Date: 31/07/2015 Name: පාගුඤ්ඤතා

ඒ පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ ඒ විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මම පටන් ගත්තේ ඒ ලෝභය නැති කරමි. කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත. ඉතින් මම ජරාවට කැමති වෙනවා නම් මං ව්‍යාධිය මරණය කියන දේවල්වලටත් මම කැමති වෙනවා. ඒ වගේ ම දුක්ඛය දෝමනස්සය ඒවාට ඔක්කෝට ම කැමති වෙනවා. ඉතින් පේනවා එහෙම නම් අපි මේ මුළු දුක්ඛස්කන්ධයට ම තමයි අපි කැමති වෙලා තියෙන්නේ. එතකොට එතනින් පේනවා අපේ පදුට්ඨමනසඞ්කප්පය තුළ තියෙන්නේ ඔන්න ඔය දේ. එතකොට පදුට්ඨමනසඞ්කප්පයෙන් අපිට පේනවා ජරාව කියන තැනට ම තමයි එන්නේ. ඉතින් මෙතන මේ භාවනාව කරනකොට ම මේ අර අපි පන්සිල් ගත්ත ක්‍රමය නිසා මගේ සිත බොහෝ ම ශාන්ත ස්වභාවයට පත්වෙලා ඒ තිබුණ තත්වයක් තිබුණේ.

ඉතින් ඔය තත්වයේ තියාගෙන ම පෙරේදා භාවනාව නැවතත් සිහි කරගෙන ගියා. ඒ පෙරේදා භාවනාව කරනකොට ඉතින් ඒකේ, නැවතත් යන්තම් මතක් කරනවා නම් ඒකේ පෙන්නුවේ මේ මරණ මොහොතක තිබුණා වූ ස්වභාවය කියන එක. ඒ කියන්නේ අපේ විඤ්ඤාණ ධාරාව කඩාගෙන වැටෙනවා. ඉදංසච්චය කියන ගලේ ඉඳන් උඩින් වැක් කෙරිලා ඊට පස්සේ මෝහය කියන ගලේ වැදිලා කුඩු වෙලා යනවා. ගිහිල්ලා අර විසුරුණා වූ, දැන් වතුර පාරක් වැටුණා නම් වතුර පාරේ තියෙනවා නේ, වතුර තැන් තැන්වල තියෙනවා නේ. අන්න ඒවා හිතන්න වේදනාවන් කියලා. අන්න ඒ වේදනාවන් කොටස් නිසා නැවතත් ඉතින් මේක එකතු වීමක් කියන එක තියෙනවා නේ වතුර. කොහෙන් හරි කැරකිලා ගිහිල්ලා අර ගොඩට මේ ගොඩ එකතු වෙනවා වාගේ. එතකොට මෙතන මේක නිසා මේ පවතිනවා කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ පවතිනවා කියන එක එනවා කාමරාග අනුසය ඒ පාර තියෙනවා නේ. ඒක දිගේ උඩට ම ඇවිල්ලා අපි එනවා සඤ්ඤාව කියන තැනට. ඉතින් ඒ සඤ්ඤාව කියන තැනට ආවා නම් අපිට දැන් තියෙන්නේ පවතිනවා කියන හැඟීම. ඉතින් මරණ මොහොතක කෙනෙක් හිතලා බලන්න. වම් පැත්තෙන් බැලුවොතින් එතෙන්දි පේනවා කබලිංකාර ආහාරය, මේ රූපය. මැරිලා වැටිලා ඉවරයි.

