ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. එතකොට දැන් ඒ පවතිනවා පැවතිය හැකි ය කියන එක අර අම්මා සහ දරුවා දක්වා ම තමයි තුන් නම සිහි කරනකොට සිහි කළේ.
ඉතින් මම ඊයේ භාවනාව ම කරගෙන ගියේ, ඉතින් ඒක කරන්න ඉස්සෙල්ලා මම ලස්සනට මේ මිච්ඡා දිට්ඨියේ ඉඳන් මිච්ඡා දිට්ඨියට එනවා කියන එක හොඳට දැක්කා. ඒ භාවනාවට පෙර ම මම ඒක දැකලා තමයි ඒ දේ කරගෙන ගියේ. ඉතින් මේකේ පෙන්නන්නේ අපි මුලින් ම, අර සංස්කාරයන් කියන ඒවා නිසා විඤ්ඤාණය පවතින්නේ නැහැයි කියලා, ඉතා ම කුඩා කාලයක් තමා පවතින්නේ කියන අදහස නිසා අපි සංස්කාර ඉවත් කරන චිත්තමුදුතා කියන කොටස. ඉතින් ඒ චිත්තමුදුතා ඇති වුණහම අපි දන්නවා මේ සංස්කාර ඉවත් කළා නම්, අපිට සංස්කාර නිසා අත්තා වීම කියන එක අයින් වෙලා සම්මා ප්‍රඥාව කියන එක ඇති වෙනවා. අනිත් අතට ඔයගොල්ලන්ට පේනවා චිත්තමුදුතා කියන එක තියෙනවා නම් ථම්භය කියන එක ගැලවිලා යනවා. මුදිතාවේ තියෙන්නේ pliancy කියන එක නේ. නැමෙන ස්වභාවයයි ඒකේ තියෙන්නේ.
එතකොට ථම්භය හේතුවක් වෙනව නේ සාරම්භයට, අන්න ඒ ගතිය නැති වෙලා යනවා. අනිත් අතට ගත්තහම අර මිච්ඡා දිට්ඨිය කියන එක නැති වීම නිසා අපිට, එතනින් ඒක ප්‍රත්‍යක් වෙනවා සාරම්භයට, අන්න ඒ ප්‍රත්‍ය කියන එක නැති වෙලා යනවා. එතකොට මෙතනදි බලන්න ඕනෙ මිච්ඡා දිට්ඨිය කියලා කිව්වහම ඒ පවතිනවා පැවතිය හැකි ය කියන දෙක ම, නිසා ඇති වන මිච්ඡා දිට්ඨිය. අර බුදුපියවරු තුන් නම සිහි කරනකොට ම අපි ආවා නේ එතෙන්ට. පවතිනවා පැවතිය හැකි ය කියන එක, මේක ඒ මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියන එක. අන්න ඒ අර්ථය එන්න ඕනෙ. ඒක ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා දැන් අපිට සාරම්භය ගැලවිලා යනවා, ඒක අයින් කළාට පස්සේ විශේෂ වශයෙන් ම අර වේදනාවේ ඉඳන් චේතනාවට එන්නා වූ කියන කොටස අපේ අයින් වෙනවා, ඒ පාර. එතකොට ඒක තමයි අපි පෙන්නුවා, කායපාගුඤ්ඤතා කියන එක ඇති වෙනවා කියලා.
ඉතින් අපි ඊළඟට ඊයේ බැලුවා මේ චිත්තපාගුඤ්ඤතා, ඒකේදි පෙන්නුවා අර විඤ්ඤාණ ධාරාව කැඩිලා කුඩු වෙලා ගියා නම්, ඉතින් ඒක පවතින්නේ නැහැයි කියන එක, පැවතිය හැකි ය කියල නේ හැඟීමක් ඇති වෙලා තියෙන්නේ අර විසිරුණා වූ වතුර එහෙම තියෙන නිසා. ඉතින් මේක පවතින්නේ නැතෙයි කියන එක කෙනෙකුට තේරිලා අපි කිව්වා තුන් පොළකින් ඒක අයින් කරනවා කියලා. මොකක් ද, අර සඤ්ඤාව කියන කෙළවර, පවතිනවා කියන එක බොරුවක් කියලා අයින් වෙනවා. පරාමාසකායේ ඉඳන් යමක් සෝකයට එන්නා වූ ඒ දේ තියෙනවා, ඒකත් අයින් වෙනවා. එතකොට එහෙම නම් චේතනාව දක්වා එන්නා වූ කෑලි තුන, පරාමාසයේ ඉඳන් එන එකයි, වේදනාවේ ඉඳන් එන එකයි, සඤ්ඤාවේ ඉඳන් එන එකයි. කෑලි තුන ම අයින් උණා. ඒ කෑලි තුන අයින් උණාට පස්සේ අපිට අපි චේතනාවේ ඉඳන් ථීනය දක්වා යන්නේ නැහැ. ඒ තුන් ධර්මයෝ නිසා චේතනාවේ ඉඳන් ථීනය දක්වා යන්නේ නැහැයි කියන එක ආවා.
