ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි. මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම අර ඊයේ වගේ ම භාවනාව කරගෙන ආවා. එතෙන්දි අර සෝකය කියන තැනට එන අවස්ථාව තියෙනවා නේ. අන්න ඒ වෙලාවේ දී ධර්මය මෙනෙහි කරන තැන ඉඳන් තමයි මං අද භාවනාව පටන් ගත්තේ.
ඒ භාවනාවට පෙර ම මට ඔය 14/01/2015 විඤ්ඤාණ ධාරාව කියන භාවනාව, අන්න ඒ භාවනාව මට බලන්න කියන එක හිතුණා. හිතුණා කියන්නේ අර යම්කිසි දෙයක් හොයාගෙන යනකොට මට ඒක කල්පනා වුණා.
එතකොට ඒකෙ තියෙන්නේ අර, අපි දැන් පථයක් පෙන්නනවා නේ. ඒ කියන්නේ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, ඕක අපි පෙන්නනවා ඔය, ඔතන දාල තියෙන්නේ line එක 9 කියලා. භය අගතියේ ඉඳන් එතෙන්ට එන්නා වූ එක. ඒ සෝකය තියන තැනට වාගේ.
ඊට පස්සේ අප්රියේහි සම්ප්රයෝගයේ ඉඳන් එන්නා වූ එක 10 කියලා දාල තියෙනවා. ඒ කියන්නේ පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය. ඊට පස්සේ 11 කියලා දාල තියෙනවා ප්රියේහි විප්පයොගය දක්වා ඒක යනවා කියන එක. එතකොට ප්රියේහි විප්පයොගය දක්වා ඒ මිච්ඡාදිට්ඨික අගය ආවා නම්, ඒ මිච්ඡාදිට්ඨික අගයෝ අර ජාතිය කරා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා.
එතෙන්දි පෙන්නනවා මිච්ඡාදිට්ඨික අගය ජාතිය දක්වා පැමිණීම පළමුව සිදු වේ කියලා කියනවා. එතකොට අර ජරාවට එනවා කියන එක ගත්තහම, අපි ඕක දාන්නේ අර, ඒ සෝකයේ ඉඳන් ජරාවට 12 වෙනි line එක හැටියට සඳහන් කරන්නේ. එතකොට ඕකෙන් ගිහිල්ලා තමයි අපි උපායාසයට එහෙම යන්නේ.
එතකොට දැන් බැරි වෙලාවත් සඤ්ඤාව ජරා කියලා අපිට ඇවිල්ලා තියෙනවා නම්, අපි මොකට ද අතෙන්දි අර උඩ කෙළවරදි විවෘත කරන්නේ? උල්පත විවෘත කරන්නේ කියන ප්රශ්නේ එනවා නේ ද?
එතකොට, මේක, විවෘත කරන්න ඉස්සෙල්ලා එහෙම නම් මේක, සිද්ධ වෙන්න ඕනෙ. ඒ කියන්නේ ප්රියේහි විප්රයෝගයෙන් ජාතිය. ජාතියෙන් රූපයන් ස්පර්ශ කරලා, වේදනා වෙලා එන්නා වූ එක කලින් සිද්ධ වෙන්න ඕනෙ, කියන අර්ථය තියෙනවා.
හැබැයි ඉතින් numbers එක්ක ගත්තහම අපිට ඒක පැටලෙනවා. මොකද මෙතන 5.4, අරක යනකොට 6.4, 7.4 ඕවගේ වෙලා නේ මේක සිද්ධ වෙන්නේ.
එතකොට දැන් මෙතන තියෙන්නේ මොකද, අපි කල්පනා කරන්න ඕනෙ අර කලින් තිබුණා වූ රූපයන් නිසා ඇති වෙන්නා වූ අගයෝ කියන එක. රූප, වේදනා, සඤ්ඤා ඒ පිළිවෙළට නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ.
එතකොට දැන් එහෙම නම් විඤ්ඤාණයේ ධාරාව කියන එක, නිතර ම මේක ගලනවා. ගල ගලා තියෙන්නේ. ගල ගලා තිබෙන්නා වූ එක තමයි අර සඤ්ඤාවෙන් අපි විවෘත කරලා දෙන්නේ.
කොහොම ද විවෘත කරලා දෙන්නේ? ඒ කියන්නේ ඕගොල්ලෝ හරියට, කෑම හොයාගෙන තමයි යන්නේ ඕන වෙලාවක. කුස්සියට යන්නේ ආදී වශයෙන් කෑම හොයාගෙන යන්නේ. ඒක හොයාගෙන ගියහම ඔන්න අපි දකිනවා, යම්කිසි දෙයක් දකිනවා. අන්න සඤ්ඤාවක් ඇති වෙනවා. ආහ් මේක හොඳයි. මේක කෑවට කමක් නෑ, අන්න සඤ්ඤාවෙන් විවෘත කළා.
මොකද්ද මෙතෙන්දි වුණේ? මෙතෙන්දි වුණේ මොකද්ද? අර පවතින්නා වූ ධාරාව ම එයා ඇරියා. එක එක දේවල් සම්බන්ධයෙන්. පෙලක් ඒවාට අරින්නේ නෑ. පෙලක් ඒවාට තමන් අරිනවා. මොකද්ද මේ ධර්මය? “නාමරූප පච්චයා සළායතනං.”
අතෙන්ට ආවා අර නාමරූප කෙළවරට. එහෙම නම් අපි කල්පනා කරනවා සඤ්ඤාව අර පවතිනවා කියන එක, මේ ධාරාව පැවතිය හැකි ය කියලා මේක ගලනවා. ඉතින් ඒක ඒ පාර නාමරූප point එකෙන් දැන් ඔන්න ඇහැ ඇරියා, කට ඇරියා. අර කෑම දැක්කා කියන එක තියෙනවා. සඤ්ඤාව ඇති වුණා. අන්න කට ඇරියා ඒකට.
පෙලක් ඒවාට කට අරින්නේ නෑ නේ. ධාරාව ගැලුවා ආහ් මේක මට නෙවෙයි, මේක හරි නෑ. මං හොයාගෙන යන්නේ පාන් පෙත්තක්. මේ ටොපියක් හම්බවුණා කියලා මං, ඒක හරියන්නෑ මේ වෙලාවේ. තේරුණා ද? අන්න ඒ වගේ නාමරූපයෙන් මේ සළායතනය කියන එක තමයි මේ මේවා වුණේ.
ඉතින් ඕක මණ්ඩලාධිපති බුදුපියා මගෙන් ඇහුවේ ඔය ප්රශ්නය. අර විදිහට ජරා වෙනවා නම් කොහොම ද අපි අතෙන්දි අරින්නේ? ඒ කියන්නේ දැන් 5.3 ජරා වෙලා නම්, අපි අරක open කරන්නේ නෑ නේ. අර ධාරාව ගලන්න ඕනෙ. ධාරාව ගලාගෙන යනවා. ගලාගෙන යන්නා වූ ධාරාව තමයි අර එක එක වෙලාවට සඤ්ඤාවෙන් open කරලා මේ ගන්නේ. හරි ලස්සනයි. හරි ම ලස්සනයි ඒ විදිහට බැලුවහම. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
ඒකේ තියෙන්නේ අර සඤ්ඤාව වෙච්ච ගමන් සඤ්ඤාවෙන් චේතනා, චේතනා ඉදංසච්ච. මේක හොඳයි කියලා එයා එකපාරට ම approve කරලා ගන්නවා. බොහොම ඉක්මනින් ඒක සිද්ධ වෙනවා.