Date: 24/07/2015 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා පූජාවට පස්සේ. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. එතකොට මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේත් සිහි කළා. ඒ සිහි කරනකොට අර පෙරේදා කරපු භාවනාව වාගේ අර චේතනාව තියන තැන තමයි එතන කල්පනා කරන්නේ පවතිනවා පැවතිය හැකි ය කියලා. ආපහු අර මව සහ දරුවා කියන විදිහට අර ස්පර්ශයයි නාමරූපයයි. එතෙන්දි කල්පනා කරනවා මේ මව තියෙන පැත්ත, පැවතිය හැකි ය. නාමරූපය, පවතිනවා කියන එක. ඉතින් මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඒ මම කලින් කරපු භාවනාව ම නැවතත් මම කරගෙන ගියා. ඒ භාවනාවේ තියෙන්නේ ඒ කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත. එතකොට කවුරු හරි පුද්ගලයෙක් ඒ ජරාවට කැමති වෙනවා නම්, කාමච්ඡන්ද. අපි දන්නවා ඒ රේඛාව දික් කළහම ජරාවට එන්නේ. අනිත් පැත්තෙන් ගත්තහම පදුට්ඨමනසඞ්කප්පය. ඒකත් ගොඩනැංවිලා තියෙන්නේ ඔය ජරාව කියන කතාවත් මත ම තමයි.

ඉතින් මං ජරාවට කැමති වෙනවා නම් මං ව්‍යාධියට කැමති වෙන්න ඕනෙ. ඒ වගේ ම මම මරණය කියන එකටත් කැමති වෙන්න ඕනෙ. ඒක නිසා ඇති වෙන්නා වූ යම්කිසි තෙහෙට්ටුවක්, ධර්මය දීමට හරි ඇති වෙන්නා වූ තෙහෙට්ටුවක් තියෙනවා ද ඒකටත් කැමති වෙන්න ඕනෙයි කියන එක තියෙනවා. ඉතින් මේක කෙනෙක් හොඳට තේරුම් ගන්නවා නම් එයා ඒ ධම්මමච්ඡරිය කියන එක අතහැරලා දානවා. ඒ කියන්නේ වේදනාවේ ඉඳන් චේතනාව දක්වා එන්නා වූ line එක. ඊළඟට ආපහු අපිට පේනවා දැන් ගෞතම බුදුහාමුදුරුවෝ පෙර භවයක ඒ දීපංකර බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරනවා දැකලා සිතක් පහළ වුණා නම් මමත් මේ වගේ වෙනවා කියලා, ඒ ගෞතම බුදුහාමුදුරුවෝ ඒ බුද්ධත්වය පත් වෙන අවස්ථාවක කල්පනා කරනවා අර කලින් ගත්තා වූ සඤ්ඤාව ම තමයි මේ තාමත් දුවන්නේ කියලා. එහෙම නම් අන්න ඒ සඤ්ඤාවත් අයින් කරනවා නම් සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එනවා කියන එකත් නැති වෙනවා.

ඊට පස්සේ ආපහු අපිට තියෙනවා මේ පරාමාසකායගන්ථයේ ඉඳන් චේතනාවට තිබෙන්නා වූ එක. ඒක අත්තා කියලා අර ඇති වෙන්නේ පෙර පරාමාස වෙච්ච දේවල් උඩ. එතකොට අන්න ඒකත් අපි අයින් කරන්න ඕනෙ. එතකොට ඒක අයින් කරන එක ඉතින් අපි දිගට පෙර භාවනාවෙදි පෙන්නලා දීලා තියෙනවා. දැන් අපි මේ විදිහට බැලුවහම අපිට පේන්නේ මොකද්ද? මේක හරියට මේ වතුර පහරක් ගලාගෙන යනවා. බෝලයක් වාගේ එකක් තියෙනවා නම්, බෝලයෙන් ඒක වතුර පහර block වෙනවා නම් ඒක උඩින් ටිකක් එකතු වෙලා එකතු වෙලා ඊට පස්සේ උඩට යනවා. ආන්න ඒ වගේ මේ ධර්මයන්ගෙන් පෙන්නන්නේ වම් අත පැත්තේ ඉඳන්, ස්පර්ශය පැත්තේ ඉඳන් ම ඇවිල්ලා එන්න එන්න, එකතු වෙලා එකතු වෙලා ඉතින් අර block වෙවී block වෙවී තියෙනවා. Ponds වාගේ ඒවා හැදෙනවා. ඉතින් ඒකෙන් වතුර පිරිලා ඊට පස්සේ එහා පැත්තට, බෝලෙන් එහා පැත්තට යනවා කියන එක.

ඉතින් මේකෙන් අපි තේරුම් ගත්තා. ඔය පරාමාසයේ ඉඳන් උඩ චේතනාව දක්වා තිබෙන රේඛාව ඒක 47° න් දකුණු අත පැත්තට rotate වෙලා යනවා නම්, එහෙම නම් විඤ්ඤාණ ධාරාව ගලනවා. ඒ කියන්නේ මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට තියෙන රේඛාව 90° න් දකුණු අත පැත්තට කැරකෙනකොට, පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා තියෙන රේඛාව 47° න් වාගේ කැරකෙනවා නම් විඤ්ඤාණ ධාරාව ගලනවා කියලා මණ්ඩලාධිපති බුදුපියා කලින් භාවනාවක පෙන්නා දුන්නා. එහෙම ගලනවා නම් ඒ මනුස්සයෙකුට ඇති වෙනවා දැන් පවතිනවා කියන හැඟීමක් එයාට ඇති වෙනවා. ඒ කියන්නේ fan එකක් හරි වැඩ කරනවා. අන්න ඒ වාගේ හැඟීමක් ඇති වෙනවා. එහෙම ඇති වුණහම ඒකට අපි උද්ධච්ච වෙනවා. මාන වෙනවා. එහෙම වුණහම, ඒ කියන්නේ විඤ්ඤාණයේ ධාරාව ගැලීම. ඉතින් එයාට නිත්‍යයි. ගලනවා කියන හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඕක එනවා කැරකිලා ගිහිල්ලා අන්තිමට මෝහය කියන තැනට එනවා. ඉතින් අපි මේ පෙරේදා භාවනාවෙත් ඉගෙන ගත්තා මේ මෝහය කියන එකෙන්, ඒ පැත්තෙන් ඒ පැවතිය හැකි ය කියන කතාව එනවා. මෝහය කියන එකත් දැන් හිතන්න පර්වතයක් වගේ කියලා. එතකොට ඒක උඩ base වෙලා තමයි අපි ඒ මෝහයේ ඉඳන් අපි යන්නේ පරාමාසකායගන්ථය කියන එකට. ඉතින් අපි ඕක පෙන්නලා දීලා තියෙනවා මේ lines 5, ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට එන්නා වූ එක. Line 6 එක කියන එක මෝහ අගතියේ ඉඳන් පරිදේවයට එන්නා වූ එක. ඊළඟට පරාමාසයේ ඉඳන් ඔය පරිදේවයට එන එක line 7 කියලා. ඉතින් මේ තුන ම එක්කහු වෙලා, වතුර පාරවල් තුනක් ම එක්කහු වෙලා 8 වෙනි එක භය අගතියට යනවා කියන එක. දැන් අපි කල්පනා කරමු මෙතෙන්ට ආවාට පස්සේ එහෙම නම්, ඒ කියන්නේ පරිදේවය කියන තැනට ආවාට පස්සේ, අපිට පවතිනවා කියන හැඟීමක්, මෝහය නිසා ඇති වෙලා තියෙනවා. ඉතින් අර දිය පහර ගැන කියපු අයට තේරෙනවා මේක ඇත්තට ම කියනවා නම් කඩාගෙන වැටෙනවා. ඒක තමයි අපි මේ අරගෙන තියෙන්නේ ඉතින් නිත්‍යයි කියන කතාවක් එහෙම ඇවිල්ලා තියෙන්නේ.

මෙතෙන්ට ආවහම එහෙම නම් අපිට කාරණා දෙකක් පෙන්නනවා. පරාමාසයට, පෙර පරාමාස වූ ධර්මයන් නිසා සෝකයට යන්නා වූ එක පාරක් පේනවා. අනිත් පැත්තට, පරාමාසයට පරිදේවයේ ඉඳන් එන්නා වූ line එකත් එක්ක කතාවක් පේනවා. ඉතින් අපි දන්නවා අපි අර භාවනාවන් කළා, එතෙන්දි ඉගෙන ගත්තා අර චිත්තපාගුඤ්ඤතා කියලා කලින් භාවනාවක්. ඒකෙදි අපි ඉගෙන ගත්තා ඒ proficiency of mind කියන එකේදි, අර “සෝක නොවන්නේ පෙර පරාමාස වූ ධර්මයන්ට නොසැලී සිටින්නේ ය.” ඒ කියන්නේ අපි ඔක්කෝම දේවල් ඔය 5, 6, 7 වාගේ කඩාගෙන ගියාට මොකද, අපිට පේනවා අපි පෙලක් වෙලාවට මේ ඔය කෙනෙක් අසනීප වුණහම එහෙම ඔක්කෝම අපි භාවනාවන් එහෙම නවත්තලා මේ මනුස්සයාව ගොඩ ගන්නෙයි කියලා දුවනවා වගේ අර්ථයන් තියෙනවා නේ. එතකොට එහෙම නම් ඒ පෙර පරාමාස වූ දේවල් තමයි අපේ ගලාගෙන එන්නේ සෝකයට. අන්න ඒක නවත්තන්නට ඕනෙ කියන එක. චිත්තපාගුඤ්ඤතාවයෙන් ඒක තමයි කරන්නේ. ඒක ගලන්න දෙන්නේ නෑ. ඒවා නොසැලී සිටිනවා. ඒ කියන්නේ දැන් බෙහෙත් කළා ය කියන කතාවක්වත්, මේක අසනීප වුණා ය කියලා, දැන් අපි භාවනා කරනකොටත් පපුවේ අමාරුවක් එනවායි කියලා හිතන්න. මැරුණා වුණත් සලකන්නේ නැති වෙන තත්වෙට චිත්තපාගුඤ්ඤතාවය එතන තියෙනවා. සෝකයට යන්නේ නෑ කියන එක.

ආපහු අපි ඉගෙන ගත්තා කායපාගුඤ්ඤතා කියන එක. Proficiency of mental states කියන එක. එතෙන්දි, ඒ භාවනාව වෙනම බලන්න ඕනෙ වෙනම මේ වෙලාවේ කියන්න බැහැ. එතෙන්දි අපි බැලුවා සඤ්ඤාවේ ඉඳන් චේතනාවට. වේදනාවේ ඉඳන් චේතනාවට. පරාමාසයේ ඉඳන් චේතනාවට. එතෙන්දි පෙන්නුවා සාරම්භය කියන එක ඉවත් කර පසුව, මේ තුන් ධර්මයන් නිසාවත් අලුත් සංස්කාර කළ නොහැකි බව දැනගන්නේ නම්, හඳුනා ගන්නවා නම් ආන්න එතනදි ඒ කායපාගුඤ්ඤතාවය වෙනවා කියලා. දැන් එහෙම නම් ඔය කාරණා දෙක අර අපි කිව්වේ අර ගෞතම බුදුහාමුදුරුවන්ගේ ඉඳන් ම ඒ කතාව. මෙතෙන්ට එන එක නේ ද? ඒ චේතනාවට එන්නා වූ කාරණා තුන. මෙන්න මේ දෙක ගළපන්න. ඔය කිව්ව ධර්මයත් එක්ක. අපි මුලින් කිව්ව කතාවයි දැන් ධර්මයයි එක්ක ගළපලා බලන්න. හරි ලස්සනට පේනවා.

