ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම බාගයක් දුර කරගෙන ගියා. කොහොම ද කරගෙන ගියේ? එතෙන්දි බැලුවා බුද්ධං සරණං ගච්ඡාමි. ලෝභය නැති කරමි. කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත. එතකොට මේ ජරාවට ඇති කැමැත්ත උඩ තමයි අපේ මේ පදුට්ඨමනසඞ්කප්පය ගොඩ නැංවිලා තියෙන්නේ. ඉතින් ඒ පදුට්ඨමනසඞ්කප්පය බිඳිබිඳී යනවා. නමුත් අපි හිතනවා ඒක පවතිනවා කියන අර්ථයන් ඒක නිසාත් අපිට ඇති වෙනවා. එතකොට මම ඊයේ භාවනාවේ විදිහට බැලුවා මේ සංකල්පය අර ඉදංසච්චයේ ඉඳන් කඩාගෙන ඇදගෙන වැටෙනවා. ගලට. මෝහය කියන ගලට වැටිලා කුඩු වෙලා යනවා. කුඩු වෙලා ගියත් එයා අර කාමරාග අනුසය පාර හරහා එයා සඤ්ඤාවට පවතිනවා කියන අර්ථය දෙනවා කියන තැනට එනකල් ම බැලුවා.
එතකොට එතෙන්ට ආවාට පස්සේ මම ඊයෙත් කිව්වා භාවනාවේ අන්තිමට අර triangle එකක් වාගේ එකක් මම දැක්කා කියලා මං ඒක කිව්වේ නෑ ඊයේ. ඉතින් ඒක අද උදේ මං ඒ මේ භාවනාව කියවනකොට මට ඒ අදහස යම් යම් ප්‍රමාණයකට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ මට තේරුණා මේ එතකොට සංකල්ප දෙකක් සමාන නොවීම දෝමනස්සයක් වෙනවා. ඊළඟට ආපහු පේනවා මේ, ඒ කියන්නේ දිට්ඨිය බිඳිලා ජරා වෙනවා. සංකල්ප දෙකක් සමාන නොවුණහම අපිට දෝමනස්සය. කාමච්ඡන්දය ඇති වෙන්නෙත් එහෙම නේ. සුඛ වේදනාවේ මරණය. එතකොට එතන එනවා මේ 4.4 එතනින් 5.4 දෝමනස්සය. දැන් මේක, අපිට මේක සිද්ධ වෙන්නේ කොහොම ද, සුඛ වේදනාවේ මරණය සිද්ධ වෙන්නේ 5.3. සඤ්ඤාව නිසා පැවතිය හැකි ය යන දිට්ඨිය බිඳීමෙන් අනතුරුව තමයි මේ සුඛ වේදනාවේ මරණය සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න ඔය කාරණාත් එක්ක බැලුවහම එහෙම නම් අපිට එනවා දැන් diagram එකක්, අපි කුඩු වෙලා ගියා, ජල පහර ඇදගෙන වැටුණා, නමුත් අපි පෙන්නුවා සඤ්ඤාවට පවතිනවා කියන එකට ආවා. අපි ඕක පෙන්නුවා නේ මේ අපි ළඟ තියෙනවා මේ අවිද්‍යා අනුසය පාර. එහෙමත් නැත්තන් අපි මේ කතා කරන්නේ “අර මනුස්සයාගේ”, කුලමච්ඡරිය පාරයි ඒ ආවාසමච්ඡරියෙන් ධම්මමච්ඡරිය ඇති වෙනවා කියන එක.
