උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මං පටන් ගත්තා භාවනාව ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ඉතින් අපි ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධිය, මරණය කියන ඒවාට කැමති වෙනවා. ඉතින් මේ විදිහට අපි මුළු දුක්ඛස්කන්ධයකට ම කැමති වෙනවා. එතකොට එහෙනම් අපේ මේ තණ්හාව කියන එක, දැන් කාමච්ඡන්දය තියෙනවා නම් ඉතින් කාම තණ්හාව කියන එක ඇති වෙනවා. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා මේ විදිහට ඇති වෙනවා.
එහෙම නම් අපි තණ්හා වෙලා තියෙන්නේ මේ දුක්ඛයට ම යි කියන එක ගත්තා. ඉතින් අපි ඊයේ පෙරේදා භාවනාවල ඉගෙන ගත්තා නේ, ඉතින් මේ, ඒ වෙලාවේ මගේ ආපහු සිත නතර වුණා. ඊයේ වගේ ම සිත නතර වුණා. නතර වෙලා මම ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ආපහු සිතන්න ගත්තා, අර ඊයේ පෙරේදා පෙන්නුවා නේ භාවනාවල මේ කාරණා එකොළහක් මේ වෙනකොට ගිහිල්ලා. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එක විතරයි එතන ඉතුරු වෙලා තියෙන්නේ කියලා මේ අවබෝධය වෙනකොට. ඉතින් එතනින් අපි තේරුම් ගත්තා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට ආවා නම් එතනින් අපිට එනවා අප්‍රියේහි සම්ප්‍රයෝගය. ඔන්න ඔතෙන්ට ආපු ගමන් ආපහු සිත නතර වුණා. ඒ නතර වෙන්න හේතුව තමයි අපි අර i, ii, iii කියලා පෙන්නුවා නේ. එතකොට අපි එතනදි i යි කියලා අපි දාගත්තා අර, Roman i මේ පෙන්නන්නේ, අප්‍රියේහි සම්ප්‍රයෝගය i, ii කියන එක අපි දැම්මා සුභය කියන තැන, iii කියලා දැම්මා උපායාසය කියන එක.
ඉතින්, මෙතනත් ඉතින් හිත නතර වෙන්න හේතුව තමයි අර අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක කෙනෙක් කල්පනා කළා නම් එතෙන්දි කියනවා නේ ඉතින් ඒක සිද්ධ වුණා නම් සුභ යැයි කියලා කතාවක් තියෙනවා ද කියන එක. ඉතින් මීට පෙර එකපාරට ම අර තණ්හාව කියන තැන නතර වෙන්න හේතුව තමයි අර අනිත් 1, 2, 3 කියන එක. ඒකේ මොකද කෙනෙකුට පේනවා නේ එතන අවිද්‍යාව එතන 1, ඉතින් එතනින් මෝහය ඇති වෙලා 2, ඒ සඤ්ඤාව කියන එක පවතිනවා කියන එක. එතකොට මේ පවතින්නැති දේකට ම නේ මේ පවතිනවා කියලා කතාවක් කියන්නේ. ඉතින් ඒකෙන් අපි ඇවිල්ලා තියෙනවා මේ ජාතිය කියන එක තුන් වෙනි කාරණාවට. ඉතින් එතකොට එතෙන්දිත් පවතිනවා කියන අර්ථයක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඕක දැකීමත් එක්ක තමයි අර සිත නතර වීම කියන එක පළවෙනි පාර තියෙන්නේ. දෙවෙනි පාර අප්‍රියේහි සම්ප්‍රයෝගයට නතර වෙන්නේ මේ Roman i, ii, iii කියන එක දැකීම නිසා. එතනත් නතර වෙලා මම ටිකක් වෙලා හිටියා.
