ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ඒ දෙවෙනි, තුන් වෙනි, හතර වෙනි නම දක්වා පවතිනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා සිහි කරලා, ඊට පස්සේ ඒ දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව මුලින් බැලුවා. ඒ මුලින් බලපු වෙලාවේ ඒකේ තියෙනවා, ඔය යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ, කියන එක අපි, ඒකේ අත්තා නිසා මේ සියල්ල සිද්ධ වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් ඒකේ තියෙන්නේ, අපිට තේරුණා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයෙන්, අපි අප්‍රියේහි සම්පයොගයට ඇවිල්ලා, ඒ අප්‍රියේහි සම්පයොගයෙන් අර even path එක තියෙනවා නේ. ඒකෙන් අපි අර උපායාසයට ඇවිල්ලා එතැනින් ජාතියට එනවා කියන එක.
ඊළඟට අපි ආපහු ඉගෙන ගත්තා, අප්‍රිය දෙයක් වෙනවා කියලා කියන්නෙ ප්‍රිය දෙයක් තිබිලා තියෙන්න ඕන. එහෙම නම් ඉතින් ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් අපි අර ඒ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, ජාතිය, ඒක දක්වා එනවා කියන එක. එතකොට කාරණා දෙකයි.
තවත් කාරණාවක් තියෙනවා. මොකද රහතන් වහන්සේ කිව්වා නේ අත්තා නිසා ම යි මේක සිද්ධ වෙන්නේ කියලා. තවත් පාරක් තියෙනවා. ඒක තමයි ඒ කියන්නේ, පරාමාසයේ ඉඳන් අත්තා නොවුණා නම්, 1-3 අවිද්‍යා ආශ්‍රව කියන එක නොවේ නම්, අපිට පේනවා අර චේතනාවෙන් 1-3 මෝහයට කියන කතාවට එන්නේ නෑ. එහෙම වුණේ නැත්නම්, අවිද්‍යා ආශ්‍රව කතාව නැත්නම් ඉතින් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ගිහිල්ලා වෙන්නා වූ එක නෑ. එහෙනම්. පාරවල් තුනක් ම මේක මගින් සිද්ධ වෙනවා. එතකොට ඉතින්, අපි එතෙන්දි කිව්වා අත්තභාව පටිලාභයට ම තමයි අපි කැමති වෙලා තියෙන්නේ කියලා. ඔය තත්වයේ මනස තියෙන්න ඕනෑ. ඊට පස්සේ, රහතන් වහන්සේ පැවසුවා මට මේ ඔය ඡන්ද, චිත්ත, පරිචිතා භාවනාව බලන්න කියලා.
එතකොට ඒ භාවනාවේ, ඉතින් ඕගොල්ලෝ මේක දැකලා තියෙනවා, මේකේ පෙන්නන්නේ, සෝකය කියන එක අපිට ඇති වුණා නම්, අර දිට්ඨිය කියන එක බිඳිලා, ඒකෙන් ඕගොල්ලෝ සෝකයේ ඉඳන් වේදනාවට යනවා කියන එක තියෙනවා. ඒ වාගේ ම මේ චේතනාවේ ඉඳන් අපි එනවා මේ මෙතන රෝගී වෙන ථීනය කියන තැනට. ඉතින් මේකේ ඉගෙන ගත්තා මේ සෝකයේ ඉඳන් මේ දිට්ඨිය බිඳිලා ඇති වන ප්‍රශ්නය, මේක විමංසාවෙන් තමයි ඒක කපන්නේ කියලා. ඊට පස්සේ, ආපහු මනොසඤ්‌චෙතනාවේ ඉඳන් ථීනයට යන එක විරිය මගින් නැති කරනවා කියලා. එතකොට මෙතෙන්ට ආවා නම් ථීනය, ථීනයේ ඉඳන් ඒ විමංසාවෙන් අර පදුට්ඨමනසඞ්කප්පයෙ එන්නා වූ එක නැති කරනවා, පරාමාසගත වෙනවා කියන එක. මේ පැත්තටත් තියෙනවා මේ වගේ ම parallel, දැන් වේදනාවට ආවා නම් චේතනාවට යනවා. එතකොට මේ පැත්තට මේ වේදනාවට එන එක, ආපහු අපි නැති කරනවා විරියෙන්. එතකොට, මෙතන මේ විරියෙන් කතා කරන්නේ අර අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං, කියලා ඒ ගන්නා වූ එක. ඒ අනුව තමයි මේක නැති වෙන්නේ කියන එක.
