ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කරා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කරගෙන ආවා. එතැන දී අර අම්මා සහ පුතා, පැවතිය හැකි ය පවතිනවා කියන එක, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට භාවනාව පටන් ගත්තා ඊයේ වගේ ම, හැබැයි භාවනාවට පෙර, මට ඊයේ භාවනාව බලනකොට අදහසක් ඇති උණා මේ මිච්ඡා දිට්ඨිය දෙපාරක් සඳහන් වෙනවා. එතකොට අන්න ඒක තමා මම මේ හොඳට කල්පනා කළේ. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියෙන් පටන් අරගෙන මිච්ඡා දිට්ඨිය ම තමා අන්තිමට අයින් කරන්නේ.
එතකොට මම කරගෙන ගියේ කොහොම ද, අර ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත, ඉතින් මම ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධිය, මරණය, දුක්ඛ දෝමනස්සය ඔක්කොට ම කැමති වෙනවා. මුළු දුක්ඛස්කන්ධයට ම තමයි මම කැමති වෙලා තියෙන්නේ කියන එක බලනවා.
ඊට පස්සේ දැන් තමන්ට පේනවා මේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීමක් අභිජ්ඣා කියලා අපි ඉගෙන ගත්තා. රූපයක් දැක්කහම ඒ සඤ්ඤාව නිසා අපිට එනවා අර සඤ්ඤාවේ ඉඳන් පරාමාසය දක්වා ඇවිල්ලා එතනින් එන්නා වූ එක අපි ඔය භයභෙරව සූත්‍රයේ වත්ථූපම සූත්‍රයේ එහෙම සාකච්ඡා කරනකොට ඕක පෙන්නලා දීල තියෙනවා.
එතකොට ඔය සඤ්ඤාවත් එක්ක තමයි අපි ගමන් කරන්නේ. ඉතින් එතකොට කෙනෙකුට තේරෙනවා මේක හරියට මේ නිශ්චලව වතුර තටාකයක කට්ටියක් බැහැගෙන ඉන්නකොට වතුර හෙල්ලෙන්නේ නැති අවස්ථාවක ඔය ළමයෙක් හරි කවුරු හරි ජබු ගහලා හරි වතුර කලත්තනවා. ඒක කැලැත්තුවයින් පස්සේ අර වතුර ටික කැලතෙනවා.
මේක තේරුම් ගත්තහම ඒ පුද්ගලයා ඔය සංස්කාරයන්, ඕවට කැමති නැති වෙලා, ඒ සංස්කාරයන් කියන ඒවා අයින් කරනවා. ඒ පාණාතිපාත අදත්තාදාන වගේ ඒ සංස්කාරයන් කියන ඒවා අතහරිනවා. එතකොට සංස්කාර නිසා අත්තා වීම කියන එක අයින් කළහම අපි ඉගෙන ගත්තා අර චිත්ත මුදුතා කියන එක ඇති වෙනවා කියලා. ඒ කියන්නේ පවතින්නේ නැහැ කියලා තේරුම් අරගෙන ඒක අයින් කළා. ඒ චිත්ත මුදුතාව වුණයින් පස්සේ, ඒක නිසා ථම්භය ගැලවිලා යනවා.
ඒ වගේ ම ඔය පවතින්නේ නැහැයි කියන හැඟීම නිසා මිච්ඡා දිට්ඨිය කියන එක අයින් වෙනවා. එතකොට ථම්භය කියන එක, හේතු වෙනවා සාරම්භයට, ප්‍රත්‍ය වෙනවා මිච්ඡා දිට්ඨිය. දැන් හේතුවයි ප්‍රත්‍යයි අයින් කරා, ඒක නිසා අපි දන්නවා ඒකෙන් අපිට පුළුවන්කම කියන එක තියෙනවා පවත්වන්න, ඒ කියන්නේ කායපාගුඤ්ඤතා කියන එක. කායපාගුඤ්ඤතාවය, අපි දන්නවා වේදනාවේ ඉඳන් එන්නා වූ එක, වේදනාවේ ඉඳන් චේතනාව දක්වා එන්නා වූ එක, සිද්ධ වෙන්නේ නැහැයි කියන එකයි.