ඊළඟට ගත්තහම අපි ඉගෙන ගත්තා අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය. ඉතින් එතනින් එනවා කියලා අර වේදනාව හරහා ම අපි අර රූපයක් දැක්කහම අපි උස්සන්නේ, අවිද්‍යා අනුසයෙන්. අන්න ඒ point එක අපි සාකච්ඡා කළා නේ. ඉතින් මේකෙදි තියෙන්නෙත් වේදනාව තිබිච්ච එකත් මැරිලා කුඩු වෙලා ඔක්කොම ගිහිල්ලා ඉවරයි. නමුත් මේ මැද්දෙන් එන්නා වූ අර සඤ්ඤාව හරියට නිකන් කුඩේ වාගේ. දෙපැත්තේ කෑලි දෙක, මැද්දෙන් නිකන් කුඩේ තියෙනවා නේ අපේ අර නණය සහිත උඩ කෑල්ල. ඒ වාගේ එකක් තමයි පවතිනවා කියන හැඟීමකට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඕක පෙන්නුවා මේ අවස්ථාවේ දී මේ මනුස්සයා ඉන්නේ මහ අසරණ වෙලා. මොකද එයාගේ දිට්ඨීන් ඔක්කොම බිඳිලා කැඩිලා ගිහිල්ලා. වේදනාවන් පැවතුනේ නෑ, රූපයත් කැඩිලා ගිහිල්ලා. හැබැයි තාමත් පවතිනවා කියන හැඟීම. අර වතුර ටික දිහා බලලා ඇති වෙන්නා වූ දෙයක් තමයි මේ තියෙන්නේ. අර පෙර තිබුණා වූ වේදනා කොටස් ගැන තිබෙන්නා වූ දෙයක් තමයි තියෙන්නේ.

ඉතින් එතකොට ඔය ඊයේ මම plane එකේ එනකොට ම ඒ රහතන් වහන්සේත් එක්ක මම සාකච්ඡාවක ඉද්දී මට පෙන්නලා දුන්නා රහතන් වහන්සේ. ඒ කියන්නේ අර අපි කියනවා නේ මේක ඔක්කොම කැඩිලා ගියාට පස්සේ අර අන්තිම හරියේදි පෙන්නනවා අපේ උද්ධච්චය කියන එක වෙන්නේ කොහොම ද? ඉද්ධීන් භාවිතා කරලා දිගට දිගට ම ගිහිල්ලා පෙන්නනවා hub එකෙන් කැරකවීමක් කියන එක තියෙනවා. ඒ hub එකෙන් කැරකෙනවා, ඒ කියන්නේ පරාමාසය තියෙන තැනින් වෙන දේ නේ. ඒකෙන් අර ඇවිල්ලා තමයි අර අපි දන්නවා නේ line 7 කියලා නේ ද? ඒකෙන් එකතු වෙන එක නිසා තමයි අපිට උද්ධච්චය. අන්න ඒ උද්ධච්චය තමයි අර මෝහය කියන ගලේ වදින්නේ කියන එක තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් මේ අවිද්‍යා ආශ්‍රවය කියන එක එතන ඒ ගැන නිත්‍යභාවයක් නැතෙයි කියන එක ඒ ඇවිල්ලා, අපි පෙන්නුවා නේ ඉතින් ඕවායේ ඇති වෙනවායි කියලා ඉතින් ඔය විදිහට ගිහිල්ලා පරාමාසයෙන් එන එකට සෝක නොවෙනවා නම් ඒ චිත්තපාගුඤ්ඤතා කියලා කිව්වා. චිත්තපාගුඤ්ඤතාව කියන එක නිතර ම හිතන්න විඤ්ඤාණය, පරාමාසය, සෝකය, අන්න ඒ line එක ගැන හිතන්න ඕනෙ. එතකොට පරාමාසයේ ඉඳන් එන එකකට අපි කලබල නොවෙන්න ඕනෙ.

