ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.
එතකොට එතෙන්දි මම කල්පනා කරන්නේ අර මෙතන තියෙනවා නේ නිත්‍යභාවයක්. මෙහෙන් අත්තා කියලා එනවා විඤ්ඤාණයට, මෙතන තියෙනවා නිත්‍යභාවය. එතකොට මෙතන තියෙනවා පවතිනවා කියන එක, මේ පැත්තේ තියෙනවා පැවතිය හැකි ය කියන එක. ඊළඟට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට මම කල්පනා කළා මෙතන අත්තා, මේක උඩ පැත්තටයි ඒක ගන්න ඕන. මේ පැත්තෙන් අර සුඛය කියන එක එනවා. ඒක නිසා ඇති වෙන්නා වූ දේ මේක, මෙතන පැවතිය හැකි ය, මෙතන පවතිනවා කියන එක ඒකත් සිද්ධ වෙන්නේ නෑ. ඊළඟට ධම්මාධිපති බුදුපියාණන් සිහි කරනකොට මේ පැත්තේ තියෙනවා නාමරූප. අන්න ඒක තමයි පවතිනවා කියන එක. වම් අත පැත්තේ ස්පර්ශය. එතකොට මේ විදිහට මේක වෙන්නේ නැහැයි කියන එක සහගතව ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊට පස්සේ ඒ භාවනාව මම කළේ ලෝභය නැති කරමි. කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත. එතකොට පදුට්ඨමනසඞ්කප්පයෙත් තියෙන්නේ මෙන්න මේ ගුණය ම යි. එතකොට අපි ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි, මරණයන්ට කියන ඒවාට කැමති වෙනවා. ධර්මය දීමට හරි තෙහෙට්ටුවට කියන එකටත් කැමති වෙනවා. මේක තේරුම් ගත්තා නම් මේ ධම්මමච්ඡරිය කියන එක වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට යන එක, ඒක කපාගෙන යනවා. ඊට පස්සේ අපිට ආයෙත් පේනවා ගෞතම බුදුහාමුදුරුවෝ පෙර භවයක අර දීපංකර බුදුහාමුදුරුවෝ බණ කියනවා දැකලා බුද්ධත්වයට පත් වෙන්න මමත් මෙහෙම කරනවා කියලා ඇති වුණා නම් අන්න ඒ සඤ්ඤාව නිසා මෙතන චේතනා වෙනවා කියන එක, ඒකත් අයින් කරලා දානවා. ඒ සඤ්ඤාව ම තමයි තාමත් පවතින්නේ කියලා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ පරාමාසකායගන්ථයේ ඉඳන් උඩට, චේතනාව දක්වා, ඒ අත්තා කියලා එන්නා වූ එක. ඉතින් ඒක අපි ඉගෙන ගත්තා අර 47°ක් කැරකිලා ඒ විඤ්ඤාණ ධාරාව ගැලීම හේතු කොටගෙන අපිට ඇති වෙන්නා වූ දේ. අපි තේරුම් ගත්තා මේක ගැඹුරට ඒක බලන්න ඕනෙ කියන එක.
එතකොට මේක මෙහෙම කරගෙන ආවාට පස්සේ, මම ආවේ චිත්තුජ්ජුකතා කියන භාවනාවට ඔය point එකේදි. ඒ අවස්ථාවේ දී අපි දන්නවා මේ මෙතන සඤ්ඤාවෙන් මේ පැත්තට ඇතුල් වෙනවා කිව්වට මෙතන තියෙන්නේ අර සුඛ යැයි කියන එක. “5.4, සුඛය මැරිලා. ඒ කියන්නේ අත්තා කියන එක මැරිලා.” මේ වෙලාවෙදි කල්පනා කරන්න ඕනෙ ඔන්න ඕක. අපි හිතමු ඕක 1 යි කියලා ඔය අපි කියපු ඔය වාක්‍යය. ඒක arising of atta. අත්තාගේ හටගැනීම කියන එකයි අපි මේ කතා කරන්නේ. එතකොට ඒ කියන්නේ මේ පැත්තේ සුඛය ඇවිල්ලා තමයි අපි මේ අත්තා කියන කතාව තියෙන්නේ.
