Date: 06/08/2015 Name: ආකිඤ්චඤ්ඤ සමාපත්ති

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා, වැඳ නමස්කාර කළා.

එතකොට මම කළේ, ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ ඊයේ භාවනාවේදි, ඕගොල්ලෝ දන්නවා, මුලින් ම අපි තේරුම් ගත්තා, අර කාමච්ඡන්දය, ඒ ජරාවට ඇති කැමැත්ත. ඉතින් අපි ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස, ඔක්කෝට ම කැමති වෙනවා, කියලා. එතැනින් බැලුවා, ඒ කාමච්ඡන්දය කියලා කිව්වා ම, එතකොට ඒක නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට එහෙම නම්, අපි මේ තණ්හා වෙලා තියෙන්නේ දුක්ඛස්ඛන්ධයට ම යි කියන එක බැලුවා, නේ ද? ඊට පස්සේ, එතනින් අපි තේරුම් ගත්තා, ඉතින් මේ මරණයට එහෙම කැමති වුණා කිව්ව නම්, එහෙනම් අපි අර ගලේ ඉඳන් කඩාගෙන වැටෙනවා වතුර පාර. එතකොට ඉදංසච්චයේ ඉඳන් මෝහය කියන ගලේ වැදිලා කුඩු වෙලා ගිහිල්ලා, ඊට පස්සේ, ඒත් අපි පවතිනවා කියලා, අර සඤ්ඤාව තියන තැනට ඒ පවතිනවා කියන හැඟීම ඇති වෙලා තියෙනවා.

ඒ වගේ ම අපි බැලුවා, ඔය නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය කියන එක, ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් ම උඩට උස්සනවා කියන එක. එතකොට ඒ කාරණා දෙක බැලුවාට පස්සේ, ඉතින් අපි තේරුම් ගත්ත නේ අපි උල්පත එහෙම ඇරලා ඒ වතුර එන්න ඉඩ දෙනවා කියන අර්ථය.

ඉතින් ඕකෙදී බැලුවේ අර පල්ලෙහා triangle එක, මතක ද? සංස්කාර පච්චයා විඤ්ඤාණං, කියනකොට, අර මිච්ඡාදිට්ඨික අගය සෝකය කියන තැනට එනවා කියන එක තමන් තේරුම් ගත්තා line 5 එකෙන් එන්නා වූ පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය අප්‍රියේහි සම්පයොග කියන තැනට ඇවිල්ලා එතනින් එනවා සෝකය තියෙන තැනට. අනිත් එක, line 6 එකෙන් එන්නා වූ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, එයා එනවා ඔය සෝකය කියන තැනට. ඉතින් මෙතෙන්දි තමයි මෙයාට තේරෙන්නේ මේ දිට්ඨිවල වෙනසක් තියෙනවායි, ඒ වගේ ම දෙපැත්තේ ඉන්නා වූ වේදනාවන් ගත්තහම, එකක තියෙනවා වේදනාවේ ජරාව, අනිත් එකේ වේදනාවේ ව්‍යාධිය කියන එක ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සංකල්පයන්ගේ වෙනස එහෙම දැකලා තමයි එයාට ඒ සංස්කාර පච්චයා විඤ්ඤාණං කියලා, සංස්කාරයන් නිසා විඤ්ඤාණය දැනගැනීමක් කියන එක තියෙනවා.

අපි එතනින් බැලුවයින් පස්සේ, අපි දන්නවා ඉතින්, ඊළඟට සිද්ධ වෙන්නා වූ දේ මොකක් ද? දැන් ඔතනින් අපි ආවා නම් ප්‍රියේහි විප්පයොගයට, ප්‍රියේහි විප්පයොගය අර ගිහිල්ලා අර තොණ්ඩුව වාගේ නේ ද? තොණ්ඩුවක් වාගේ එකක් හැදෙනවා කියලා කිව්වේ මොකද අපි යනවා අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කියන එක දක්වා ඉස්සීමක් කියන එක තියෙනවා. මේ පැත්තෙන්, අර තණ්හාව කියන තැනට branch වෙනවා නේ, කබලිංකාර ආහාරයත් එක්ක. එතකොට, එතනින් අපිට ඇති වෙනවා තොණ්ඩුව වාගේ, තොණ්ඩුවක් දාගත්තා වාගේ තමයි. තමන් ඇති කරගත්තා කියන එක.

ඉතින් ඔතන හොඳයි තමන්ට තියෙනවා ආකිඤ්චඤ්ඤායතනය, ආකිඤ්චන විමුක්තිය කියන එක එහෙම තියෙනවා. ඉතින් ඊයෙත් බැලුවා, අර ආකිඤ්චන සමාපත්තිය කියන එක අපි දැක්කා, වේදනාව මළා කියන එක දැක්කහම. ඒ කියන්නේ, අර දොමනස්සය කියන point එකට ආපු එක.

ඉතින් ඔය අවස්ථාවේ දී, ඔය ඊට පෙර කරා වූ භාවනාවක් එක්ක රහතන් වහන්සේ මට සම්බන්ධ කළා, අර 21/06/2015 ආකිඤ්චඤ්ඤායතන භාවනාව කියන එක. ඉතින් ඒකේ හුඟාක් ම කල්පනා කරලා තියෙන්නේ මේ ද්වේෂයේ අගතියට කියන එකට අපි යන්නේ මොකද කියලා? දැන් 5.4 කියන එක දොමනස්සය, ඒ සුඛ වේදනාව මළා. ඉතින් අපි ඕක ම නැවත නැවතත් ඉල්ලනවා නේ, දෝස සල්ලයෙන් නේ ද? ඉතින් ඔය විදිහට දෝෂයෙන් අගතියට යනවා කියන එක බැලුවා.

