ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම භාවනාව කළේ ඊයේ භාවනාව ම තමයි. ඒ ඊයේ භාවනාවේ කෙළවර ඕගොල්ලන්ට මතකයි. අපි ඉගෙන ගත්තා අපිට අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක සිද්ධ වෙලා, ඊට පස්සේ ඒ ප්‍රියේහි විප්‍රයෝගය, ඒ කියන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගය වුණා නම් මට යම්කිසි දෙයක් ප්‍රිය වෙලා තියෙන්න ඕනෙයි කියන එක. මේක නිසා තමයි අපි මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව කියන එක. ඉතින් අද තියෙන්නේ වේදනා පච්චයා තණ්හා කියන එක.
එතකොට ඊයේ ඒ භාවනාවෙදි තේරිච්ච එක කෙනෙක් ලියනවා නම්, ඒ ලියන අවස්ථාවේ දී ඒ රහතන් වහන්සේ මට උදව් කළා. එතනදි පෙන්නන්නේ, දැන් අපි අර triangle එකක් දකිනවා නේ. 4.3 වේදනාව, 4.6 අප්‍රියේහි සම්ප්‍රයෝගය, එතන අපි පෙන්නනවා වේදනාවේ ව්‍යාධිය කියන එක, 5.4 වේදනාවේ මරණය කියන එක. එතකොට ඒක හොඳට අවබෝධ වෙලා තියෙනවා නම් ඉතින්, පෙර තිබුණා වූ ප්‍රිය දෙය ම නැවත නැවතත් සොයනවා. ඒක පවතිනවා කියන මිච්ඡා දිට්ඨියක් එයාට තියෙනවා. එතකොට අපි අර odd පථයක් ඉගෙන ගත්තා නේ. ඒ odd පථයෙන් නේ අපි එනවා කිව්වේ ඔය මිච්ඡා දිට්ඨියට. අන්න ඒ odd පථය දිගේ ගිහිල්ලා තමයි අපි ඔය even පථය කියන එක භාවිතා කරලා එයා එන්නේ ඔය අප්‍රියේහි සම්ප්‍රයෝගය හරහා නේ. උපායාසය දක්වා එන්නා වූ එක. එතකොට එතන තියෙන්නේ පැවතිය හැකි ය කියන අර්ථය. ඉතින් ඒ විදිහට විඤ්ඤාණයේ ධාරාව ගැලීමට සලස්වනවා කියන එකයි මේ අපි ඉගෙන ගත්තේ.
එතකොට දැන් මං ඔතන ඉඳන් තමයි ඉතුරු කෑල්ල මං භාවනාවට ගත්තේ. මෙතෙන්දි දැන් පේනවා මෙහෙම දෙයක්. මේක හරි පුදුමයි මේ භාවනාව. ඒ කියන්නේ ඕක බලාගෙන යනකොට සිත නතර වෙනවා. නතර වෙන හින්දා ඒ තණ්හාව ගැන හිතන්න ම බෑ. භාවනාව කරගන්න ම බෑ. මොකද දැන් ඔය කාරණා දෙක, දැන් කිව්ව කාරණා දෙකට ආවාට පස්සේ ඉතුරු, තමන්ට හිතන්න මොකක්වත් විදිහක් නෑ. කරකවන්න ම බැහැ. ඒකේ වුණේ මොකද්ද, මම දැක්ක දේ තමයි, රහතන් වහන්සේලා කිව්වා ඒ විදිහට numbers දාගන්න කියලා පස්සේ මට, මම යමක් දැකලා නතර උණාට පස්සේ, මේක පැහැදිලි කරගන්න රහතන් වහන්සේලා තමයි මට කිව්වේ ඒක numbers දාගන්න කියලා.
පළවෙනි එක මේ කල්පනා කරන්න, දැන් අපි අවිද්‍යාව කියන එක නිසා මෝහය කියන එක අපි ඉගෙන ගත්තා නේ. අවිද්‍යාවෙන් මෝහය වෙනවා කියලා. ඒ වාගේ ම අපි කිව්වා සුභය කියන එක තණ්හාවට සම්බන්ධ වෙනවා කියලා. අර කලහවිවාද සූත්‍ර 2, පිටුව 3, 4 ඒ හරියේ ඒක තියෙන්නේ. එතකොට එහෙම නම් දැන් බැලුවා, පළවෙනි එක හැටියට ඔන්න අපි දාගන්නවා අවිද්‍යාව කියන තැනින්.
