ඒ උතුම් බුදු පියවරුන් ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, දක්වා සිහි කරලා වැඳ නමස්කාර කළා. ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ අපි ඉගෙන ගත්තා, ඒ තණ්හා නිරොධො උපාදාන නිරොධො කියන භාවනාව. ඒ භාවනාව ඉගෙන ගත්ත වෙලාවේ අපි ඉගෙන ගත්තා, කාරණා තුනක්, ඒ කියන්නේ අවිද්‍යාව කියන එක නිරෝධ වෙන්න ඕන, කෙනෙක් සඤ්ඤාවෙන් අර ඇරීම කියන එක සිද්ධ කරනවා නේ. ඒක නැති වෙන්න ඕන.
ඊළඟට කිව්වා සුභයි කියන එක නිරෝධ වෙන්න ඕන කියලා. ඊළඟට කිව්වා අර ජාතියට එන්නා වූ පාරවල් තුන ම නිරෝධ වෙන්න ඕන, ඉතින් එතෙන්දි පැවසුවා, මේ විදිහට මේ තුන් ධර්මයන්ගෙන් නිරෝධ වීමෙන් නාමරූප නිරෝධ වෙලා, තණ්හා නිරෝධ වී උපාදාන නිරෝධ වන්නේ ය කියලා කිව්වා.
එතකොට අද බලන්න තියෙන්නේ අපිට මේ “වේදනා නිරොධො තණ්හා නිරොධො” කියන එකයි. එහෙම නම් වේදනාවට එන්නා වූ පාරවල් තුනක් තියෙනවා. ඒ පාරවල් තුන තමයි, අර ස්පර්ශය නිසා වේදනාවට එන්නා වූ එක එකක්. ඊළඟට අපි දන්නවා, ඔය ජාතියට ආවා නම් 50% පාර, වේදනාවට එන පාර, නිරෝධ වෙන්න ඕන. ඊළඟට අනිත් පාර තමයි භය අගතියේ ඉඳන් දිට්ඨි අනුසය හරහා වේදනාවට එන පාරත් නිරෝධ වෙන්න ඕන.
එතකොට, දැන් එහෙම නම්, අපිට ඕකේ ටිකක් මහන්සි වෙලා බලන්න තියෙන පාරක් තමයි අර පල්ලෙහායින් එන්නා වූ පාරවල් දෙක. ඉතිරි දෙක සාමාන්‍යයෙන් තේරෙනවා. ස්පර්ශය නිරෝධ උණා ම එතනින් නිරෝධ වෙනවා කියන එක. එහෙම නම් ඔය ජාතියේ ඉඳන් එන්නා වූ පාර අපි ඉගෙන ගත්තා ඔය වේදනා පච්චයා තණ්හා කියන වෙලාවේ අපි පාරවල් තුනක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ 1ක කියලා අපි ලකුණු කළා අර ධාරාව කඩාගෙන වැටිලා මෝහය කියන ගලේ වැදිලා අර සඤ්ඤාවට, පවතිනවා කියලා එකකට යන එක.
දෙවෙනි එක තමයි මේ ස්පර්ශයෙන් සඤ්ඤාවට එන එක. 2ක කියලා ලකුණු කළා. තුන කියලා ලකුණු කළා, 3 ජාතිය, අර odd path එකේ පවතිනවා කියලා එන්නා වූ එක එතන.
ඊළඟට ආපහු අපි Roman ඉලක්කම්වලින් දාගත්තා, i කියලා අප්‍රියේහි සම්ප්‍රයෝගය, ii කියලා දාගත්තා සුභයි කියන එක, iii කියලා දාගත්තා උපායාසය කියන එක. Roman i, ii, iii.
මේකෙදි ඉගෙන ගත්තා අපි, ඒ කියන්නේ ඔය සුභය නිසා තණ්හාව ඇති වෙනවා, අප්‍රියේහි සම්ප්‍රයෝගය සිදු වුණා නම් සුභ යන කතාවක් ඇද්ද? කියලා අපි ඉගෙන ගත්තා. ඒක කල්පනා කරලා අපි පෙන්නුවා, මුලින් ජාතිය කියන තැනට අර මිච්ඡාදිට්ඨික අගය එනවා කියලා, එයා ඉක්මන් වෙනවා කියලා.
