ඒ උතුම් බුදු පියවරුන් ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා. ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා. විනයාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා. එතෙන්ට එනකොට අර පරාමාසකායගන්ථයේ පවතිනවා, පැවතිය හැකි ය කියන තත්වය දක්වා ම ආවා. මේ විදිහට හතර නමට වැඳ නමස්කාර කළා. ඊට පස්සේ ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඉතින් අපි ඊයේ කරපු භාවනාව, ඒකේ මතකයි අපි බැලුවා, කොහොම ද අපිට ජාති පච්චයා ජරා මරණ කියන එකේ නැති වීම, කියන එක නේ සාකච්ඡා කළේ. එතකොට ජාති නිරොධො ජරා මරණ නිරොධො කියන එක අපි බැලුවා. එතකොට ජරා මරණ නිරෝධය කියන එකේදි අපි තේරුම් ගත්තා, මෙහෙම දෙයක්, ථීනමිද්ධය කියන තැනට ආවා නම් එහෙම, දැන් අපි, ඊයේ භාවනාවෙදි බැලුවා නේ ඡන්ද චිත්ත පරිචිතා, ඒකත් එක්ක බැලුවේ.
එතකොට එතෙන්දි අපි ඉගෙන ගත්තා අපි ජාති වේදනා චේතනා කියන line එකට මනස තියා ගත්තොතින්, තමන්ට පේනවා චේතනාව කියන තැන සළායතන. එතකොට දැන් සළායතන කියන එක ඇති වුණා නම්, ථීනය කියන එකට එනවා. ථීනය කියන තැනට ආවා නම්, එතැනින් අත්තා කියන එක අපි ඉගෙන ගත්තා. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට ඒක ඇතුළත් වෙනවා. එහෙම වුණා නම් අපිට පේනවා ආපහු, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අර පාරවල් තුනකින් අපි එනවා කියලා කිව්වා ජාතියට. ඉතින් ජාතියට ආවොතින් ආපහු අර චේතනා, අනිත් පැත්තට ථීනයට ගිහින් සම්බන්ධ වෙනවා කියන එක ඉගෙන ගත්තා. ඉතින් එහෙම නම්, ඒකේ නිරෝධය කියන එක අපි දැන් කල්පනා කරනවා නම්, දැන් අද බලන්න තියෙන්නේ, භව නිරොධො ජාති නිරොධො කියන එක.
එහෙම නම් ජාතිය කියන කතාව නිරෝධ වෙන්න නම්, අර ජාතිය දක්වා පාරවල් තුනෙන් එන්නා වූ එක නැති වෙන්න ඕනෑ. ඒ පාරවල් තුනයි කිව්වේ මොකක් ද?
අප්‍රියේහි සම්පයොගයේ ඉඳන් even පාරෙ, උපායාසය හරහා ජාතියට එන එක. අප්‍රියේහි සම්පයොගය ඇති වුණා නම්, ඉතින් අපි අර ප්‍රිය වූ දෙයක් තියෙනවා කියලා හිතාගෙන නේ යන්නේ. එතකොට එහෙම නම් ඒ odd පථයේ එන්නා වූ එකත් නැති වෙන්න ඕන. අනිත් එක, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා එන්නා වූ එකත් නැති වෙන්න ඕනෑ.
එතකොට දැන් ඔන්න ඔය නිරෝධය, ඕක සිද්ධ වෙන්න නම්, මට කල්පනා වුණේ, වැටිච්ච මාළුවා, අර උඩ ඉඳන් පල්ලෙහාට ඇදගෙන වැටුණහම, ඒ මාළුවා දඟලන්නේ නැතිව ඉන්න ඕනෑ. ආන්න එතෙන්දි අර ආනෙඤ්ජ විහාරය කියන භාවනාව අපි කළා නේ. ආන්න ආනෙඤ්ජ විහාර භාවනාවේදී පෙන්නනවා නේ, triangle එකකට එනවා නේ. ඒ කියන්නේ, ඒකේ තියෙන්නෙ මොකක් ද? සෝකය. ඒ සෝකය කියන තැන ඕගොල්ලො දන්නවා අර හතරැස් කතිරය නේ ද? සෝකය ලකුණු කරන කතිරය දන්නව නේ. සෝකය කියන්නෙ 4.4. 4.4 කියන්නේ රූපය මැරිලා.