එතකොට දැන් ඔතනදි අපට පේනවා මේ පාගුඤ්ඤතා දෙකයි, චේතනාවේ ඉඳන් ථීනයට යන්නේ නැත්නම් අන්න කායුජ්ජුකතාවය කියන එක අපිට ඇති වෙනවා. ඉතින් ඒ අවස්ථාවේ දී නිතර ම හිතන්න අර තුන් ධර්මයෝ නිසා අපිට අත්තා කියන එක නේ ඇති වෙන්නේ. එතකොට ඒ අත්තා කියන සංකල්පය එතන ගැලවිලා ගියා නම් ඉතින් සම්මා ඥානයෝ කියන එක ඇති වෙනවා. එතකොට ඒ සම්මා ඥානයෝ ඇති උණාට පස්සේ, අර අත්තානුදිට්ඨිය කියන එක, එයා කල්පනා කරනවා අර මෝහය ළඟ කුඩු වෙන කෑල්ල. කුඩු වෙලා ගියාට පස්සේත් මොකක් හරි පවතිනවා කියන හැඟීමක්, මොකක් නිසා ද අපිට තියෙන්නේ? අත්තානුදිට්ඨිය නිසා.
එතකොට මෙන්න මේකේ අයින් කිරීම කියන එක තියෙනවා. ඉතින් ඔය පාරේ ඔයගොල්ලන්ට පේනවා ඔය මෝහයේ ඉඳන් කුඩු වෙලා ඉතින් සඤ්ඤාවට පවතිනවා කියන අදහස නේ තිබුණේ. ඉතින් ඕක මිච්ඡාදිට්ඨික අගය නේ. මේක තමයි අර පෙර අගය. මිච්ඡා දිට්ඨියේ පෙර අගය කියලා අපි කියන්නේ, මතක ද භයභෙරව සූත්‍රයේ එහෙම පෙන්නනවා, එක නිසා තමයි මේක වෙන්නේ කියලා තියෙනවා.
ඊට පස්සේ දැන් ඊළඟට අපිට තියෙන දේ තමයි අර රූපය කියන එක ස්පර්ශ වෙලා, දැන් බලන්න ඕක කුඩු වෙලා පෙර අගය යනවා කිව්වහම 40% පාරයි, 50% පාරයි දෙක ම ගිහිල්ලා දැන්. ඒ දෙක නැහැ නේ. ඇයි ඉතින් මුදිතාවෙන් ගිහිල්ලා ඔය විදිහට අපි ආවා නේ උජ්ජුකතාවය දක්වා. එතෙන්දි ඒ කියන්නේ අපි ආවා, පාගුඤ්ඤතාවයෙන් කිව්වා චේතනාවට එන්න දෙන්නේ නැහැයි කියලා වේදනාව පැත්තෙන් නේ ද? එතකොට එයා කිසිම ආකාරයකින් එන්න දෙන්නේ නෑ. ඉතින් ඊළඟට ඒ දෙකෙළවර අල්ලාගෙන ඉන්නවා අර සඤ්ඤාවයි පරාමාසයයි කියන කෙළවරවල් දෙක චිත්තපාගුඤ්ඤතාවයෙන් ඒක යන්න දෙන්නේ නැතිකම කියන එක. ඉතින් 50% පාරයි 40% පාරයි දැන් ගිහිල්ලා තියෙන්නේ.
දැන් එතකොට 10% පාර විතර නේ ඉතුරු වෙලා තියෙන්නේ. අලුත් සංස්කාර, කොහොම ද අපි අලුත් සංස්කාර කරන්නේ? රූපය, ස්පර්ශය, සඤ්ඤා, චේතනා, ථීන. ඕක නේ යන්න තියෙන්නේ. එතකොට දැන් අපි ඔය පාර දිගේ යන්නෙත් නෑ. අපි එතැන ඒ පාර කපාගෙන යනවා, අලුතින් සංස්කාරයන් කියන ඒවා කරන්නේ නෑ. කායුජ්ජුකතාවය කියන එක තියෙනවා. ථීනය දක්වා එන්නා වූ අලුත් සංස්කාරයන් කියන එක කරන්නේ නැහැයි කියන එක. එතකොට දැන් මේක තමයි දැන් අගය. රූපයක් දැක්කහම දැන් අගය. දැන් මිච්ඡාදිට්ඨික අගයක් මේ.
