ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට, මම භාවනාව කළේ, ඊයේ භාවනාවේ කෙළවරින් මම පටන් ගත්තා. එතකොට, අද තියෙන්නේ ජාති පච්චයා ජරා මරණ කියන ඒවා නේ. එතකොට භව පච්චයා ජාති, කියන එක ඊයේ ඉගෙන ගත්තා. ඉතින් ඒ භව පච්චයා ජාති කියන එක ඉගෙන ගන්නකොට, ඒකේදි අපි අවසාන හරියට කිව්ව එක නැවතත් මතක් කරනවා නම්, ඉතින් අපි කිව්වා නේ අර මාළුවා අරකින් වැටිලා දෙපැත්තට දඟලනවා වගේ කියලා. පරාමාසකායගන්ථය වරක් මේ පැත්තට, clockwise, anticlockwise කැරකෙනවා.
ඉතින් එතෙන්දි පෙන්නුවා ඒ කියන්නේ අත්තා කියන එකේ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ, ඒ තුළ ඇත්තා වූ ධර්මයෝ, අර අප්‍රියේහි සම්පයොගය දක්වා ගලාගෙන even පථය ඔස්සේ, ජාතියට පැමිණෙනවා කියලා. එතකොට මේ වෙලාවේදී, අර පවතිනවා යන අදහස, ජාතියට පැමිණ අවසානයි. Odd පථය ඔස්සේ ඇවිල්ලා තියෙන්නේ. මේකට හේතුව අවිද්‍යා ආශ්‍රවයට, දිට්ඨි ආශ්‍රවය බලපාලා තියෙනවා. ඒ කියන්නේ, “දිට්ඨි ආශ්‍රවය මෙසේ අවිද්‍යා ආශ්‍රවයට එක වරකුත්, කාම ආශ්‍රවයට තව වරකුත් ධර්මය ගැලීම අත්ත සඤ්ඤාව නිසා ම සිදු කරනවා” කියලා, රහතන් වහන්සේ මේක ලියනකොට, පෙන්නුවා.
ඒ කියන්නේ, දිට්ඨි ආශ්‍රවය මැද්දේ ඉඳගෙන එක වෙලාවක් අවිද්‍යා ආශ්‍රවයට දෙනවා. ඒ පාර එයා සඤ්ඤාව අරිනවා, අතන උල්පත වාගේ අරිනවා. ඊට පස්සේ එයා දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යවනවා. ආන්න වතුර යවන්න කියලා කියනවා වගේ. එතන කාම ආශ්‍රවයට ආවා නම්, ඉතින් එතනින් ඒ පාර උල්පත දිගේ වතුර එනවා. ඉතින් ඕක තමයි ඇතුළේ තිබිච්ච ඒවා තමයි, දැන් මාළුවා ගසනකොට මාළුවාගේ ඇඟේ තියෙන වතුර හරි විසි වෙනවා නේ. ආන්න ඒ වගේ තමයි.
එතකොට, මෙතෙන්ට ආවාට පස්සේ දැන් කල්පනා කරන්න ඕනෑ, මේ ධර්මය බුදුහාමුදුරුවෝ කිව්වා නේ, ජාතිය කියනකොට “ස්කන්ධානං පාතුභාවො.” ආන්න ඒක තමයි ඔය කතා කළේ. ඒකෙම තියෙනවා නේ “ආයතනානං පටිලාභො.” එහෙම නම් දැන් හිතන්න, ඒ ජාතිය තියෙන තැන ඉඳන් අපි දන්නවා වේදනාව හරහා, අපි කෙළින් ම යනවා චේතනාවට. ආයතනය, එතන ඒ චේතනාව කියන තැන, තමන්ට පැහැදිලි වෙනවා. එතන අපි කිව්වේ සළායතන නේ ද?
එතකොට, දැන් මෙතෙන්දි හිතන්න බලන්න හරියට, දැන් ඔය විශ්ව විද්‍යාලයකට හරි කොහේ හරි ළමයෙක් ගියා ම දැන් අලුතෙන් පංතියකට ගිහාම ඒ ළමයට, දැන් lecturer හරි teacher හරි කිව්වා ම, desk එකක් හොයාගන්න කියලා, ඉක්මනට එක් කෙනෙක් අල්ලා ගන්නවා. ඉතින් තව කට්ටියකට desk හරි පුටු හරි නැතිව ඒ අය හොයනවා. මෙයාට ලැබිලා. ඉතින් එයා සන්තෝසයෙන් අර desk එකේ වාඩි වෙලා ඉතින් බලාගෙන ඉන්නවා අනිත් අයටත් හම්බවේවි කියලා. මට හම්බවුණා කියන එක තියෙනවා නේ, ආන්න ඒ වගේ තමයි මෙතනත්.
දැන් ඉතින් එයාට ඔන්න අර තමන්ට ඒ අර ජාතිය. එතන ඒකත් එක්ක දැන් ආයතනය. එතකොට, ඔය දුක්ඛය කියන එක අපිට තියෙන්නේ, ඉතුරුවා අපි දැන් දන්නවා, අපේ ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස, සෝක ඔක්කෝම ටික ඔන්න ඔය “ආයතනානං පටිලාභො” කියන එකත් එක්ක තමයි මෙතන මේ දුක්ඛය කියන එක තියෙන්නේ. බලන්න හරි සියුම් බුදුහාමුදුරුවන්ගේ ඒ ධර්මය එතන. එතකොට, ඒ කියන්නේ දැන් මම පෙන්නන්නේ, මගේ පියාගේ අවුරුදු 82ක් වෙනකොට ඉතින් ඇස් පෙනෙන්නේ නැතිව ගියා. කන් ඇහෙන්නේ නැතිව ගියා, ඒ කියන්නේ අනිත්‍ය වූ ඇහැක්, අනිත්‍ය වූ කණක්, අනිත්‍ය වූ නාසයක්, ඔය විදිහට පහළ වෙනවා කියලා නේ නේ ද?