දෙවනි කාරණේ හැටියට ඕගොල්ලෝ දාගන්නවා අර සඤ්ඤාව පවතිනවා කියලා කිව්වේ. ඒක තමයි 2ක. උඩට. අර විඤ්ඤාණ ධාරාව කැඩිලා කුඩු වෙලා ගියා, තාමත් පවතිනවා කියන එක, 2ක.
ඒ තුන් වෙනි එක හැටියට ඕගොල්ලෝ දාගන්නවා අර odd පථයේ ගිහිල්ලා අපි එනවා මිච්ඡාදිට්ඨික අගය, ඒ කියන්නේ අර ජාතිය කියන තැනට එනවා. ඕක 3න.
ආපහු ඕගොල්ලෝ දාගන්නවා, දැන් අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක තියෙනවා නේ. ආන්න ඒක even පථයෙ නේ. එතකොට i, Roman i කියලා අපි දාගම්මු ඒකට.
ඊට පස්සේ අපි ii කියන එක දාගම්මු සුභයි කියන එකට. ඇයි සුභය නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. ඕගොල්ලන්ට අප්‍රියේහි සම්ප්‍රයෝගයක් වුණා නම් ඉතින් සුභයි කතාවක් තියෙනවා ද? ඔන්න ඔය point එක තමන්ට touch වෙන්න ඕනෙ. මට අප්‍රිය නම් කොහොම ද සුභ වෙන්නේ? ඕක ii ක.
තුන් වෙනි එකට එනවා අර උපායාසය තියෙන තැන, even පථය, උපායාසය කියන තැනට අපි එනවා මේ තුන් වෙනි කාරණය. Roman iii කියන එක.
දැන් අපි කියන්නේ මොකද්ද, ඔය ජාතිය කියන තැන මිච්ඡා දිට්ඨිය, පවතිනවා කියන එක. ඒක මත තමයි අර උපායාසය ළඟ පැවතිය හැකි ය කියන එක ගලන්නේ. දැන් බලන්න ඔන්න ඔය sequence එකේ අපි කලින් ඉගෙන ගත්තා නේ ද, දැන් අර 1, 2, 3 කියලා කිව්වේ. අන්න ඒක ඉක්මන් වෙනවා කියලා නේ කිව්වේ. ඒක ඉක්මන් වෙනවා නම් මේක ගලනවා. දැන් ඕකේ අනිත් පැත්ත හිතන්න. Roman i, ii, iii ඉක්මන් වෙනවා. මොකද වෙන්නේ? යන්නේ නෑ. කැරකිල්ලක් නෑ. කැරකෙනවා නම් තමයි තණ්හාව කියන එක තියෙන්නේ. කැරකිල්ලක් සිද්ධ වෙන්නේ නෑ.
