Date: 13/08/2015 Name: Bhavapaccayaa Jaati

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවලත් සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. ඒ ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවලත් ඒ විදිහට ම පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.

ඊළඟට මම ගත්තේ, පරාමාසකායගන්ථය. අන්න එතෙන්දි, විනයාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරනකොට පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඉතින් ඕකේ අර්ථය තමයි, ඒ පෙන්නුවේ, නාමරූප කියන තැන, අර අම්මා සහ පුතා කියලා අපි කිව්වේ, ඒ දක්වා අපි මිච්ඡා දිට්ඨි කතාව කිව්වා. දැන් ඊයේ භාවනාවෙදි අපි ආවා නේ පරාමාසය තුළට පවතිනවා පැවතිය හැකි ය, අන්න විනයාධිපති බුදුපියාණන් සිහි කරනකොට මම ඒ කෙළවර එතන ගත්තේ. එතකොට ඉතින් ඔය hub එක කැරකෙනවා කියන එක නේ කිව්වේ. ඉතින් අද තියෙන්නේ, භව පච්චයා ජාති, කියන එක බලන එක නේ.

එතකොට ඔය, රහතන් වහන්සේ මට කිව්වා, මේක බලන්න ඉස්සෙල්ලා ම, අපි කරලා තියෙනවා භාවනාවක් 20 ජූනි 2015. ආනෙඤ්ජ විහාරය කියලා. ඉතින් ඒකේ පෙන්නන්නේ අපි මේ සෝකය ඉඳන් දෝමනස්සයට අපි යනවා. එතන සෝකය 4.4, ඊට පස්සේ 5.4. “ධාරාව ගලන්නේ අපි දෝමනස්සය සහ සෝකය අතර පවතී,” කියන එක. ඒකේ පෙන්නලා දීලා තියෙන්නෙ, අර වේදනාව, අප්‍රියේහි සම්ප්‍රයෝග, භය අගති කියන line එක. අනිත් අතට ගත්තහම ජරාව ඉඳන් උඩ පරාමාසය දක්වා ලකුණු කරලා තිබෙන්නා වූ line එක. ඒකේ පෙන්නනවා නේ අපිට මෙතන මේ, මෙතන තියෙනවා 4.4. සෝකය කියන එක තියෙනවා භය අගතියේ ඉඳන් වේදනාව දක්වා තියෙන එකේ. ඊළඟට දෝමනස්සය 5.4 කියලා, ඒ diagram එක ඕගොල්ලන්ට පුරුදුයි එතනින් තියෙනවා අප්‍රියේහි සම්පයොගය.

ඉතින් මේකෙදි අපි කතා කරනවා, මේ 4.4 දි රූපය මැරිලා තියෙනවා, එතකොට එහෙම නම් අත්තා කියලා ගත්තේ, මොකක් ද කියන එක තමයි ඒකේ කල්පනා කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවෙදි අර සිත නොසැල් වී පැවතුණා. ඉතින් ඊට පස්සේ පෙන්නනවා, අපි 4.4 කියන්නේ ජාතිය, එතකොට ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් අපි ජාතිය දක්වා යනවා කියන එක. අර අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං, කියලා කිව්වේ නේ ද.

එතකොට, එක රූපයක් මැරිලා තියෙනවා. ඉතින් මේ වෙනකොට තව රූපයක් සමඟ මේ සිදු කරමියි කියලා අර පදුට්ඨමනසඞ්කප්පයෙන් ඇති වුණා වූ දේ, ඒකේ බලපෑම මගින් අපි අර මේ රූපය වෙනුවට වෙන රූපයක් හොයනවා කියන එක තියෙනවා. අර පෙර රූපය නිසා ඇති වුණ සංකල්පයට වෙන ආරෝපණයක්, substitution එකක් කරනවා කියන එකයි එතන තිබුණේ.

එතකොට, ඔන්න ඔය කල්පනාව ඇතිව දැන් අපි කල්පනා කරන්න ඕනෙ දැන් අපි කතා කරපු hub එකේ කතාව. දැන් hub එකේදි අපි ඉගෙන ගත්ත නේ තුන් ධර්මයක් කියන එක. ඒ කියන්නේ භය අගති සෝක කාම ආශ්‍රව කියන එක. ඊළඟට වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. ඊළඟට ආපහු, පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව කියලා ඇවිල්ලා තියෙනවා.

