Date: 09/08/2015 Name: Phassapaccayaa vedanaa

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නමක් සිහි කළා. ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට අද භාවනාවේ කරගෙන ගියේ ඊයේ භාවනාවේ කෙළවර. ඊයේ භාවනාවේ බොහෝ ම ගැඹුරට ඇවිල්ලා තිබුණා, ඒ අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සො, කියන එක දක්වා බොහෝ ම ගැඹුරට ඇවිල්ලා තිබුණා.

එතකොට ඒක මං ආපහු කියන්න යන්නේ නෑ. එතකොට ඒ රහතන් වහන්සේ මට කිව්වා, මීට ඉස්සෙල්ලා සෝපාදිසේස නිබ්බාන ධාතුව 2 කියන එක බලන්න කියලා. ඒක කරලා තියෙන්නේ 27 ජූනි 2015. ඉතින් ඒකෙ මම යම්කිසි දෙයක් පෙන්නා දෙනවා නම් කෙටියෙන්, ඒකේ එනවා, අපිට පොඩි triangle එකක් තියෙනවා, පල්ලෙහායින්. ඒ පොඩි triangle එකේ, මේක පෙන්නන්නේ නිබ්බාන ධාතු 1 දි තමයි.

ඒකේ පෙන්නනවා ඔය ජරාවයි, ඊළඟට අපිට තියෙනවා දෝමනස්සයයි, අප්‍රියේහි සම්පයොගය කියන එක. ඒ අප්‍රියේහි සම්පයොගය කියන එකේ තියෙන්නේ වේදනාවේ ව්‍යාධිය 4.6. ඊළඟට වේදනාව අපි දන්නවා 4.3, ඒ වේදනාවේ ජරාව. වේදනාව තියෙන තැන ම අපි ඒක ලියාගත්තොත් වේදනාවේ ජරාව, ඕක ඔය භය අගතියේ ඉඳන් සම්බන්ධ වන්නා වූ රේඛාවක්. එතකොට අනිත් පැත්තට ගත්තහම අපි දන්නවා, දෝමනස්සය කියලා කියන්නේ 5.4, සබ්බාසව සූත්‍රයේ ඒවත් එක්කයි මේ refer කරන්නේ. ඒවායේ තියෙනවා, දෝමනස්සය, සුඛ වේදනාවේ මරණය කියන එක. ආපහු ජරාව, 5.3 සඤ්ඤාවේ ජරාව. එතකොට ඔය ජරා line එක, ඒ කියන්නේ 5.3, 5.4 අප්‍රියේහි සම්පයොග ඕක දික් කළා ම ආවේ චේතනාව කියන එකට.

එතකොට අපි ඊයේ ඉගෙන ගත්තා නේ අර චේතනාව තියන තැන සළායතනයයි කියන එක. එතකොට ඒකේ වම් අත පැත්තට නාමරූපයෙන් එන්නා වූ කොටසේ තියෙනවා අර පැවතිය හැකි ය කියන කතාව. ඊට පස්සේ අපි පවතිනවා කියලා යන්නේ අර මිද්ධය තියෙන තැන. එතෙන්ට ආවයින් පස්සේ, අපිට තේරෙනවා එතන ඒ කියන්නේ අලුත් සංස්කාර නිසා පැවතිය හැකි ය කියන එකක් තමයි එතනින් යන්නේ. එතනින් පෙන්නනවා අපිට 6.4 වෙලා සඤ්ඤාව කියන එක ව්‍යාධියට පත් වෙලා. 5.4 වෙනකොට සඤ්ඤාව ජරා වෙලා. එහෙම නම් සඤ්ඤාවෙන් චේතනාව, චේතනාවෙන් ඇවිල්ලා තියෙනවා අර ථීනය කියන තැනට.

එතකොට මේ වෙලාව වෙනකොට කෙනෙකුට තේරෙනවා නේ ද, රූපය 4.4 වෙනකොට ම නැති වුණා, ජරා වුණා, නැති වෙලා ගියා. ඊළඟට ගත්තහම ඉතින් වේදනාව ජරා වෙලා. වේදනාවේ ව්‍යාධිය ඇති වෙලා. සඤ්ඤාවේ ජරාව ඇති වෙලා. සඤ්ඤාවේ ව්‍යාධිය ඇති වෙලා. මේ දක්වා තමන්ගේ දිට්ඨීන් බිඳුණා කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේක මනසේ තියෙන්න ඕනෙ.