අර ඉස්සෙල්ලා කතා කළේ පෙර මිච්ඡාදිට්ඨික අගය, එක ම සඤ්ඤාව. එක ම රේඛාවේ, දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ සඤ්ඤාවේ ඉඳන් පරාමාසය, පරාමාසයේ ඉඳන් ථීනය පැත්තට එන්නා වූ එක පෙර අගය. අර උඩින් එන එක දැන් මිච්ඡාදිට්ඨික අගය නේ ද? එතකොට දැන් මෙන්න මේ අවස්ථාව, ඒ කියන්නේ මේ රේඛා දෙක හොඳ ලස්සනට කෙනෙක් දැක්කයින් පස්සේ, නිරෝධය ම තමයි. ඒ පුදුමාකාරයි ඒක. ඒ කියන්නේ කිසිම කලබලේකුත් නෑ. නිරෝධය කියන එක හරියට තියෙනවා.
ඉතින් ඕක මම උදේ භාවනාවට මං බලනකොට ම මට ඕක අහු වුණා. ඔය line දෙකේ මිච්ඡාදිට්ඨික අගයෝ, පෙර අගයෝ දැන් අගයෝ කියන ගැන ඉතින් ඒක හරි ම enjoy කරන්න පුළුවන් point එකක් ඕක. ඔය රේඛා දෙක බලන්න ඕනෙ. ඒ කියන්නේ අපිට එනවා, අර කුඩු වෙලා ගිය තැන ඉඳන් සඤ්ඤාව දක්වා. ඒක ඇවිල්ලා පෙර අගය කියන එක, මිච්ඡාදිට්ඨික පෙර අගය. ඊට පස්සේ චේතනාවේ ඉඳන් ථීනයට දක්වා එන එක, දැන් මිච්ඡාදිට්ඨික අගය, අලුතෙන් රූපයක් ස්පර්ශ කරලා 10% පාරෙන් ඇති වෙන දේ.
මේක බලන්න බලන්න ලස්සනයි. පේන්න පේන්න ලස්සනයි. ඉතින් රහතන් වහන්සේගෙන් මම ඇහුවහම අලුත් ධර්මයක් කියලා රහතන් වහන්සේ කිව්වා මේ “දැන් ඉතින් අල්ලා ගත්තා නේ, දැන් තමන්ට තේරුණා නේ” කියන එක මේවා වෙලා, ඊට පස්සේ රහතන් වහන්සේ කිව්ව මේ භාවනාවක් තියෙනවා, අපි කරලා තියෙන්නේ 20/06/2015 ආනෙඤ්ජ විහාරය කියන එක. ඕකේ පෙන්නනවා, සෝකයයි දෝමනස්සයයි කියන එක අතර තමයි අපි ඉන්නේ කියලා කියන. දෝමනස්සයයි සෝකයයි අතර තමයි ඉන්නේ කියලා පෙන්නනවා. ඉතින් ඒකෙ අර සුඛ වේදනාව මැරෙනවා කියන එක එහෙම ඉගෙන ගත්ත භාවනාව. 5.4 සුඛ වේදනාව. දැන් බලන්න අපි අර කිව්ව කතාවේ, උඩ දැන් අපි සඤ්ඤාව පොඩ්ඩක් මෙහාට ආවහම අපි පෙන්නනව නේ අපි අවිද්‍යා අනුසයෙන් උස්සනව නේ ද, එතන තියෙන්නේ මොකක්ද, සුඛ වේදනාව මළා කියන එක. පල්ලෙහා දිට්ඨි අනුසය පාරේ තියෙන්නේ සෝකය කියන එක. තේරුණා ද? මිච්ඡා දිට්ඨියකට තුඩු දුන්නා වූ අර අත්තානුදිට්ඨිය කියන එකේ තියෙන්නේ සෝකය. එහෙම නම් මම යමක් හදන්න පෙර ම මට තියෙන්නේ අර සුඛය කියන එක මළා, දෝමනස්ස සහගත ප්‍රමාණය, විදිහ තමයි තියෙන්නේ. හැදුවට පස්සේ තමන්ට තියෙන්නේ සෝකය. ඔච්චර නේ තියෙන්නේ ජීවිතේ. දෝමනස්සයයි සෝකයයි. ඔන්න ඔය දෙක අතර තමයි අපි ඉන්නේ. අර මිච්ඡා දිට්ඨි දෙකත් එක්ක දැන් පේනවා මේ කෑලි දෙක කියන එක. නිරෝධය ම තමයි. ඒ වගේ ම ඉතින් මේ ස්ථානයේ එක එක දේවල් මම දැක්කා, පරණ කාලේ එකක්. ඉතින් ඒ වගේ දේවල් තමයි ඒ භාවනාවෙන් සිද්ධ වෙන්නේ. අර මිච්ඡා දිට්ඨි දෙක අල්ලගන්නවා කියන එක හරි ම වටිනවා.
ඒක තමා මං කරපු භාවනාව.