Date: 05/08/2015 Name: Sankhara paccya Vinnanam

ඒ පූජාවට පස්සේ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා මේ විදිහට දාහතර නම ම ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කරලා, වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ලෝභය නැති කරමි. කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. අපි ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව, මුළු දුක්ඛස්ඛන්ධයට ම කැමති වෙනවා. ඉතින් එහෙම නම්, කාමච්ඡන්දය කියන එක ආවා නම්, අපිට ඇති වෙන්නේ ඒ කාම තණ්හා, ඒකෙන් භව තණ්හා, විභව තණ්හා. දැන් අපිට පේනවා එහෙම නම් අපි මේ දුක්ඛයට ම තමයි තණ්හා වෙලා තියෙන්නේ. මේ විදිහට තණ්හාව නිසා අපිට ඇති වෙලා තියෙන්නේ දුක්ඛයක් කියන එක.

එතකොට අපි කලින් ඉගෙන ගත්තා, අර සඤ්ඤාව තියෙන තැන, මේක පවතිනවා කියලා අදහස ඇති වෙනවා. වතුර පාර කඩාගෙන වැටිලා, ඒ සංකල්පය බිඳිලා, හැබැයි අපි තාමත් පවතිනවා කියන කතාව සඤ්ඤාවට කියනවා. ඒ වගේ ම දැන් එතන දී අපි ඉගෙන ගත්තා, මේ විදිහට පවතිනවා කියලා කිව්වා ම, එතනින් අපි හදනවා, ඒ අවිද්‍යාව නිසා අර උල්පත කියන එක අපි ඇරලා දෙනවා. යටින් වතුර එන්න ඉඩ දෙනවා. උල්පත පාදනවා කියන එක නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාවෙන් තමයි මේ උල්පත කියන එක අපි පෑදුවේ. මෙතන තමයි මේ අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, කියන එක අපිට ඇති වුණේ.

ඉතින් අපි ඊට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා, මේ අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ කාමච්ඡන්දය, පංචනීවරණ නිසා. එතකොට, වම් අත පැත්තෙන් ඔන්න ධාරාව ගලනවා කියන එක. ඉතින් ඒ වගේ ම ඊයේ භාවනාවෙදි අපි ඉගෙන ගත්තා, ඔය ජරාවේ ඉඳන් අපි උස්සනවා කියන එක, නාමරූප කියන කොටසට. ඉතින් ජරාව වෙනුවට අපි ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් ම පටන් ගත්තා, වටේට ම එනවා කියලා, ඔය රාග සල්ලයේ ඉඳන්, ඒ කියන්නේ ප්‍රියේහි විප්පයොගයෙන් ජාතිය, ජාතියෙන් එතන රාග සල්ලයෙන් අපි උස්සනවා උඩට රූපය දක්වා. එහෙම කරලා ඉතින් රූපය ස්පර්ශ වෙලා ඉතින් කාමච්ඡන්දය එතැනින් ඇති වෙනවා. ඇති වෙලා, වම් අත පැත්තෙන් සම්බන්ධතාවය.

එතකොට ඕක බලනකොට, මට ඊයේ භාවනාවෙදි රහතන් වහන්සේ පෙන්නුවා, දැන් මෙතන අපි නාමකායේ පටිඝසම්‌ඵස්‌සය ඇති වෙනවා කිව්වා ම අපිට අදහස් තුනක් තියෙනවා නේ. සංකල්පය බිඳීම කියන එක, සංකල්පය බිඳුණා නම් අපිට තියෙන්නේ වේදනාවේ ව්‍යාධිය. සංකල්ප දෙකක් සමාන නොවීම නිසා දොමනස්සය. ඊළඟට අපිට පේනවා 5.4, සුඛ සඤ්ඤාවේ මිය යෑම කියන එක. මෙන්න මේ අගයෝ නේ අතෙන්ට එනවා කිව්වේ, නේ ද? දැන් ඕක පොඩ්ඩක් මතක තියාගන්න.

ඊට පස්සේ අපි ඔය විදිහට ඔය භාවනාව බලාගෙන ගිහිල්ලා, අපිට පෙනුණා, ඔය නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කිව්වා ම, නිකම් දැන් loop එකක් වගේ එන්නේ. ඔය විදිහට නාමකායට උස්සනවා, මේ පැත්තෙන් ප්‍රියේහි විප්පයොගය, අර මිච්ඡාදිට්ඨික අගය තමයි එන්නේ, එයා උඩට ගිහිල්ලා ආපහු අර තණ්හාව කියන point එකට සම්බන්ධ වෙනවා. අර මිනිස්සු තොණ්ඩුව දාන්නේ, ලී කෑල්ලකුත් එක්ක. නාමකායේ එතන ඉඳන් බැලුවා නම්, උඩ කෙළවරේ ඉඳන් තොණ්ඩුවක් දාගත්තා වගේ තමයි ඒක තියෙන්නේ.

