ඒ උතුම් බුදු පියවරුන් ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, විනයාධිපති බුදුපියාණන් වහන්සේ, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ තියෙන්නේ, “තණ්හා නිරොධො උපාදාන නිරොධො” කියන භාවනාවයි. එතකොට, මම භාවනාව පටන් ගත්තා, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. යම්කිසි කෙනෙක් ජරාවට කැමති වෙනවා නම්, ව්‍යාධිය, මරණය කියන එකට කැමති වෙනවා. මේ විදිහට මේ මුළු දුක්ඛස්ඛන්ධයට ම කෙනෙක් කැමති වෙනවා. එතකොට එහෙම නම්, අපි දන්නවා, කාමච්ඡන්දය කියන එක තියෙනවා නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, ඔය විදිහට තණ්හාවන් කියන ඒවා ඇති වෙනවා. එහෙම නම්, අපි කැමති වෙලා තියෙන්නේ, තණ්හා වෙලා තියෙන්නේ මේ දුක්ඛයට ම තමයි කියන එක කෙනෙකුට පේනවා.
එතකොට, මේක නොදන්නා වූ පුද්ගලයාට අවිද්‍යාව කියන එක ඇති වෙනවා. ඇයි තණ්හාව නිසා මේක වෙනවා කියන එක දන්නේ නෑ. දුක්ඛ සත්‍යය, පළමු වෙනි සත්‍යයි, දෙවෙනි සත්‍යයි දන්නේ නෑ. ඒ වගේ ම තමයි, ඒක නිසා එයාට පවතිනවා කියලා අර නිත්‍ය වූ කතාවක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ ම මේකේ නැති වීමක් කියන එක දන්නෙ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දන්නෙ නෑ. නිරෝධයක් දන්නෙ නෑ. ඒක නිසාත් එයාට අවිද්‍යාව කියන එක තියෙනවා. එහෙනම් සමුදය අස්තංගමය දන්නේ නැති නිසා, මේ විදිහට අවිද්‍යාව තියෙනවා කියන එක තියෙනවා.
එතකොට කවුරු හරි ඒ නිරෝධයට, නැති වීම කියන එකට යනවා නම්, එයාට තේරෙනවා මේ අවිද්‍යාව කියන එක නිරෝධ වෙනවා නම්, මේ සංස්කාරයන් කියන ඒවා නිරෝධ වෙනවා කියන එක. සංස්කාරයන් නිරෝධ වෙනවා නම්, කෙනෙකුට පේනවා, අර මාළුවා වැටිලා අර ඉන්න වෙලාවෙ දි, එයා මෙහෙම කරලා ගහලා, අර අවිද්‍යා නිරෝධයෙන්, අර උඩ සංස්කාරය කියන්නේ අන්න ඒකයි, උඩ අරින්නේ නෑ සඤ්ඤාව කියන එක, අරින්නේ නැති වෙන්න ඕනෙ. එතකොට පළවෙනි එකට අපි තේරුම් ගන්නවා අවිද්‍යාව කියන එක නිරෝධ වෙන්න ඕන. ඒක නිසා අර සඤ්ඤාව නිරෝධ වෙනවා කියන එක, අරින්නේ නෑ කියන එක, වතුර පාර ගලන්න අරින්නේ නෑ කියන එක.
ඒ විතරක් නොවේ. ඒ අවිද්‍යාව සඳහා යම්කිසි දෙයක් තුඩු දුන්නා ද, ඒකත් නිරෝධ වෙන්න ඕන. එතකොට, අවිද්‍යාව සඳහා තුඩු දීම කියන එක සිද්ධ වුණේ කොහොම ද? ඔය සඤ්ඤාව තියන තැන ම අපි මෙහා පැත්තෙන් ලකුණු කළා, මේ කාමච්ඡන්දය. පෙන්නනවා නේ බුදුහාමුදුරුවෝ ඔය අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ කාමච්ඡන්දය නිසා, පංචනීවරණයන් නිසා කියලා. එහෙම නම් ඒ කාමච්ඡන්දය කියන ඒවා එතැනින් නැති වෙන්න ඕනෙයි කියන එක තියෙනවා. එතකොට එහෙම නම් දැන් ඉතින් අපිට පේනවා ඕක නැති වෙන්න නම්, අපි දන්නවා, තණ්හාව කියන එක සුභයි කියන එකත් එක්ක සම්බන්ධයි. එතකොට එහෙම නම් අර සුභයි කියන කතාව, නැති වෙන්න ඕනෑ.
