ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.
ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවලත්, සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.
ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවලත්, සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා, වැඳ නමස්කාර කළා.
මම ඊයේ පෙරේදා කරපු ඒ භාවනාවන් දිගට ම කරගෙන ආවා, එක කෑල්ලක්වත් හලන්නේ නැතිව. ඒ කියන්නේ, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ඉතින් මම ජරාවට කැමති වෙනවා නම් මම ව්‍යාධිය, මරණය, දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව, ඔක්කොට ම කැමති වෙන්න ඕනෑ. එහෙම නම්, මම දුක්ඛයට ම යි තමයි කැමති වෙලා තියෙන්නේ. එහෙම නම්, අපිට පේනවා, කාමච්ඡන්දය කිව්වා ම කාම තණ්හාවට එනවා. ඒකෙන්, භව තණ්හා, විභව තණ්හා කියන එක අපි හදාගත්තා. ඉතින් අපි දුක්ඛයට ම තමයි තණ්හා වෙලා තියෙන්නේ කියන එක එනවා.
එතකොට අපි දැන් මරණයට කැමති වෙනවා නම්, එහෙම නම්, අපිට පේනවා අර මෝහය තියන ගලේ වැදිලා, කුඩු වෙලා යනවා කියන එක වතුර පාර. විසිරුණා වූ වතුර නැවතත් එකතු වෙනවා කියන අර්ථයක් දැකීමෙන් තමයි මෙයාට අර පවතිනවා කියන එක ඇති වුණේ, ඒ පාර අර සඤ්ඤාව තියෙන තැනට පවතිනවා කියන අර්ථයට ආවා.
එතකොට මෙතෙන්ට ආවා නම්, දැන් අපි අර සෝකය කියන තැන අපි භාවනාව කළා නේ. එතනදි ඊයේ අපි පෙන්නුවා නේ ඒ පථය කියන එක. දැන් අපි දන්නවා line 5 එකේ එකක් එනවා. Line 6 එකේ එකක් එනවා. ඒ line 5 එකේ එන්නේ පැවතිය හැකි ය කියන එක. Line 6 එකේ එනවා පවතිනවා කියන එක. ඉතින් ඊට පස්සේ ඔය line 6 එක ඇවිල්ලා, වැටෙනවා අපේ අර odd numbers තියෙන පථයට. ඒ කියන්නේ අපේ ව්‍යාධිය කියන තැනට ආවා නම්, ව්‍යාධිය ඉඳලා අපි දාලා තියෙන්නේ සෝකය කියන තැනට 9 කියලා නේ. දැන් ඕක 9, ඊළඟට 11 වෙනවා, ප්‍රියේහි විප්පයොගය. ප්‍රියේහි විප්පයොගයෙන් ඊට පස්සේ අර දොමනස්සය තියන තැනට 13, 13 වලින් එහා පැත්ත 15 කියලා දාලා තියෙනවා, ජාතිය කියන තැනට. ඉතින් ඕක නේ කලින් වෙනවා කියලා කිව්වේ. ඒ පථය ඉක්මන් වෙනවා කිව්වා. එතකොට මිච්ඡාදිට්ඨික අගය, ඒ පවතිනවා කියන මිච්ඡාදිට්ඨික අගය එතෙන්ට එනවා කියලා අපි ඉගෙන ගත්තා.
ඉතින් ඊට පස්සේ, දැන් ඔය අවස්ථාවෙදි අපි කල්පනා කළා ඉතින් ජරාව කියන එක වෙනවා නම්, අපි උල්පත අරින්නේ මොකද කියන එක, නේ ද? එතකොට දැන් බලන්න, දැන් ඔය ජාතිය දක්වා ආවා කිව්ව එක, දැන් අර even පථය තියෙනවා නේ ඊළඟට, ඔය වගේ ම දැන් 10, 12, 14, 16 උපායාසය දක්වා එන්නා වූ even පථයක් තියෙනවා. ඒක තමයි පරක්කු වෙනවා කිව්වේ. එතකොට ඒකේ අර පැවතිය හැකි ය කියන කතාව තමයි ඒකෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේක මෙතනින් ආවට නතර වෙන්නේ නෑ නේ. මෙතනින් ඇවිල්ලා බලන්න 6.4, 7.4 අර සෝක සල්ලයේ කැරකීම, ඒකෙ 7.4 න් 8.4. රාග සල්ලය. අර උපායාස පාර තමයි එයා එන්නේ. පැවතිය හැකි ය කියන එක, ඔන්න උඩට ආවා.
එතකොට බලන්න අට වෙනකොට, වට අටක් ගියා කියන්නේ ඔයගොල්ලන්ට අර රූපයත් එක්ක ථීනමිද්ධ ස්වභාවයක් ඇති වෙලා තියෙන්නේ. හැබැයි අපි මෙතෙන්දි මොකක් ද කරන්නේ? අර 4.4 දි රූපය මැරෙනවා නේ. අපි වෙන රූපයක් අල්ලගන්නවා.
