ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊට පස්සේ මම ඊයේ භාවනාව විදිහට ම කරගෙන ගියා. ඉතින් ඊයේ භාවනාවේ මතකයි නේ අපි පෙන්නුවා කොහොම ද මේ අත්තා diagram එකත් එක්ක අපිට අර ඇතුළෙන් යමක් එනවා කිව්වා නේ. ඒ කියන්නේ උද්ධච්චය කියන එක ඇති වෙන්නේ පරාමාසය ඇතුළෙන් hub එක කැරකවීම නිසා එන්නා වූ එක. ඒක අර මෝහය කියන එක කියන ගලට වැදිලා දැන් මේ විඤ්ඤාණ ධාරාව ආවා. මේක කඩලා වැටෙනවා. ඉතින් මෙයා මේ අලුතෙන් පාරක් හොයාගෙන තියෙනවා නේ මේක මේ 6 වෙනි එක හරහා ඇවිල්ලා එතනින් ඇති වෙන්නා වූ මෝහය. එතකොට ඒ දෙක එක්කහු වෙලා දැන් එයාට ඇති වෙනවා පවතිනවා කියන එක. එතකොට ඒක මේ කාමරාග අනුසය පාර දිගේ ගිහිල්ලා ඔතන අපි යනවා කෙළින් ම සඤ්ඤාවට. එතකොට පවතිනවා කියන හැඟීම එයාට ඇවිල්ලා තියෙනවා. නාමරූපය දක්වා එතන තියෙන කොටස තමයි ඒකෙන් කල්පනා කරන්නේ.
එතකොට දැන් අපි ඒ අදහස ඇතුව බැලුවහම මතක ද අපි ඊයේ බැලුවා අර ධම්මමච්ඡරිය. මෙතනින් ඇති වෙනවා ආවාසමච්ඡරියයි කුලමච්ඡරියයි. එතනින් අපි ඉගෙන ගත්තා මේ කුලමච්ඡරිය රේඛාව අපි දික් කළහම අපිට එනවා මේ සඤ්ඤාව කියන තැනකට එනවා. ඒකෙදි කියනවා, ඒ කියන්නේ මෙතන අපි සාමාන්‍යයෙන් ලකුණු කරන සඤ්ඤාවයි චේතනාවයි අතරට තමයි ඒක වැටෙන්නේ. එතකොට ඒ කියන්නේ අවිද්‍යා අනුසයෙන් අපි සඤ්ඤාව උස්සනවා කියන එක ගත්තා.
ඉතින් දැන් ඔය ඊයේ ධර්මය ඔහොම පැහැදිලි නම් ඒ රහතන් වහන්සේ මට කිව්වා භාවනාවට පෙර අර “22/06/2015 ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ඥාන භාවනාව.” ඒක බලන්නෙයි කියලා. ඉතින් ඒ භාවනාවෙදි අපි භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ diagram එක. ඒ diagram එකේ අපි පෙන්නනවා මේ මෙතන තියෙන්නේ සෝකය කියන එක 4.4. ඒ කියන්නේ මේ රූපය මැරිලා. ඊළඟට ගත්තහම 4.6. 4.6 කියලා කියන්නේ වේදනාවේ ව්‍යාධිය. වේදනාව ව්‍යාධි වුණේ කොහොම ද? වතුර පාර වැදිලා වැටුණා. කැඩිලා කුඩු වෙලා ගියා. ඒ කියන්නේ සංකප්පය කියන එක මැරිලා ගිහිල්ලා. අන්න ඒක නිසා තමයි වේදනාවේ ව්‍යාධිය. දැන් ඒ පාර ආපහු අපිට පේනවා 5.4. මේ කියන්නේ සුඛ වේදනාවේ මරණය. රූපය මළා, වේදනාව අර වතුර පහර කැඩිලා ගිහිල්ලා වේදනාව ව්‍යාධිය, දැන් වේදනාවේ මරණය කියන එක ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ, ඒ තත්වෙට තමන්ගේ ඒ මනස පත් වුණාට, එතෙන්දි ඔය මේ කෙනෙකුට පේනවා ඔතන ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කියන එකට ඔතන්ට එන්න පුළුවන්කම කියන එක තියෙනවා කියලා.