ඉතින් අපි ඊයේ ඉගෙන ගත්තා විඤ්ඤාණ ධාරාව ගලනකොට, අර line 5 එකේ කියන එකේ අර පැවතිය හැකි ය කියලා ඉදංසච්චය ඉඳන් එන්නා වූ එක. ඒක මිච්ඡාදිට්ඨික අගය තමයි අපි එතන එන්නේ කියලා, පැවතිය හැකි ය කියලා. Line 6, එකේ එනවා පවතිනවා කියලා, මෝහය හරහා එන්නා වූ, ඒ අගය. ඉතින් ඒකත් ඇති වුණේ අර දකුණු අත පැත්තෙන් අපි පෙන්නුවානේ උද්ධච්චය, අර විඤ්ඤාණය ධාරාව ගැලීම නිසා, අර අපි තමන්ගේ පෙර ඇති වුණා වූ මෝහ ගතිය කියන ගල නිසා නේ, අතන පවතිනවා කියන එක ඇති වෙලා තියෙන්නේ. එතෙන්දි ආපහු අපි ඉගෙන ගත්තා, දැන් ඔය ධර්මය ගලාගෙන එනවා, අපිට ව්‍යාධිය කියන තැනට එනවා අර මිච්ඡාදිට්ඨික ජරා අගය. ඒ කියන්නේ පැවතිය හැකි ය කියලා ඒක ඉක්මනට එනවා අප්‍රියේහි සම්පයොගයට. අප්‍රියේහි සම්ප්‍රයෝගයට ඇවිල්ලා එයා එනවා සෝකය කියන point එකට. එතකොට ඒකෙන් ආවේ පැවතිය හැකි ය කියන මිච්ඡාදිට්ඨික අගය. ඊළඟට ආපහු, අපි පෙන්නුවා, අර හයවෙනි line එකේ ඉඳන් එන්නේ, මෝහයේ ඉඳන් එන එක, ඒක එනවා සෝකය කියන තැනට, ව්‍යාධිය හරහා. අන්න ඒකේ අර පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය තමයි එතනින් එන්නේ.

දැන් ඔන්න මිච්ඡා දිට්ඨින් ඒවා දෙකයි. පවතිනවා කියන එකයි. පැවතිය හැකි ය කියන එකයි. දැන් ඔන්න පොඩ්ඩක් බලන්න, ඔය වත්ථූපම සූත්‍රයේත් තියෙනවා, ඔය 4 වෙනි slide එකේ එහෙම තියෙන්නේ, අර ඒ ධාරාව ගලාගෙන ආවා ම, එතන පෙන්නනවා නේ, මේ සංස්කාරවල උපනාහය ගැන පෙන්වනකොට, අර හදපු සංස්කාරය මේකට සමාන නෑ. සමාන නැහැයි කියන එක තමන්ට ඔන්න තේරුණා. ඒ කියන්නේ සංකල්ප දෙකක් සමාන නෑ කියන එක තේරුම් ගත්තා, නේ ද? අපි ඕක තේරුම් ගන්නේ ඔන්න ඔය සෝකය කියන point එකේදි.

ඊයේ රහතන් වහන්සේ, මට මේක ලියනකොට කිව්වා, අර දෙක මිච්ඡා දිට්ඨිය තැනට ආවාට පස්සේ, එතැනින් පෙන්නනවා, “මෙසේ සඤ්ඤාවෙන් උල්පත හැර තණ්හාව වීමට යම් සේ ඉඩ දුන්නා ද, එසේ ම සංස්කාරය මගින් අලුත් සංස්කාරයක් ඉඩ දීමෙන් තුඩු දීමක් ලෙස සැලකිය යුතු ය” කියලා. ඒ කියන්නේ උඩ වතුර එක ඇරියා වාගේ අවිද්‍යාවෙන්, පල්ලෙහා, අර සෝකය කියන තැනට ආවාට පස්සේ, ඔන්න අපි ඉඩ දීමක් කියන එක දුන්නා අලුත් සංස්කාරයක් කියන එකට. එතකොට මෙතන මේ පෙන්නනවා මෙය “සංස්කාර පච්චයා විඤ්ඤාණං,” වෙනවා කියලා. සංස්කාර පච්චයා විඤ්ඤාණං, වෙනවා කියලා කියන්නේ එහෙම නම් අර මිච්ඡා දිට්ඨි දෙකක වෙනස දැක්කා. පැවතිය හැකි ය, පවතිනවායි කියන දෙකේ වෙනස, සෝකයේ දී තමයි දැක්කේ. Aware. තේරුණා ද? අන්න විඤ්ඤාණය aware. ඒක නේ කියන්නේ, සංස්කාරය නිසා විඤ්ඤාණය දැනගත්තා ඒක. අන්න ඒක තමයි මේ සංස්කාර පච්චයා විඤ්ඤාණං, කියලා කියන්නේ. එතකොට මොකක් ද දැනගත්තේ? ඉතින් මේ දිට්ඨි දෙක සමාන නෑ කියලා දැනගත්තා. සංස්කාර දෙක සමාන නැති වුණා, සංකල්පයන්ගේ වෙනස තිබුණා. ඒක නිසා මෙයා දැනගත්තා.