එතකොට ඊළඟට ගත්තහම ඒ පාගුඤ්ඤතාවය කියන එක භාවිතා කළා, ආපහු චිත්තපාගුඤ්ඤතාවය කියන එක අපි භාවිතා කළා, ඊයේ අපි ඉගෙන ගත්තා නේ ද? චිත්තපාගුඤ්ඤතාවය කියන එක තියෙනවා නම් අර කෙළවරවල් තුනක්, ඒ කියන්නේ සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එන එක. ඒ වගේ ම පරාමාසකායේ ඉඳන් චේතනාවට එන්නා වූ එක, ඒ වගේ ම අර අවිද්‍යා ආශ්‍රව කෙළවර, අර නිත්‍යභාවය අයින් කිරීම නිසා, මෝහයට තුඩු දෙන්නා වූ දේ අයින් කිරීම කියන එක එතන සිද්ධ වෙනවා කියලා. එතකොට මේ තත්වෙට ආවාහම තමන්ට පේනවා, එහෙම නම් චේතනාවට එන්නා වූ පාරවල් තුන ම අපි දැන් කපලා තියෙනවා කියලා කියන එක. ඉතින් ඒ චේතනාවට එන පාරවල් තුන ම කැපුවට පස්සේ අපි එනවා අර diagram එකකට. ඒ කියන්නේ දැන් අපිට පේනවා චේතනාවේ ඉඳන් ථීනය, ඊළගට ථීනයෙන් පරාමාස සෝක, සෝකයෙන් වේදනාව, වේදනාවෙන් චේතනාව. අපි මේක කලින් බලලා තියෙනවා. කලින් භාවනාවක පෙන්නුවා. එතකොට දැන් අපිට පේනවා අපි උජ්ජුකතාවය, කායුජ්ජුකතාවය කියන එක භාවිතා කරනකොට චේතනාවේ ඉඳන් ථීනයට එන්නා වූ එක අපි කපනවා, මොකද අපි කල්පනා කරනවා ඔය හත් වෙනි ධ්‍යානය, එතනින් එහා පැත්තට අපිට ඇති වෙන්නේ ථීනයයි කියලා තේරුම් අරගෙන ඒ වට අට කැරකුණාට පස්සේ, කෙනෙක් කල්පනා කරනවා ආපහු මම අවිද්‍යා ආශ්‍රවයට යන්නේ නැහැයි කියන එක තියෙනවා. ඉදංසච්චය ගලවා දමනවා කියලා එහෙම ඔය අවස්ථාවේ දී කිව්වා.
එතකොට දැන් අපි මුලින් ගත්තහම සංස්කාර අයින් කළාට පස්සේ අපිට සම්මා ප්‍රඥා කියන එක ඇති උණා. ඊට පස්සේ දැන් අපි කිව්ව නේ මේ කාරණා තුනකින් අර චේතනාවට එන්නේ නැතෙයි කියන එක. අන්න ඒ තත්වයට ආවට පස්සේ තමන්ට ඇති වෙලා තියෙනවා සම්මා ඥානය කියන එක. ඒ කියන්නේ අත්තා කතාව, අත්තා නිසා වෙන්නා වූ එක තමන් ගලවනවා. ඔන්න ඔය අවස්ථාව වෙනකොට ඔයගොල්ලොන්ට ඉතුරු වෙන්නේ අර සෝකය ඉඳන් වේදනාව, ඒ කියන්නේ දිට්ඨි අනුසය පාර කතාව තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඕක විමංසාවෙන් තමයි ඕක කරන්නේ කියලා. අර ඇඟිල්ල දික් කරනවා රූපයට නේ ද? රූපයට ඇඟිල්ල දික් කරලා එයා කියනවා ඒක අයින් කරන්නයි කියලා.
එතකොට දැන් අපේ මේ භාවනාවේ දී බලන්න, මෙතන දෙකක් සිද්ධ වෙනවා. දැන් ආපහු අපිට මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා ඇති වෙනවා කියන එක. දැන් මතක තියාගන්න අර වතුර පාර වැදිලා, කුඩු වෙලා ගිහිල්ලා, ඒ අවස්ථාවේ දීත් අපි හිතනවා මේක පවතිනවා කියලා. ඇයි එහෙම හිතන්නේ? අත්තානුදිට්ඨිය නිසා.