එතකොට බැරි වෙලාවත් අනිත් පාර Roman i, ii, iiiන් කියන්නා වූ එක ඉක්මන් වුණා නම්, ධාරාව ගලන්නේ නැහැයි කියලා ඉගෙන ගත්තා.
දැන් එහෙම නම් ඔය කතාව ම ගෙනියන්න, දැන් භය අගතිය කියන තැනට. දැන් අපිට ජාතියේ කතාව, එතන තේරෙනවා, එතනින් ගලන්නේ නැහැයි කියන එක, ඔය විදිහට සිද්ධ වෙනවා නම්. දැන් එහෙම නම් අපි භය අගතියේ ඉඳන් අර දිට්ඨි අනුසය පාර කියන එක බලමු. එහෙම නම් අපිට පේනවා මෙතනදිත් වෙන්නේ, හරියට භය අගතිය නිකම් අර මෝහය වාගේ ගලක් නම්, ඒ කියන්නේ අර line 8 හරහා එනවා, පවතිනවා, පැවතිය හැකි ය කියන mixture එක. එතකොට ඒ mixture එක කියන එක, ඔතෙන්ට එනකොට අර line 6 හරහා අපි කිව්වා නේ අර උද්ධච්චයේ අගය එනවා කියලා. අන්න ඒක පවතිනවා කියලා තමයි එන්නේ.
ඉතින් ඔතෙන්දි එහෙම නම් අපිට පේනවා, දැන් අර ජාතිය දක්වා ගැලීම කියන එකත් කෙනෙකුට සිද්ධ නොවෙන්න නම්, නිකම්ම නෙවෙයි සිද්ධ නොවෙන්නේ, ඒ මනුස්සයට අර ඒ කියන්නේ, අප්‍රියේහි සම්ප්‍රයෝග, සුභ, උපායාස කියන ඒවා අපි කිව්වා ඉක්මන් වෙන්න ඕනෙ කියලා.
ඉක්මන් වෙන්න නම්, දැන් අපි උදාහරණයකට ගම්මු, කවුරු හරි එක්කෙනෙක්ව හිරේ දාලා තියෙනවා නම්, ඒ මනුස්සයා හිතාගෙන ඉන්නේ මේ හිරේට ගිහිල්ලා පැවතිය හැකි ය කියලා නේ. ඉතින් එතෙන්දී දෙන්නා වූ කෑමත් හොඳ නැත්නම්, ජරාව නම් හම්බවෙන්නෙ කෑම හැටියට, ඉන්න මිනිස්සුන්ගෙනුත් හරියට කරදර නම්, ඉතින් ඒ වගේ ම ඒ තමන්ට පේනවා එතන තියෙන්නේ දැඩි වෙහෙසක් කියන එක. ඉතින් මෙන්න මේ වගේ අර්ථයන් නිසා එයාට පැවතිය හැකි ය කියන එක, බිඳීමක් කියන එක, ඒ කියන්නේ ඉක්මනින් ඒක සිද්ධ වෙලා.
සාමාන්‍යයෙන් පවතිනවා කියන හැඟීමට වඩා, පැවතිය හැකි ය කියන එක ඉක්මන් වෙලා නේ ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඉක්මන් වෙලා තියෙනවා එතන තියෙන්නා වූ කරුණු කාරණා අනුව. ඉතින් එහෙම නම් ඔන්න ඔහොම අර්ථයක්.
දැන් ඕක පටන් ගත්තේ, අර ඉදංසච්චයේ ඉඳන් පැවතිය හැකි ය කියලා එන්නා වූ එක, ඒක ඇවිල්ලා ඒකෙන් එන අගයයි, ඒ වගේ ම පරාමාසයේ ඉඳන් එන්නා වූ line 7 වලින් එන එකයි, ඊළඟට line 6 වලින් එන එකයි, ඕවා ඔක්කොම එකතු වෙලයි ඔය අගය ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි කියන්නේ මෙතන මේ පවතිනවා කියන එක උඩ, line 8 වල තියෙන්නේ පැවතිය හැකි ය, පවතිනවා කියන දෙක මිශ්‍ර වෙලා, පවතිනවා කියන කතාව.