හරි ලස්සනට පේනවා කියන්නේ අපි පරිදේවය කියන තැනට ආවහම අපි සබ්බාසව සූත්‍රයේ දී ඉගෙන ගත්තා කොහොම ද ධර්මය ගලන්නේ කියලා. කාරණා තුනකින් ගලනවා. පළවෙනි කාරණාව තමයි අර line 6 එකේ එන එක. විඤ්ඤාණ ධාරාව ගැලීම නිසා අර උද්ධච්චය වෙලා කිව්වා මේක කෙරෙනවා කියලා. එයා මොකද කරන්නේ එයාගේ ඇඟිල්ල දික් කරලා පෙන්නන්නේ සඤ්ඤාවට. කාමරාග අනුසය හරහා සඤ්ඤාවට එයාගේ අර්ථයක් දෙනවා පවතිනවා කියන එක. ඇයි? උද්ධච්ච පැත්තෙන් ආවා මෝහය කියන මහා පර්වතයට පැවතිය හැකි ය කියන එක. දැන් මෙයා කියන්නේ පවතිනවා. ඒ පවතිනවා කියන එක සඤ්ඤාවට එයා ගෙනියනවා. ඒක එකක්. ආයෙත් අපි ඉගෙන ගත්තා ඒ සබ්බාසව සූත්‍රයේ ඒ diagram 3 වලදි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එන නිසා මේක සිද්ධ වෙනවා කියලා. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ආවායින් පස්සේ එතන අපිට තියෙනවා අර 50% පාර කතාව.

එහෙම නම් අපිට ආපහු පේනවා වේදනාවේ ඉඳන් චේතනාවට එන කතාවත් එනවා කියන එක. අනිත් අතට ගත්තහම එයා කාම ආශ්‍රවයෙන් රාග සල්ලය, රූපය කියලා එනවා. රූපය ස්පර්ශ කරලා ස්පර්ශයෙන් සඤ්ඤාව. එතන ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට එනකොට “අම්මා”, පැවතිය හැකි ය කියන එක. මේ පැත්තෙන් ආවේ, පවතිනවා කියන එක. ඔන්න ඔය point එක තමයි හොඳට බලන්න ඕනෙ. සඤ්ඤාවට ආවා අපි දෙපැත්තකින්. රූපය ස්පර්ශ කරනකොට පැවතිය හැකි ය කියන එක එහෙනම් ආවා ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන කතාව එතන. මේ පැත්තෙන් ආවා, පරිදේවය හරහා ආවා, පවතිනවා කියන එක, විඤ්ඤාණ ධාරාව පැවතීම නිසා. ඔන්න ඔතන තමයි ලොකුවට ම අර අත්තා කතාව මුදුන්පත් වෙලා එතන ඇවිල්ලා තියෙන්නේ. ඒවා තමයි අර පල්ලෙහාට ගිහින් තියෙන්නේ. මෙතනින් තමයි මේ වැඩේ යන්නේ. ඒ සඤ්ඤාවෙන් කියන එකෙන්.

ඉතින් දැන් අපි, තවත් පාරක් තියෙනවා නේ. ඊළඟට පෙන්නන්නේ line 8 එක, දිට්ඨි අනුසය. වේදනාව සුඛය කියන එක, පරාමාස වුණා. ආන්න එතනින් අත්තා. ඒ කියන්නේ ආපහු අපි පෙන්නනවා පරාමාසයේ ඉඳන් චේතනාවට. දැන් අපි මුලින් සාකච්ඡාවේදි කිව්වා නේ කාරණා තුනකින්. මේ චේතනාවට එන්න දෙන්නේ, අර ගෞතම බුදුහාමුදුරුවෝ අතහරිනවා, වෙහෙස නිසා අතහරිනවා කියලා ඒ කෑලි තුන නේ ද? දැන් මෙතන පල්ලෙහා එක නිසා ආපහු ඔන්න ඔය කෑලි තුනට තමයි අපි කොහොම හරි එන්නේ. එතකොට චිත්තපාගුඤ්ඤතාවයයි, කායපාගුඤ්ඤතාවයයි කියන එක භාවිතා කරලා මේකේ කොයි පැත්තකටවත් යන්නේ නෑ. අර උඩින්, ඒ කියන්නේ පරාමාසයට යම්කිසි දෙයක් ඇතුල් වෙලා තියෙනවා ද, පෙර පරාමාස වෙලා තියෙනවා ද, ඒක නිසා සෝක නොවනවා කියන එක චිත්තපාගුඤ්ඤතාවයෙන් අපි අයින් කරනවා. කායපාගුඤ්ඤතාවයෙන් අපි ඉගෙන ගත්තා අර සාරම්භය නිසාවත් ආදී වශයෙන් අපි තේරුම් ගත්තා නේ ද? එතකොට ඒක එන්න දෙන්නේත් නෑ.

ඉතින් මෙතෙන්දි ධර්මය සියුම්. ධර්මය අමාරුයි. ඒ කියන්නේ අපේ, අපිට පේනවා මේ, ඒ proficiency එක කොච්චර දුරට තියෙන්න ඕනෙ ද? දැන් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කිව්වහම කෙනෙක් කල්පනා කරන්න ඕනෙ, මම රූපේ කෙළවර එක පැත්තක්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය තව පැත්තක්. අන්න ඒ තරම් දුරකට ඒකේ තියෙනවා නේ. ඒ දක්වා ම මම මේ කිසිම range එකකට මං මේක කරන්නේ නෑ, මේක සඤ්ඤාවන් ඇති කරගන්නේ නැහැයි කියන එක. මේ පවතිනවා කියන එකත් බොරු. පැවතිය හැකි ය කියන එකත් එතන බොරු ය කියන එක ඒක හොඳට ම වැටහෙනවා නම් ඉතින් අර සත්‍ය කියන එක ඒ පුද්ගලයාට වැටහෙනවා කියන එක තියෙනවා. භාවනාව අමාරුයි. හැබැයි ඉතින් බොහොම හොඳ භාවනාවක්. ඒක තමයි මං කරපු භාවනාව.

දැන් ඕක තේරුම් ගත්ත මනුස්සයාට දැන් එහෙනම් පේනවා මේ වතුර ටැංකියේ ප්‍රශ්නේ. වතුර තටාකයේ. වතුර තටාකයේ වතුර යනකොට අපි මොකද කරන්නේ? අපි උස්සනවා. එන්න එන්න බැම්ම උස්සනවා. බැම්ම උස්සන්න උස්සන්න තව වතුර එනවා නම් මොකද වෙන්නේ? තාමත් වතුර අරක හරහා උඩින් ගලනවා. තේරෙනවා නේ. මේක කරන්න බැහැයි කියලා කෙනෙකුට තේරෙන්න ඕනෙ නේ. මං වතුර එක්කහු කරනවා නම්, එක්කහු කරන්න කරන්න වතුර පිරිලා, දැන් මේ ඉදංසච්චය තමන් උඩ වෙන්න උඩ වෙන්න එයත් උඩට යනවා, මේ පැත්තෙන් එකතු කරන ඒවත් එනවා, ඉතින් මේක ගලනවා කියන එක ඒක සිද්ධ වෙනවා. ඒක තේරුම් ගත්ත මනුස්සයා වතුර pond එක flat වෙන්න අරිනවා. හදන්නේ නෑ. ආන්න එතකොට අර තමන්ට පේනවා මේ, එයා තේරුම් ගන්නවා. අර කවාලා විළඳ ජාති කියන කතාව හොඳට තේරෙනවා නේ. මේක කොච්චර කළත් මේක පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒක ගැලවිලා යනවා. එතකොට වතුර ටික ගිහිල්ලා ඉතින් pond එකක් නෑ. ඉදංසච්චය උඩ ගැනිල්ලකුත් නෑ. මොකක්වත් නැහැයි කියන එකයි. තණ්හාව සම්පූර්ණයෙන් එතන ගිහිල්ලා.