ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම සිහි කරලා වැඳ නමස්කාර කළා, ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ලෝභය නැති කරමි. කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. කෙනෙක් ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව, මුළු දුක්ඛස්ඛන්ධයට ම කැමති වෙනවා. එතකොට එහෙම නම් අපිට පේනවා කාමච්ඡන්දය නිසා කාම තණ්හාව, කාම තණ්හාවෙන් භව තණ්හා, විභව තණ්හා. එතකොට, එහෙම නම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය තේරෙනවා. මේ දුක්ඛයට කැමති වුණා. ඉතින් එතකොට අපි කාමච්ඡන්දය වෙලා තියෙන්නේ, මේ දුක්ඛයට ම යි. ඒ කියන්නේ තණ්හා වෙලා තියෙන්නේ දුක්ඛයට ම තමයි.
එතකොට ඒක ඊයේ වගේ ම ඔය විදිහට බලාගෙන ආවා. ඇවිල්ලා මම බැලුවා, අර සඤ්ඤාව තියෙන තැන ඔයගොල්ලෝ දන්නවා අර පවතිනවා කියන එක. එතකොට ඒ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, එතනින් අපි අර වේදනාවේ ඉඳන් එන්නා වූ දිය උල්පත, එයා ඇරලා දෙනවා. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ට පේනවා, අවිද්‍යාවෙන් තණ්හාව, ඇයි ඉතින් දිය උල්පත ඇරලා දුන්නා කියන්නෙ වේදනා, තණ්හා කියන ඒවා ඇති වෙනවා. ඒ කියන්නේ ගැලුවා නම් ඉතින් තණ්හාව කියන එක එනවා. අවිද්‍යාවෙන් තණ්හාව කියන එක. ඒ වගේ ම තමයි අපි ඊයේ ඉගෙන ගත්තා කාමච්ඡන්දය කියන එක. ඒක නිසා අවිද්‍යාව කියන එක ඇති වෙනවා. එතකොට ඒ සඤ්ඤාවට වම් අත පැත්තෙන් අර ස්පර්ශය හරහා එන්නා වූ එක.
ඉතින් ඊයේ අපි සාකච්ඡා කළා ඉතින් අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කියන එක අර වේදනාවේ සංකප්ප දෙකක් සමාන වෙන්නේ නැති නිසා දොමනස්සය. ඒ වගේ ම ව්‍යාධිය කියන එක වේදනාවේ. ඊළඟට ඉතින් වේදනාවේ මරණය, 5.4, එතන ඒ point එකේ තියෙනවා කියන එක.
දැන් මෙතන, අද භාවනාවේ විශේෂය වුණේ, අර අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, කියලා අපි භාවනාවක් කරලා තියෙනවා නේ, 24/03/2015. අන්න ඒ භාවනාවෙදි, ඉතින් පෙන්නනවා මේ බුදුපියවරු වාසය කරන ප්‍රදේශවල, ඒ සම්මා දිට්ඨිය පැතිරෙනවා. මේ ලෝකයේ මනුස්සයෝ මොකක් හරි එකක් පවතිනවා එහෙම කියලා කියනවා. ඒ බුදුපියවරු ගිහිල්ලා කැලෑවට යනවා. ඒ කියන්නේ අරවා ගැන අහන්නේ නැතිව, ඒ අය දැනගෙන, ඉතින් ඒ අයගෙ කතාව ඒ අයට කරගන්න දීලා, කැලෑවේ ඇතුළට, ඇතුළට ම යනවා වගේ ඒවායින් අයින් වෙනවා, මේ ලෝකයේ මනුස්සයෝ කියන දේවල්වලින්.