ඒ හිටියාට පස්සේ මේ භාවනාව ලියනකොට ඒ රහතන් වහන්සේ ඒකේ පෙන්නුවා, ඒ අපි ලියාගත්තා ඕක මුලින් ම, තණ්හාව නිසා වෙන දෙයක් කියලා, ඔය සුභ කියන එකත් එක්ක තණ්හාව සම්බන්ධයි කියලා, අපි මුලින් ම කලහවිවාද සූත්‍රය 1 දිත් පෙන්නලා දීලා තියෙනවා. එතකොට මෙතෙන්දි පෙන්නුවා තණ්හාව නිසා වෙන දේත් නතර වෙලා තියෙනවා. ඒ වගේ ම සඤ්ඤාවට තුඩු දුන්නා වූ අවිද්‍යාව කියන එකත් වැනසිලා. ඒ කියන්නේ අතන 1, අවිද්‍යාව කියන එක, වැනසුනා නම් අතන පවතිනවා කියන කතාව සඤ්ඤාව ළඟ ඒක වැනසෙනවා කියන එක තියෙනවා. ඊළඟට අපිට පේනවා, දෙවෙනි වාක්‍යයට පෙන්නුවා, “සුභයට තුඩු දුන්නා වූ, ප්‍රිය දෙයක් ඇති යැයි සිතුවා වූ, අප්‍රියේහි සම්ප්‍රයෝගය අගයෝත් වැනසිලා තියෙනවා.” දැන් අපි අප්‍රියේහි සම්ප්‍රයෝගය වුණා නම් ඉතින් මොකද්ද අපි සුභයි කියන්නේ? ඒකේ කිසිම තේරුමක් නෑ නේ. අන්න ඒකත් වැනසිලා තියෙනවා. “මෙසේ චේතනාවත්,” අන්න එතනදි අපි වරහනක් ඇතුළේ දාගන්න ඕනෙ චේතනාවත් කිව්වහම, අත්තා අගය. “චේතනාවට තුඩු දුන් අගයෝ,” ඒ කියන්නේ, “සුභ යන පුහු මතය,” තමයි ඒකේ වරහනක් ඇතුළේ දාන්න තියෙන්නේ, “විනාස වීම නිසා තණ්හා නොවේ” කියලා ඒ භාවනාවේදි ඒ අවසන් කරනකොට මම ලිව්වා.
එතකොට, දැන් එතෙන්දි ඕගොල්ලන්ට මතකයි උපය කියන එක. තණ්හාවයි, දිට්ඨියයි කියන එක උපය. දැන් කිව්වේ චේතනාවත් කිව්වහම, අත්තා. උඩ ලකුණු කරන අත්තා. අන්න දිට්ඨිය එතන. ඊළඟට තණ්හාව කියන එක උපයක්. චේතනාවට එන්නා වූ එකයි චේතනාවෙන් පල්ලෙහාට බහින්නා වූ එකයි. Lines දෙක. දැන් පේනවා ද? මෙන්න උපාදානය. ඕක නේ අපි කියන්නේ සීලබ්බත උපාදානය කියලා. සීලබ්බත උපාදානය පෙන්නන්නේ වේදනාවේ ඉඳන් චේතනාවට, චේතනාවේ ඉඳන් පරාමාස line එක. මෙන්න මේක නිසා, වේදනාව යම්කිසි ආකාරයකට පරාමාසගත වීමක් තියෙනවා ද, ඇදීමක් තියෙනවා ද, අන්න ඒක අපි පෙන්නුවා කාම තණ්හාව කියලා. අරක උඩ, සීලබ්බත උපාදානය.
එතකොට මෙතෙන්ට ආවාට පස්සේ ඉතින් දැන් මට පේනවා, එහෙම නම් ඉතින් සීලබ්බත උපාදානය වුණහම ඉතින් ඊළඟට පල්ලෙහා, ඔය තණ්හාව line එකේ පහළට ගියහම ඔතන අපි ලකුණු කරනවා, ඒ කියන්නේ පරාමාසයයි, පල්ලෙහා තියන භය අගතියයි. ඔන්න ඔතෙන්ට අපි ලකුණු කරනවා, භව තණ්හා කියන එකත් ලකුණු කරනවා. ඒ වගේ ම කාම උපාදානය කියන එකත් අපි ලකුණු කරනවා. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ සීලබ්බත උපාදානය සහ කාම තණ්හාව. දැන් පල්ලෙහාට වෙනවා ඔය දෙක ම. ඉතින් ඕක අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඔතන කාම උපාදානය කිව්වා නම් ඒක represent කරන්නේ කොහෙන්ද? අතන වේදනාව ඉඳන් අපේ ගිද්ධිලෝභය, ගිද්ධිලෝභයේ ඉඳන් උඩ කබලිංකාර ආහාරය, ඔන්න ඔය line දෙකෙන් නේ ඒ කාම උපාදානය කියන එක ලකුණු කරන්නේ.
