ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. ඒ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට භාවනාවට පෙර ම ඊයේ භාවනාව මං බලනකොට මට හැඟීමක් ආවා. ඒ කියන්නේ අර උද්ධච්චය ගැන අපි කතා කළා නේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ පථය. එතෙන්දි පෙන්නුවා අපි අර දකුණු අත පැත්තෙන් උද්ධච්චය එනවා. එයා අර line 5 කියන එක එයා skip කරනවා. එතකොට අතන අත්තා diagram එකේ එයා එනවා අර 6 කියලා ලකුණු කරලා තියෙන්නේ. ආන්න ඒක දක්වා එනවා. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවය කියන තැනට එනවා කියන එක තියෙනවා. එතකොට ඉතින් මේ විදිහට එයාගේ අර මෝහය කියන එක. උද්ධච්චයෙන් මෝහයට ආවා මෙතන අර අවිද්‍යා ආශ්‍රවය එතන නිත්‍ය කතාවත් එක්ක සිදුවෙන්නා වූ ක්‍රියාවලිය. ඉතින් මේකෙන් ඇති වෙනවා අර දික් කළහම පරිදේවය හරහා සඤ්ඤාවට නිත්‍යයි කියන එක යනවා.
ඉතින් මේක හරි ලස්සනයි ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා අලුත් සංස්කාරයන් කියන ඒවා කරන්නේ නෑ. ඒ කියන්නේ අර චේතනාවේ ඉඳන් ඉදංසච්චය දක්වා එයා එන්නේ නැහැයි කියන එක තියෙනවා. එතකොට, ඒ කියන්නේ රෝගී සඤ්ඤාව එයා ගන්නේ නැහැ කියන එක. ඉතින් ඔතන අපි ලකුණු කරා අර 5 විරිය කියලා ලකුණු කරා නේ. ඒ 5 විරියෙන් පෙන්නන්නේ මොකද්ද, ඒ සියුම් සංස්කාරයෝ, ඒ කියන්නේ හත් වෙනි ධ්‍යානය නිසා වන සංස්කාරයන් කියන ඒවා එහෙම ඉවත් කරනවා කියලා. එතකොට එයා ඒ පාර දිගේ එන්නේ නෑ එයා short cut එකක් ගන්නේ. අතනින් ආවා. අත්තා කියන තැනට ආවා. එතනින් අර line 6 එක නිත්‍යයි කියලා එයා එනවා කියන එක. ඉතින් එහෙම නම් අපිට පේනවා දැන් මෙයාට මේ උද්ධච්චය කියන එක එයාට කොහොම ද ඇති වෙලා තියෙන්නේ? අර අපි අර පැත්තෙන් එන්නා වූ උද්ධච්චය නෙමෙයි මේ කතා කරන්නේ. ඉදංසච්චය එහා පැත්තෙන් අපි ලකුණු කළාට එතන ඒ පථයේ නෙමේ නේ එයා එන්නේ. එහෙම නම් මේ උද්ධච්චය වෙන්නේ කොහොම ද? මේ පෙර පරාමාස වූ ධර්මයන් නිසා. Hub එක නිසා. Hub එක කැරකවීම නිසා ඒ line 7 තියෙන්නේ. Line 7 එක හරහා ගැලීම නිසා තමයි එයා උද්ධච්ච වෙන්නේ කියන එක මට ඒක ආවා ඉතින් ඒක හොඳට පැහැදිලියි දැන්.
ඉතින් මං අද භාවනාවෙදි කළේ අර ඊයේ වගේ ම ඒ බලාගෙන ගියා. ඒ කියන්නේ කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත. එතකොට ජරාවට ඇති කැමැත්ත. ඒක උඩ තමයි පදුට්ඨමනසඞ්කප්පය කියන එක ගොඩනැගිලා තියෙන්නේ. එතකොට දෙපැත්තට ම පේනවා. ඉතින් කවුරු හරි ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධියට, මරණයට කැමති වෙනවා. තෙහෙට්ටුවටත් කැමති වෙනවා. ධර්මය දීම සඳහා හරි තෙහෙට්ටුවට කැමති වෙනවා කියන එක තියෙනවා. එතකොට මට ඔය අවස්ථාවේ දී ආවා, ඒ කෙනෙක් ඔය ධම්මමච්ඡරිය කියන එක අතහරිනවා. ඔය වාගේ කෙනෙක් තේරුම් ගත්තා නම් එයා ධම්මමච්ඡරිය කියන එක අතහරිනවා.