අපි හිතමු කවුරු හරි මනුස්සයෙක්, මේ භාවනා වැඩ සටහනට ඇවිල්ලා හරි කමක් නෑ එයා අසනීප වෙලා ඉතින් කට්ටිය කලබල වෙලා තියෙනවා ඒක ගැන, එයා ගැන නේ ද? ඒ කියන්නේ අපි ඒවාටවත් reaction එකක් නැති වෙන්න ඕනෙ. අපි මෙතනදි react කරනවා නම් කලබල වෙනවා නම් කවුරු හරි මළා කියලා, එහෙම නම් අපි මළහම කොච්චර කලබලයක් තියෙනවා ද? තේරුණා ද? අරකටත් සෝක නොවන්න ඕනෙ. මොකද අපි මුල දී කිව්වේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ. මං මේවාට කැමති වෙලා නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම නම් අරකත් ඉතින් දැන්, කෑමක් කවුරු හරි ගෙනත් තිබ්බා කියලා මනුස්සයෙක්, ඒ කෑමට කැමති වෙච්ච මනුස්සයා මේ භාවනාවත් දාලා දුවන්නේ නෑ නේ ද? එහෙම නම් මේ කවුරු හරි කෙනෙක් මළා කියලා, එහෙම නැත්තන් අසනීප වුණා කියලා ඒකටත් අපි කලබලයක් නොවෙන්න ඕනෙ. තේරුණා ද? අපි කැමති වෙච්ච දේ නේ. ඔන්න ඔය අර්ථයයි ඕකේ තියෙන්නේ. එතකොට එහෙම නම් ඒ කියන්නේ තමා මළා කියලාවත් අනිත් කෙනෙක් මළා කියලාවත්, ඒ කියන්නේ පරාමාසය හරහා එන එකට තමන්ගේ මොකක්වත් කලබලයක් මොකක්වත් නැති වෙන්න ඕනෙ. සෝක නොවනවා කියන එක තියෙන්න ඕනෙ. එහෙම නූණොත් අපි කරකවනවා. පරාමාසයේ ඉඳන් එන ඒක සිද්ධ වෙනවා කියන එක තියෙනවා.

ඉතින් ඔන්න ඔය point එකේදි තමන්ට පේනවා එහෙම නම් මේක කෙනෙක් නතර වෙනවා කියන එක අපිට හොඳට පේනවා මේ පරාමාස, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව. පරාමාසයේ තියෙන එකට අපි ඇලෙන්නේ නෑ. අභිනිවේස වෙන්නේ නෑ. දැන් අපි කිව්වා අර නිත්‍ය කතාව කියන එකත් අපි ගලවලා දානවා. නිත්‍යයි කියන එක අයින් කරලා තමයි ඔය චිත්තපාගුඤ්ඤතාවලට එන්න විදිහක් නෑ නේ. එතකොට ඒ චිත්තපාගුඤ්ඤතාවයට, එයිට ඉස්සර චිත්තුජ්ජුකතාවය ඒවා ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙම නම් අර අවිද්‍යා ආශ්‍රව කෙළවරටත් එතන වැදිලා තියෙනවා.

එහෙම නම් අපිට පේනවා පාගුඤ්ඤතාවය, චිත්තපාගුඤ්ඤතාවය කිව්වහම එයා කරනවා මෙන්න මෙහෙම වැඩක්. චේතනාවට එන්න පාරවල් තුනක් තියෙනවා නේ. සඤ්ඤාවේ ඉඳන් එන එකක් තියෙනවා. පරාමාසයේ ඉඳන් එන එකක් තියෙනවා. ඔන්න ඔය චිත්තපාගුඤ්ඤතාවයෙන් තුන් කෙළවරක් කරනවා. පරාමාසයෙන් එන්න දෙන්නෙත් නෑ. ඒ වගේ ම ගත්තහම සඤ්ඤාවෙන් එන්න දෙන්නෙත් නෑ ඒ පවතිනවා කියන කතාව. අනිත් එහා කෙළවරේ, ඒ කියන්නේ අර මෝහය තියෙන තැන ගලේ වැදිලා කුඩු වෙනවා කිව්වා නේ. කාමරාග අනුසය ඒ line එකේ. ඒකේ ඒ කෙළවර තුන ම එයා බොහෝ ම proficiency එකක් එයාට තියෙනවා.