ඉතින් ඒ බලපු භාවනාවේ, දැන් අපිට පේනවා ඉතින්, මේ විදිහට ගියා ම, ඊළඟට අපි කරන්නේ මොකක් ද? ඒකේ විඤ්ඤාණ ධාරාව කියන එක අපි generate කරගන්නවා. ඉතින් එතෙන්දි අපි අර diagram එකක් එහෙම පෙන්නුවා, අර සුඛය කියන එක, එතන මැරිලා, ඒකෙන් චේතනාවට එනවා, අර අත්තාවලින්, මේ පැත්තට, කරකෝ කරකෝ යනවා කියලා කිව්වෙ, මතකයි නේ ද?

ඒ කියන්නේ එතන අවස්ථාවන් තුනක් තියෙනවා නේ. එකක් තමයි, එතන පෙන්නුවා, සුඛය මැරී ඇත. ඊළඟට, පෙන්නනවා සුඛය නිසා හටගත්තා වූ යම් දහමක් වී ද, මෙය පෙර නිත්‍ය, අවිද්‍යා ආශ්‍රවයයි ගත්තා වූ දේ, දැන් පරිදේව වී අවසානය. මෙය ඉදංසච්චයට පැමිණීම සිදු විය. අර ඉදංසච්චයේ කෙළවර. 360° කැරකීම කියන එක. ඊළඟට ආපහු තියෙනවා, සුඛය නිසා හටගන්නා වූ දැන් විඳින්නා වූ යම් වේදයිතයක් වේ ද, එය ද පරිදේව වී පරාමාසගත වීම සිදු විය, අර 270°, 4.4 වෙලා නේ 5.4 වෙනවා කියන්නේ. 4.4 වෙලා. රූපය මැරිලා තියෙනවා කියන එක. ඉතින් එතෙන්දි අපි පෙන්නුවා, ඉතින් මේ විදිහට ඒ රූපයත් මැරිලා, සුඛ වේදනාවත් මැරිලා, ඒක සඳහා හදන චිත්ත සංස්කාරයත් මැරිලා, සිදු වී ඇත්තේ, විඤ්ඤාණය මලානික බවට පත්වීම නිසා, ථීන ස්වභාවය ඇති වෙනවා කියලා. ඉතින් මෙතෙන්දි හත් වෙනි ධ්‍යානය වෙනවා කියන එක.

ඉතින් මෙතන, මට ඔය අවස්ථාවේ දී ඉතින් ආකිඤ්චඤ්ඤ සමාපත්තියෙම තමයි මට ඒක තිබුණේ. ඒ කියන්නේ, අර ඊයේ භාවනාව, අර ජීවිත ඉන්ද්‍රිය තියෙන කෙළවර එනකල් ම අපි ගමන් කළා. අර දේවල් එක්ක අරගෙන. එතකොට, ඒ තත්වයට පත් වුණායින් පස්සේ, ඉතින් ඒ රහතන් වහන්සේ පෙන්නුවේ මොකක් ද? මෙතන මේ පරාමාසය කියන එකට ගත්තහම, හතරමං හන්දියක් වාගේ නේ ද?

වේදනාවෙන් පරාමාසයට එන එක, දැන් ඔය මේ භාවනාවෙදි පෙන්නුවා ඉතින් අත්තවාද උපාදාන කතාව නිසා මේක ඉවරයක් වෙන්නේ නෑ තාමත් කියන එක. ඒකේ පෙන්නුවා, එතකොට, මේ උපෙක්ඛා සහගත වේදනාව අල්ලාගෙන පවතිනවා කියන එක. ඉතින් දැන් මෙතෙන්දි කල්පනා කරන්න දැන් ඉතින් සුඛ වේදනාව මළා, නමුත් උපෙක්ඛා වේදනාවෙන් අර පරාමාසයට එන්නා වූ එක.

ඊළඟට, ගත්තහම චේතනාවෙන් පරාමාසයට එන්නා වූ එක. ඊළඟට ඉදංසච්චයට යමක් ඇදුණා නම් ඒකෙන් පරාමාසයට එන්නා වූ එක. දැන් හතරමං හන්දියේ පාරවල් තුනක් නේ ද? ඊට පස්සේ ඉතින් භය අගතියෙන් එන එක. හැබැයි එයා කරන්නේ, අර දිට්ඨි අනුසය හරහා තමයි එයා පරාමාසගත වීම කියන එක කරන්නේ.

ඉතින් එතන, ඒ හතරමං හන්දියේ මොකක්වත් එන්න දෙන්නේ නැතිව ඉන්නවා නම්, අන්න ඉතින් ඒක තමයි අර ඒ සමාපත්තිය හැටියට ඒක තියෙන්නේ. මේ ආකිඤ්චන සමාපත්තිය කිසිම එකකට එන්න දෙන්නේ නැතිව තමන් ඉන්නවා නම්, තමන්ට එතන පවතින්න පුළුවන්, ආකිඤ්චන සමාපත්තියේ. ඉතින් මොන ප්‍රශ්න තිබුණත් තමන්ට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒක අර stability එක. තමන්ට stable ව එතන ඉන්න පුළුවන් කියන එක තමයි මම මේ භාවනාවෙදි බැලුවේ.

ඒක තමයි මම කළ භාවනාව.