නමුත් මට තේරුණා මගේ තියෙනවා කියලා ඔය ධම්මමච්ඡරියට වඩා ඒ අකනිට්ඨා බ්‍රහ්ම ලෝකයේ ඉන්න ඒ රහතන් වහන්සේලාට මගේ ශ්‍රද්ධාව, ගරු කිරීම කියන එක ඊට වඩා තියෙනවා කියන එක. ධර්මයට වඩා මං ඒකට සලකනවා කියන එක තියෙනවා. මං හොඳට තේරුම් අරගෙන තියෙන දෙයක් මේ වෙලාවෙදිත් මතු වුණා. ඉතින් ඒ සඳහා මවෙක්, කවුරු හරි කෙනෙක්, දෙමවුපියෝ උදව් උපකාර කරා ද පෙර, ඉතින් ඒක සඳහා ම තමයි මං මේ සංසාරේ ඒ ගිහිල්ලා තියෙන්නේ. ඒ වාගේ අම්මලා හොයාගෙන ම යනවා. එතකොට ඒ වාගේ පියවරුන්ගේ ඇසුර මට ලැබෙනවා කියලා ඒ අයව හොයාගෙන යනවා කියන අර්ථයක් තියෙනවා. ඉතින් එතනදි ඒ එහෙම නම් දැන් මණ්ඩලාධිපති බුදුපියා ඒ බුදුපියවරු දාහතර නම ම ඇසුරු කරන්න ඕනේ නම් එහෙම නම් මට ඒ සඳහා ආවාසයක් ඕනෙ. ඔන්න ආවාසමච්ඡරිය කියන එක. ධම්මමච්ඡරිය පැත්තකින් තියන්න. ආවාසමච්ඡරිය ඒක තියෙනවා.
එතකොට ඒ අය, මෙන්න මේ අය, මෙහෙමයි කියලා මේ සත්වයන්ව මේ ලෝකයෙන් ගලවා ගන්නා වූ, ඒ බුදු පිරිසක් කියලා, අන්න එහෙම කුලයක් තමන් ගත්තහම එහෙම නම් කුලමච්ඡරිය එතන තියෙනවා. එහෙම නම් දැන් ලස්සනට පේනවා ආවාසමච්ඡරියත් කුලමච්ඡරියත් නිසා අපි චේතනා වෙන්නා වූ අර ධම්මමච්ඡරි කොටසක් කියන එක තමන්ට හැදෙනවා කියන එක. ඉතින් ඔතන හරි ලස්සනයි මතක ද අපි බැලුවා ඔය special වැඩසටහනේ මනුස්සයෙක් ඉන්නවා. එයාගේ කකුල් දෙක ආවාසමච්ඡරියයි කුලමච්ඡරියයි. ධම්මමච්ඡරිය දිගේ ගිහිල්ලා චේතනාවට තමයි එයාගේ ඔළුව තියෙන්නේ. එයා වැටෙනවා. වැටෙන එක නවත්තන්නේ උද්ධච්චයෙන්. දැන් පේනවා ද අපේ මේ උද්ධච්ච කතාව. Hub එක කරකවලා හරි ඒ උද්ධච්චය. ඒ උද්ධච්චයට රහතන් වහන්සේ ඒ diagram එකේ ම පෙන්නුවා, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් මෝහයට යන්නා වූ එකෙන් තමයි ඒක තමයි parallel line එක. ඒකෙන් තමයි මේකට support කරන්නේ කියලා මෙයා වැටෙන්නේ නැතුව තියෙනවා කියන එක. දැන් ඉතින් ඔය දැන් කියපු කතාවත් එක්ක හොඳට සම්බන්ධ වෙලා පේනවා ඇතුළේ hub එකෙන් හරි, පරාමාසය මැද්දේ මේකෙන් හරි මේක සිද්ධ වෙනවා. ඉදංසච්චය පැත්තකට ගියත්, වේදනාවන් කියන ඒවා පැත්තකට ගියා වුණත් මෙතන තියෙනවා කියන එක පේනවා.
අන්න එතෙන්ට ඒ තත්වෙට සිත පත් වුණාට පස්සේ, ඉතින් ඒක “Excellent” කියලා මට කිව්වා. මම මේ, මට මතක් වුණා මේක නැති වෙන්නේ කොහොම ද, “සබ්බසඞ්ඛාරසමථා සඤ්ඤා උපරෝධනා.” ද්වයතානුපස්සනා සූත්‍රයේ තියෙන ගාථාව. ඉතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා සංස්කාර දෙකක් හදන්න බැහැයි කියලා, එකකට එකක් සමාන වෙන්නේ නැහැයි කියලා එයා හදන්නේ නෑ. සංස්කාර සමථා එහෙනම් එයාට තියෙනවා.