ඉතින්, එහෙම නම් බලන්න, අර වතුර පාර, අර ඉදංසච්චයේ තියෙන ගලේ ඉඳලා ඇවිල්ලා පර්වතයෙන් ඇදගෙන වැටිලා, මෝහයේ තියෙන ගලේ වැදිලා කුඩු වෙලා යනවා. ඒ කුඩු වෙලා යනකොට හිතන්න බලන්න, ඉතින් ඕක පවතිනවා කියලා නේ අපි ඇවිල්ලා තියෙන්නේ අන්තිමට, නේ ද? ඕක නේ අර සඤ්ඤාවට අපි පවතිනවා කියන්නේ.

මාළුවෙකුත් ඔතනින් වැටුණා කියලා හිතන්න කෝ. ඔය ගලේ උඩින් අර වතුර පාරත් එක්ක මාළුවෙක් වැටුණා. මාළුවෙක් වැටුණා ම දැන් මොකද වෙන්නේ? දැන් මේකා වැටිලා දඟලනවා. එහාට මෙහාට දඟලනවා. ඉතින් ටිකක් දඟලලා ඉවර වෙලා, ඉතින් මරණ මොහොත නේ ඔය කියන්නේ, ටිකක් දඟලලා ඉවර වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ, අර කලන්තේ දාලා වගේ මාළුවා ඉන්නවා. ඔය කොයි වෙලාවක හරි, තව වතුර පාරක් කොහොම හරි එකතු වුණා නම්, අන්න මාළුවාව පොඩ්ඩක් තල්ලු වෙලා ගිහිල්ලා, වතුර පාරට වැටෙනවා කියන එක තියෙනවා.

ඔන්න ඔය වගේ අර්ථයක් මෙතනත් තියෙන්නේ. අර මාළුවා මේ පැත්තට, මේ පැත්තට, යනවා නේ පොඩ්ඩක් මේ පැත්තට ගියා, පොඩ්ඩක් මේ පැත්තට යනවා. ඔන්න ඔය වගේ හිතන්න. වෙන්නේ මොකක් ද? අපි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියන එකයි ඔතෙන්දි සිද්ධ වෙන්නේ, ඔය අවස්ථාවේ දී. එතකොට භව ආශ්‍රවය කියන එක, සෝකය කියන තැන අපි ලකුණු කරනවා.

එතකොට දැන් ඔන්න එහෙනම්, ඔය අවිද්‍යා ආශ්‍රව, භව ආශ්‍රව, කාම ආශ්‍රව කියන line එකක් ගැන තමයි එහෙනම්, අපි මේ කතා කරන්නේ. එතකොට, අවිද්‍යා ආශ්‍රවයෙන් කරන්නේ මොකක් ද? අන්න පවතිනවා කියලා, අතන සඤ්ඤාව කියන තැන ඔන්න ඇරලා තියෙනවා, වතුර ධාරාව ගලන්න ඉඩ සලස්වලා. අන්න එහෙම නම් අර පරාමාසකායගන්ථයේ අපේ තිබුණා නේ ද රවුමක්, අපි එතන කතා කළා, hub එක වාගේ. අපි එතකොට පවතිනවා කියලා කිව්වා ම, දැන් අන්න මාළුවා එක පැත්තකට හැරුණා. මොකද අතෙන්ට යනවා අපි උඩට සඤ්ඤාවට, මේක ඇරෙනවායි කියන එක. දැන් ඊට පස්සේ ආපහු, අපි ඕකේ පැවතිය හැකියි කියලා කතාවක් තියෙනවා නේ. අන්න එහෙම නම් මේ hub එක අනිත් පැත්තට කැරකෙනවා. අර මාළුවා අනිත් පැත්තට කැරකෙන්නේ. අන්න ඒ වාගේ. දැන් එතැනින් යන්නේ මොකක් ද? අන්න කාම ආශ්‍රව පැත්තට, පැවතිය හැකි ය කියන එක.

කාම ආශ්‍රවයට ආවහම, දැන් හිතන්න, අර ජාතිය කියන තැනත් රෝදයක් තියෙනවා කියලා. ඔන්න අපි දන්නවා ඔය කබලිංකාර ආහාර පාර දිගේ ආවා, කාම ආශ්‍රවය ඇති වුණා නම්, අන්න අර ඒ රෝදයේ දකුණු අත පැත්තට වතුර ටිකක් වැටුණා වාගේ. කාම ආශ්‍රවයෙන් අපි ආවා ජාතිය කියන එක, රාග සල්ලය, සතර ආහාර දුක්ඛයේ පළවෙනි පාර. ඔන්න මේක දිගේ ආවා. දැන් මේක පොඩ්ඩක් කැරකෙනවා නේ ද? එතකොට, ඒකට තුඩු දෙන්න මොකක් ද තියෙන්නේ? දැන් අපි දන්නවා, අර අත්තා මළා වුණාට, එතැනින් අපි වෙන එකක් substitute කරනවා කියලා, මේ දැන් කිව්වේ, අර සංකල්පයට වෙන ආරෝපණයක් දෙනවා කියලා. ඉතින් දැන් මොකද වෙන්නේ? යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්පයොගය. අප්‍රියේහි සම්පයොගය වුණා නම්, මට ප්‍රිය වූ දෙයක් තියෙනවා. දැන් එහෙනම් අප්‍රියේහි සම්පයොගයෙන් අපි යනවා එක පාරකට. ප්‍රියේහි විප්පයොගය වෙලා අපි අර odd පාරේ ගිහිල්ලා පවතිනවා කියලා අර ජාතිය තියෙන තැනට එනවා. එතකොට දැන් එයා එහෙනම් යටින් නිකම් වතුර විදිනවා වගේ. නේ ද? එක පැත්තකින් යටින් වතුර විදිනවා.