අපි කියන්නේ අර, මේ ටොපිය නෙමේ, පාන් කෑල්ල. විඤ්ඤාණ ධාරාව ගලාගෙන යනවා. අපි එකක් අල්ලා ගත්තා. අර ධාරාව හැබැයි ක්‍රියාත්මක වෙනවා. රූපය මළාට ධාරාව නතර වෙන්නේ නෑ නේ. වේදනාව නිසා හරි, සඤ්ඤාව නිසා හරි මේක ගමන් කරනවා කියන එක තියෙනවා.
එතකොට එහෙම නම්, දැන් අපිට පේනවා මේ සඤ්ඤාව කියන උල්පතෙන්, මෙතන සඤ්ඤාවෙන් ඒ කියන්නේ අවිද්‍යාව නේ අපේ තියෙන්නේ. අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා. සඞ්‌ඛාරා කිව්වේ අර වේදනාවෙන් එන්නා වූ උල්පත, අපි ඇරියා. ඒ කියන්නේ ගලන්නා වූ උල්පත විවෘත කළා කියන කතාව ඊයේ පෙන්නුවා. විවෘත කළා කියලා කියන්නේ පාන් කෑල්ල, ටොපිය නෙමේ පාන් කෑල්ල. එහෙම නම් ඔන්න අපි සළායතනය කියන එක අපේ ඇති වෙනවා. ඉතින් නාමරූප පච්චයෙන් සළායතන කියන එක අපි ඊයේ ඉගෙන ගත්තා. සළායතනයන් පස්සේ, ඔතෙන්ට ආවට පස්සේ, දැන් එහෙම නම් අපිට කල්පනා කරන්න තියෙන්නේ, ඊළඟට තියෙන්නේ සළායතන පච්චයෙන් ඇති වෙන්නා වූ ස්පර්ශය කියන එක.
දැන් බලන්න අපි ඊයේ ඉගෙන ගත්තා අර චේතනාව කියන තැනට ආවයින් පස්සේ, ඒ චේතනාවෙන් එකපාරට ම approve කරනවා. ඒ කියන්නේ සඤ්ඤා වෙච්ච ගමන්, අරක ඇරිය ගමන්, අර උල්පතට ඉඩ දීපු ගමන්, තමන්ට පේනවා සඤ්ඤා චේතනා ඉදංසච්ච approval කියන එක on the spot, quick approval එකක් ඒක ලැබිලා තියෙනවා. මොකද අර පවතිනවා කියන අදහස එයාගේ තියෙනවා නේ, නේ ද? එතකොට ඔය වෙලාවේදි ඕගොල්ලන්ට පේනවා, මේ පැත්තෙන් තියෙන්නේ උඩ සඤ්ඤාව. මෙතනින් වේදනාව. අර නාමරූප point එකට සඤ්ඤාවෙන් join වුණා පවතිනවා කියලා, මේ පැත්තෙන් පැවතිය හැකි ය කියලා චේතනාවට කෙළින් ම ඇවිල්ලා තියෙනවා.
එතකොට එහෙම නම් ඔය චේතනාවට ආවට පස්සේ දැන් රහතන් වහන්සේ, සළායතන පච්චයා ස්පර්ශ, කියලා කියනවා නම් ඕගොල්ලො ඉන්න ඕනෑ මොකක් ද? කලහ විවාද සූත්‍ර 2, කලහ විවාද සූත්‍ර දෙකේ නේ පෙන්නන්නේ නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො, ගාථාව. ඉතින් ඔය 3 වෙනි slide එක එහෙම බැලුවහම ඒකේ පෙන්නනවා, මෝහය ඇති වෙන්නේ කොහොම ද කියන එක. එතෙන්දි පෙන්නනවා අපි අර සුභයි කියන එක ඇදීම කියන එක, නිත්‍යභාවය කියන එක. ඉතින් නිත්‍යභාවය කියන එක අපි දන්නවා නේ, අපිට ඇති වන්නේ, අර රූපය නැවත නැවතත් ස්පර්ශ කරලා. ඒක ලස්සනට පෙන්නනවා.
එහෙම නම්, ඉතින් ඔය තණ්හාව කියන එක සුභයි කියන එකත් එක්ක සම්බන්ධයි. මෝහය කියන එක අවිද්‍යාවත් එක්ක සම්බන්ධයි කියලා ඒකේ ලස්සනට පෙන්නනවා. ඉතින් එතෙන්දි තමයි කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ පළවෙනි සත්‍යයි දෙවෙනි සත්‍යයි කියන එක පුදුම විදිහට තේරෙනවා කියන එක. ඉතින් දැන් මෙතෙන්ට ආවට පස්සේ, දැන් මෙතන දී හරි ලස්සනයි. ලස්සනයි කියලා කියන්නේ දැන් එහෙනම් අපිට පේනවා අපේ මේ චේතනාව කියන තැන සළායතනය කියන එක තමන් ලියාගන්න ඕනෑ. එතෙන්දි දැන් ඇහැ ඇරියා කියන එක නේ. ඇරලා තියෙනවා කියන එක. ඉතින් එතෙන්ට ආවා නම්, ඔතෙන්ට එන්නා වූ කාරණා නිසා දැන් චේතනාවොත් දුවනවා. මොන වගේ අදහස් ද තියෙන්නේ?
