පූජාවට පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මෙතනදි මම අර ඒ පවතිනවා පැවතිය හැකි ය කියන එක අර අම්මා දරුවා දක්වා ම ආවා ඒ විදිහට. එතෙන්ට ඇවිල්ලා දැන් ඊයේ භාවනාවේ මැද කොටසක් දක්වා ආවා. අපි දන්නවා නේ අර විඤ්ඤාණ ධාරාව කඩාගෙන වැටිලා, ඊට පස්සේ අපි පවතිනවා කියන එක ඇවිල්ලා, අර සඤ්ඤා කියන තැනට ඇවිල්ලා තියෙනවා අර කුඩේ වාගේ අපි කල්පනා කළා. එතකොට දැන් එහෙම නම් අපි ඊයේ බැලුවේ ඔය රූප කෙළවරයි, අර නාමකායේ අපි පෙන්නුවා පටිඝසම්‌ඵස්‌සය අගයෝ කියන ඒවා ඇති වුණා කියලා. අවිද්‍යා අනුසය හරහා විඤ්ඤාණයේ වේදනාව කියන එක මැරුණාට පස්සේ ඒ නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ ඇවිල්ලා තියෙනවා කියන ඒ point එකට ආවා. එතකොට අන්න එතන ඉඳන් බැලුවේ එතනින් එහා පැත්තට තිබෙන්නා වූ flow on effect එක කියන එක තමයි අද භාවනාවෙදි බැලුවේ.
එතකොට මෙන්න මේ තත්වෙට පත් වෙච්ච මනුස්සයාගේ ධර්මය ඉස්සරහට අපි බැලුවොත්, දැන් අපිට පේනවා දැන් සඤ්ඤාව කියන එක ජරාවට පත් වෙලා නම් තියෙන්නේ ඒ කියන්නේ 5.3 නම්, අපි දන්නවා මේ 6.4 කියලා කියන්නේ සඤ්ඤාවේ රෝගය කියන එක. ඉතින් ජරාවට පත් වුණා නම් ව්‍යාධි වෙනවා කියන එක අහන්න දෙයක් නෑ නේ. ථීනය කියන point එකේදි ඉතින් රෝගීභාවය කියන එක තියෙනවා. එතකොට ඔන්න ඔය කෙළවර දෙක සහිතව තමයි මං බැලුවේ. මෙතෙන්ට ආවාට පස්සේ මට කල්පනා වුණේ ඔය, මීට පෙර භාවනාවක් තියෙනවා.
මේ භාවනාවට ම පෙර මේක බලනකොට ම ඇති වුණා නිබ්බාන 2 කියන භාවනාව 07/07/2015 තමයි මේක කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒකේ අපි පෙන්නනවා මේ diagram එකක්, දැන් අපි දන්නවා චේතනාවට එන්නා වූ අගයන් තුනක් තියෙනවා. එකක් තමයි ඔය සඤ්ඤාවන් එක්ක එන්නා වූ එක. අනිත් එක අර වේදනාවෙන් චේතනාවට එන එක. අනිත් එක තමයි අර අත්තා කියලා එන එක. ඉතින් ඒකෙන් ඇවිල්ලා අපිට චේතනාවෙන් එහා පැත්තට අත්තා කියන කතාවක් ඇති වෙනවා. ඊට පස්සේ පෙන්නනවා අර π අකුර හැඩේට තිබෙන්නා වූ එක. එතන කාරණා තුනයි, ඉරි කෑලි තුනයි. ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් ථීනය. ථීනයේ ඉඳන් ඉදංසච්චය. එතකොට පරාමාසයේ ඉඳන් ථීනයට 1 කිව්වොත්, එතන ඉඳන් ථීනයේ ඉඳන් ඉදංසච්චයට යන එක 2 කිව්වොත්, ඊට පස්සේ උඩ චේතනාවේ ඉඳන් මේ විඤ්ඤාණයට යන එක 3 වෙනි කාරණය හැටියට. එතකොට දැන් අර ථීන point එක ගැන හිතන්න. ඒ ථීන point එක ගැන හිතනකොට මතක ද මැරුණාහම මොහොතක ඉන්නා වූ ඒ අර බෝක්කුව කැඩිලා තිබෙන්නා වූ diagram එක, දැන් ඒකත් එක්ක මේක fit වෙනවා.