මෙන්න මේක සහගතව මම මෙනෙහි කළා. බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ඒ කියන්නේ ජරාවට ඇති කැමැත්ත. යම්කිසි පුද්ගලයෙක් ඉතින් ජරාවට කැමති වෙනවා නම්, ඒ මනුස්සයා ව්‍යාධියටයි මරණයටයි කැමති වෙනවා. ඉතින් මේ ව්‍යාධි මරණවලට කැමති වෙනවා කියන්නේ, දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව ඔක්කෝට ම අපි කැමති වෙනවා. කාමච්ඡන්දය වුණා නම් අපිට කාම තණ්හා, කාම තණ්හා නිසා භව තණ්හා, භව තණ්හාවෙන් විභව තණ්හා. තණ්හාව කියන එක. එහෙම නම් අපි මුළු සම්පූර්ණයෙන් ම තණ්හා වෙලා තියෙන්නේ මොකකට ද? දුක්ඛයටයි. දුක්ඛයට තමයි අපි මනාප වෙලා තියෙන්නේ. දුක්ඛයට තමයි අපි තණ්හා වෙලා තියෙන්නේ.

මෙන්න මේක දැකපු ගමන්, අර ඊයේ භාවනාවේ ඒ අර්ථය සම්පූර්ණයෙන් දැකීමත්, ඒ සෝපාදිසේස නිබ්බාන ධාතු කියන triangle එකේ අර්ථයත් නිසා එකපාරට ම, ඒ සිත නතර වෙන තත්වයට පත් වුණා. මේක තමයි මේ දුක්ඛය, මේක තමයි මේ දුක්ඛ සමුදය කියලා. නමුත් මෙතනින් පේනවා මේක මේ විදිහට වටහා ගත්ත මනුස්සයාට, මේ ප්‍රමාණයට වටහා ගත්ත මනුස්සයාට, මේ දුක්ඛයේ කොටස් එකොළහක් නිරෝධ වෙනවා. එකක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන්නේ, අපිට තියෙනවා, අවසානයට දොළහට ලියලා තිබෙන්නා වූ, කාරණය. අන්න ඒක ඉතුරු වෙනවා.

ඒ කියන්නේ අපි දන්නවා ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දොමනස්ස, සෝක, පරිදේව, උපායාස, පියෙහි විප්පයොග, අප්පියෙහි සම්පයොග කියන එක තියෙනවා. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එක, එතන ඉතුරු වෙනවා. ඇයි ඒක ඉතුරු වෙන්නේ? ඒක ඉතුරු වෙන්නේ මේ පුද්ගලයා තවමත් හිතනවා, ඒක තුළ අපි ඉගෙන ගත්තා, ඔය සබ්බාසව සූත්‍රය කරපු වෙලාවේ, අත්තා කියන එක ඒක තුළ තියෙනවා කියලා. මතක ද අපි පෙන්නුවා නේ අර මුලින් ආවා, සබ්බාසව එකේ අත්තා කියන එකෙන් අපි ආවා නම් පල්ලෙහා, අර 1-3 මෝහය කියන එකට, එතන අත්තා කියන එක එතෙන්ට ආවා, එහෙම නම් ව්‍යාධියේ ඉඳන් අපි සමාන්තර රේඛාවක් ඇන්දා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට. එතකොට එහෙම නම් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ අර අත්තා කතාව තියෙනවා කියලා ඉගෙන ගත්තා.