ඉතින් ඒවා පහළ වෙනවා කියලා කියන්නේ ඉතින් අපි දන්නවා අර සබ්බාසව එකේ එහෙම අපි ඉගෙනගෙන තියෙනවා, එකක් විතරක් නෙවෙයි නේ තියෙන්නේ. අර 4.2 මරණය කියන එක, අපි නිත්‍යයි කියලා ගන්නා වූ එක. අනිත් පැත්තෙන් ගත්තහම, 5.3 සඤ්ඤාවේ ජරා, එතකොට ඔය ඔක්කෝම ටික යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය දක්වා ම ඔය ටික ඔක්කෝම සිද්ධ වෙනවා කියන එක. අපි රූපය විතරක් නෙවේ, අපි දැකලා තියෙනවා නේ වේදනාවේ ජරා, සඤ්ඤාවේ ජරා, සංස්කාරයේ ජරා, මේවා ටික ඔක්කෝම එනවා. එතකොට, මෙන්න මේ තත්වයට ආවයින් පස්සේ, ඉතින් කෙනෙක් ඔය දේ තේරෙනවා නම්, ඒ කියන්නේ ආයතනය කියන point එකේදියි මේක හිතන්න ඕන.
අපි ඊයේ පෙන්නුවා නේ අර diagram එකකින්, කාය මුදුතා, කායපාගුඤ්ඤතා, ඔන්න ඔය දෙක නැතිකම. චේතනාව තැන නේ ඔය කතාව තියෙන්නේ තනිකර ම. එතකොට, ඒ චේතනාවේ අපි අලුත් සංස්කාරයන් හදනවා. ඇහැ හදනවා, ඒ කියන්නේ අර “අත්ත බිඳෙයි, පය බුරුලෙන් තබා වරෙන්” කියලා කිව්වේ. ආන්න ඒ වගේ තමයි. එතකොට, ඇහැ තනනවා අලුත් සංස්කාරයන්, හොඳ ඇහැක්, දැන් ඒක බිඳිලා නේ තියෙන්නේ.
ඒ කාය මුදුතා භාවනාවේ ලස්සනට පෙන්නනවා නේ, එකක් බිඳුණා, දැන් මම හොඳ එකක් හදනවා. අරක ඇතුළේ ඉඳන් හොඳ ඇහැක්, හොඳ කණක්, හොඳ නාසයක් ආදී වශයෙන් එයාගේ ඔක්කෝම, පාගුඤ්ඤතාවයක්, මුදුතාවක් නැහැ. ඒක නිසා මේ වැඩේ ඒ කරනවා කියන එක තමයි එතන තියෙන්නේ. ඉතින් එතකොට ඔහොම ඔතන බලාගෙන හිටියහම, මේ භාවනාව හරි ම ශාන්තයි. පුදුමාකාර විදිහට සැනසීම් සහගතයි. කලබලයක් මොකුත් නෑ. එහෙම ගිහිල්ලා, ඉතින් හරියට ම නිරෝධයට යනවා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙලා නිරෝධ වෙනවා. ඒකේ බොහොම අමාරුයි ඒක නවත්වාගන්න. එහෙම ගිහිල්ලා එනවා තමන්. ගිහිල්ලා ඇවිල්ලා ඉතින් ඊට පස්සේ ඉතින් මට කල්පනා වුණේ එහෙනම් දැන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ අත්තා කියන කතාව උඩ නේ මේක ඔක්කොම දුවන්නේ දැන්. ඊයේ අපි පෙන්නුවා නේ ඉතින්, භව පච්චයා ජාති කියනකොට, එයා නේ මේ වැඩේ, අන්තිමට මේ අත්තා නිසා නේ මේක කරන්නේ.
එතකොට, මෙතන මේ අන්තිමට කිව්වෙත් රහතන් වහන්සේ, “කාම ආශ්‍රවයට තව වරකුත් ධර්මය ගැලීම අත්ත සඤ්ඤාව නිසා ම සිදු කරයි.” එයා තමයි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳගෙන එතන ඒක සිද්ධ වෙන්නේ නේ ද? එතකොට ඉතින් එහෙනම් මට, අවබෝධ වුණේ මේ “අත්තභාව පටිලාභයට ම” තමයි අපි කැමති වෙලා තියෙන්නේ. ජාතිය තියෙන තැන අපි ලකුණු කරන්නේ. අත්තභාව පටිලාභයට ම තමයි අන්තිමට අපි කැමති වෙලා තියෙන්නේ overall. ඉතින් ඒක නිසා ම දුක්ඛය. ඉතින් දැන් ඉද්ධි පථය දන්න එක්කෙනාට පේනවා නේ, ඉද්ධි diagram එකේ අත්තවාද උපාදානයෙන් අත්තභාව පටිලාභය. ඉතින් ඒ ගමන දිගට ම ඔය විදිහට වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.