ඉතින් ඊළඟට අපි දන්නවා, දැන් ඔතෙන්දි මට ආව තව දෙයක් තමයි, මෙතන මේ අත්තා කියන එක පහළට ආවා නම්, අර අහංනුයි මමංනුයි පල්ලෙහා ඉන්න තැනක් තියෙනවා නේ. අර ඡම්භී භීරුකජාතිකා කියලා එහෙම අපි එතන පෙන්නුවේ ඒ diagram එකේ නේ ද? එතෙන්ට ආවා නම්, ඉතින් ආපහු ඉවරයි. ඒ කියන්නේ එතනින් ඒ අත්තා නිසා අර අවිද්‍යාව කියන කතාව ඇති වෙලා, ඒ කියන්නේ අත්තා diagram එකේ අපි ඕක පෙන්නනවා නේ දැන්. එතෙන්ට ආවා නම් අපි ආපහු උඩින් ආවා, අවිද්‍යාව කියන තැනට එනවා. මෙතෙන්ට ආවා නම් විනාසයි කියන එක ආපහු තියෙනවා. “Excellent” කියලා රහතන් වහන්සේ කිව්වා. එතකොට මෙතන මේ කාම උපාදාන line එකට තමයි අපි ඔය කතා කරන්නේ.
ඊට පස්සේ දැන් දිට්ඨි උපාදානය ඕගොල්ලෝ දන්නවා. එතන පෙන්නන්නේ අපි චේතනාවේ ඉඳන් පරාමාසයට, භය අගතියේ ඉඳන් වේදනාවට. දිට්ඨි අනුසය පාර. ඔය දෙක තමයි දිට්ඨි උපාදානය.
ඊළඟට ආපහු ඕගොල්ලෝ දන්නවා අපිට තියෙනවා අත්තවාද උපාදානය. ඒක represent කරන්නේ අර සෝකයේ ඉඳන් වේදනාව, වේදනාවේ ඉඳන් පරාමාසෙට එන්නා වූ එක.
ඉතින් මං ඔය කාරණා ටික බැලුවා විතරයි. ඒ කියන්නේ උපාදාන මේ විදිහට අර, උපයත් එක්ක තමයි මේක සම්බන්ධ වෙලා මේක එක, එතෙන්ට ආවා නම් ඉතින්, දිව්වා කිව්වා නම් තමන්ට ඉතින්, අපි උපාදාන සම්බන්ධයෙන් කරපු භාවනාවන් එක්ක සම්බන්ධ වෙලා තමන්ට පේනවා ඉතින් ඉතුරු කතාව සම්පූර්ණයෙන් ම හැදෙනවා කියන එක. ඉතින් මේක, අද භාවනාවේ තියෙන්නේ තණ්හා පච්චයා උපාදාන කියන එක නේ ඉතින්. අර කෑලි දෙක අල්ලගන්න එක විතරයි තියෙන්නේ.
මේ භාවනාව ඉතින් හරි ම පුදුමාකාරයි. මං කියන්නේ අර, තණ්හාව නිසා මේක ඇති වෙනවා කියන එක දැන ගත්ත ගමන් මේ විදිහට, නතර වෙනවා. අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන තැනට ආවහම ආපහු නතර වෙනවා. ඉතින් අර උඩ කාරණා දෙක බැලුවත්, ඒ කියන්නේ සීලබ්බත උපාදානයේ කාරණා දෙකත් ඔය අර්ථයෙන්, දැන් උපය කියන්නේ මේ දෙකේ එකතුවක් හැටියට නේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක බැලුවත් නතර වෙනවා. බොහෝ ම අමාරුයි භාවනාව, ඒ කියන්නේ මෙනෙහි කරගෙන යන්න. ඒ නතර වෙලා ඉන්නවා කියන එක නම් පුදුමාකාර විදිහට ඒක තියෙනවා. ඒ තුන් පොළේදිම ඕක නතර වෙලා තමයි මං පොඩ්ඩ පොඩ්ඩ ඉතින් ඒක බැලුවේ.
ඒක තමයි මං කරපු භාවනාව.