ඉතින් ඒ එතන ටික වෙලාවක් හිටියහම ඒ 22/06/2015 භාවනාවෙදි ඒක පෙන්නනවා, මෙතෙන්දි මේ ඔය භය අගතියේ ඉඳන් වේදනාව, ඒ කියන්නේ දිට්ඨි අනුසය පාර කියන එක, මෙතනින් එන්නා වූ පාර ඒක කැපෙනවා. එතකොට අන්න එහෙම වෙනකොට එතන ම පෙන්නලා දීලා තියෙනවා මේ අත්තවාද උපාදාන line දෙකෙන් එකක් මිය යනවා. මොනවද අත්තවාද උපාදාන line දෙක කියලා කියන්නේ? දිට්ඨි අනුසයෙන් මෙතන එනවා නේ වේදනාවට. ඒ එන්නා වූ පාරයි, වේදනාවේ ඉඳන් පරාමාසයට යනවායි කියන එක තමයි අත්තවාද උපාදාන ඒ represent කරන line දෙක. ඉතින් දැන් එහෙම නම් දැන් වේදනාව මැරිලා තියෙන්නේ. නමුත් මේ වේදනාව සියුම්ව මේ පැත්තට ඇතුල් වෙනවා කියන එක තාම ඉතුරු වෙලා තියෙනවා. මොකද ඒ ආකිඤ්චඤ්ඤායතනය නිසා යම්කිසි වේදනාවක් සියුම් ලෙස පවතී ද, ඒක නිසා ජීවිත පැවැත්ම. මළේ කවුද? වේදනාව. වේදනාවයි මළේ. හැබැයි දැන් රූපය මළායි කියලා අපි අතහැරියේ නෑ නේ. වේදනාවත් එක්ක ඉන්නවා. වේදනාව මළායි කියලා එයා අතහරින්නෙත් නෑ සඤ්ඤාව අල්ලගෙන එයා ඉන්නවා අර සියුම්ව. හැබැයි මතක තියාගන්න අර වේදනාවත් එක්ක සම්බන්ධයි. දැන් රූපය කවදාවත් නොවුණා නම්, අපි මේ කටින් ආහාරයක් අරගෙන රසයක්වත් ඒක දන්නේ නැත්තන් ඉතින් අපි ඔය වේදනාවක් කතා කරන්න දෙයක් නෑ. නාම කොටසක් නෑ. වේදනාව කියන එක එතන නැත්තන් එයාට ඒක ගැන හැඟීමක් නැත්තන් මොකද්ද සඤ්ඤාවක් කියන එක. ඒක ඊට වඩා පුහු දෙයක් නේ. එතකොට අර සියුම්ව ඒක තියෙනවා.
ඉතින් ඔය ඒ භාවනාවෙදි පෙන්නුවා ඒක නොවන්නේ නම්, ඒ ජීවිත පැවැත්ම සඳහා මනස යොමු වෙන්න පුළුවන්. මේක නොවන්නේ නම් කුමක් වන්නේ ද? කියන ප්‍රශ්නය. ඉතින් එතෙන්දි පෙන්නනවා ඔය මේ වේදනා සඤ්ඤා නිරෝධය සිද්ධ වෙනවා කියන එක. වේදනාව දැන් මැරිලා තියෙන්නේ. දැන් ඉතින් සඤ්ඤාව, නිරෝධය කිව්වා ම සඤ්ඤාව දැන් මැරෙන්නයි තියෙන්නේ නේ ද? දැන් එතකොට ඕගොල්ලන්ට පේනවා අර උඩ අපි ඉස්සෙල්ලා කතා කරපු diagram එකේ දැන් මෙතන මේ සඤ්ඤා කතාවක් තියෙනවා. මෙතෙන්ට එනකොට ඔන්න එහෙම නම් දැන් මේ 5.4 කියලා ගත්තොතින් එහෙම සඤ්ඤාව, සුඛ සඤ්ඤාව මළා. 5.3 කිව්වා නම් සඤ්ඤාවේ ජරාව. ජරා සඤ්ඤාව. එතකොට මේ පැත්තෙන් 6.4 වෙනකොට අපි දැක්කා සඤ්ඤාවේ ව්‍යාධිය කියන එක ඇති වෙලා තියෙනවා කියලා. දැන් තියෙන්නේ ඊළඟට සඤ්ඤාවේ මැරෙන්න. ඒ කියන්නේ මේ පැත්තෙන් එන්නා වූ ධර්මය තියෙනවා නේ. ඒක අපිට පේනවා අර මේ diagram එකත් එක්ක මේකේ පේනවා දැන් මෙතන මැරුණා වූ, මෙතන තියෙන්නේ මොකද්ද? අපිට පේනවා hub එකෙන් කැරකුණා නම් ආස්වාදයක් තියෙනවා. ඔය ආස්වාදය පදුට්ඨමනසඞ්කප්පය තුළයි තියෙන්නේ. ඒ පදුට්ඨමනසඞ්කප්පයෙන් වෙන්නා වූ එක විමංසාව මගින් අපි අයින් කරලා දානවා. එයා කරන්නේ අන්න ඒක. විමංසාව මගින් මේක කපලා දානවා කියන එක තියෙනවා.