ආපහු අපිට දෙවනි වාක්‍යය හැටියට හිතාගන්න පුළුවන් “සුඛය නිසා හටගත්තා වූ අත්තාත් මැරී ඇත.” රහතන් වහන්සේ මේක කිව්වා නේ කලින්. එතකොට ඒ සුඛය නිසා හටගත්තා වූ අත්තාත් මැරී කියලා කිව්වහම මේක කල්පනා කරන්න ඕනෙ මේ already arisen atta කියන එක. දැන්, ඇති වෙලා තිබෙන අත්තා, තියෙනවා නේ. අන්න ඒක. ඒ කියන්නේ ඕගොල්ලන්ට පේනවා මේ මෝහ සල්ලයේ ඉඳන් ඉදංසච්චයට තිබෙන්නා වූ රේඛාව අපි ඕක X කියලා කිව්වොතින් උඩ පැත්තට ආපු එක නිත්‍යයි, පෙර නිත්‍යයි කියලා අපි මෙතනින් ලකුණු කළා. එතකොට ඒක 90°ක් මෙහෙම කැරකෙනවා. දකුණු අත පැත්තට ගියා. 180° යි, ඔහොම ගිහිල්ලා මෙතන්ට එනවා.
එහෙම නම් මෙතන අපි දන්නවා තියෙනවා කියලා පරිදේවය. එතකොට ඒ පරිදේවය මේක අස්සට ගිහිල්ලා ඉවරයි. ආන්න ඒක තමන් තේරුම් ගන්නවා ඒ පෙර අත්තා වූ කියන දේ පරිදේව වෙලා ඉන්නවා කියන එක. ඉතින් අන්න ඒ අවස්ථාවේ දී කෙනෙකුට වැටහෙනවා අර අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක තියෙනවා නේ. මොකද මේ මෙතනින් ආපහු ආපු අත්තා කියන කතාව තමයි මෙතනින් එන්නේ. මෙතන පල්ලෙහා පෙර නිත්‍යයි කියන එක අපි මෙතනින් ලියාගත්තොතින් කෙනෙකුට ඒක වැටහෙනවා. මේක දිගට ම යනවා නේ උඩ අතට කිව්වහම. එතකොට ඒක තමයි දැන් ගිහිල්ලා තියෙන්නේ.
දැන් එතකොට අන්න ඒ අවස්ථාවේ දී ඒ තමන්ට ඔය, මෙන්න මේ පථය තමන්ට පේනවා මෙතන 1, ඔතන විඤ්ඤාණය ධාරාව ගැලුවා. ඒක නිසා නිත්‍යයි. ඒකෙන් ආවා පල්ලෙහාට දිට්ඨි ආශ්‍රවය. දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලය. දිට්ඨි සල්ලයෙන් අපි ගියා උඩට. එතනින් ආවා 4 මනොසඤ්‌චෙතනාව. 5 අත්තා. එතනින් එනවා අවිද්‍යා ආශ්‍රවය කියන එකට. එතකොට මේ පුද්ගලයාගේ මේ චිත්තුජ්ජුකතාවය කියන එක ඇති වෙනවා මෙන්න මේ නිත්‍යභාවය මේක නැතෙයි කියන එක උඩ. මෙතන නිත්‍යභාවය ආවේ කොහොම ද, මේක අර පෙරළිලා පෙරළිලා ඇවිල්ලා. ඒ කතාව නැතෙයි කියලා ගත්තහම අන්න චිත්තුජ්ජුකතාවය කියන එක එනවා.
ඉතින් මතක තියාගන්න මෙතන මේ නිත්‍ය කතාව ම තමයි මෙතන යම්කිසි ආකාරයකට හැඟීම් සහගතව තියෙන්නේ. එහෙනම් අපි මේක යම් ආකාරයකට ඉවත් කළා කියන එක තමන්ට තේරෙන්න ඕනෙ. එතකොට ඔය චිත්තුජ්ජුකතාවයේදි රහතන් වහන්සේ පෙන්නනවා අර “නිත්‍ය වීමට තුඩු දෙන්නා වූ එන්නා වූ ගැම්ම” කියන එක තමයි ඉවත් කරන්නේ කියලා. නිත්‍ය වීමට තුඩු දෙන්නා වූ එන්නා වූ ගැම්ම. මෙතන්ට ආවා නම් ඒ නිත්‍යභාවයක් කියන එක අපිට ආවා නම් ඉතින් ආපහු මේ කතාව ක්‍රියාත්මක වෙනවා නේ. පේනවා ද මෙහෙන් ආවා. පහළට ගිහිල්ලා මෙහෙන් ඇවිල්ලා ආපහු නිත්‍ය කතාවකට අපි. ධාරාව ගලනවා. ඒ කොටින් ම කියනවා නම් ඉතින් ඔතන හය වෙනි ධ්‍යානයේ ඉඳන් හත් වෙනි ධ්‍යානය දක්වා අතර මැද කතාවක් තමයි මේ චිත්තුජ්ජුකතාවය කියන එකේ තියෙන්නේ. ඒකෙදි හත් වෙනි ධ්‍යානයත් ඒක ඇතුළත් වෙනවා. ඒක දක්වා ම ඒ කාරණාවන් තියෙනවා කියන එක තියෙනවා.