එතකොට, ඊළඟට ගත්තහම ඒක දක්වා එන්නා වූ දේ තියෙනවා නේ, ඒ කියන්නේ නාමරූප ධර්මයන් ඇති වෙන කොහොම ද? ජාතියට තුන් පාරකින් එනවා. ජාතියට එන්නා වූ තුන් පාර කියන එක, අර odd පාර, even පාර, ඒ විදිහට පෙන්නුවේ නේ ද අන්න ඒ පාරවල් කියන එක නිරෝධ වෙන්න ඕනෑ.
ඉතින් එහෙම වුණේ නැති නම් මොකද වෙන්නේ? ජාතියේ ඉඳන් වේදනා, වේදනාවෙන් චේතනාව කියන තැනට එනවා. එතකොට ආන්න ඒ දේ ඒ නතර වෙන්න ඕනෙයි කියන එක තමන්ට පේනවා. එතෙන්දි, ඒ තණ්හාව කියන එක ඒ විදිහට නැති වෙලා යනවා. එතකොට මෙතෙන්දි කෙනෙකුට පේනවා, මෙතන තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය කියලා කිව්වා ම, දැන් ඔතන පේනවා නේ virtue and duty clinging සීලබ්බත උපාදානය කියන එකේ කෑල්ල නේ මෙතන ආවේ, එතකොට අනිත් ඒවත් ඒ නැති වෙන්න ඕනෙ. කොහොම ද නැති වෙන්නේ? ඇයි අපි කිව්වා සඤ්ඤාව කියන එක නිරෝධය කියන එක වෙනවා කියලා.
එතකොට, සඤ්ඤාවෙන් තමයි අපි අල්ලාගෙන ඉන්නේ අත්තා පථය. අත්තා diagram එකේ පෙන්නනවා නේ. අත්තා පථය, අත්තවාද උපාදාන ඒවා දක්වා ඔක්කොම යන ඒවා සඤ්ඤාව නිරෝධ වීම නිසා, එතන නිරෝධ වීම කියන එක තියෙනවා. එතකොට මේ විදිහට නාමරූප ධර්මයන්ගෙන් නිරෝධයක් කියන එකත් තියෙනවා. එතකොට තණ්හා නිරොධො උපාදාන නිරොධො, කියලා කිව්වා ම, හරි විශාල ධර්මයක් එතනදී පෙන්නනවා. ඒ කියන්නේ විශේෂයෙන් ම තුන් පොළක් මතක තියාගන්න ඕන, ඒ කල්පනා කරන එක්කෙනා. එකක් තමයි, අවිද්‍යාව නිසා සඤ්ඤාව කියන එක අර අරිනවා කියන එක. ඊළඟට ගත්තහම ඒ සුභයි කියන කතාව. එතැනින් ආවා නම් අර සඤ්ඤාවේ ඉඳන් උඩින් එනවා කියන කෑල්ල තියෙනවා.
අනිත් අතට ගත්තහම, ජාතියට එන්නා වූ පාරවල් තුන ම කියන එක නිරෝධ වෙන්න ඕනෙ. එතකොට ඒක නිරෝධ වෙනවා නම් අර වේදනාව හරහා ඒ නාමරූප ධර්මයන්ගෙන් එන්නා වූ දේ කියන එකත් නැති වෙනවා කියන එක. ඉතින් ඒ විදිහට තමයි ඒ තණ්හා නිරොධො උපාදාන නිරොධො කියන එක. විශාල ගැඹුරු ධර්මයක් බැලුවා ම, ඒක නැති වුණා නම් ඉතින් ඔක්කොම නිරෝධයි කියන එක බුදුහාමුදුරුවෝ කිව්වෙ ඒක නේ.
ඒක තමයි මං කරපු භාවනාව.