එතකොට දැන් අපි ඉගෙන ගත්තා නේ අපි මේ සඤ්ඤාව උස්සනවා කියලා අවිද්‍යා අනුසයෙන්. අන්න ඒ රේඛාව ඕගොල්ලෝ දික් කරන්න උඩට. උඩට දික් කළා ම අපි කිව්වා අර සඤ්ඤාවයි චේතනාවයි අතරට තමයි එයා එන්නේ. එතකොට දැන් බලන්න අපි දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වේ මේ සංකල්පයන් මේ විදිහට බිඳිලා අර වේදනාව අර තත්වෙට පත් වුණහම, මළා කියන ඒවා එහෙම ඇති වුණහම ඉතින් ඔය නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ ඒ සුඛ වේදනාව මිය යෑම නිසා, ඒ කියන්නේ 5.4, වේදනාව හරහා මේ රූපය ඉස්සවීමේ දී සිද්ධ වෙනවා. තේරුණා ද ඒ කියන මේවා එක? අපි රූපයක් උස්සනවා තමයි. නමුත් ඕක වේදනාව හරහා නේ ඕක එන්නේ. අවිද්‍යා අනුසය.
දැන් මේ වේදනාව කියන එක දැන් බලන්න අර ඉස්සෙල්ලා කිව්ව අර්ථයන් එක්ක. ඒකේ පෙන්නන්නේ මොකද්ද? ඒ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කියන එක ඕගොල්ලෝ දන්නවා අනිත් line එකේ ඒක තියෙන්නේ. නමුත් එම අගයෝ මේක ධාරාව ගලාගෙන යනකොට වේදනාව හරහා උඩට එනවා නේ ද? එහෙම නම් මං අවිද්‍යා අනුසයෙන් උස්සනවා කියලා කිව්වහම අර ඒ ගතියත් ඒකේ ඇවිල්ලා තියෙනවා. මොකද්ද ගතිය? ඒ සුඛ වේදනාව මිය යෑම නිසා, අර වේදනාව හරහා රූපය ඉස්සවීමේ දී, අර ඒ ගතියන් ඇති වෙලා තියෙනවා. උඩට ඇවිල්ලා තියෙනවා. මං උස්සනවා තමයි රූපයක්. හැබැයි අර වේදනාව මිය ගිහිල්ලා ඇති වුණා වූ තත්වයන් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය ඇවිල්ලා තියෙනවා. ඇයි දන්නවා නේ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය අර දකුණු අත පැත්තේ area 6 එකට ගියහම මේ පැත්තෙන් වම් අත පැත්තට එනවා. වම් අත පැත්තේ ඇවිල්ලා එයා එවනවා ඒ අගයන්. එතකොට මේ සංකල්පය අපි හිතුවේ නෑ කලින්. වේදනාව හරහා මේක එනවා කියන එක, මේ අගයන් කියන ඒවා.
දැන් එතකොට දැන් අපිට හැඟීම තියෙනවා දැන් මෙතනදි මේ ප්‍රශ්නය තියෙන්නේ දැන් දිට්ඨි දෙකක් සමාන නොවන්නේ නම් කුමක් වන්නේ ද? ඔන්න ඕක තමයි රහතන් වහන්සේ මට විමසන්නෙයි කියන එක කිව්වේ. සංකල්ප දෙකක් සමාන නොවුණහම ඕගොල්ලෝ දන්නවා දෝමනස්සය. දිට්ඨි දෙකක් සමාන නොවුණොත් මොකද්ද වෙන්නේ කියන එක තමන් විමසලා බලනවා. ඉතින් දැන් මෙතන, දැන් අපි පෙන්නුවා රූප කෙළවර. ඊළඟට අපි පෙන්නුවා සඤ්ඤාව. පවතිනවායි කියලා ආපු සඤ්ඤාව. ඊළඟට නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයත් එක්ක අවිද්‍යා අනුසයෙන් උස්සපු තැන. ඊළඟ තැන තියෙන්නේ චේතනාව. අන්න ඒ line එක පොඩ්ඩක් අල්ලගන්න. දැන් කල්පනාවක් වෙනවා මේ වේදනාව කියන එක දැන් මළා නම්, දැන් රූපය කියන එක 4.4 මැරිලා. සඤ්ඤාව 5.3 ඒක ජරා වෙලා. දැන් මෙතන තියෙනවා මේ වේදනාව මළා කියලා. අන්න ඒ වෙලාව lost නේ ද?