දැන් තියෙන්න ඕනෙ සඤ්ඤා උපරෝධනා. ඉතින් මේ සඤ්ඤාව කියන එක දැන් එනවා අපිට අර විදිහට අර වතුර පාර කඩාගෙන වැටිලා, මෝහය කියන ගලට වැටිලා, ඒකෙන් අපි පරිදේවය. කුඩු වෙලා ගිහිල්ලා. ඒක හරහා ගිහිල්ලා අන්න යන්නේ අපි පවතිනවා කියන එක තමයි ඇති වෙලා තියෙන්නේ. අපි ඕක බැලුවා නේ. සඤ්ඤාවට පරිදේවය හරහා අර දෙක ආවා නම් මෝහය හරහා දැන් තියෙන්නේ පවතිනවා. උද්ධච්චයෙන් පැවතිය හැකි ය, මේකේ පවතිනවා කියන එක තියෙනවා. අර hub එක කැරකුණා නම් ඉතින් එහෙනම් එයාට, අලුතෙන් එයා එකතු කරේ නැති වුණාට එයාට පේනවා මේ අතන කැරකීම නිසා හරි පවතිනවා කියන එක තියෙනවා. එතකොට ඒ වෙලාවේදි ඉතින් මං කිව්වා ඉතින් මේක කැඩිලා කුඩු වෙලා ගිහිල්ලා. අර ඉදංසච්චය කියන rock එකෙන් වැටුණා වූ වතුර පහර, කැඩිලා වැදිලා ගලේ වැදිලා කුඩු වෙලා ගිහිල්ලා. ඒත් මේ මෝඩකම මේක පවතිනවා කියලා හැඟීමක් මේ මනුස්සයාට ඇවිල්ලා තියෙනවා. මොකද අර උඩ ඉඳන් ඇදගෙන වැටුණාට අර පල්ලෙහාට වැටිලා විසි වෙලා විසිරිලා හරි වතුර ටික තියෙනවා. ඒක ආපහු එකතු වෙනවා කියන අර්ථය තියෙනවා.
ඉතින් ඔය වෙලාවේදි මණ්ඩලාධිපති බුදුපියා ඇහුවා “ඒකේ ඒ මොකද්ද නිසා ද? මේක තියෙන්නේ කියන අර්ථය.” ඉතින් මම කිව්වා ඒ මෙතන මේ කැඩිලා කුඩු වෙලා ගියාට එයාට, මෙතන මොන ධර්මය කියන එක තමයි ඇහුවේ. මේ පුද්ගලයාට අර හැඟීම තියෙනවා නේ මේක පවතිනවා කියන එක. අතෙන්ට අර සඤ්ඤාව දක්වා යන්නා වූ එක. එතකොට මෙතන මේ අත්තා සඤ්ඤාව. තාමත් කැඩිලා ගියා, කුඩු වෙලා ගියා, ඒත් තාමත් තියෙනවා කියලා අත්තා සඤ්ඤාවක් එතන තියෙනවා ඉතින් ඒ “ධම්මෙසු උපගමනලක්ඛණා අත්ත සඤ්ඤා” කියලා කියනවා. එතකොට අත්ත සඤ්ඤාවෙන් ධම්මය කියලා කිව්වහම සඤ්ඤාවන් චේතනාවන් තමයි ධර්මය කියන්නේ. ඉතින් එහෙම නම් අත්ත සඤ්ඤාව ඇති වුණහම ආපහු අපි ධර්මයට යනවා. ඒ කියන්නේ සඤ්ඤාවට යනවා කියන එක.
ඉතින් එහෙම නම් ඕගොල්ලන්ට පේනවා අර කුලමච්ඡරිය තියෙන්නා වූ රේඛාව ඕගොල්ලෝ දික් කළොතින් කෙළින් ම අර සඤ්ඤාවයි චේතනාවයි අතරට මෙයා එනවා කියන එක තියෙනවා. ඒක නිසා නේ ආපහු දුවන්නේ. “ධම්මෙසු උපගමනලක්ඛණා” කිව්වේ ඒකයි එතන ඒ සඤ්ඤාවට එයා යනවා ඒ මැද්දේ කෑල්ලට. එතකොට මගේ ඔළුව නම් ඒ වෙලාවේ පුදුමාකාරයි. ඉතින් මේක කරන්නේ නැත්තන් අන්න ඒ සඤ්ඤාව, ඔය මැද්දේ තියෙන සඤ්ඤාව. මතක ද ඒක? අපි ඔය special එකේදි පෙන්නනවා. රූපයක් දැක්කහම අවිද්‍යා අනුසයෙන් උස්සනවා කිව්වේ. ඒක උස්සන්නේ නැහැයි කියන එක නේ මේ කියන්නේ. කුලමච්ඡරිය රේඛාව දික් කළහම ඕක තමයි අපි පෙන්නපු රේඛාව. අවිද්‍යා අනුසය special වැඩසටහනේ පෙන්නන්නේ ඕක නේ. අර වට කරකවනකොට. පළවෙනියෙන් උස්සන්නේ අවිද්‍යා අනුසය කියන එක. එතකොට ඒක එන්නේ නෑ මෙතන්ට. වෙන්නේ නැත්තන් කවුරු හරි පුද්ගලයෙක් අර මළහම, කුඩු වෙලා ගියහම අර විදිහට ඇට කැබලි වැටුණා වාගේ තමයි අර වතුර පාරත් එක්ක ඇදගෙන වැටුණා මෝහය තියෙන තැනට. ඒ පුද්ගලයා ඔය දේ කරන්නේ නැත්තන් ඒ පුද්ගලයා එතනින් අවසානයි. ඒ කියන්නේ සඤ්ඤාව නතර වුණා කියන එක තියෙනවා.