දැන් ඔය prison එකේ උදාහරණයත් එක්ක වගේ බැලුවම කෙනෙකුට පේනවා, අර පැවතිය හැකි ය කියන කතාව බොරු, ජීවත් වෙන්න බැහැ. දැන් prisons වල මිනිස්සු මැරෙනවා, අනිත් අයගේ අතින් හරි මැරෙනවා, ඒ වගේ දේවලුත් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ අපිට පේනවා පැවතිය හැකි ය කියන එක සිද්ධ වෙන්නේ නැත්නම්, අර බොරුවට නිකම් පැවතිය හැකි ය පවතිනවා කියන අදහස් දෙක මත ගලන්නා වූ line 8 පවතිනවා කියන අදහසක් විතරයි ඒකෙ තියෙන්නේ.
එතකොට එහෙම නම් ඔන්න ඔය පවතිනවා කියන අදහස නැති වෙන්න ඕනෙ. ඒක නැති වෙනවා කියලා කියන්නේ මොකක් ද? පරාමාසය හිඳෙන්න ඕනෙ, ඉදංසච්චය හිඳෙන්න ඕනෙ. ඒ කියන්නේ අර නිත්‍යයි කියන අදහස එතන හිඳිලා යන්න ඕනෙ. ආන්න එහෙම වෙනවා නම්, ආන්න ගැලීමක්, භය අගතියට ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එහෙම නම් බලන්න ඔය දෙකෙන් ම නේ, හරි ලස්සනට දැන් එක ම line එකට ඇවිල්ලා ඉන්නවා. වේදනා, පරාමාස, ඉදංසච්ච. වේදනාවෙන් ආපු පරාමාසයයි, ඒ කියන්නේ පුරෝපු වතුර ටැංකි දෙකක් වගේ නේ ද, එතකොට මේක හිඳෙනවා නම්, ඔය කතාව සිද්ධ වෙන්නේ නැහැ.
වේදනාවෙන් ම නේ ඕක ඇවිල්ලා පිරිලා තියෙන්නේ, ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පරාමාසයයි ඉදංසච්චයයි කියන එක හිඳිලා යන්න ඕන. ඒක හිඳෙනවා කියලා කියන්නේ ඉතින් නිත්‍යභාවය කියන එක, හිඳෙනවා කියන එක තමන් දැනගන්නවා කියන්නේ පවතින්නේ නැහැයි කියන එක නේ. එතකොට නිත්‍යභාවය කියන එක එතනින් යන්න ඕනෙ.
අන්න එහෙම වෙනවා නම් මේකේ මේ වේදනාව කියන එක නිරෝධ වෙලා, ඒකෙන් ඔය තණ්හාව කියන එක නිරෝධ වෙනවා.
ඉතින් ඕක පළවෙනි පාරට ඕක ඔහොම බලලා, ආපහු කියන්න තමන් බලනවා නම් කාරණාව, අන්න එතනදි අර ජාතිය තැනට ආපහු තමන් සිහි කරනකොට ම ඔය කාරණාව සහගතව එතෙන්දි අර ඒක නිරෝධ වෙනවා, සිත නතර වෙනවා, ඊට පස්සේ dementia වගේ, ඊට පස්සේ හිතා ගන්න බැරි වෙනවා. අන්න ඒ විදිහට භාවනාවක් තමයි මෙතන තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
එතන ඒ භාවනාවෙදි බැලිය යුතු දේ තමයි, දැන් පරාමාසයේ ඉඳන් අත්තා කියලා පල්ලෙහාට එන එක, එතකොට ඒක එකක්, කැරකැවීම, භ්‍රමණය නිසා වතුර විසි කරනවා වගේ line 7 එකෙන් එකතු කරන්නා වූ එක, ඒ කෑල්ල නැති වෙන්න ඕන. ඊළඟට ගත්තහම ඉදංසච්චයේ ඉඳන් line 5 කියන එක, ඒ පරිදේවය තියෙන තැනට, අන්න ඒක නැති වෙන්න ඕන.
එතකොට ඉතින් මේක නැති වෙන්න නම්, ඔය තුන නැති වෙන්න නම්, අර නිත්‍යභාවය කියන එක තමන්ගේ නැති වෙන්න ඕනෙ.