එයා කියනවා පවතිනවා, පැවතිය හැකි ය කියන අදහස් ඔක්කොම ටික තියෙනවා නේ ද? දැන් ඔතනින් ආපහු අපි අර belt එක කැරකිලා ස්පර්ශයට යනවා කියන එක නේ ඔතන තියෙන්නේ. නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො, නේ ද? ඇහැ කියන එක තමයි දැන් නාමරූපය ඇතුළේ තියෙන්නේ, චේතනාව කියන එක අපි කල්පනා කරනවා. එහෙම නම් දැන් බලන්න ඔතෙන්දි, ඔය වම් අත පැත්තෙන් තියෙන සඤ්ඤාව. දැන් ඕක තුළ ස්පර්ශය කියන කතාව තියෙනවා, නාමරූපය තුළ. එතකොට ස්පර්ශය තුළ තියෙනවා අර පැවතිය හැකි ය කියලා අර පල්ලෙහායින් ආපු කතාව. ඊට පස්සේ එහෙම කියල නේ අර වේදනාවටත් ඉඩ දුන්නෙ.
උඩ පැත්තට තියෙනවා සඤ්ඤාවේ පවතිනවා කියලා. ඔය දෙක අතර තියෙනවා අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය. එතෙන්දිත් එයාගේ පැවතිය හැකි ය. එතන දී අපි කල්පනා කරන්න ඕනෙ අර ජරාව, කියන එක ඉඳන් ආවා පටිඝසම්‌ඵස්‌සයට, එතන පැවතිය හැකි ය. දැන් එතකොට එහෙම නම් මේක නිසා තමයි අපේ මේ ස්පර්ශය කියන එක ඇති වෙන්නේ.
ඉතින් දැන් බලන්න ඔය චේතනාවේ අර්ථ දැක්වීම. දැන් නේ අපිට තේරෙන්නේ. “කාමෙසු සංයුක්තො විහරති භාවිතො අජ්‌ඣොසන්‌නා අයං චේතනා,” මොකක් ද ඒ කියන්නේ. කාමෙසු සංයුක්තො කියලා කිව්වා ම, අර ස්පර්ශය තියෙන තැන, අන්න එනවා අර පල්ලෙහා ඉඳන් ඇවිල්ලා කාමච්ඡන්දයෙන් ඇති වෙන්නා වූ එක. කාමෙහි සංයුක්තො විහරති, හරි නේ.
ඊළඟට අපිට පේනවා මෙතන, භාවිතො කියලා කිව්වා, අර වේදනාව කියන එක තමයි අපි, ඒ කියන්නේ දිය ධාරාව වාගේ එක භාවිතා කළා. ඉතින් ඕවා නේ අපි දියුණු කරනවා කිව්වේ. මතක ද? Develop කරනවා කියලා කිව්වේ. අජ්‌ඣොසන්‌නා remain holding. පවතිනවා, පැවතිය හැකි ය. දෙක ම එයාගේ තියෙනවා ඉතින් අජ්‌ඣොසන්‌නා නේ, අත හරින්නේ නෑ නේ, පවතිනවා පැවතිය හැකි ය, remain holding. එතකොට ඒක නිසා අපිට දැන් චේතනාවේ අර්ථ දැක්වීමත් තේරෙනවා කොහොම ද හැදුණේ කියන එක.
දැන් ඉතින් හැමෝට ම පැහැදිලියි ඉතින් මෙතෙන්දි ආපහු ස්පර්ශයට යනවා. චේතනාව කියන්නේ “ඇහැ” නම්, එතන ඉඳන් ස්පර්ශයට. එතකොට නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. ඕකනේ නාමරූපයෙන් ස්පර්ශය. මහානිදාන සූත්‍රයේ එහෙම පෙන්නන්නේ නේ ද. ඒක නේ ඔය කලහ විවාද සූත්‍රයේ ගාථාවේ එතන ඒක පෙන්නන්නේ නේ ද? ඉතින් ඒක හරි ලස්සනට පැහැදිලි වෙනවා. ඒ දක්වා එනවා කියන එක. ඉතින් මේ භාවනාව කරනකොට ඒ මුල ඒ ඉඳන් ම තමන් කරගෙන යන්න ඕනෑ. ඒ සම්පූර්ණ කියපු කතාව ම මෙතනට ආවා නම් හරි ලස්සනට පැහැදිලි වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.