එතකොට දැන් අපිට එනවා මෙන්න මෙහෙම එකක්. අර පරාමාස කෑල්ල එයාගේ ගිහිල්ලා වගේ නේ. ඒකට සම්බන්ධතාවයන් කියන ඒවා නැතුව වාගේ තියෙන්නේ. දැන් ඊළඟට තමන්ට පේනවා මැරෙන්න පෙර මනුස්සයෙක් හිතනවා නම් මං අලුතෙන් ආයේ සංස්කාර හදන්නේ නෑ. ඒ කියන්නේ මොකද්ද? විරිය මගින් අර චේතනාවේ ඉඳන් ථීනය කියන point එකට එන්න දෙන්නේ නෑ කියන එක තියෙනවා. එතකොට, රහතන් වහන්සේ කිව්වා “මට ම කියන්නෙයි” කියලා ඊළඟ කාරණය. එතකොට මම කිව්වා අර පවතිනවා කියන එක එයාට නැත්තන්, දැන් අපි පවතිනවා කියන එක අපි ගැඹුරු ලෙස බලලා තියෙනවා නේ අර සඤ්ඤාව වෙනකන් ඇවිල්ලා, කුඩු වෙලා ගිහිල්ලත් මේ මනුස්සයා පවතිනවා කියන අදහස. එතකොට ඒක නැත්තන් එහෙනම් ඕගොල්ලන්ට පේනවා අර අභිජ්ඣා, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීමට ඇති කැමැත්ත කියන එක, ඒක නැති වෙනවා. ඒ කියන්නේ අපි අර පරාමාසයේ ඉඳන් අර මැද්දේ point එකට එන්නා වූ එක කියන එක නැති වෙනවා. දැන් උඩින් එන එකත් මෙතනින් එයාගේ නැති වෙලා තියෙන්නේ.
අන්න ඒ වෙලාවේදි එයාට අර පාගුඤ්ඤතාවය කියන එක තියෙනවා නම්, ඒ කියන්නේ පරාමාස ඇතුළේ කතාවත් නෑ, ඉදංසච්චයේ තියෙන සත්‍ය කතාවත් ඒ ඔක්කොම ගිහිල්ලා තියෙනවා නම් ඒ පුද්ගලයා ඉපදීමක් කියන එක ඇති වෙන්නේ නෑ. මොකද අර, ඔය බෝක්කුව කැඩිච්ච වෙලාවේදි අපි දන්නවා චේතනාවේ ඉඳන් ආවා ථීනය, ථීනයේ ඉඳන් විඤ්ඤාණය. දැන් මේක කෑලි දෙක තියෙන්නේ. එතකොට ඒ කෑලි දෙකත් එක්ක කෙනෙක් කල්පනා කළහම පේනවා මෙයා හදන්නේ නෑ. හරි හොඳයි මනස ඒ වෙලාවේ පුදුමාකාරයි ඒ තත්වෙට මනස ගියායින් පස්සේ.
ඉතින් ඒකේ ටිකක් වෙලා ඉඳලා මේක භාවනාව කියන විදිහ නැවතත් කල්පනා කරලා බැලුවහම ඉතින් ඒ මණ්ඩලාධිපති බුදුපියා පෙන්නුවේ ඒ අවස්ථාවේ දී ජීවිත ඉන්ද්‍රිය කියන එක නෑ. ජීවිත ඉන්ද්‍රිය කියන එක නැති වෙලා. ඒ කියන්නේ අර වතුර තටාකේ වතුර ටික ඔක්කෝම හිඳිලා ගිහිල්ලා ඒක නිසා සුළියක් නෑ. සුළියක් හැදෙන්න යම්කිසි දෙයක් තියෙනවා ද, මේ පැත්තෙන් එන්නා වූ කියන දේ තියෙනවා ද, ඒකත් නෑ. ඉතින් ඒක ඔය, ඔය නිබ්බාන 2 භාවනාවෙදි ඒකෙදි පෙන්නනවා නේ. ඒ කියන්නේ අර උඩ චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට යන්න නම් අපේ එන්න ඕනේ අර පළවෙනි එකට අපි කිව්වේ දැන් ධර්මයක් චේතනාවට එන්නා වූ කාරණා තුන. ආන්න ඒක නිසා නොවෙනවා කියන එක තියෙන්න ඕනෙ. ඒ කියන්නේ මේ පැත්තෙන් අපි වතුර එවන්නෙ නැති වෙන්නත් ඕනෙ, ඒ විදිහට. බොහෝ ම ලස්සනයි ඒ තැන. ඒක තමයි මං කරපු භාවනාව.