Date: 21/08/2015 Name: Phassanirodho vedanaanirodho

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය කියලා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම හතර නම දක්වා මම ආවා, විනයාධිපති බුදුපියාණන් දක්වා එනකොට අර පරාමාසකායගන්ථය ඇතුළේ පවතිනවා, පැවතිය හැකි ය කියන එක, ඒ මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියන එක දක්වා බලාගෙන ආවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඉතින් අද මම භාවනාව පටන් ගත්තේ, අර කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත, ඉතින් ජරාවට කෙනෙක් කැමති වෙනවා නම් ව්‍යාධිය මරණය කියන එකට කැමති වෙනවා. මුළු දුක්ඛයට ම කැමති වෙනවා. ඉතින් අපි ඕක ඉගෙන ගත්තා නේ ඉතින් මේ ප්‍රමාණයට තේරෙනවා නම් එයාට දුක්ඛයේ කාරණා එකොළහක් වැටහෙනවා ය, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ කියන එකේ වැටහීම නැතෙයි, අර අත්තා කියන එක ඉතින් තියෙනවා කියන එක. එතකොට අත්තා වුණා නම්, අපි දන්නවා අර පාරවල් තුනකින් ජාතිය දක්වා එහෙම එනවා කියන එක.

දැන් අපි ඊයේ කරපු භාවනාවේ තියෙන්නේ වේදනා නිරොධො තණ්හා නිරොධො කියන එක. අද තියෙන්නේ “ස්පර්ශ නිරොධො වේදනා නිරොධො” කියන එක. එතකොට අපි වේදනා නිරෝධය සඳහා අපි ඊයේ ඉගෙන ගත්තා කාරණා තුනකින්, ඒ කියන්නේ අර රූපය ස්පර්ශ වෙලා එන්නා වූ එතන වේදනාව නිරෝධ වෙන්න ඕනේ. ඊළඟට, ජාතිය දක්වා පාරවල් තුනකින් අපි පැමිණෙනවා නම්, ඒ පාරවල් තුන ම අර odd පථය, even පථය, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා එන එක, ඒකත් නතර වෙන්න ඕන ය කියන එක අපි බැලුවා.

ඊළඟට ආපහු, ඒ විතරක් නෙමෙයි, අර 40% පාර, භය අගතියේ ඉඳන් වේදනාව දක්වා එන එක නතර වෙන්න ඕනේ. ඒක නතර වෙන්න නම් අපි කල්පනා කළා, අර අත්තා කියලා තියෙනවා නේ දැන් පරාමාසය තුළ පවතිනවා, පැවතිය හැකි ය කියලා අත්තා කියලා එන්නා වූ එකක් තියෙනවා. එතකොට ඔය එන්නා වූ එක, ඒ අත්තා කියලා 5A කියලා ලකුණු කරන එක, ඒක නතර වෙන්න ඕන. අනිත් එක තමයි, පැවතිය හැකි ය කියන අර්ථයක් නේ අර ඇතුළෙන් කරකවලා hub එකෙන් දෙන්නේ, line 7 එකෙන්, ආන්න ඒකත් නැති වෙන්න ඕනෙ. ඊළඟට ඉදංසච්චයේ ඉඳන් අර line 5 එක දිගේ එන්නා වූ එකත් නතර වෙන්න ඕනෙයි කියන එක. එතකොට, මෙන්න මේ විදිහට වෙනවා නම්, අපි ඉගෙන ගත්තා ඉතින් ඒ වේදනා නිරෝධයෙන් ඒ තණ්හා නිරෝධය කියන එක සිද්ධ වෙනවා කියන එක.

දැන් අපි මේකත් එක්ක කල්පනා කරන්න ඕනේ, අපි භාවනාවක් කරලා තියෙනවා 26/06/2015 සෝපාදිසේස නිබ්බාන ධාතුව 1ක කියන එක. අන්න ඒකේදිත් ඔය භාවනාව, ඔය කාමච්ඡන්දය, ඔය ජරාවට ඇති කැමැත්ත කියලා ඔහොම බලලා, ඒකේ පෙන්නනවා මේ කබලිංකාර ආහාරයේ ඉඳන් අපි කෙළින් ම ජරාවට එක රේඛාවක්, ඒ මණ්ඩලාධිපති බුදුපියා මට මතකයි පෙන්නනවා, භය අගතිය දක්වා තව රේඛාවක්. ඒ රේඛා දෙක දැක්කා. දැකලා “ජරාවට කැමති වෙලා, ජීවිතය සකස් කර ගත්ත පුද්ගලයා එම රූපය වෙනස් වී දුක් වන්නේ ය. එනමුත් මෙම රූපය නිසා ඇති වූ දිට්ඨි පවතින්නේ, එම දිට්ඨි නිසා පවතී යැයි සිතයි. එම දිට්ඨින් බිඳීම හේතු කොටගෙන වේදනාව වෙනස් වී, භය අගති වීම සිදු වේ. දැන් ඔහුගේ දිට්ඨි වෙනස් වීම රූපය නිසා ම සිදු වූවක් ලෙස සැලකිය යුතු ය. මෙය රූප ධ්‍යාන සමාපත්ති ලාභියාට ද සාධාරණය” කියලා කිව්වා.