දැන් බලන්න මේ වෙලාව වෙනකොට, මිය යන ධර්මයෝ ගොඩාක් මිය ගිහිල්ලා. රූපය මිය ගියා, වේදනාව, සුඛ වේදනාවත් මිය ගියා. 5.4, 6.4 වෙනකොට සඤ්ඤාවත් ජරා වෙලා ව්‍යාධි තත්වයට පත් වෙලා තිබෙන්නා වූ ස්වභාවය. නමුත් මේ පුද්ගලයාට තවමත් තියෙනවා සියුම්ව, අර අත්තා කියන එක නිසා වෙන්නා වූ දේ. පෙර පැවතියා වූ අත්තා නිසා යම් වූ සියුම් වූ ස්වභාවයක් තියෙනවා. මොකද අපි බැලුවා නේ අර flow on effect එක. රූපය නැති වුණාට හරි යන්නේ නෑ අපි වේදනාව අල්ලගන්නවා. වේදනාව නැති වුණාට හරි යන්නේ නෑ අපි සඤ්ඤාව අල්ලගන්නවා. සඤ්ඤාව නැති වුණාට සංස්කාරය අල්ලා ගන්නවා. අන්න ඒ විදිහට අර පෙර පැවතුණා වූ දේ නිසා අර අත්තා කියන එක අරකේ තවමත් ඉතිරි වෙලා තියෙනවා. අන්න එතෙන්ට ආවායින් පස්සේ ඕගොල්ලන්ට පේනවා, අර මතක ද අර Z අකුර වගේ එකේ, අනිත් පැත්තට බැලුවා, hourglass එකක් එහෙම බැලුවේ එතන කෙළවරේ, ඒ කියන්නේ අපි මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා. ඒ පාර අනිත් පැත්තට යනවා මැද්දෙන්. මෙතන තියෙන්නේ ඊළඟට, දැන් පරිදේවයේ ඉඳන් සෝකයට යන එක, ඒක නිකම් කැරකෙන්නා වූ එකක් එතන, hourglass එක වගේ මැද්දෙන් එතන තුනී තැන තියෙනවා නේ. ඊළඟට අපි එනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්පයොගය කියන තැනට එනවා.

එතකොට එතෙන්ට ආවා නම්, දැන් එහෙම නම් තමන්ට පේනවා යමක්, ඒ කියන්නේ, මට යම්කිසි දෙයක් අප්‍රිය වෙන්න නම්, මට පෙර යමක් ප්‍රිය වෙලා තියෙන්නට ඕනෑ. අන්න ඒ ගැඹුරු අර්ථය. ඉතින් ඒ නිසා තමයි අපි අර ස්පර්ශයෙන් වේදනාවට යන්නේ. ඔන්න ඕක තමයි, ස්පර්ශ පච්චයා වේදනා, කියලා කියන්නේ. මට යමක් ප්‍රිය වෙලා තියෙන්න ඕනේ. මම අප්‍රිය තැනටයි ආවේ, දැන් අපි පෙන්නුවා නේ අප්‍රියේහි සම්පයොගයෙන් අපි අන්තිමට දික් කළා ම යන්නේ චේතනාවට. අර triangle එකක් ගැන මම කතා කළේ. අන්න ඒ triangle එක හොඳට මතක තියෙන්න ඕනෑ. මොකක් ද? අර අප්‍රියේහි සම්පයොගය, ජරාව, සුඛ වේදනාව මැරීම, අප්‍රියේහි සම්පයොගය තමන් direct කළොතින්, දික් කළොතින් චේතනාවට තමයි point වෙන්නේ කියන එක තියෙනවා. එතකොට මේක වටේට ම තියෙන්නේ ජරාවට පත් වෙච්ච වේදනාවක්, ව්‍යාධියට පත් වෙච්ච වේදනාවක්, මැරිච්ච වේදනාවක්, තාමත් මෙයා හිතනවා මට යමක් ප්‍රිය වෙලා තිබිලා තියෙන්න ඕනෑ. අන්න ඒක සඳහා චේතනා කරනවා. අර අත්තා කියන කතාව තියෙනවා නේ.

එතකොට මේක තමයි ඔය පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ, ඵස්ස පච්චයා වේදනා කියලා. පොඩි ධර්මයක් නෙමේ. නිකම් සාමාන්‍යයෙන් හිතන්නා වූ එකත් අයිතියි. නමුත් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඔන්න ඔය තත්වයට මනස යන්න ඕන.

ඒක තමයි මං කරපු භාවනාව.