එතකොට එහෙනම් මෙතන හරි ලස්සන ධර්මයක් පේනවා. දැන් පේනවා ද, මෙතන තියෙනවා වේදනාව. මෙතනින් අපේ ආවා මේ චේතනාව කියන තැනට. දැන් මෙයා විරියෙන් කපනවා. අලුත් සංස්කාරයන් එහෙම හදන්නේ නැතුව. විමංසාවෙන් මේක මෙහාට ඇතුල් වෙන්න දෙන්නේ නෑ පදුට්ඨමනසඞ්කප්පයෙ කැරකවීමෙන් තියෙන ආස්වාදය ඒක එයා අයින් කළා. දැන් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ සෝකය කියන ඒ කෙළවරට එනවා කියන එක නේ. දැන් ඔන්න ඕක නේ මේ විමංසාවෙන් නවත්තන්නේ. ඉතින් නිකන් ම නෙමෙයි පරාමාසයේ ඉතින් ඇතුළෙන් ඉඳන් එන එකත් නැවතෙන්නට ඕනේ. ඉතින් මේ කෑල්ල කොහොම ද නැවතෙන්නේ? දැන් මෙතන විමංසාව කියන එක දන්නවා ඕගොල්ලෝ. ඉතින් මෙතන ඉඳන් ආපහු උඩට යන්නා වූ කෑලි දෙකට අපි එනවා නේ. එක කොටසක් විමංසාව, මේ කෑල්ලට එනකොට විමංසාව, මේ හරියේ අර සතිය, එහෙම භාවිතා කරන්නේ නේ ද?
ඉතින් දැන් එහෙම නම් මේක සම්බන්ධ වෙන්නේ අපි අර ඉද්ධි diagram එකට. ඉද්ධි පථ diagram එකේ ඕගොල්ලන්ට පේනවා මෙතන මේවා පවතින්නේ නැතෙයි කියන එක තේරුම් ගත්තා ඡන්ද සමාධියේ ඉතින් ඒ සංස්කාරයන් ඒවා අයින් කරා, ගැම්ම අයින් කළා ඔන්න චිත්ත සමාධිය කියන එක මෙහෙම ආවා. දැන් මෙතනින් මේ සෝකයට එන්නා වූ කොටස තියෙනවා නේ. දැන් මෙතන විමංසාවෙන් ආස්වාදය අයින් කරා පදුට්ඨමනසඞ්කප්පයෙන්, හැබැයි සෝකය කියන තැනට එන්නා වූ කොටස මෙන්න මේ චිත්තය මගින් අයින් කිරීමක් තියෙනවා. හැබැයි එක වෙලාවකට බැලුවහම චිත්තය කියලා පේනවා. තව වෙලාවකට බැලුවහම ඡන්දය කියලා පේනවා. අර N අකුරේ අනිත් පැත්තට තිබුණේ. ආන්න ඒක එන්නේ මෙතනින් නේ. සංස්කාර නිසාත් ඉන්න බෑ රූපයත් එක්ක ඉන්නත් බෑ කියලා මෙයා අයින් කිරීමක් මෙතන කරනවා.
එතකොට එහෙම නම් රහතන් වහන්සේ පෙන්නනවා “මේ දෙක ම යි” කියලා. ඒ කියන්නේ ඒ ඡන්දයයි චිත්තයයි දෙක ම. ඡන්දයේ මුලින් ගත්තා වූ අදහස ඒ චිත්තය තුළට එළඹිලා තියෙනවා. එතකොට එයා ඒවා coordinate කරනවා. මේ අනිත් ඒවාත් coordinate කරනවා නේ විරියයි විමංසාවයි නේ ද? එතකොට අන්න එහෙම කරලා තමයි දැන් මෙතනින් ආපහු විමංසාව. ඉතින් දැන් අර diagram එකත් එක්ක පේනවා අර, අර කොටුව අපිට හැදිලා තියෙනවා කියන එක. ඒ කියන්නේ මෙතන මෙන්න මේ කෑල්ල අපි කතා කරන්නේ දැන්. මේ ථීනයේ ඉඳන් මෙතන මේ සෝකය කියන තැන නේ ද. එතකොට එයා ලස්සනට කෑලි දෙකට කපලා තියෙනවා. විරියයි විමංසාවයි මේ පැත්තෙන් කැපුවා. ඡන්දයයි චිත්තයයි මෙතනින්, ඒක වට තුනක් යනවා කියනවා ඒකෙන් එතන කපලා තියෙනවා. විමංසාවෙන් ආපහු වේදනාවට යන එක අයින් කරලා තියෙනවා.
ඊට පස්සේ ආපහු විමංසාවෙන් තමයි අපිට මෙහේ යන එක තියෙන්නේ. ඉතින් අපි නවත්තන්න හදන්නේ මේ වේදනාවේ ඉඳන් පරාමාසකායගන්ථය වෙනවා කියන එක අත්තවාද උපාදානයේ ඉතුරු කෑල්ල. ඒක තමයි ඒකෙන් නතර වෙන්නේ. ඉතින් බොහෝ ම සියුම් මේ විදිහට ගත්තහම.
ඒක තමයි මං කරපු භාවනාව.