එහෙම නම් අපිට පේනවා, මේ දිට්ඨිය කියන එක බිඳුනයින් පස්සේ ඒ මනුස්සයා මෙතෙන්දී react කරනවා. ඒ react කරලා ඉවර වෙලා, අර තමන් කොහොම හරි වෙන රූපයක් හොයනවා, වෙන රූපයක් ඇතියි කියන අදහසක් එයාගේ තියෙනවා. එහෙම නම් රූප ස්පර්ශයට එයා යනවා කියන එක තියෙනවා. එතකොට එහෙම නම් ඔය අවස්ථාව වෙනකොට තමන්ට පේනවා අර 4රෙ සලකුණ කියන එක. ඒ කියන්නේ දෙවෙනි 4රෙ සලකුණ, වේදනාව තියන තැන එකක්, පරාමාසය මෙතන මැද්දට එනවා, උඩ චේතනාව, එතන නේ අපි සළායතන කියන එක ලකුණු කරන්නේ, ඊළඟට දකුණු අත පැත්තෙන් ඉදංසච්චය, පහළ අපි යනවා භය අගතියට යන්නා වූ එක, කියන එක. ඉතින් අපි ඕකේ ඉගෙන ගත්තා, ඔය ඉද්ධිපාද හතර ම ඕනේ කියලා ඔය පල්ලෙහාට ඕක නොයනවා නම්, නොගිහින් ඉන්න කියන එක.

දැන් එතකොට, දැන් එහෙනම් කෙනෙකුට පැහැදිලිව පේනවා, මේ දිට්ඨින් කියන ඒවා බිඳුනහම අපි හොයනවා, තව රූපයන් හොයනවා. එහෙම නම් ඔය එක දිට්ඨියක් හරි තමන්ට ඉතුරු වෙලා තියෙනවා නම්, ආන්න ඒ පුද්ගලයා, ඒ සෙවීම කියන එක කරනවා. එක දිට්ඨියක් හරි, ඒ කියන්නේ මෙතෙන්දී අර විසිවස්තුක සක්කාය දිට්ඨිය මෙතන සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා නම් තමයි, ඒ පුද්ගලයාට ආපහු සෙවීමක් කියන එක එහෙම කරන්නේ නැති වෙනවා කියන එක තියෙන්නේ.

එතකොට දැන් එහෙම නම් අපිට පේනවා, බැරි වෙලාවත් එක දිට්ඨියක් හරි ඉතුරු වෙලා තියෙනවා නම්, මොකද වෙන්නේ? අපි එනවා, අන්න අර 4රෙ සලකුණේ පල්ලෙහාට ආවා. ව්‍යාධිය, එතනින් අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එකට ආවා, අප්‍රියේහි සම්ප්‍රයෝගයට ආවා නම් ඉතින් ප්‍රිය වූ දෙයක් ඇතියි කියලා එයා කල්පනා කරනවා. ඒ යමක් පෙර තිබුණා කියලා. මේ නිසා තමයි අපි අර, අපි එතෙන්දි ඉගෙන ගත්තා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව දක්වා යනවා කියලා. අපි ඉගෙන ගත්තා නේ භාවනාව, ඵස්ස පච්චයා වේදනා, කියන එක. ආන්න ඒක, එතකොට ඵස්ස පච්චයෙන් වේදනා කියලා කියන්නේ, අප්‍රිය වුණා නම්, ප්‍රිය වූ දෙයක් ඇත, කියලා අපි හිතනවා. ඒක හිතලා තමයි අපි බලන්නේ, මනුස්සයෙක් දිහා බලන්නේ, රූපයක් දිහා බලන්නේ, මට ප්‍රිය වූ දෙයක් ඇතියි කියලා හිතාගෙන. තමන් නිතර ම හොයනවා, සෙවීමක් කියන එක තියෙනවා. එතකොට මෙන්න මේක නිසා තමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව කියන එක අපිට සිද්ධ වෙන්නේ.

එහෙම නම්, අර සම්පූර්ණයෙන් ඉද්ධිපාද හතර භාවිතා කරලා, ඒ පුද්ගලයෙක් අර භය අගතිය පල්ලෙහාට යන්නේ නැත්නම් ඒ අර 4රෙ සලකුණේ, අන්න ඒකෙන් කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ ස්පර්ශ නිරෝධයෙන් අර වේදනා කියන එක නිරෝධ කරන්න. ඒ කියන්නේ වේදනාවට අපි react කරන්නේ නැහැයි කියන එක තියෙන්න ඕනේ. වේදනාවේ නිරෝධය වුණේ නැත්නම්, ඉතින් අපි අර කතාව ආපහු සිද්ධ වෙනවා නේ. නැවතත් අර සිද්ධියට ම දිගට ම ගමන් කරනවා, ඒ කියන්නේ දිට්ඨි පාර දිගේ පල්ලෙහාට භය අගතියට ගිහිල්ලා වෙන්නා වූ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය කියලා කියන්නේ.

ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ, අර 4රෙ සලකුණ දක්වා බලලා, පල්ලෙහායින් අප්‍රියේහි සම්පයොගයෙන් ප්‍රියේහි විප්පයොගය, ප්‍රියේහි විප්පයොගය නිසා අපි අර odd path එක දිගේ දුවලා, කොහොම හරි අපි රූපයන් නැවත සොයන්නේ නැති වෙන්න ඕන. ඉතින් එහෙම වෙන්නේ නැත්නම්, ආවා වූ වේදනාවන්ට සැලෙන්නේ නැතිව ඉන්නවා නම්, ඉතින් අර අත්තා කියන ඒවා ටික නැත්නම්, ආන්න ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ඒ ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය කියන එක කරන්න.

ඒක තමයි මං කරපු භාවනාව.