එතකොට මේක බැලුවාට පස්සේ, තමන්ගේ මනස ඒ තත්වයට ඉස්සුණාට පස්සේ, ඉතින් මම කල්පනා කළා, මේකයි අරකයි අතර සම්බන්ධතාවය මොකක් ද? ඊයේ කරපු භාවනාවයි මේකයි අතර සම්බන්ධතාවය මොකක් දැ යි කියන එක මම මෙනෙහි කළා. ඒ මෙනෙහි කළා ම දැන් අපි යන්නේ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. අපි කොහොම ද යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට ආවේ? ව්‍යාධිය හරහා. ව්‍යාධිය වුණා නම් තමයි අර අපි Z අකුරේ අනිත් පැත්තට වගේ නේ ඕක බලන්නේ. අපි දන්නවා අපේ මරණය, මරණයෙන් ව්‍යාධිය, එතනින් එනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය, ඒකෙන් තමයි අප්පියෙහි සම්පයොගයට කියන එකට එන්නේ. එතකොට යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට ආවේ ව්‍යාධිය නිසා. එතකොට දැන් එහෙනම්, ව්‍යාධිය කියලා කියන්නේ මේ ථීනය, නේ ද? මෙතන ථීන ස්වභාවයට පත් වීම. මෙතන ඉඳන්, මෙතෙන්ට ආවා නම්, ඒ කියන්නේ ඉතින් මට අත්තා කියන එක යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එකට ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. දැන් පේනවා ද මොකක් ද මේ කියන්නේ කියලා.
මේකේ පෙන්නන්නේ, ජාති නිරොධො ජරා, මරණ, දුක්ඛ, දොමනස්ස, ඒවා ඔක්කොම නිරොධො. ඒ කියන්නේ ජාතිය නිරෝධ වෙනවා නම්, සම්පූර්ණයෙන් ම දුක්ඛය නිරෝධ වෙනවා. ඒ කියන්නේ අතන පෙන්නනවා නේ අත්තා කියන එකට ගියා නම්, පාරවල් තුනකින් අපිට පේනවා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන්, දැන් අපි ඉස්සෙල්ලා කිව්වා, ඊයේ භාවනාවේ අර්ථය මොකක් ද, අර පාරවල් තුනකින් ගිහිල්ලා අපි ජාතිය කියන එක හදා ගන්නවා. එතෙන්දි ඊට පස්සේ අපි චේතනා කරනවා. ඒ චේතනාවෙන් මෙතන මේ ආයතනානං පටිලාභො කියලා ඉතින් මේ ආයතනයන් හදනවා කියන කතාව තියෙනවා. ඒක හැදුවා නම් පස්සේ, ඉතින් තමන්ට පේනවා ඉතින් මේ සම්පූර්ණ දුක්ඛය කියන එක තියෙනවා. මේක කරන්නේ නැත්නම් ජාති නිරෝධ වෙනවා නම්, ඒ කියන්නේ අත්තා කතාවක් නෑ. ඒ මුළු දුක්ඛස්කන්ධය ම නිරෝධ වෙනවා කියන එක මෙතැනින් පේනවා. මං දන්නේ නෑ ඕගොල්ලන්ට තේරුණා ද කියලා. අන්න ඒක තමයි, ගැඹුරු අදහසක් තියෙන්නෙ. පුදුමාකාර ගැඹුරු අදහසක්.
ඒක තමයි මං කරපු භාවනාව.