ඉතින්, එවැනි සම්මා දිට්ඨියකින් සම්මා සංකප්පය ඇති වෙනවා. ඉතින් එතන නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන එක ඇති වෙනවා. ඉතින් අමෝහ පාරේ යනවා කියන එක. ඉතින් ඔය භාවනාවේ අපි පෙන්නලා දීලා තියෙනවා, අපි ද්වේෂ අගතියට ආවා නම්, එතැනින් අභිජ්ඣාව, ඒකට parallel ධර්මය තමයි, මේ ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් ජාතියට යනවා කියන එක. එතකොට ඔය ප්‍රියේහි විප්පයොගය තුළ මිච්ඡා දිට්ඨිය ඇත කියලා අපි එතන ලිව්වා. ජාතියට ආවා නම්, ඉතින් ඕගොල්ලෝ දන්නවා, එතැනින් අර රාග සල්ලය අපි අල්ලනවා. ඒ කියන්නේ, ජාතියේ ඉඳන්, 6.4 සල්ලයට එනවා. ඒ සල්ලයෙන්, මතක ද සෝක සල්ලය. Pump වෙවී, pump වෙවී යනවා නේ, 4.4, 5.4, 6.4 කියන point එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක හරහා කබලිංකාර ආහාරයෙන් නාමරූපය දක්වා ම ගමන් කරනවා.
දැන් අපේ මේ කතාවේ පටන් ගන්න තැනට ඔන්න මේ පැත්තෙන්, push වෙලා, එන හැටියි මේකේ තියෙන්නේ. එතකොට, මෙතන මේ රහතන් වහන්සේ කිව්වා මට, ඕක බලනකොට ම, “දැන් ඔය විඤ්ඤාණ ධාරාව ගලන්නේ, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය line 5 එක හරහා එනවා” කියලා. Line 5 එක හරහා පැවතිය හැකි ය කියන එක අපි කලිනුත් බැලුවා. පැවතිය හැකි ය කියන, මිච්ඡා දිට්ඨිය එනවා කියන එක තමයි කිව්වේ. මතක ද ඒක අපි බැලුවා, අර ජරාව කියන එක තමයි ඉදංසච්චයට එන්නේ. ඒ ආපු ජරාව තමයි පරිදේවය කියන තැනට එන්නේ line 5 එකෙන් මිච්ඡා දිට්ඨිය කියන එක. එතකොට, අපි දන්නවා, ඉස්සෙල්ලා බැලුවේ ඔය ජරා අගය කියන එක, ව්‍යාධිය දක්වා ඇවිල්ලා, එයා වතුර ටික බැහැලා යනවා වගේ, අප්‍රියේහි සම්ප්‍රයෝගයට බොහොම ඉක්මනින් එනවා කියලා.
Line 6, එකෙන් එන්නා වූ මිච්ඡා දිට්ඨිය, ඒක අපි දන්නවා දැන් පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, එයා එනවා ඔය ව්‍යාධි point එකට, ඇවිල්ලා එයා ඉක්මන් වෙනවා, අතන අර සෝකය තියන තැනට එන්න. මතක ද, ඒක? එයා ඉක්මනින් එනවා කියන එක පෙන්නුවා. ඉතින් එයා එනකොට, දැන් එයත් එක්ක match කරන්න එන්නේ, අප්‍රියේහි සම්ප්‍රයෝගයට ආවා නේ දැන් අර line 5 එකෙන් එන එක. දැන් එයා එන්නේ, පැවතිය හැකි ය කියන එක නේ. අතනින් එනවා, පවතිනවා කියන එක. මෙතනින් එනවා, පැවතිය හැකි ය කියන එක. කියලා ඒක තමයි යන්නේ අර ප්‍රියේහි විප්පයොගයට මිච්ඡා දිට්ඨිය වශයෙන් යනවා. ඉතින් එයාගේ අර්ථය තියෙන්නේ, රහතන් වහන්සේ පෙන්නන්නේ, අර පවතිනවා කියන එක මත, පැවතිය හැකි ය. අන්න ඒ මිච්ඡා දිට්ඨිය තමයි, දැන් අර සල්ලය හරහා ගිහිල්ලා උඩට යන්නේ, පේනවද? ඒ පැත්ත පැවතිය හැකි ය කියන කතාව. ඒකත් අර හිතන්න අර මුලින් අතන උල්පත ඇරලා, සඤ්ඤාව තියෙන තැන, පවතිනවා කියන එක මගින් මේක ඇරියා කියන එක නේ තියෙන්නේ. එතන ඕකට නේ අපි කිව්වේ අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා.
