Date: 03/08/2015 Name: Dukka Nirodha bhavana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. ඉතින් මේ විදිහට තුන් නමක් සිහි කරලා අර මව සහ පුතා කියන තැනට වෙනකන් ඇවිල්ලා, ඊට පස්සේ ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මම කල්පනා කළේ, භාවනාවට පෙර ම මට තිබුණ අදහස, අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව කියන එක. එහෙම නම් අපි එතන ඒ සඤ්ඤාව කියන තැනට අපි ආවා, පවතිනවා කියන සඤ්ඤාව. ඊළඟට අපි දන්නවා ඔය චේතනාවයි ඔය සඤ්ඤාවයි අතරට එනවා අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය. ඒ අගයේ තියෙන්නේ ඉතින් මේක මැරිලා, වේදනාව එහෙම මැරිලා, සුඛ වේදනාව මැරිලා, සංකල්පයන් දෙකක් සමාන වෙන්නේ නැතුව දෝමනස්සය කියන එක ඇති වෙලා, උඩට, ඒ කියන්නේ වේදනාවේ ව්‍යාධිය කියන එකත් ඇති වෙලා, සඤ්ඤා සංකල්පයන් කියන ඒවා බිඳුණට පස්සේ වේදනාවේ ව්‍යාධිය. ඉතින් මෙන්න මේ තුන් අගයන් ම ඇවිල්ලා තියෙනවා, අතන නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ වේදනාව හරහා රූපයක් උස්සනකොට ඇවිල්ලා තියෙනවා.

එතකොට මට, ඔන්න ඔය, පළවෙනි line එකේ අපි කතා කරන්නේ පෙර මිච්ඡාදිට්ඨික අගය. දැන් ඔය ඊළඟට කතා කරන්නේ දැන් එන්නා වූ මිච්ඡාදිට්ඨික අගය. ඉතින් මෙන්න මේ අර්ථය තිබිද්දී මම, ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත, ඉතින් ජරාවට විතරක් නොවෙයි අපි ව්‍යාධිය, මරණය, දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව, උපායාසා, ප්‍රියේහි විප්පයොග, අප්‍රියේහි සම්ප්‍රයෝග, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන මේ මුළු දුක්ඛයට ම අපි කැමති වෙලා තියෙනවා. ඕක තමයි අපේ කාමච්ඡන්දය කියන එකේ තියෙන්නේ.

එතකොට ඉතින් මේකට කැමති වුණා නම් ඉතින් එහෙම නම් අපිට පේනවා මේක තමයි දුක්ඛ සමුදය. කාමච්ඡන්දය කියන එක දුක්ඛයයි, මේ දුක්ඛයට අපේ කාමච්ඡන්දය ඇති වෙලා තියෙනවා. එහෙම නම් මේක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඉතින් ඕක අපිට වැටහෙනවා නේ, කියන දේ.

ඒ හොඳට ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පුදුමාකාර විදිහට එතන ආවා. ඒක ඇවිල්ලා දැන් මම කල්පනා කළා එහෙම නම් අපි මේ රූපයක් දැකලා අපි ඉස්සවීමක් කරනව ද? අපි කරන්නේ පළමුවෙන් ම අපිට තියෙනවා පවතිනවා කියන මිච්ඡාදිට්ඨික අගය අර සඤ්ඤාවක් කියන එකේ ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ආවේ අර අත්තානු දිට්ඨියත් එක්ක ආපු එක.

ඊළඟට කල්පනා කළා මෙන්න මේ අත්තානු දිට්ඨියත් එක්ක මේ ආපු ඒක තියනකොට අපි හරියට මේ පොළවේ අපි හිතමු දිය උල්පතක් පාදලා දෙනවා වගේ අන්න ඒක ඇරීමක් කියන එක සිද්ධ වෙනවා. ඒක තමයි අර වේදනාව හරහා එන්නා වූ ඒ උල්පත, ගලන්නේ තණ්හාව. මේකේ ඇතුළේ තියන තණ්හාව තමයි මෙන්න මේ උල්පත හරහා ගලන්නේ.

එතකොට දැන් පේනවා එහෙම නම් මේ අවිද්‍යාවයි මෙතන මේ තණ්හාවයි කරන්නා වූ ක්‍රියාවලිය. අර උල්පත දිගේ ඇවිල්ලා ඉතින් අපි යන්නේ නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයට යන්නේ.