ඉතින් ඒක ඒ සිතත් ඒ නතර වෙන ස්වභාවය ඒවා ඔක්කෝම තියෙනවා. ඉතින් අර මේක “නැවතත් කියන්න බලන්නෙයි” කියන එක කිව්වා. ඉතින් මට තේරුණා බොහොම අමාරුයි ඒකට එතෙන්ට එන්න. නමුත් ඒ මණ්ඩලාධිපති බුදුපියා කිව්වා “පුළුවන්” කියලා. ඉතින් ඒ පාර මං ආපහු අරක බැලුවා. ඒක නැවතත් මේක කියන්න මෙනෙහි කළා. ඉතින් හිමින් හිමින් සිතුවිලි ආවා. ඊට පස්සේ ඒ මණ්ඩලාධිපති බුදුපියා පෙන්නුවේ එතන අරක වැටිලා කුඩු වෙලා ගියා කිව්වේ පඨවිය කඩලා ගියේ. වතුර පහර ඉදංසච්චයේ ඉඳන් ඇදගෙන වැටුණා කිව්වේ පඨවිය. එතකොට පඨවිය එතන කුඩු වෙලා ගියාට, තද ගතිය කුඩු වෙලා ගියාට, ආපෝ ධාතුව තියෙනවා. ආපෝ ධාතුවේ තියෙන්නේ ඇලෙන ස්වභාවය නේ. වැගිරෙන ස්වභාවය කියලා කියන්නේ, element of cohesion කියන්නේ. මේක වතුර ටික මෙතනින් කුඩු වෙලා ගලකට වැදිලා ගියාට අනිත් වතුරත් එක්ක එයා එකතු වෙනවා නේ. ඒ ගතිය තියෙනවා. චලනය තියෙනවා. Motion කියන එක, ඒක තියෙනවා. වායෝ ධාතුව කියන එක තියෙනවා. ඒ වතුරේ යම්කිසි රස්නයක් තිබුණා ද ඒකත් ඒක පවතිනවා. අන්න ඒ තුන් ධර්මයෝ කියන එක බලපානවා. ඒක නිසා තමයි අර පුද්ගලයා ආපහු අරක හදන්නේ.
ඊට පස්සේ අර තද ගතියයි අරවායි මේවායි ඔක්කොම හදා ගන්නවා කියන එක තියෙනවා. අරක නැතෙයි කියන එක නෙමෙයි. නමුත් හිතන්න අර ලී භාණ්ඩයක් කඩාගෙන වැටුණා වාගේ අර දිය ඇල්ල ආපු එක කඩාගෙන වැටුණා චප්ප වෙලා ගියා. ඉතින් ඒත් එයාගේ අර ගතීන් තියෙනවා ඒකත් එක්ක මේක කරනවා කියන එක, සඤ්ඤාවන් ආපහු හදාගෙන ඒ මනුස්සයා ඉපදෙනවා කියන එක තියෙනවා. අරක කරන්නේ නැත්තන් එතනින් ඒක ඉවරයි. අර මැද්දේ තියෙන සඤ්ඤාවට. ඒ කියන්නේ සඤ්ඤා ලකුණු කරලා තියෙන තැනයි, චේතනාව ලකුණු කරලා තියෙන තැනයි දෙකයි, මෙතන ජරාවේ ඉඳන් උඩට වේදනාව හරහා රේඛාව දික් කළහම, ඕක නේ අවිද්‍යා අනුසය රේඛාව. අන්න ඒක දික් කළහම අන්න ඒ මැද්ද ගැන තමයි මේ කතා කරන්නේ. අන්න ඒක අයින් වෙනවා නම් එයා ඉපදෙන්නේ නෑ.
ඒක තමයි මං කරපු භාවනාව.