හරි ම පුදුමයි. හරි ම පුදුමයි කියලා කියන්නේ මොන උත්සාහය දැරුවත් මෙතනින් ධර්මය එතනින් එහා පැත්තට හිතන්න බෑ. හිත ඔහේ තියෙනවා. ධර්ම කාරණා දන්නවා. නමුත් සිත නම් දුවන්නේ නෑ. සෑහෙන struggle එකක් කළා මේකේ ඒ ධර්මය මොකද්ද කියන එක, ඒක අල්ලගන්න. අර විදිහට නතර වෙලා ම තියෙනවා. ඕන දෙයකට තමන්ට පුළුවන්. ඔය මොකකටවත් කිසීම reaction එකක් නෑ, දුවන්නේ නැතුව මනස ඔහේ ඉන්නවා. මොකද අපි දන්නවා අට වෙනි රවුමෙන් පස්සෙත් මේක කැරකුණා නම් තමයි තණ්හාව කියලා කියන්නේ. ඉතින් දැන් මේ අට වෙනි රවුම කතාවට ඇවිල්ලා නේ අර, අපි කිව්වේ අවිද්‍යා ආශ්‍රව කතාව. දැන් රූපයයි, රූපය නිසා පවතින්න බෑ. වේදනාව, වේදනාව නිසා ඔහොම ගිහිල්ලා අන්තිමට මෙයා මේ සඤ්ඤාවක් එහෙම අල්ලගෙන යන කතාවක් නේ තියෙන්නේ. ඉතින් එතෙන්දි අපි පේනවා අර නිත්‍ය කතාවට එයා එනවා අර අත්තා කියලා අරගෙන ඒකේ පසු සඤ්ඤාව හැටියට, අත්තා කියලා ගත්තා, ඒකෙන් අපි අවිද්‍යා ආශ්‍රවය නේ ද? එතන ඒ, එතෙන්ට ඇවිල්ලා නේ ඒ පථය අපි අත්තා diagram එකේ ඉගෙන ගත්තා නේ ඒක. එතකොට දැන් මෙන්න මේක තේරුම් ගත්තා නම් ඉතින් තමන්ගේ අවිද්‍යාව නිසා වෙන්නා වූ දේත් නතර වෙලා, ඒ තණ්හාව නිසා වෙන්නා වූ දේත් නතර වෙලා. මේක ආපහු දුවන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. කැමති කැමති විදිහට තමන්ට එතන නතර වෙලා ඉන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඒ භාවනාව.
ඉතින් මට ඔය භාවනාවෙදි මට මුලින් ආවේ මොකද්ද අර, අපි කිව්වා නේ දැන්, මං පටන් ගත්තේ ලෝභය නැති කරමි. කාමච්ඡන්දය. ජරාවට ඇති කැමැත්ත. මේකට කැමති වෙනවා නම් ව්‍යාධි, මරණයන් ඔක්කොට ම කැමති වෙනවා. ඉතින් ඕකෙ බලාගෙන ගිහිල්ලා එහෙම නම් අපිට කාමය නිසා කාම තණ්හාව, ඉතින් කාම තණ්හා වුණා නම් භව තණ්හා, විභව තණ්හා. එතකොට අපි මේ කැමති වෙලා තියෙන්නේ මේකටයි. අපි ඊයේ භාවනාවෙදි ඉගෙන ගත්තා මෙයා කාරණා එකොළහක් අයින් කළා, ඉතුරු වෙලා තියෙන්නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය විතරයි.
දැන් ඔන්න ඔය කාරණාව කියන එක තමයි අපි මේ අද කල්පනාවට ගත්තේ. ඉතින් මේ ඉතුරු වෙලා තියෙන කාරණාව, ඒ අත්තා කියන කතාව තියෙනවා, පෙර තිබුණා වූ දේ උඩ. ඉතින් දැන් අර අපි අවිද්‍යා කතාවත් එක්ක පෙන්නුවා නේ නේ ද? ඕකෙන් නේ අපි අත්තා කියලා ඇවිල්ලා තියෙන්නේ. නිත්‍යභාවය වෙලා ඒක. දැන් ඉතින් එයාගේ ගැම්මත් නෑ, අර i, ii, iii කියලා ගත්ත Roman numbers වලින් දාපු ඒ ගැම්මත් නෑ. ඉතින් ඒ කියන්නේ මේක ඒ, සුභයි කියන එක තමන්ට touch වෙන්නේ නැති නිසා, මෙතනින් එහා පැත්තට යන්නේ නෑ. මට අප්‍රියේහි සම්ප්‍රයෝගය වුණා නම් මොන සුභයක් ද? සුභයක් කියන එක නැත්තන් ඉතින් උපායාසයක් නෑ, ඒක ඉක්මන් වෙනවා. ඒ අදහස ඉක්මන් වෙනවා. අර අවිද්‍යාවෙන් තිබිච්ච අදහස මැරෙනවා. ඒක නේ එයා පරක්කු වෙන්නේ. Odd පථයේ එන එක මැරෙනවා. එතනින් ඉවරයි.
ඒක තමයි මං කරපු භාවනාව.