ඒ කියන්නේ මනුස්සයෙක් අතර මං වෙලා. මැරිච්ච මොහොතක හිතන්න බලන්න. රූපෙත් බිඳිලා, මැරිලා වැටිලා. ඒ පාර වේදනාව කියන එකත්, සුඛය මේකත් එක්ක අල්ලගෙන ඉන්නවා කියන සුඛයත් මැරිලා. එතකොට දැන් මට යන්න තැනක් නෑ නේ. තේරුණා ද? කොහෙද යන්න තියෙන්නේ? හැබැයි අපි තාමත් මොකක් නිසා ද පවතින්නේ?
දැන් මෙතන්ට එනවා අන්න අර තණ්හාවේ අර්ථය. තණ්හාව අර ඇතුළෙන් ඇවිල්ලා කරන වැඩේ එනවා අර hub එක කරකවලා හරි එන්නා වූ එක එනවා. ඒක තේරුම් ගන්න අපි බලන්න ඕනෙ අර බොජ්ඣඞ්ගයේ පෙන්නන 1 යි 2 යි 3 යි කියන එක. අපිට කොහොම ද නිත්‍ය කියන සංකල්පය ඇති වුණේ? අත්තා හින්දා. හරි නේ. අත්තා කියන සංකල්පය ඇති වුණේ කොහොම ද? රූපෙ හින්දා. ඔය විදිහටයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ මනුස්සයා කල්පනා කරනවා මේ තත්වෙට ආවායින් පස්සේ, දැන් අපිට ඔතන පේනවා මේ තණ්හාව නිසායි තමයි මේ කතාව.
දැන් ඊයේ භාවනාවන් එක්ක තියෙනවා නේ මේ තණ්හාවෙන් කරන්නා වූ වැඩේ. දැන් ඉතින් කල්පනා වෙනවා මේ මනුස්සයාගේ මේ රූප කෙළවර බිඳිලා නම්, වේදනාව කියන එකත් මැරිලා නම්, රූපයත් මැරිලා නම් වේදනාවත් මැරිලා නම් මම අතර මං වෙච්ච අවස්ථාව මරණ මොහොතේ, දැන් බලන්න අර අතීත භවයක එහෙම බලලා දැන් කල්පනා කරනවා ඉතින් මොකද්ද වැඩේ? මේ රූපයත් එක්ක හිටියා, මේක මැරිලා වැටුණා, දැන් මේක නෑ. මොකක් හරි ක්‍රමයක් තියෙනවා. දැන් මෙයා කල්පනා කරනවා මේ මැද්දේ මේ කතාව බිඳෙන එක නේ තියෙන්නේ. සඤ්ඤාව කියලා කියන එක තියෙනවා නේ ජරා වුණා නම් දිට්ඨිය බිඳිලා නේ. දිට්ඨිය බිඳෙන්නේ නැති එකක් හොයාගන්න පුළුවන් ද? දෙපැත්ත ගියා, මැද්දේ තියෙන එක මේක බිඳෙන්නේ නැති එකක්, මේකයි දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේ කතා කරන්නේ අර වේදනාවේ, නාමකායේ පටිඝසම්‌ඵස්‌සයත් එක්ක ඇවිල්ලා අර සඤ්ඤාවයි චේතනාවයි අතර තියෙන ඒ point එක තමන් අල්ලගන්න ඕනෙ. දැන් මැද්දේ තියෙන්නේ දිට්ඨිය බිඳුණා කියන එක. දිට්ඨිය බිඳෙන්නේ නැති එකක් හොයාගන්න පුළුවන් ද? දැන් ඒක තමයි නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගියේ. එයා හිතුවා මේකෙන් කරගන්න පුළුවන් වෙයි කියලා.