දැන් ඊළඟට මං බැලුවේ කායුජ්ජුකතාවය කියන එක. ඒක straightness of the body කියන එක අපි දන්නවා නේ නේ ද? ඉතින් ඒකෙදි මම අර අපි කලින් අපි සඳහන් කරලා තියෙන දේ මම නැවතත් කියවන්නම් මතක් වෙන්න. එතෙන්දි අපි පෙන්නනවා ඔය 5.4 සුඛ වේදනාව මළා. ඊට පස්සේ අලුත් අත්තා හැදුවා. කොහොම ද අලුත් අත්තාව කියන එක හැදුවේ? ආකිඤ්චඤ්ඤායතනය. දැන් මෙතන මේ සුඛය මළාට පස්සේ එයා කියනවා දැන් එහෙනම් මං සඤ්ඤාව අල්ලගෙන ඉන්නම්. නේ ද? ආකිඤ්චඤ්ඤායතනය ඒ වාගේ එහෙම නැත්තන් ඒකට වඩා වැඩි දෙයක්. ඒක භාවිතා කරනවා.
ඉතින් අපි චිත්තුජ්ජුකතාවය කියන එක භාවිතා කරලා දැන් ඉස්සෙල්ලා කිව්ව චිත්තුජ්ජුකතාවය කියන එක භාවිතා කරලා නිත්‍යභාවයක් නැති නිසා අපි අයින් කරනවා නම්, අපි අට වෙනි රවුමට එනවා නේ. අට වෙනි රවුමේ දී අපි දන්නවා ථීනමිද්ධය කියන එක ථීනය කියන එක අපිට සකස් වෙලා තියෙනවා. එතකොට ඒ ථීනය බව හටගන්නා බව දන්නේ තවදුරටත් කැරකැවීම නොකරන්නේ ය. අවිද්‍යා ආශ්‍රව නොවේ කියලා අපි කලින් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මම ආවා දිට්ඨි ආශ්‍රව කතාවට එතනින් එහා පැත්තට මං අවිද්‍යා ආශ්‍රවයට යන්නේ නැහැයි කියන එකයි එයා කියන්නේ. මෙසේ නොවන්නේ නම් ථීන සහගත වූ චිත්තය කර්ම රැස් නොකරයි. අලුත් සංස්කාර නිසා වන අත්තා ස්වභාවය නවතියි කියන එක තියෙනවා. එතකොට ඉදංසච්චය කියන එක උදුරා දමනවා කියලා අපි කලින් ඉගෙන ගත්තා.
මෙතෙන්දි මේ කතා කරන්නේ නිත්‍යභාවය ම ඉවත් කරනවා. මතක ද අපි සාකච්ඡා කළා අර second opinion එක එහෙම භාවිතා කරලා තමයි දුවන්නේ. මේක අර ගිය අවුරුද්දේ අර නෙලුම්ලාගේ ගෙදර වැඩසටහන කරනකොට අවබෝධ කරගත්තා වූ ඒ ධර්මය. එතෙන්දි පෙන්නුවා නේ මෙතන මේ ථීනමිද්ධ අවස්ථාවේ දීත් මේ විඤ්ඤාණ ධාරාව ගලනවා. අවිද්‍යාව කියන එක එතන ඒ විදිහට තියෙනවා කියලා. අන්න ඒ අර්ථයයි ඔය අපි මෙතෙන්දි කතා කරන්නේ.
දැන් එහෙම නම් ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කරලා බලන්න.
මේ පැත්තෙන් ආවේ මොකද්ද? උද්ධච්ච කතාව. ඒ කියන්නේ පැවතිය හැකි ය. ඒ කියන්නේ වතුර ධාරාව ගලනවා. එහෙමත් නැත්තන් තණ්හාව කියන කතාව තමයි ඒ ආවේ. මෙතන තියෙන්නේ මෝහය. දැන් හිතාගන්න බලන්න මේ ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහාට තියෙනවා කියලා යම්කිසි එකක් හැදිලා තියෙනවා. අපිට නිතර ම අපි නිතර ම හිතනකොට අපි හිතන්නේ මොකක් හරි එකක් උඩින් යනවා කිව්වහම අර යට පැත්තට ගත්තහම හිතාගන්න අමාරුයි මනුස්සයින්ට. එතකොට මෝහය කියන එක දැන් අපි හිතමු ගලක් වාගේ ලොකුවට තියෙනවා කියලා. කොහොම ද ඒක ඇති වෙලා තියෙන්නේ? අර පෙර අවිද්‍යාවන් නිසා. දැන් අපි කිව්වා නේ චිත්තුජ්ජුකතාවය එනකොට මෙතන මේක ගැලෙව්වා කියලා යම්කිසි ආකාරයට. නමුත් මේකේ post effect එක තියෙනවා නේ. අතන අවිද්‍යා ආශ්‍රවය නම් මේක මෝහයෙන්. තේරුණා ද? අරක නිසා මේක ගැලෙව්වා වුණත් අර කලින් ආපු එක නිසා ඇති වුණා වූ ගැම්ම වාගේ එක තියෙනවා. දැන් ඒක ගලක් වගේ නම් දැන් මෙහෙන් ආපු වතුර පාර තණ්හාවෙන් ආපු එක මේකට උඩින් යනවා කියන එක තියෙනවා.