ඊළඟට ඔතනින් පෙන්නන්නේ, අපි දොමනස්සයයි සෝකයයි අතර ඉන්නවා කියන එක නේ. දොමනස්සය කියලා කිව්වා ම වේදනාව මළා කියන එකයි. සුඛ වේදනාවේ මරණය. එතකොට, දැන් එහෙම නම්, තමන්ට පේනවා, මම මාළුවා වාගේ උඩ ඉඳන් ඇදගෙන වැටිලා තිබුණා නම්, මාළුවා දඟලන්නේ නැති වෙන්න ඕනෑ.
රූපය මළා. මැරුණයි කියලා, මේක නිසා, ආපහු රූපයක් උපද්දවන්න නැති වෙන්න ඕනෑ. සුඛ වේදනාව මළා. මේක මළා කියලා, ආපහු වේදනාවක් උපද්දවන්න, නැති වෙන්න ඕනෑ. ඔය විදිහට බලාගෙන ගියා ම පේනවා නේ ද ආපහු මාළුවා දැඟලුවොතින් මොකද වෙන්නේ? එක පාරක්, වරල ගහලා හරි පොඩ්ඩක් මෙව්වා කළොතින් අපි පෙන්නුවා අර සඤ්ඤාව අරිනවා. ආන්න ඒ සඤ්ඤාව අරිනවා කියන එක, නොවෙන්න ඕනෙ.
අනිත් පැත්තට ගැහුවහම, එයා යනවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට. ඒකත් නැති වෙන්න ඕනෑ. එතකොට එහෙම නම් අපිට පේනවා, අර පරාමාසකායගන්ථයේ ඉඳන්, අර විනයාධිපති බුදුපියාණන් වහන්සේ දක්වා ම ආවා ම මම කිව්වේ, පවතිනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය කියන එක නැති වෙනවා. එතකොට දැන් මෙතන පේනවා, මේ මිච්ඡා දිට්ඨිය කිව්වා ම විසිවස්තුක මිච්ඡා දිට්ඨිය මේ කතා කරන්නේ, අර සක්කාය දිට්ඨියක් ඇති වෙනවා නේ විසිවස්තුකව.
රූපය, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කිව්වා ම, පහයි. ඉතින් ඕක පෙන්නලා දීලා තියෙනවා නේ සූත්‍ර පිටකයේ, “එසො මෙ අත්තාති” ආදී වශයෙන් ඔය පෙන්නලා දීලා තියෙනවා නේ. එතකොට ඒ හතර ආකාරයට ආවා ම 20 යි. එතකොට මේක නැති වෙන්න ඕන. දැන් මෙතෙන්ට වෙනකම් ආවා ම, ඉතින් මට “Excellent” කියලත් ඇහුණා.
ඊට පස්සේ, මම කල්පනා කරනවා, මේක මෙහෙම නැති වෙන්න නම්, එහෙම නම් මොකක් ද වෙන්න ඕනෙ? ඒ කියන්නේ, දැන් බැරි වෙලාවත් මේකා හෙල්ලුවා නම්, අපි කිව්වේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය. දැන් අපි හුඟාක් බැලුවේ, අප්පියෙහි සම්පයොගය, පියෙහි විප්පයොගයෙන් ජාතියට එන්නා වූ එක. අතනින් එකතු වෙන්නේ නැහැයි කියලා කියන්න නම්, භව ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවය නොවෙන්න ඕනෙ. ඇයි ඉතින් සෝකය කියන තැන අපි ලියාගන්නවා නේ භව ආශ්‍රවයයි කියලා. එතකොට එහෙම නම් භව ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවය කියන එක නොවෙන්න ඕනෑ.
ඉතින් දැන් පේනවා, එහෙම නම්, අනිත් ආශ්‍රවයෝ ඔක්කොමත් නැති වෙන්න ඕනෑ. සියලු ආශ්‍රවයන්ගේ ක්ෂය වීම කියන එක තියෙන්න ඕනෑ. ආන්න එහෙම වුණා නම්, ඉතින් භව නිරොධො ජාති නිරොධො කියන එක සිද්ධ වෙනවා. නැත්නම් පවතිනවා.
ඒක තමයි මං කරපු භාවනාව.