අර පෙර පැවතිලා, අත්තා පැවතිලා ඇති වෙච්ච අත්තානුදිට්ඨිය. එතකොට ඔන්න ඔය අත්තානුදිට්ඨිය, ඒ කියන්නේ විමංසාවෙන් දැන් පෙන්නුවා නේ මේක එපා, මේක පවතින්නේ නෑ. එතකොට එහෙම නම් ඒ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා තියෙන line එකෙන්, අනෙක් පැත්තට, ඒ කියන්නේ අර මෝහය පැත්තට, කැඩිලා කුඩු වෙලා ගියා කියන අවස්ථාවේ. ඒක නිසා ඇති වෙන්නා වූ සඤ්ඤාව, පවතිනවා කියන සඤ්ඤාව, එතකොට අත්තානුදිට්ඨිය අයින් කරායින් පස්සේ අන්න ඒ කෑල්ල යනවා.
ඊළඟට විමංසාවෙන් ඇඟිල්ල දික් කරලා පෙන්නනවා අර රූපයට. එතකොට එයා නිකන් ම නෙමෙයි, රූපය ස්පර්ශ කරන්න එපා, රූපය අයින් කරන්නයි කියලා කියනවා. ඒ වගේ ම අර විරිය, දැන් අපි චේතනාවෙ ඉඳන් ථීනය දක්වා එන්නා වූ එක තියෙනවා නේ, උජ්ජුකතාවය කියන එක. කායුජ්ජුකතාවය, එතකොට අන්න ඒ උජ්ජුකතාවය උදව් වෙනවා ඒ දේට. මොකද මේක parallel ධර්මයක් මේ යන්නේ. චේතනාවේ ඉඳන් ථීනයට යන එකයි, අපි හිතමු සෝකයේ ඉඳන් වේදනාවට යන එකයි. ඒ දෙක parallel. එතකොට දිට්ඨි අනුසය පාරේ අපි අර අත්තානු දිට්ඨි කතාව කියන එක නිකන් ම කැපෙන්නේ නෑ. පෙර තිබුණට, කුඩු වෙලා ගියා, අත්තානුදිට්ඨිය නිසා අර සඤ්ඤාව කියන එක පවත්වන්නේ නෑ. ඒ කියන්නේ පවතිනවා කියන සඤ්ඤාව බොරුයි කියන එක කරා. අනිත් අතට අලුත් සංස්කාරයන් නිසාවත් අපි කරන්නේ නැහැ කියන එක කායුජ්ජුකතාවයෙන් එනවා. අන්න ඒකත් එක්ක තමයි අර රූපය කියන එකට වෙන්නේ, රූපය අයින් කරන්නයි කියන එක. එතකොට දෙකක් කරනවා ඔතන විමංසාව විසින්.
ඉතින් මේ අවස්ථාව බොහොම හොඳ අවස්ථාවක්. මොකද අත්තානු දිට්ඨියක් කෙනෙකුට අයින් කරන්න පුළුවන් අවස්ථාවක්, ඒ තත්වයට මනස තියෙනවා කියන එක. මේ අදහස මුලින් ම මට අර ඇති වෙච්ච වෙලාවේ, මේ දිට්ඨි දෙකක් නේ, මිච්ඡා දිට්ඨියෙන් පටන් ගත්තේ, මිච්ඡා දිට්ඨිය පස්සේ දීත් අයින් කරන්නේ. මිච්ඡා දිට්ඨියේ ඉඳන් මිච්ඡා දිට්ඨියට නේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය කෑල්ල තමයි අපි මේ අයින් කරන්නේ. ඉතින් ඒක අර නිකන් බලපු ගමන් ම, අර වත්ථූපම සූත්‍රයේත් මතක ද, මිච්ඡා දිට්ඨියේ ඉඳන් මිච්ඡා දිට්ඨියට එනවා කියලා කෙනෙකුට තේරුම් ගත්ත ගමන් ඒ මනුස්සයගේ මනස පුදුමාකාර විදිහට වෙනස් වෙනව නේ. අන්න එහෙම තත්වයක් මගේ මුල ඉඳන් ම තිබුණා. තිබිලා තමයි මම මේක බැලුවේ. ඉතින් ඒක පුදුමාකාර භාවනාවක් කියන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව.