාව ගැලීම නිසා. තණ්හාව නැත්නම් මෝහ කතාවක් නෑ. මෝහයේ තියෙන්නේ පවතිනවා කියන එකයි, පැවතිය හැකි ය කියන එකයි, අතර. ඒකෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක නැති වුණා නම් මේක නෑ. දැන් අපිට උත්තරේ තියෙනවා. මෝහය. අර සංස්කාර නිසා ඇති වුණා වූ ඒ මෝහය කියන එක තියෙනවා. මෝහය නැත්නම්, වැඩේ ඉවරයි. වතුර ගලන්න දෙන්නේ නැති වෙන්න ඕනෑ. තණ්හාව කියන ජලය ගලන්න දෙන්නේ නැති වෙන්න ඕනෑ. නැත්නම් දිය ඇල්ල ආවා ම අපි හිතනවා permanent. ආස්වාදයත් එක්ක අරක permanent කියලා ඇවිල්ලා ඒක තියෙනවා කියන එක. ඒක මට නම් හොඳට තේරුණා. පුදුමාකාරයි.