ඇයි එයා මෙච්චර පරක්කු වෙලා දැනගන්නේ? ඒ කියන්නේ එයාට තිබුණ නේ අපේ මුලින් ම line 5 and line 6 ඒ හරියෙදි දැනගන්න පුළුවන්කම තිබුණ නේ. ඇයි මෙච්චර දුරක් ගියේ? බලන්න මේකේ කාරණා, ව්‍යාධිය කියන එකට ඇවිල්ලා තියෙනවා. වේදනාව ජරා වෙලා. ඊළඟට පල්ලෙහා තියෙන්නේ අප්‍රියේහි සම්පයොගය. වේදනාව ව්‍යාධියට පත් වෙලා. අන්න වේදනාව ජරා වෙලා, වේදනාව ව්‍යාධියට පත් වෙලා, අන්න දිට්ඨි දෙක සමාන වෙන්නේ නැතිකොට තමයි, මෙයාට ඔන්න තේරෙන්නේ, අර විඤ්ඤාණය දැනගත්තා ඒක. අන්න ඒක තමයි සංස්කාර පච්චයා විඤ්ඤාණං, කියලා කියන්නේ. අන්න එතෙන්ට ආවා ම කෙනෙකුට ආකිඤ්චන විමුක්තිය කියන එක තියෙනවා.

ඊයේ භාවනාවට වඩා වෙනස්. අර සුඛය මට කලින් ඇති වුණා. ආකිඤ්චන විමුක්තිය මේ ඔළුවේ උඩට පත්තු වෙලා, ඒක හොඳට තියෙනවා. එතකොට මම කල්පනා කළා කෝ ආකිඤ්චන සමාපත්තිය? අන්න ආකිඤ්චන සමාපත්තිය වෙන්නේ අර සෝකයේ ඉඳන් දොමනස්සය දක්වා දැන් ධාරාව ගලනවා නේ. එතකොට අපි දන්නවා මේක, දොමනස්සය එනකොට අරක මැරිලා කියලා. ජරා වුණා වේදනාව, ව්‍යාධිය කියන එක තිබුණා, ආකිඤ්චන විමුක්තිය කියන එක තිබුණා. ඊළඟට වේදනාව මළා කියන එක ආවාට පස්සේ තමයි ආකිඤ්චන සමාපත්තිය කියන එක එන්නේ. ඉතින් එතකොට ඒ විදිහට පුදුමාකාර විදිහට ඒ තමන්ගේ ඔළුවේ ඒක පවතිනවා ඒ අවස්ථාව වෙනකොට. ඒ සමාපත්තියෙන් තමාට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

දැන් මෙතන සෝකය කියන තැනින් විඤ්ඤාණය කියන එක, ඒක දැනගැනීමක් වුණා නම්, ඉතින් ඊට පස්සේ දැන් අපි ප්‍රියේහි විප්පයොගයෙන් ජාතිය. දැන් අපි කියන්නේ අපි ආපහු ගෙනල්ලා සකස් කරනවා, නේ ද? නාමරූපයන් කියන ඒවා ඇති වෙනවා. එතකොට, එතෙන්දි තමයි, මම කිව්වේ අර තොණ්ඩුව වගේ හැදෙනවා කියලා. ඒක තමයි, ඉතින් “විඤ්ඤාණ පච්චයා නාමරූපං,” විඤ්ඤාණයෙන් මේක දැන් ගත්තහම එයා ඉතින් හොඳ එකක් හදන්න මේ කල්පනා කරනවා නේ ද? මොකක් හරි, වෙන රූපයක් අල්ලාගෙන හරි, ඒක කරන්න එයා උත්සාහ කරනවා. ඉතින් ඒකෙන් නාමරූපය. ඇහැ හොඳට හදන්න, ආදී වශයෙන් දේවල් තියෙනවා.