එතකොට, දැන් අන්තිමට ඒකෙනුත් කරගන්න බෑ නේ. කරගන්න බැරි ය කියලා එතන තේරුණාට පස්සේ දැන් ඔන්න එයාට කාරණා තුන ම තියෙනවා. රූපයයි අතන සඤ්ඤාවයි, අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සය හරහා වේදනාව මළා කියන එකයි එයාට ඒක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයාට පෙනුණා මේ තණ්හාව නිසා තමයි මේ කතාව සිද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නේ මැරිච්ච රූපයක් මළායින් පස්සේ ආපහු තමන් උපද්දවන්න මේක තියෙන්නේ මේ තණ්හාව හින්දා. නැත්තන් මං lost. මට කරන්න දෙයක් නෑ මං අතර මං වෙලා ඉන්නේ. ඉතින් ඕක රහතන් වහන්සේලා “Excellent” කිව්වා මං ඔන්න ඔහොම කිව්වහම ඔය අතර මං වෙලායි කියන එක.
ඉතින් දැන්, අන්න ඒ තත්වෙට පත් වුණාට පස්සේ ඉතින් තමන්ට පේනවා රූපයේ අනිත්‍යභාවය. ඒ කියන්නේ කිසීම තැනක මට පුළුවන්කමක් නැතෙයි කියන එක එයා තේරුම් ගන්නවා මේ කිසිම රූපයක් නැහැ. නිත්‍ය වන රූපයක් නැත. “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො.” තේරුණා ද? ඒක තේරුම් ගත්තා. ඊට පස්සේ සච්චාධිට්ඨානය. මේවා ඔක්කෝම මුසා මොස ධර්මයන් තමයි තියෙන්නේ. ඡන්ද සමාධිය. මෙත්තාවෙන් අප්‍රමාණය. ඉතින් දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාව මේ කිව්වේ මෙච්චර වෙලා. පේනවා නේ ද කොච්චර ගැඹුරු ද කියලා ධර්මය. කෙනෙක් දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාවෙන් ආශ්‍රව නසන්නේ ඔන්න ඔය ක්‍රමයට. පොඩි ධර්මයක් නෙවේ.
ඒ කියන්නේ අපිට අපේ, අපි දන්නවා මේක රෝල් වෙලා යනකොට තමයි අපිට එන්නේ. දැන් මම ආවේ කොහොම ද, මම මණ්ඩලාධිපති බුදුපියා බලනකොට මම කිව්වේ අර නිත්‍යභාවය. පෙර නිත්‍යයි. එතකොට විඤ්ඤාණ ධාරාව, විඤ්ඤාණ ආහාරය කියන තැනට එනවා කොහොම ද අත්තා නිසා නිත්‍ය. ඊට ඉස්සෙල්ලා තියෙන්නේ චේතනාව තියෙන තැන, අත්තා, මේ පැත්තෙන් එනවා සුඛයි කියන කතාව නේ ද. ඊට පස්සේ අර අම්මාගෙයි පුතාගෙයි කතාව. පවතිනවා, නාමරූප කොටස පවතිනවා, මේ පැත්තේ පැවතිය හැකි ය. ඔන්න ඔහොම නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙම නම් අපිට පේනවා නිත්‍ය කතාව ඇති වුණේ අත්තා නිසා. එතකොට අත්තා කතාව ඇති වුණේ රූපය නිසා. අර බොජ්ඣඞ්ග diagram එක. ඒක තමයි මං ඒකෙන් කියලා මම නැවැත්තුවේ. අන්න ඒක නිසායි flow on effect එකකින් ඇවිල්ලා තියෙන්නේ. ඒක වැටහෙන්න ඕනෙ. ඒ අවසානෙට මට තේරුණා මෙතන මේ කම්මුලේ මෙහේ ඔක්කෝම මේවා සහගතව අර සුභ කියන විමුක්තිය තමයි එතන තියෙන්නේ කියලා මෙත්තාවෙන් අප්‍රමාණයට ගිහිල්ලා.