අන්න එතනදි එහෙම නම් අපිට පෙරේදා භාවනාවත් එක්ක පේනවා දැන් ඔය චේතනාවට එන්න තියෙන තුන් පොළෙන් දෙකක් ගියා. සඤ්ඤා පරාමාස කියන එක. කායපාගුඤ්ඤතාවය කියන එක අපිට ඕනි වෙනවා, සාරම්භය කියන එක අපි අයින් කළාට පස්සේ, මතක ද කායපාගුඤ්ඤතාවයේ අර්ථ දැක්වීම. සාරම්භය අයින් කළාට පස්සේ, ඊට පස්සේ මෙයා අලුත් සංස්කාරයන් හදන්න යන්නේ නෑ නේ. එතකොට වේදනාවේ ඉඳන් අර එන්නා වූ මැද්දේ line එක දැන් චේතනාවට එන එක කැපෙනවා. දැන් line තුනක් ම ගියා නේ ද?

එතකොට ඊට පස්සේ අපිට ඕනෙ වෙනවා අර කායුජ්ජුකතාවය කියන එක. මොකද අපිට ථීනමිද්ධ. දැන් අපි දන්නවා නම් ඇති වෙන්නේ ථීනමිද්ධයයි කියලා මතක ද ඒකෙදි පැහැදිලි කළා අට වෙනි ඒ, දැන් අට වෙනි රවුමේ එහෙම ගිහිල්ලා එතනින් එහා පැත්තට කරකවන්න මෙයා හිතන්නේ නෑ. ඒ කියන්නේ ඇති වෙන්නේ ථීනයයි කියලා දැනගෙන එයා ඉදංසච්චය ගලවලා දානවා. ඒ අලුත් සංස්කාරයන් කරන්නේ නැහැයි කියන එක කිව්වා නේ.

එතකොට එතෙන්දි එනවා ඒ කායුජ්ජුකතාවය කියන එක. එතකොට මෙන්න මේ ධර්මයෝ, ඒ කියන්නේ චිත්තයේ පාගුඤ්ඤතාවය තියෙන්න ඕනෙ. කායේ පාගුඤ්ඤතාවය තියෙන්න ඕනෙ. ඊළඟට කායුජ්ජුකතාවය කියන එක තියෙන්න ඕනෙ. එතනත් නිකන් හරියට අර ඉස්සෙල්ලා කිව්ව කුඩේ වගේ නේ මේ. චේතනාව තියෙන තැනට, දැන් මෙතන අමුතු කුඩයක් මේ තියෙන්නේ. අර පරාමාසයේ ඉඳන් එන කතාවත් නැති වෙන්න ඕනෙ. මේ පැත්තෙ වේදනාව පැත්තෙන්. මෙතනින් ආපහු නොයන්නත් ඕනෙ. ඉතින් ඔන්න ඔය තත්වෙ බොහෝ ම හොඳ තත්වයක් ඉතින් තමන් නිරෝධයටත් යනවා එතෙන්ට ගියා ම. ඒ වගේ ම විවිධාකාර වූ දේවල් දැකීමකුත් තියෙනවා. ඔය, දැන් මේ ගෙදර වුණත් ඒ පුටුවක මේ මුල්ලක් අස්සක් ආදී දේවල් තියෙනවා නේ. ඒ වාගේ දේවල් හිටන්, මේ ගැන හැඟීම් හිටන්මත් තියෙනවා. තිබිලා මේ තමයි අර නිරෝධය කියන එක වෙන්නේ අර බොහෝ ම හොඳයි ඒ තත්වය. කෙනෙක් ඉතින් උත්පත්තියක් ඇති කරගන්නේ නැතුව ඉන්න පුළුවන්, ඒ විදිහට ඉන්නවා නම් ඒ අවස්ථාවේ දී.

ඒක තමයි මං කරපු භාවනාව.