එතකොට ඒ වගේ ම ධර්මයක් ම තමයි මෙතනත් තියෙන්නේ. මෙතන ඇවිල්ලා තියෙන්නේ, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා. මෙතනත් අර වගේ යමක් පොළොව යටට බහින්න හරි කොහොම හරි, හදලා තියෙනවා. එතකොට මෙහා පැත්තෙන් අපි දන්නවා අර සඞ්‌ඛාරා පච්චයා විඤ්ඤාණං කියන එක තමයි අර 5, 6 හරියේ අපි කිව්වේ ඒකනේ. 5, 6, 7 වලින්. අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා උඩ, සඞ්‌ඛාරා පච්චයා විඤ්ඤාණං, කියන එක. ඉතින් මේකේ awareness එක කියන එක.
කෙනෙක් ඔය සෝකය කියන තැනට ආවා ම, ඔය විදිහට ඔය අවබෝධය ඇතිව, මේ picture එක පෙනිලා නේ, පුදුම සැපක් තියෙනවා. පුදුම සැපක් තියෙනවා කියන්නේ, බඩ කෑ ගැහැව්වායි කියලා, reaction එකක් නෑ, කවුරු හරි කැස්සායි කියලා reaction එකක් නෑ ඒවා ඔක්කොම aware. ඉන්න නම් පුළුවන් ඕන තරම් වෙලා. පුදුමයි.
මේක කියන්නේ සුඛභාගීය ධර්මය කියලා. රහතන් වහන්සේ කියන්නේ අවුරුද්දක් වුණත් ඉන්න පුළුවන් එහෙම. ඒ කියන්නේ අර කන්න ප්‍රශ්නය, ඒක වෙන කතාවක්. නමුත් ඒ සමාධිය නම්, පුදුමාකාර සමාධියක්. ඔහොම ඉඳලා නෑ මම. ඔය දිගින් දිගට ම මට කියන්න පුළුවන්, මෙහෙම නම් ඉඳලා නෑ. ලෝකේ මොනවා වුණත් තමන් සෙලවීමක් නෑ. තමන්ගේ ඇඟේ මොකක් හරි වුණත්, මොකද සෝකය කියන point එකට ඇවිල්ලා.
ඉතින් මම ටිකක් වෙලා කල්පනා කරනකොට, මම කල්පනා කළා ඉතින් එහෙම නම් ඔය ධර්මයේ වෙන හිතන්න දෙයකුත් නෑ. දැන් picture එක පැහැදිලියි නේ. මෙහෙන් ගිහිල්ලා අර නාමරූපය කියන තැනට එනකල් ම අර ස්පර්ශය වෙලා, ඉතින් පැවතිය හැකි ය කියන කතාවට මේක දැන් join වෙලා තියෙනවා. ඉතින් මට කල්පනා වුණේ මේක අර lightning sign එකේ කතාව නේ මේ, සෝකයට නේ ඇවිල්ලා තියෙන්නේ. උඩ නාමරූප, මෙතන සෝකය. දැන් අර රූපයට සුඛ කතාවක් මෙයා කියන්නේ නෑ නේ. තේරුණා ද? ඒක නිසා වෙන්න ඇති අර බඩ කෑ ගැහැව්වයි, බඩ ගින්නයි, අරවායි, මේවායි, සද්ද ආවායි කියලා එයාගේ ධාරාවේ මොකුත් නෑ. අන්න එතෙන්ට ගිහිල්ලා බලන්න, හරි සැපයි.
ඒක තමයි මං කරපු භාවනාව.