Date: 18/08/2015 Name: Upaadaananirodho bhavanirodho

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. ඒ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි යැයි කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. එතකොට ඒ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදු පියාත් සිහි කළා. ධම්මාධිපති බුදු පියාත් සිහි කළා. විනයාධිපති බුදු පියාත් සිහි කළා. එතෙන්ට එනකොට, අර පරාමාසකායගන්ථයේ පවතිනවා, පැවතිය හැකි ය කියන කොටස දක්වා ම ආවා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට, අද භාවනාවේ තියෙන්නේ, උපාදාන නිරොධො භව නිරොධො කියන එකයි. එතකොට මේක මේ sequence එකක් හැටියට අපි ඇවිල්ලා තියෙන එකක්. එතකොට, ඒ භාවනාවට පෙර ම මට ඒක වැටහුණා, අපිට අර භවය කියන එක නිරෝධ වෙනවා නම්, අර ජාතියට එන්නා වූ කාරණා තුන කියන එක, නිරෝධ වෙන්න ඕන. ඒ කියන්නේ අපි පාරවල තුනක් කිව්වා නේ.

යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අපි එනවා, අර අප්‍රියේහි සම්පයොගයට. ඒකෙන් ආවා නම්, අර even පථයේ උපායාසය හරහා අපි එනවා ජාතියට. අනිත් අතට ගත්තහම, අපි ආවොතින් එහෙම, අපිට අප්‍රියේහි සම්පයොගය ඇති වුණා නම්, ඒ කියන්නේ, අපිට ප්‍රිය දෙයක් තිබිලා තියෙන්න ඕනෑ. එහෙම නම් අපිට පේනවා, ප්‍රිය දෙයකින් වෙන් වුණා කියලා, ඒ පාර ඒක හොයාගෙන යනවා අර odd පථයෙන් අපි එනවා ඒ ජාතිය කියන තැනට. ඊළඟට අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට එන එක.

මෙන්න මේ තුන් ධර්මයන්වලින් පැමිණීමක් සිද්ධ වුණා නම්, ඉතින් එහෙම නම් අපිට, භවයේ නිරෝධයක් නෑ. ඇයි හේතුව? අපි මෙතෙන්ට ආවා නම්, අපි එතනින් යනවා, ජාතියේ ඉඳන් වේදනා, එතනින් චේතනා, සළායතන කියන එක දක්වා යනවා. එහෙම නම් භවය කියන එක නිරෝධ වෙන්නේ නෑ. එතකොට ඊළඟට ඕගොල්ලන්ට පේනවා, ඉතින් වේදනා චේතනා කතාව ආවා කියලා කියන්නේ, ඔතන අපේ තණ්හාව නේ ඔය හැදෙන්නේ. එහෙම නම් ඒ තණ්හාව, සීලබ්බත උපාදානයේ එක line එකක් අල්ලා ගන්නවා. ඒ කියන්නේ වේදනාවේ ඉඳන් චේතනාව දක්වා එන්නා වූ line එක. ඒක තමයි මෙතන මේ ජාති කතාවත් එක්ක නැති වෙනවා කියන එක.

ඊළඟට තවත් කතාවක් තියෙනවා. උපය කිව්වා ම, තණ්හාවයි දිට්ඨියයි. එතකොට දිට්ඨිය කියලා කිව්වා ම චේතනාවෙ ඉඳන් පරාමාසයට එනවා කියන එක. මොකෙන් ද මේක නැති වෙන්නේ? මේක නැති වෙන්න නම් අපේ අර භවය කියන එකේ නිරෝධය කියන එක තියෙන්න ඕන. මොකද නැත්නම් මෙයා කියනවා, පවතිනවා, පැවතිය හැකි ය කියන දිට්ඨිය තියෙනවා. පරාමාසය තුළ තිබෙන්නා වූ. ඒකෙන් අර අත්තා කියලා උඩට ගන්නේ. ඒක නේ පල්ලෙහාට එන්නේ. එතකොට මේක තමයි මේ “උපාදාන නිරොධො භව නිරොධො” කියලා කියන්නේ. පොඩි දෙයක් නෙමේයි. උපාදානය නිරෝධ වෙන්න නම්, ඔය කාරණා දෙක ම ඔතන නිරෝධ වෙන්න ඕනෙ. ඉතින් ඔය දෙක ම නිරෝධ වෙනවා කියලා කියන්නේ, අර ජාතියට එන පාරවල් තුන නොවෙන්නට ඕනෙ. අනිත් අතට ගත්තහම, ඒ කැරකෙනවා කියලා භවය කියන එකේ කතාව තියෙන්නේ, භ්‍රමණය නේ, කැරකෙනවා කියන එක, ඒක නැති වෙන්න ඕනෙ.

එතකොට එහෙම නම්, පටිච්චසමුප්පාදය හරි ගැඹුරුයි. පුදුමාකාර ගැඹුරුයි කියලා කියන්නේ, දැන් අපි මුලින් කිව්වොතින් අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, සඞ්‌ඛාරා පච්චයා විඤ්ඤාණං කියලා, කවුරු හරි කෙනෙක් ඕකේ එකක් විතරක් ගත්තොතින්, සඞ්‌ඛාරා පච්චයෙන් විඤ්ඤාණ වෙනවා කියලා, ඒක හරි යන්නේ නෑ. අවිද්‍යා පච්චයෙන් සඞ්‌ඛාර, සඞ්‌ඛාර පච්චයෙන් විඤ්ඤාණ. කෑලි දෙක ම කියන එක තියෙන්න ඕනෙ.

ඒ වගේ ම තමයි අනිත් පැත්ත. නිරෝධයටත්. උපාදාන නිරෝධ වෙන්නේ නිකම් නොවෙයි. අර ජාතියට එන්නා වූ ධර්මයෝ නිරෝධය කියන එක තියෙන්න ඕන. භ්‍රමණය වීමෙන් ඇති වෙන්නා වූ අර පවතිනවා, පැවතිය හැකි ය කියන ඒ දේ කියන එක නිරෝධ වෙන්න ඕන. එතකොට ඒ විදිහට උඩින් ආපුවා වගේ ම අනිත් පැත්තටත් යන්න ඕන.

ඉතින් දැන් තේරෙනවා, අර තණ්හාව නිසා මේක ඇති වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ කිව්ව එක, ඒ පැත්තෙන් පැත්තට ඇවිල්ලා මැද්දේ point එකකට ඇවිල්ලා නේ ඔය එන්නේ. එතකොට ඉතින් අද භාවනාවේ තියෙන්නේ නම්, ඉතින් උපාදාන නිරොධො භව නිරොධො කියන එකයි. ඒකේ ගැඹුර කියන එක නම් පුදුමාකාරයි කියන එක පේනවා.

ඒක තමයි මං කරපු භාවනාව.