එතකොට එහෙම නම් දැන් පේනවා මේ තියෙන්නේ අවිද්‍යාව. පෙර පැවතුණා වූ මිච්ඡාදිට්ඨික අගය කියන්නේ අවිද්‍යාව. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ පංචනීවරණයන් නිසා. ඉතින් අපිට ඒක පේනවා, මේකෙන්, සඤ්ඤාව කියන තැනට අපි එන්නේ, මේ පැත්තෙන් එන්නේ පැවතිය හැකියි කියලා. ස්පර්ශ වෙලා එන්නා වූ එක. පැවතිය හැකි ය. ඉතින් ඒ පැවතිය හැකි ය කියන කතාව තමයි අපි අර කාමච්ඡන්දය කියන කතාවෙන් ආපු එක නේ. ස්පර්ශ කරලා අපි කරනවා, ජරාවට කැමති වෙලා එන්නා වූ එක.

දැන් එහෙම නම් අපිට අර අවිද්‍යා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. මහණෙනි මේ අවිද්‍යාව කියන එක මේ පංචනීවරණයන් නිසයි හටගන්නේ කියන එක හොඳට පැහැදිලි වෙනවා.

ඉතින් අවිද්‍යාව නිසා කරන්නා වූ සංස්කාරයෝ කියන එක තමයි ඊළඟට ඕගොල්ලන්ට පේන්නේ අර උල්පත අරිනවා කිව්වේ. අර සඤ්ඤාව ඉතින් අර දිය උල්පත අපි අරිනවා, ඇතුළේ තියන එක එන්න. එතකොට ඒ හොඳ ලස්සනට පෙන්නනවා. මේක අවිද්‍යාව නිසා තමයි අපේ මේ, අපි තණ්හාවන් කියන ඒවා මේ විදිහට ඇති කරගන්නේ. අර ඇතුළේ තියන තණ්හාව ඔහේ තියෙන්න ඉඩ දෙන්නේ නැතුව අපි ඇරලා ඒක එලියට ගන්නවා මේ අවිද්‍යාව කියන එකෙන්. ඉතින් ඒක ඇති වෙන්නේ මේ පැත්තෙන් පැවතිය හැකියි කියන එක.

දැන් එතකොට ඕගොල්ලන්ට පේනවා ඊයේ භාවනාවේ අර පෙර මිච්ඡාදිට්ඨික අගයයි, දැන් මිච්ඡාදිට්ඨික අගයයි, මේවා ඔක්කොම තියෙන්නේ එක line එකකට. රූප, ස්පර්ශ, සඤ්ඤා, ඊළඟට ගන්න ඕනේ අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය කියලා අපි කිව්වේ දැන් උස්සනවා කියලා රූපයක් දැක්කහම අවිද්‍යා අනුසය මගින්. එතෙන්ට එන්නේ අන්න ඒ අගය. ඒක කලින් භාවනාවේ පෙන්නුවා නේ. ඒකෙන් තමයි චේතනා වෙන්නේ. එතකොට එහෙම නම් මේ එක ම line එකේ තමයි අර පවතිනවා කියන කතාව. ඉතින් මේ උල්පත ඇරලා පැවතිය හැකි ය කියලා එතනින්, තමන්ට අර පැවතිය හැකි ය කියන එක නිසා, තමයි මෙතනින් අපි උල්පත සඤ්ඤාවෙන් අරක අරින්නේ. එතකොට අවිද්‍යාව නිසා අපේ තණ්හාව කියන කතාව. අවිද්‍යාව කියන එක හැදුණේ අපේ පෙර තණ්හාව, කාමච්ඡන්දය කියන එක නිසා, පැවතිය හැකි ය කියන එක.

ඉතින් ලස්සනට ඒ ධර්මය තේරෙනවා. ඉතින් මේක හරි ම හිමින් කළ යුතු භාවනාවක් මොකද මේක මේ ඒ නිරෝධයට ම තමන් යනවා ඒක බලනකොට, අවබෝධ වෙන්න වෙන්න යනවා. මේක ආපහු කියන්න උණත් හිතන්න හරි අමාරුයි. ඒ නිරෝධයට යනවා කියන එක හරියට තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

ඉතින් මේක තේරුම් ගත්ත මනුස්සයා, “විවිච්‌චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මේ” කියලා ඔය විදිහට යනවා. ගිහිල්ලා ඊට පස්සේ අර නොබිඳෙන දිට්ඨින් හොයනවා කියලා කිව්වේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන. ඔය විදිහට ගිහිල්ලා ඔක්කොම අතහරිනවා කියන එක තමයි ගන්න තියෙන්නේ.