ඉතින් ඒකෙන් ගිහිල්ලා තමයි අපිට අර, මේක යන්නේ කොහාට ද? කෙළින් ම අර සඤ්ඤාව දක්වා නේ. පැවතිය හැකි ය කියන කතාවට. ඉතින් ඔන්න ඔතෙන්දි තියෙන්නේ අර නිත්‍යභාවය ම ඉවත් කරලා වුණා වූ දේ ගැන තමයි එතන අපි බලන්නේ. මෙතනදි අපේ තමන්ගේ මනස අර කායුජ්ජුකතාවය කියන එකට තමන්ට ඇති වෙනවා. ඒ කායුජ්ජුකතාවය ඇති වුණායින් පස්සේ ඉතින් මගේ නම් මනසේ මේ පුදුමයි. පුදුමාකාර විදිහට ඒක පවතිනවා. ඉතින් රහතන් වහන්සේ කිව්වා මෙතෙන්දි තියෙනවායි කියලා මේ “චිත්තපාගුඤ්ඤතාවයයි, කායපාගුඤ්ඤතාවයයි” අර ඊයේ කරපු භාවනාවේ එක තියෙනවා. මොකද ඒ හේතුව? ඊයේ අරක කරපු නිසා ඒකේ බලපෑම. මෙතනින් නතර වෙන්නේ නෑ. ඒ straightness එකෙන් ඒක පැවතිලා ඒ තමන්ගේ තියෙනවා කියන එක තියෙනවා. තමන්ට කැමති කාලයක් ඉන්න පුළුවන් කියන එක හොඳට වැටහෙනවා ඒකෙදි. මොකද මෙතෙන්ට ආවා නම් අපි මේ පථය ක්‍රියාත්මක කරනවා නේ. දැන් මේක අවිද්‍යා ආශ්‍රවය කියන එක මගේ ඒක තියෙනවා නම්, මෙතන අවිද්‍යා ආශ්‍රවයෙන් මෙතන දිට්ඨි ආශ්‍රවයට ඇවිල්ලා මේකේ යන්නා වූ එක. දැන් මෙතනදි පේනවා නේ ද හරි ලස්සනට මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ පථය. අපි දැනගෙන හිටියා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා මේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් මෙතෙන්ට අපි කෙළින් ම මේ බය අගතිය දක්වා එනවා කියලා.
ඒක කොහොම ද වෙලා තියෙන්නේ? දැන් හරි ලස්සනට පේනවා. එයා මෙතන කෑල්ල ගැන, මේ පරිදේවයට එන කෑල්ල ගැන රහතන් වහන්සේ කිව්වේ, එයාට සඤ්ඤා නැතෙයි කියලා. එයා ඇවිල්ලා තියෙන්නේ මෙහෙන් නේ. තේරෙනවා ද? අර තණ්හාවෙන් එන්නා වූ මෙතන කෑල්ල තියෙනවා. උද්ධච්චය පැත්තෙන් එන්නා වූ එක. මෙයා මෙතනින් ආවා නේ මේ අත්තා කියලා මෙතන දිට්ඨි ආශ්‍රවයට ආවා නම් දැන් එහෙනම් එයා දිට්ඨි ආශ්‍රවයෙන් මෙතන දිට්ඨි සල්ලයට. අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලයට ඇවිල්ලා මේ ගමන යනවා. ඒ කියන්නේ පරිදේව කියන තැනට එයා line 5 එකේ එන්නේ නෑ. Line 6 එක හරහා ඇවිල්ලයි මෙතන්ට ඇවිල්ලා තියෙන්නේ. එයා skip කරනවා අර කෑල්ල. 5 එක එපා. රෝගී සඤ්ඤාව. මේකේ එන්නේ රෝගී සඤ්ඤාව. ඒක අයින් කරනවා කියන එක තියෙනවා. ඒක හරි ලස්සනයි. ඒ කෑල්ල අයින් කරා. එයා මේ පැත්තෙන් එයා short cut එකක් හදාගෙන තියෙනවා මේක හරහා ඇවිල්ලා එයාගේ වැඩේ කරගන්න. නෙවසඤ්ඤානාසඤ්ඤායතන. මෙතන ලියලා තියෙනවා නේ මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ පථය. මේ green arrow එකෙන් තමයි තියෙන්නේ කියන එක. මේ green පාටින්. 1, 2, 3, 4 කියලා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.