දැන් කාම ආශ්‍රවයෙන් ආපු එක අනිත් පැත්තට දානවා. ඉතින් මේ දෙක මතට අර යමක් තියෙනවා කියලා කියනවා නේ නේ ද? අර උපායාසය හරහා, පැවතිය හැකි ය කියන කතාවත් එක්ක, තව වතුර පාරක් ඒකෙ එකතු වෙනවා. ඉතින් මේ තුන් දෙනා එකතු වුණා ම දැන් ඉතින් රූපයට ආපහු අපේ ඇඟිල්ල දික් වෙනවා. මෙතනත් මේ රෝදය කැරකෙනවා කියන එක තමයි බලන්න තියෙන්නේ.

එතකොට, දැන් භව ආශ්‍රවය මොකද කරන්නේ? භව ආශ්‍රවය කරන්නේ අවිද්‍යා ආශ්‍රවයට support කරනවා. අර දිය උල්පත, අරක ඇරලා තියාගන්න කියලා. දිට්ඨි ආශ්‍රවය මොකද කරන්නේ? දිට්ඨි ආශ්‍රවය දෙපැත්තට යනවා නේ. දිට්ඨි ආශ්‍රවය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රව වෙනවා. ඇරලා තියාගන්න. මේ පැත්තෙන් කාම ආශ්‍රවයට.

එයා ඒ දෙක join කරලා තියෙනවා. එතකොට, මෙන්න මේ විදිහට තමයි, ඒ පුද්ගලයාගේ මේ භවය නිසා මේ ජාතිය කියන එක ඇති වෙන්නේ. අරක ලස්සනට මට මවලා පෙන්නුවා, මාළුවා දඟලන හැටි, දඟලලා, දඟලලා settle වෙලා, ඒ කියන්නේ එක පැත්තක්, ඒ කියන්නේ මොකක් ද, ඒ භව ආශ්‍රවය තුළ තිබෙන්නා වූ දේ උඩ, දැන් භවය කියන එක අපි ආවා නේ, hub එක කැරකෙනවා කියන එක. මේක උඩ අර මාළුවා එක පැත්තකට දඟලනවා වාගේ අන්න සඤ්ඤාවෙන් අරක ඇරීමක් කියන එක තියෙනවා.

අනිත් පැත්තෙන්, දිය උල්පත මතු කරන්න ඕනෑ. එතකොට, පරාමාසයේ තිබිච්ච එක තමයි ටැංකිය, වතුර ටැංකිය. පොළොව යටට වතුර දාලා, අතනින් උඩට මතු වෙන්න එපායැ. ආන්න ඒ දෙක. එතකොට, වේදනාවෙන් එන්නා වූ එක. ඒක තමයි එයා කරන්නේ. අර මේ පැත්තට ඒ පැත්තට නලියනවා ගහනවා වාගේ ඒක තියෙනවා. එතකොට ඒ විදිහට අර දෙක කොහොම හරි join කරගන්නවා. රූපයන් ස්පර්ශ කරලා කියන එකයි.

අර අපි හිතනවාට වඩා ටිකක් complicated ඒක බැලුවා ම. නමුත් ඉතින් ඕක ම තමයි කෙනෙක් බලාගෙන ගියා ම, අර අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති කියලා, භව පච්චයා ජාති කියලා අපි ගන්නෙත් ඒක නේ. අර කිව්වේ, ආප්පයක් කාලා අපි ඩොලර් පහක් දානවා කියලා. දැන් දාගත්ත එක නේ මේ එළියට ගන්න හදන්නේ, එතකොට අර කාම ආශ්‍රව කතාව නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඒක අර යටින් සිද්ධ වෙන්නේ. අරවා එකතු වෙලා එකතු වෙලා අර විදිහට.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.